එහෙනම් මැයි මස 5 ...

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    එහෙනම් මැයි මස 5 ...

    පින් සිත් ඇතිවේවා, කුසල් පීදේවා, නූපන් කුසල් ඇතිවේවා, උපන් අකුසල් දුරුවේවා !!!

    වෙසක් පෝය නිමිති කරගෙන මෙවර අප විරිදු බණ ඔබට අහන්න සලස්වන්නයි සුදානම් වෙන්නේ, එහෙනම් මැයි මස 5 වෙනි සෙනසුරාදා නොවැරදීම රාත්‍රී 8 ට අපිව අහන්න ......


    විකාශය කිරීමට සුදානම් විරිදු බණ පිළිවෙලින් :

    චුල්ල ධනුද්දර ජාතකය
    සම්බුල ජාතකය
    මාතු පෝසක ජාතකය
    විදුර ජාතකය
    සද කිරුළු ජාතකය




    මෙතනින් එන්න අපිව අහන්න Click Here :cool:

     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    72986_436130539747907_153271571367140_1524487_6401795_n.jpg
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    ඉතින් මේ සුදානම් වෙන්නේ බෞද්ධ කොඩියේ ඉතිහාසය ගැන පොඩ්ඩක් මතක් කරන්න ....

    වර්‍ෂ 1885 අප්‍රේල් මස 28 දින ලක් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් වීමට එක් හේතුවක් වූයේ ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් එසවීම නිසා ය. අධිරාජ්‍යවාදීන්ගේ නානාවිධ තාඩනපීඩනයන්ට සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්, සමස්ත රටත් අනුවේදනීයත්වයට පත් වු බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවේ. මෙවැනි තත්වයන්ට පත් වූ සෑම අවස්ථාවක ම භික්ෂූන් වහන්සේලාගේ අකලංක පරමාදර්ශී නායකත්වය සමස්ත සමාජයේ ම සමුන්නතියට හේතු වූ බව සුප්‍රකට සත්‍යයයකි. ඒ අනුව බලන විට බෞද්ධ ඉතිහාසයේත් ලාංකේය ඉතිහාසයේත් සදානුස්මරණීය අවස්ථා පරිහානීය යුගයන් හි දී බිහිවීම විශේෂ ලක්ෂණයක් වශයෙන් ද පෙන්වා දිය හැකි ය.

    වර්ණ සංයෝජනය

    බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත්තේ, නිල (නිල්) පීත ( කහ පාට ) ලෝභිත ( රතු පාට ) ඔදාත ( සූදු පාට ) මාංජෙෂට ( මදටිය පාට ) ප්‍රභාස්වර ( සියලු පාටයන්ගේ එකතුව ) යන වර්ණයන්ගෙන් යුත් තීරු සයකිනි. රැස් පදනම් කොට ඉහත සඳහන් වර්ණ හෙවත් පාට භාවිතා කොට ඇත. එම නිසා බෞද්ධ කොඩියෙන් පිළිබිඔ වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් නික්මුණ රශ්මි මාලා ය.

    ..........................................

    වැඩි දුර කියවීමට :: http://sathmaga.org/blog/the-history-of-the-buddhist-flag/