කසාද බැදලද? බදින්නද යන්නෙ? එහෙනම් පොඩ්ඩක් &#35

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    කසාද බැදලද? බදින්නද යන්නෙ? එහෙනම් පොඩ්ඩක් &#35

    මම මේක බැදපු අයට කියල කිව්වේ මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඒ අයට නිසා.

    ළමයෙක් ඉස්කෝලෙට දා ගනිද්දී වැදගත් වෙන දේවල් කීපයක්

    උබල පදිංචි වෙලා ඉන්න පැත්තේ බබාට හොද ඉස්කෝලයක් නැත්නම් හොද ඉස්කෝලයක් ලගින් උබලට පදිංචිය ඔප්පු කරන්න වෙනවා

    ඒකට ඉස්කෝලයක් කිට්ටුවෙන් ඉඩමක් ගන්න හරි නැත්නම් බද්දට ගෙයක් හරි ගන්න සිද්ද වෙනවා. එතකොට උබලට සින්නක්කර ඔප්පුවක් හරි බදු ඔප්පුවක් හරි තියන්න ඕනේ.

    එහෙම නැත්නම් ආදී සිසු පදනමෙන් දාන්න හිතාගෙන ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට OBA එකේ membership එක ගනිල්ලා. අවුරුදු 5 ක් හරි ඊට වැඩි කාලයක් OBA එකේ හිටියොත් උපරිම ලකුණු, 10ම ගන්න පුළුවන්.

    ඒ වගේම බබා හම්බ උනාට පස්සේ ඉස්කෝලේ වැඩ වලට මූල්‍යමය වශයෙන් ආධාර වෙන විධියට advertisements, banners හොයල දීපන්. සාමාන්‍යයෙන් අන්තිම වෙද්දී උබ රු50,000 වගේ donations/advertisements තියන්න ඕනේ. මේක පාසලෙන් පාසලට වෙනස් වෙනවා.

    ඊට අමතරව උබ ඉස්කෝලේ ඉදිද්දී/ඉස්කෝලෙන් පසුව ලබා ගත් educational/professional qualifications/sports/societies වලට සහතික තියන්න ඕනේ

    වැඩි විස්තර සදහා මේ circular එක කියවපල්ල

    http://www.moe.gov.lk/web/images/stories/circulars/2011-8s.pdf

    ප්‍රශ්න තියනවනම් අහපල්ලා දන්නා දෙයක්නම් කියල දෙන්නම්

     
    • Like
    Reactions: AselaAsanka