හෝම් මේඩ් මල්ටි ප්ලග් එකක් හදමු !

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හෝම් මේඩ් මල්ටි ප්ලග් එකක් හදමු !

    ගෙදර කුස්සියෙ වැඩ කරන අක්කලාට නංගිලාට නැන්දලාට සමහර වෙලාවට තමන්ගෙ කුස්සියෙ ප්ලග්ස් කීයක් තිබුණත් මදි කියන එක සාමාන්‍ය කරුණක්. පරිපූර්ණ කුස්සියක අවන් එකක්, හීටරයක්, හොට් ප්ලේට් එකක්, රයිස්කුකර් එකක්, ටෝස්ටරයක්, බීටරයක්,බ්ලෙන්ඩරයක් සහ සමහර වෙලාවට විදුලි කේතල් එහෙමත් තියෙනවා. මම දන්න ටික විතරයි මේ. (අපේ ගෙදර මෙයින් බාගයක්වත් නෑ.) හරි දැන් මේ හැම එකටම වෙන් වෙන් වශයෙන් අපිට ප්ලග් එක ගණනෙ නැති නිසා අපිට මල්ටි ප්ලග් එකක් උවමනා කරනවා. කුස්සියට විතරක් නෙවෙයි පරිගණකය තියෙන තැනකට, ෆෝන් චාජර් ගහන්න, බෆල් වලට, ඩෙක් වලට මේ හැම දේටම අපේ ගෙවල් වල වැඩි වශයෙන් භාවිතා වෙන්නෙ මල්ටි ප්ලග්.

    නමුත් අද තියෙන මල්ටි ප්ලග් වලින් බොහෝමයක් වැඩ කරන්නෙ කෙටි කාලයයි. අනික් ඒවත් පුංචි කාලයක් යනකොට ස්පාක් වෙන්න ගන්නවා ඒකට ප්‍රධාන හේතුව විදිහට අපිට වැරදි භාවිතය පෙන්වා දෙන්න බැරි කමකුත් නෑ.




    දැන් බලන්න මේ ප්ලග් කිරීම දිහා. ස්පාක් නෙවී චට පට ගාලා පුපුරන්නත් ඉඩ තියෙනවා. මේ වගේ අනාරක්ෂිත නොවී අපිට ඇතිවෙන්න ලයිෆ් ටයිම් ප්ලග් බේස් එකක් හදන හැටි මම කියා දෙනවා. දැන් කෙනෙක් කියයි...

    කෙලින්ම බිත්තියට ප්ලග්

    වයර් දිගේ ප්ලග්





    දැන් ඉතින් කෑ ගහන්ට එපා අපිට මේවා ගන්ට පුලුවන් අක්කෙ. හොඳම එකත් රුපියල් 2000 යි කියලා. ඒකත් බොහොම ඉක්මනට ස්පාර්ක් වෙනවා. කරන්ට් වදිනවා. සමහර ප්ලග් වැඩ කරන්නෙ නෑ.. ලෙඩ ගොඩයි. ඉතින් නියමාකාරයෙක් කොහොමද මල්ටි ප්ලග් එකක් අපි හදන්නෙ. කියලා දැන් බලමු.

    හෝම් මේඩ් මල්ටි ප්ලග් එක සෑදීම සඳහා මොනවද ඕනෙ කරන්නෙ?




    මෙන්න මේ බඩු ටික තිබ්බා නම් සිම්පල් ලස්සන මල්ටි ප්ලග් එකක් හදන්න අපිට පුළුවන්.

    මොනවද මේ බඩු -



    1 . ප්ලග් බොක්ස් එකක්. (තමන්ට අවශ්‍ය පරිදි තෝරාගන්න
    2 . ප්ලග් බේස් (රවුම් පින්, කොටු පින් ගහන්න පුළුවන් කැමති විදියට තෝරාගන්න.)
    3 . 4 . පින්තූර වල පෙනෙන පරිදි 3 core වයර් අවශ්‍ය දිග ප්‍රමාණය අරගන්න.
    5 . අලු පාට පොඩි වයර් නම් ගෙවල් වල ඕනෙ තරම් තියෙනවා. කඩෙන් ගන්න ඉස්සර පොඩ්ඩක් ලයිට් බඩු පෙට්ටි අස්සෙත් හොයලා බලන්න. )
    6 . ප්ලග් ටොප් එකක් (කූරු 3ක් තිබීම ආරක්ෂිතයි)
    7. 8 . දැක්වෙන්නේ ප්ලග් බේස් සවිකරන ඇණ සහ ඇණ වසන ටොප්ස්.( මේවා වැඩේ අවසාන වනතුරු නැති කරගන්න නම් එපා.
    9. ටෙස්ටරයක්, කුඩා පිහියක්, මල් ඉස්කුරුප්පුවක් තිබ්බා නම් මේ වැඩේට හොඳටම ඇති.

    පියවර 1


    මුලින්ම ඇණයක් රත් කරලා ප්ලග් ටොප් එකේ අවශ්‍ය කෙලවර හිල් කර ගන්න ඕනෙ. 3 core වයර් එක බස්සන්න පුළුවන් තරමට ඒක කරගන්න. ලොකු හිල් වත් පොඩි හිල් වත් හදාගෙන කැත වුණා කියන්ඩ එපා.

    පියවර 2


    අලුපාට වයර් වල අග්ගිස්ස සුද්ද කරලා මේ විදියට ප්ලග් බේස් වලට තියලා සෙට් කරගන්ට ඕනෙ. විදුලියට සම්බන්ධ කරගෙන කිසිම දෙයක් කරන්න එපා. ඔක්කොම සවි කළාම මෙන්න මෙහෙමයි පෙනෙන්නෙ. උඩ තියෙන ප්ලග් බේස් දෙකෙන් එකකට තමයි අපි විද්‍යුත් ධාරාව සම්බන්ධ කළ යුත්තේ. හොඳට බලා ගන්න ..


    පියවර 3

    අර මුල්න්ම පෙන්වපු ප්ලග් බොක්ස් එකේ අපි ඇති කරගත්තු සිදුරෙන් හෙමිහිට හූරන්නෙ නැතිව 3 core වයර් එක ඇතුළු කරන්න. ඉන්පස්සෙ වයර් එකට ඇතුළෙන් ගැටයක් දමන්න. ආයෙ ඇදපු ගමන් එළියට එන්නෙ නැති වෙන්න. ඉන්පස්සෙ වයර් එකේ කෙලවරවල් දෙකම සුද්ද කරන්න. ප්ලග් බොක්ස් එක ඇතුළෙ තියෙන කෙළවර මේ විදිහට ප්ලග් බේස් හතරෙන් එකකට (මම කලින් කී විදිහට ) සම්බන්ධ කරගන්න.





    පියවර 4

    මම සුද්ද කරගන්න කීවානෙ 3 core වයර් එකේ අනික් කෙළවර, දැන් ඒ කෙලවර තුන අපි සම්බන්ධ කරගන්න ඕනෙ ප්ලග් ටොප් එකට. කොහොමද සම්බන්ධ කරන්නෙ කියලා දැන් අපි බලමු.




    පියවර 5

    දැන් අමාරුයි කියලා හිතෙන වැඩ සියල්ලම ඉවරයි. දැන් තියෙන්නෙ ප්ලග් බොක්ස් එකයි ප්ලග් බේස් හතරයි, අමුණපු වයර් කෑලි නොගැලවෙන්න, ප්‍රෙව්සමෙන් පිළිවෙලට අපි අරන් තියා ගත්ත ඇණ දමලා තද කරන එක. ටිකක් පරිස්සමට කරන්න ඕනෙ වැඩක්. ත්‍රෙඩ් පැන්නොත් හරි නෑනෙ.



    පියවර 6

    විදුලියට සම්බන්ධ කරලා ටෙස්ටරය ආධාරයෙන් පමණක් පරීක්ෂා කරලා බලන්න. ආරක්ෂිතව, නියම ආකාරයෙන් හදාගෙන ඉවරයි කියලා සහතික නම් අර අරන් තියා ගත්ත ප්ලග් බේස් එකේ සුදු පැහැ ඇණ ටොප් ටික අරන් සවි කරගන්න. දැන් ඔබට ලැබෙයි හොඳ නිමාවකින් යුතු මල්ටි ප්ලග් එක්. කිසි දේකට බය වෙන්න එපා.. ඕනෑම ප්ලග් ප්‍රමාණයකින් ඕනෑම දිග ප්‍රමාණයකින් නිවසේදීම හදාගත් මේ මල්ටි ප්ලග් එකෙන් ඔබට ආඩම්බරයෙන් වැඩ කළ හැකියි. විදුලියෙන් හැම විටම පරෙස්සමට මෙවන් අත්හදා බැලීම් කරන්න මතක තියා ගන්න.

    හැදුවාම ලස්සන බලද්දි මෙන්න මේ වගේ...


    දැන් තියෙන්නෙ මේකෙන් වැඩ ගන්න.

    දැනුමට යමක් එකතු උනානම් කොමෙන්ටුවක් කොටලා හොඳයි කියලා හිතෙනව නම් අරවත් දීගෙනම යන්න යාළුවනේ:cool:


    ප.ලි.
    අප්පච්චියේ මගෙ අතින් ලොකු වැරැද්දක් උනේ යාළුවනෙ...මේක මම බ්ලොග් එකකින් ශෙයා කරපු එකක් තමා..උඹලා මේ දාලා තියෙන ලින්ක් එකේ(
    http://neranji-sulakkana.blogspot.com/2012/05/blog-post_08.html) කෙල්ල තමා මේකෙ මුල් අයිතිකාරී...අනික උඹලා මේකෙ මල් මල් ගවුම දැක්ක ගමන් මේ මම නෙමේ කියලා තේරෙනවනෙ..කොහොමහරි නොදැනුවත්ව හරි වෙච්ච වැරැද්දට සමාවෙන්න එලකිරි යාළුවනේ!
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    my+plug.jpg


    me uba de ? :P
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ හිතනවද ඕක වැඩ කරයි කියල?

    කේතලේ 2KW
    rice cooler 700W
    toaster 300W

    ඔය ටික multi plug එක ට ගැහුවොත් ගෙදර fuse යනව..

    ඕවට වෙනම circuit එකක් distribution board එකේ ඉඳලම අදින්න ඕනෙ.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔයා මාරයිනේ... ඇත්තටම වැදගත් දෙයක්. ගොඩාක් ස්තූතියි
    ++
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    Mr. Chachi කියලා දාගෙන හිටියට මෙයා නැන්දා කෙනෙක් වගේ...... :D :P එල එල.... හොද පෝස්ට් එකක්..... :D Rep+ :D


    අනුන්ගේ දෙයක් උස්සලා, තමන්ගේ වගේ දාලා, රෙප් ඉල්ලන එක නම් එච්චර සුදුසු නෑ හරිද..... :angry:

    http://neranji-sulakkana.blogspot.com/2012/05/blog-post_08.html

    දැන්වත්, ඒක එඩිට් කරොත් නරකද Source එකත් එක්ක......?? :rolleyes:
     
    Last edited:

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    උබ නම් මාරම මාරයි මචන්.මගේ මල්ටිය කෙල වෙලා ඔහොම එකක් හදන්න හිතුවා විතරයි, මම මේ ඕන කරන ටික කොලේක ලියා ගෙන හාඩ්වෙයාර් එකට යන්න හිතන කොටයි ත්‍රෙඩ් එක දැක්කේ.දැන් මට තවත් ලේසි කලා. බොහොම ස්තුතියි !!!
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Me wage ewa mama godak kal idan hadala use kranawa. kisi karadarayak ne.. onema wedakata use karanna puluwan.. (hot plate wage wedi watts gananaka ewa use karanawa nam e anuwa hadaganna puluwan.) meka ettatama godak sure kawadawath kedenne ne..

    kade thiyena mona magula gatthath tika dawasai. mona hariwenawa. meka malakada kannethe ne... good work bro... rep+