Google Chrome ලෙඩේට වයින් බීම. (for linux users)

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
GoogleChrome ලෙඩේට වයින් බීම. (for linux users)

ඔන්න පිස්සාට තවත් පිස්සුව වැඩි වෙන දෙයක් ලැබුන, ඒ තමා අද උදේ බලද්දි කාලිංග අය්යාගේ බ්ලොග් එකේ Google Chrome ගැන දමල තිබුන එක, ( අනේ හැබෑට කාලිංග අය්යාටත් නිකං ඉන්න බෑනෙ, අපි වගේ පිස්සංගෙ පික්සුව වැඩි වෙන ඒවාමයි දාන්නෙ ) දැන් ඉතින් මොනව කරන්නද, පිස්සුව වැඩි උනාම හැමදාම කරන විදියට ගූගල් ඉස්පිරිතාලෙ පැත්තෙ ගියා, කොහෙද, වැඩක් නෑ ගූගල් දොස්තරල ලිනක්ස් ලෙඩේට බෙහෙත් හොයාගෙන නෑ නෙව,දැන් ඉතින් හරි ප්*රශ්නෙ, වින්ඩෝස් පැත්ත බලන්නෑ කියල මාස ගානක් වෙනව,(ඒත් ඉතින් VPC වලින් 98 දුවනව )

ඔන්න ඉතින් ගොඩ වෙද කමක්වත් කොරගන්ට වෙලාව හතර අතේ කල්පනා කොරල කොරල, ගියා බාර් එක පැත්තේ, ගත්ත වයින් බෝතලයක්, මේක පාවිච්චි කොරලවත් ප්*රශ්නෙ විසඳගන්ට ඕනෙ.

ගොඩක් අය වයින් බොන්න දන්නෙ නෑ වගේ පේන හින්ද, ඔන්න ඔක්කොටම මම වයින් බීල ප්*රශ්නෙ විසඳන හැටි පෙන්නන්නම්.

මුලින්ම අලුත් වයින් බෝතලයක් ගන්ට ඕනෙ, 1.1.4 තමා තියෙන්න ඕනෙ, ඊට අලුත් එකක් නම් හොඳයි.wine –version කියල Terminal එකේ ගහල වර්ෂන් එක බලා ගන්ට

මෙන්න හොඳ වයින් බෝතලයක් ගන්න හැටි

System->Administration->Software Sources ගිහින් Third Party Software tab එකේ deb http://wine.budgetdedicated.com/apt hardy main කියල කොටන්න, ඊටපස්සෙ ඇහුවාම reload කොරන්ට කියල දෙන්ට. ඊට පස්සේ package manager එකෙන් wine දමාගන්ට.

මෙන්න කොමාන්ඩ් ලයින් එකෙන් දාන හැටි

/etc/apt/sources.list එකයි එඩිට් කරගන්ට ඕනෙ

sudo gedit /etc/apt/sources.list

ඊට පස්සෙ මේ ලයින් ටික කොටන්න

deb http://wine.budgetdedicated.com/apt hardy main

source list file එක මේ කොමාන්ඩ් එකෙන් අප්ඩේට් කරගන්ට

sudo aptitude update

wine Install කොරන්ට මේක කොටන්න

sudo aptitude install wine


===================================================


දැන් හරි, වයින් බෝතලේ ගත්තා, දැන් ඉතින් බොන්නයි තියෙන්නෙ,ආවට ගියාට බීල හරියන්නෙ නෑ, ප්*රශ්නෙ හැටියට තමා බොන්ට ඕනෙ.

Chrome Net installer එක හරියන්නෙ නෑ, ඒක නිසා standalone insataller එක බා ගන්ට වෙනව,
මෙන්න මෙතනින් http://gpdl.google.com/chrome/install/149.27/chrome_installer.exe

දැන් Terminal එක අරන් අර Chrome installer බාගත්තු/දමාගත්තු Directory එකට යන්ට

ගිහින් මේක කොටන්න wine chrome_installer.exe

දැන් install කරල ඉවරයි, ඒත් හරියට වැඩකරන්නෙ නෑ, නේද?.the–-new-http and –-in-process-plugins එක්කයි chrome වැඩ කරන්නෙ, ඒක හින්ද මේ ලයින් එක කොටන්න.
wine ~/.wine/drive_c/windows/profiles/$USER/Local\ Settings/Application\ Data/Google/Chrome/Application/chrome.exe --new-http --in-process-plugins
(මේක ඔයාලගේ PC config එකේ හැටියට වෙනස් කරගන්ට හොඳේ)

දැන් දුවනව නේද? ඒත් හරියට font, tabs පේන්නෙ නෑ, ඒකට පොඩි බයිට් එකක් එක්ක වයින් බොන්න වෙනව, එතකොට තමා හරියට වැදෙන්නෙ.
මෙන්න මේව කොටල බයිට් එක ගන්න පුලුවන්,

wget http://www.kegel.com/wine/winetricks

chmod +x winetricks

./winetricks corefonts tahoma

දැන් වැඩේ ගොඩ, පිස්සුව හොඳ වුනා, ඔයාලටත් මේ විදියට වයින් බෝතලයක් ගහල තමන්ගෙ ප්*රශ්න ගොඩ දාගන්න පුලුවන් වේවා කියල මේ පිස්සා වෙරිමරගාතෙ ප්*රාර්ථනා කරනව, යෝජනා, චෝදනා, ගල් මුල් එහෙම එවන්ට හොඳේ.


========================================
සැලකිය යුතුයි

මෙය මාගේ බ්ලොග් අඩවියෙන් ගැසූ අමු කොපියක් බැවින් පොඩි පොඩි අඩු පාඩු තිබිය හැක
 
Last edited:

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
thm14 said:
මොකක්ද බන් මෙකෙන් වෙන්නේ? මට මෙලෝ දෙයක් තේරුනේ නෑනේ.. :eek:

මචන් මේ කිව්වෙ උබුන්ටු වල Chrome browser eka දාන හැටි
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
thm14 said:
අහා..ඒකද?? හෙහෙ, ඔකිස් මචන්, අපිනම් විස්ටා නෙ හෙහෙ...

හික්ස් තාම ඕකෙද? අෆොයි
kamak na