LCD සහ LED අතර වෙනස

lochana.ac2500

Active member
  • Jan 30, 2012
    401
    208
    43
    පෘතුවියේ
    LCD සහ LED අතර වෙනස
    -------------------------
    images3bt.jpg
    viziom370nv37inchlcdled.png


    තාක්ෂණික පසුබිම :
    * LCD සහ LED තිරයන්හි පින්තූර පෙන්වීමට යොදා ගන්නා තාක්ෂණය එකම වේ. නමුත් එහි ආලෝකමත් කිරීමට යොදා ගන්නා පසු ආලෝකන (Backlight) උපාංග වෙනස්ය. එනම් LCD හි Cold Cathode Fluorescent Lamp (ශීත කැතෝඩ ප්‍රතිදීප්ත පහන්) හා LED වලදී Light Emitting Diode (ආලෝකය විහිදුවන ඩයෝඩ) භාවිතා කරයි. මෙය LCD හා LED වල ඇති ප්‍රධානතම වෙනසයි.


    88038504.png


    * CRT තිර මෙන් නොව ප්‍රතිදීප්ත පහන්හි කැතෝඩ කිරණ මගින් ඔවුනට අදාල වර්ණය නිර්මාණය කරගනී. එය ධ්‍රැවිත ද්‍රව ස්ඵටික (Polarized Liquid Crystals) තුලින් යවා පිටින් තිබෙන ස්ථරය ආලෝකමත් කරයි. නමුත් LED හි ඇති පසු ආලෝකන ක්‍රමය හා ආලෝක පාලන ක්‍රමය නිසා LCD වලට වඩා LED වල පින්තුරයක ඇති ගුණාත්මකභාවය ඉතා හොද වෙයි.

    * LEDහි ශ්‍රේණික තිව්‍රතාව නිසා ඉතා නිවැරදි වර්ණයන් පෙන්වයි. එසේම මෙහි ආලෝකයේ ගතික වෙනසේ අනුපාතයද (Dynamic Contrast Ratio) ඉතා වැඩිය. එමනිසා ඔබ ක්‍රීඩා හෝ ග්‍රැෆික් සදහා මොනිටරයක් තෝරා ගන්නේ නම් LED තිරය එයට හොදට ගැලපේ.

    89083074.png


    * LED පසු ආලෝකන වර්ග දෙකක් ඇත. RGB Dynamic LED හා Edge LED යනු එම වර්ගයන්ය. RGB Dynamic LED වර්ගයේදී තිරයට පසින් LED යෙදා සකස් කර ඇත.
    Edge LEDහි තිරය වටා LED යොදා විසරිත ආලෝකය නිපදවයි. එම නිසා Edge LED තිර LCD තිරයන්ට වඩා බොහෝ සෙයින් සිහින්ව නිපදවිය හැකිය.

    සාමාන්‍ය වෙනස :
    * LED තිර තාක්ෂණය හදුන්වාදී තවමත් වැඩි කාලයක් නොමැති නමුත් බොහෝ දෙනා LCD වලට වඩා LED වලට ප්‍රිය කරයි. මන්ද පින්තූර වල ඉහළ ගුණාත්මකභාවය හා නැරඹීමේදී ඇස්
    වලට පහසු වීමත් යන කරුණු නිසාය. එසේම එක් වාසියක් වන්නේ ශීත කැතෝඩ ප්‍රතිදීප්ත පහන් වලට වඩා ආලෝකය විහිදුවන ඩයෝඩ සදහා පරිභෝජනය වන විදුලිය අඩු වීමත්ය.
    එම නිසා LED තිර සදහා ද විදුලිය පරිභෝජනය අඩුය.

    51951934.png


    * එසේම LED තිර LCD තිර වලට වඩා ඇස් වලට බොහෝ සෞම්‍ය වේ. එම නිසා පරිගණක වල වැඩි වේලාවක් වැඩ කටයුතු කරන පුද්ගලයන්ට ද LED තිර බොහෝ යෝග්‍ය වෙයි.
    එසේම ඔවුන්ට LCD වලට වඩා 40% කින් පමණ විදුලියද ඉතිරි කරගත හැකිය.

    * LED සහා LCD අතර ඇති ප්‍රධානතම අවාසිය ලෙස සැලකිය හැක්කේ ඒවා අතර මිල වෙනසයි. LCD තිර වලට වඩා LED තිර නිෂ්පාදනය සදහා යන පිරිවැය වැඩිය.
    එම නිසා LED තිරයන්හි මිල LCD වලට සාපේක්ෂව මදක් වැඩිවේ.නමුත් ඉදිරියේදී එයද මගහැරී යනු ඇත......:yes::yes:

    --------------------------------------------------------------------------------------------------------
    දන්නැති දෙයක් ඉගෙන ගත්තනම් REP , Comment, BUMP දාන්න අමතක කරන්න එපා..!!
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ඉතා වැදගත් පොස්ට් එකක් අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුත්යි :)
    රෙප් දෙන්න බෑලු:sorry:,පොස්ට් එක ඉදිරියට ;)