කින්නියාවේ කැරල්ලක්
![]()
කින්නියා ටී. බී. ජයා විද්‍යාලය අසල ප්‍රධාන මාර්ගයේදී ඊයේ (15 වැනිදා) සවස පාසල් දැරියක සිමෙන්ති පැටවූ ලොරියක හැපීමෙන් තුවාල ලබා කින්නියා රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ අනතුරින් තුවාල ලබා ඇත්තේ එම විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එම්. ෆාතිකා නමැති දස හැවිරිදි ශිෂ්‍යාවකි.
අනතුර සිදුවූ අවස්ථාවේදී ප්රකෝපයට පත් වූ පිරිසක් සිමෙන්ති පැටවූ ලොරියට ගිනි තබා ඇති අතර මෙම පිරිස රියෑදුරු සොයා කින්නියා රෝහලට කඩා වැදී රෝහල් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාගේ කාමරයේ තිබූ පුටු මේස වීදුරු කඩා බිඳ දමා ඇත. මේ නිසා ඊයේ සවස ප්‍රදේශයට යුද හමුදාව යොදවා ආරක්ෂාව තර කර තිබූ අතර කැරළි මර්දන ඒකකය ද කැඳවා තිබිණි. මෙම සිද්ධිය හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමන කටයුතු ද ඇනහිට තිබිණි. මෙම සිමෙන්ති පැටවූ ලොරිය පානදුර ප්‍රදේශයේ සිට පිටත්ව ගිය එකකි. අනතුරින් දැරියගේ පාදයකට බරපතළ තුවාල සිදුව ඇති අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කින්නියා රෝහලේ සිට ත්‍රිකුණාමල ජාතික රෝහලට මාරු කර ඇත.එකක් වන අතර සිංහල ව්‍යපාරිකයෙකුට හිමි එකකි. බෝහෝ වෙලාවට කවරෙකු වුවද රිය අනතුරු සිතා මතා සිදු කරන්නක් නොව. බෝහෝ ඒවා අතපසුවීම්ය. මෙහිදී සිදු වන්නට ඇත්තේද එවැන්නක් වන්නට ඇත. ඇරත් දැරිවිය මෙහිදී මිය ගියේද නොමැත. එසේ තිබියදී පවා මුස්ලිම් ත්‍රස්ථවාදී අන්තවාදීන් විසින් මේ ආකාරයට හැසිරෙන්නේ නම් ජාතිවාදීන් කවුරුන්දැයි අප අසමු. මෙසේ අමු අමුවේ ජාතිවාදය අවුස්සනවුන් ඇස් පනා පිටම සිටියදී දේශපේ‍්‍රමීන් ජාතිවාදින් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.






