නෛ‍යින‍ගෙ‍_සූදුව

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
නෛ‍යින‍ගෙ‍_සූදුව

මතකද ? ඉස්සර ජාතික එකේ යනවා ජැක්සන් ඇන්තනියි අනුලා බුලත්සිංහලයි රබාන ගහ ගහ කියන මේ කවි පේලි ටික. යන්තම් මතකයි නේ. ඔන්න එහෙම නම් ආපහු මතක් ගන්නත් එක්ක ලිරික්ස් ටිකයි විඩියෝ එකයි!!



පළමුව මම වැන්ඳ බුදුන් සිහිකරගෙන ඒ ගුණ කඳ
දෙවනුව සත්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ඳ
තෙවනුව මහ සංඝ‍ රත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ
කියනව අපි නෛ‍යින‍ගෙ‍ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ

සිරින් සපිරි අපෙ ලක්දිව අසුවුනි ඉංග්‍රිස් රජුන්ට
කෙලින් ඉන්න නොදී අපිට බලේ ගත්ත ඔවුන් අතට
පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුන කොළොම්පුරට
ඔවුන් අතර හිටිය නෛ‍යි‍නා‍ තම්බි කියල කෙනෙක් ජයට

සොඳින් මසන් ගස් හන්දියෙ නෛයි‍න උන්නු ගෙයි විස්තර
නගින්න එහි තට්ටු හතයි ය‍ට‍ට‍ත්‍ ඒ‍ ත‍ර‍ම්‍ වි‍ත‍ර‍
ත‍දි‍න්‍ම‍ සූ‍දු‍ව‍ එ‍ත‍න‍යි‍ නි‍ල‍ධා‍රි‍ත්‍ ඇ‍වි‍ත්‍ නි‍ත‍ර‍
ප‍නි‍න්න බෑ අල්ලන්නට ආණ්ඩුවත් බයයි මිතුර

මෙකලා වීරයෙක් උන්න කොතලාවල කියල සොඳට
සිතලා වැඩ කරන එතුම ජෝන් නමින් පුරසිද්දෙට
ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට
එකලා ඔහු කල දස්කම් කියනව මං පෙළින් පෙළට

අල්ලස් දී පොලීසියට කොස්ගස් හන්දියේ ජයට
නෛ‍යින තම්බි සූදු කෙළිය කාටත් බෑ අල්ලන්නට
ආණ්ඩුවත් සතුටු වෙලා රජෙක් වගේ උන්නු මැතිට
සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට

එක්ක ගොසින් පොලිස් භටයො දොළොස් දෙනෙක් මරදානට
ඉක්මන් කර කම්බ සරොං පට ලේන්සු දී අඳින්ට
සල්ලි දීල ඔවුන් අතට යන්ට කිව්ව සූදූ පොළට
ඊට පස්සෙ සිද්ද වෙච්ච දේ පුදුමයි අහං ඉන්ට

ඇඳගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස වට
ගාගෙන තුන්නූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට
අරගත්තා බෑග් එකක් නෝට්ටු කොළ දැම්ම ඊට
නැගගත්තා රික්ශෝවක අපෙ මැතිඳා යයි විගහට

දකිමින් මේ හෙට්ටි අයිය නෛ‍යින සලං දම්ම හොඳට
එන්න කාරියම් වන්දදු සන්ගෙදි සොල්ලුම් ගෝමට
ආවන්ගදු විලයාට්ටු සුපන්කාර ඔන්ග කිත්ත
ඔන්න ඉතින් වා වා කියල එක්ක ගියා ගේ ඇතුලට

තට්ටු හතක් නැග්ග කලට නෛ‍යිනගෙ ඒ සූදු පොළට
ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මැතිඳුට අනින්න
බාසෙන් කිව්වා නෛ‍යිනා එළුව ගියා දුන්නු අණට
දැනගෙන මෙ රහස් සියලු මැතිඳා යයි ඔට්ටු පොළට

බලන්න පුදුමයි මහතුනි නෛ‍යිනගෙ ඒ සූදු පිටිය
එතන්ට චණ්ඩියා තමයි සේදවත්තෙ ජෝන් ගොයිය
දිනන්ට අත ගත්තු ගමන් මැතිඳුට ඔහු ඔරව හිටිය
කොහෙන් ආපු දෙමළෙක් දැයි කියල ජෝන් නැගිට සිටිය

කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එමවිට
ඇතුන් මැදට වන් කෙසරෙක් සිංහ නාද කරන ලෙසට
දැනගල්ලා මෙතන ඉන්නෙ කොතලාවල කිව්ව කලට
තනියෙන්මයි අල්ලගත්තෙ විස්සක් අත්අඩංගුවට

පැන්න කලට චණ්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්ට
දුන්න මැතිඳ පයින් එකක් බිව් රන් කිරි කටින් එන්ට
ඉන්න හිටින්නත් බැරි වුනි මල මුත්තර පිටවු කලට
ඔන්න එවිට ආව එළුව පැනගෙන මැතිඳුට අනින්ට

කාගෙන් බේරුනත් බැරිය එළුවාගෙන් මාරු වෙන්ට
වේගෙන් පැන්නා මැතිඳා ඒ වුනාට ඉදිරිපිටට
උඹද මිතුරෙ හතරගාතෙ චණ්ඩිය කියමින් මෙතෙන්ට
දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට

ඉතින් අම්මෙ ඉදල මොටද කියල නෛ‍යිනා පැන විජහට
අති පයින් නෙමෙයි ඔන්න කානු හතයි පිස්තෝලෙට
ගනින් මේක කිව්ව නමුත් පත්තු නොවුනි මැතිඳු පිනට
මුනින් වැටුනි නෛයි‍න‍ ත‍ම්‍බි‍ මැ‍ති‍ඳ දු‍න්න ම‍රු‍ ප‍හ‍ර‍ට‍

නෛයි‍න‍ට‍ රු‍පි‍ය‍ල්‍ දා‍හ‍යි‍ ද‍හ‍ය‍ බැ‍ඟි‍න්‍ අ‍නි‍ක්‍ අ‍ය‍ට‍
ගෙ‍ව්‍ව‍යි ද‍ඩ‍ බො‍හෝ‍ දෙ‍නෙ‍ක්‍ බැ‍රි‍වු‍නි ත‍ව‍ හ‍ත්දෙනෙ‍කු‍ට‍
හැත්තෑවක් ගෙවල මැතිඳ ගත්ත ඔවුන් හැම එළියට
ඇත්තයි අපි මල් පුදන්ට ඕනැ ඔහොම වීරයින්ට

එක්ක ඇවිත් ඒ හත්දෙන කෙහෙල් වත්තෙ පිට්ටනියට
පියෙක් ලෙසට ඔවදන් දී දුසිරිතයෙන් වළකින්නට
දෙකක් පාර බැගින් දුන්නෙ මිතුරනි එය මතක් වෙන්ට
කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳුට වැඳ ගියයි යන්ට

එතුමා කල දස්කම් නම් එක කටකට බැහැ කියන්ට
හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් තියෙයි හොඳට
හිටියා නම් අද වෙනතුරු වැඩ කරනව ලංකාවට
එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට
 

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    amoooooooooo sinduwak kiyala kiyanta puluwan ekak goda dwasaking ahuwe ban ....

    anyway thanks lot bro