pen එකකට වින්-7(Win7)ඉන්ස්ටෝල් කරගන්නා ක්‍රමය

godabanda

Member
Mar 27, 2012
114
52
0
දිවියලෝකේ
pen එකකට වින්-7(Win7)ඉන්ස්ටෝල් කරගන්නා ක්‍රමය

යු.ස්.බි.(USB)පෙන් එකකට වින්-7(Win7)ඉන්ස්ටෝල් කරගන්නා ක්‍රමය




ඉතින් ගොඩාක් අය වින්ඩොව්ස් 7 ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට බුටබල් වෙන්න ඉන්ස්ටෝල් කරන හැටි දන්නවත් ඇති දන්නේ නැති අයත් ඇති ඒ දෙගොල්ලොන්ටම මේක වැදගත් වෙයි කියලා මට හිතෙනවා..මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ...
මුලින්ම ඔයාල ලග තියෙන flash drive(pen drive) එක format කර ගන්න ඕනි..ඒ සදහා ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක මත රයිට් ක්ලික් කර format විධානය ලබා දෙන්න..format කිරීමේදී විශේෂයෙන්ම මෙම සැකසුම් සිදු කරන්න..file system එක ලෙස NTFS ලබා දෙන්න allocation unit size ලෙස 64 ලබා දෙන්න..
දැන් format කල ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක බුටබල් ඩිවයිස් එකක් ලෙස සැකසිය යුතුය...
දැන් කමාන්ඩ් ප්‍රොම්ට් වෙත පිවිසිය යුතුය...ඒ සදහා star ගොස් run box එකෙහි cmd ලෙස ටයිප් කර enter කරන්න...
දැන් ලැබී ඇති වින්ඩෝව තුල cd/ ලෙස ටයිප් කර enter ඔබන්න. දැන් command prompt තුල C:\Windows> ලෙස තිබෙනු දැකගත හැක.දැන් cd system 32 ලෙස ටයිප් කර enter කරන්න.එවිට System 32 වෙත පිවිසිය හැකිය දැන් ඔයාගේ command prompt එකෙහි C:\Windows\System32> ලෙස දැකගත හැකිය..ඉන්පසු cmd එකෙහි diskpart ටයිප් කර එන්ටර් කරන්න.
දැන් ඞයලොග් බොක්ස් එකක් ඕපන් වේ.එහි yes බට්න් එක ක්ලික් කරන්න ඒත් සමගම C:\Windows\System32\cmd.exe-diskpart ලෙසින් තවත් cmd වින්ඩෝවක් විවෘත වේ..දැන් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක හදුනා ගැනීමට අලුතින් විවෘත වූ කමාන්ඞ් ප්‍රොම්ට් එක තුල list disk ලෙස ටයිප් කරන්න.දැන් ඔබගේ පරිගණකයට සවි කර ඇති ඩිස්ක් ඒවායේ දාරිතාවන් සමගින් පෙන්වයි.ඉන ඔබගේ ෆ්ලෑෂ් ඩ්‍රයිව්(pen drive)එක තෝරා ගන්න..උදාහරණයක් ලෙස ඔබගේ 8GB පෙන් එක disk 2 ලෙස හෝ disk 3 ලෙස පෙන්වයි. ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තෝරා ගැනීමට select disk 3 ලෙස ටයිප් කර enter කරන්න දැන් disk 3 is now selected disk මගින් ඩිස්ක් එක සිලෙක්ට් කර ගත බව පෙන්වයි..
දැන් ඔබ clean ලෙස ටයිප් කර enter කරන්න එවිට DiskPart Succeeded in Creating the specified partition මගින් එය සාර්ථක වී ඇති බව පෙන්වයි.ඉන්පසු create partition primary ලෙස ටයිප් කර enter කරන්න..දැන් ඔයාලට ඔයාලගේ පාටිෂන් එක තෝරාගන්න පුළුවන්..
partition එක තෝරා ගැනීමට select partition 1 ලෙස ටයිප් කර enter කරන්න දැන් Partition is now selected partition මගින් එය සාර්ථක වී ඇති බව පෙන්වයි.එම පාටිෂන් එක ඇක්ටිව් කර ගැනීමට Active ලෙස ටයිප් කර enter කරන්න.දැන් Diskpart marked the current partition is active මගින් එය සාර්ථක බව පෙන්වයි...
දැන් ඔබ කල යුත්තේ පාටිෂන් ෆොර්මැට් කිරීමයි ඒ සදහා format fs=ntfs ලෙස ටයිප් කර enter කරන්න. එවිට ඔබගේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක format වන බව පෙන්වන්නේ නැති නම් format fs=ntfs වෙනුවට format fs=fat32 ලෙස ටයිප් කරන්න.
දැන් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක format වීම ඇරබෙයි(1සිට100 දක්වා) format වී අවසාන වූ පසු 100 percent completed , Diskpart successfully formatted the volume ලෙස දිස් වේ. දැන් දිස් වන Auto play වින්ඞෝව වසා දමන්න
දැන් වින්ඩෝස්7 වැඩසටහන ඇතුලත් කිරීමට පෙර ඔබගේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකට නමක් යෙදිය යුතුය ඒ සදහා assign ලෙස ටයිප් කර enter ලෙස ටයිප් කර enter කරන්න..DiskPart successfully assigned the drive latter or mount point මගින් ඔබගේ සැකසුම් සාර්ථක වී ඇති බව පෙනේ. දැන් කමාන්ඞ් ප්‍රොම්ට් වලින් ඉවත් වීම සදහාExit ලෙස ටයිප් කර Enter කරන්න
ඔබගේ windows-7 සෙටප් වැඩසටහන ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකට කොපි කරන්න...දැන් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක මගින් ඕනෑම පරිගනකයකට වින්ඞෝස් 7 ඉන්ස්ටෝල් කිරීමට හැකිය.
ඉතින් යාලුවනේ මේ ගැජමැටික් එක කරලා බලන්න..මේ පරිගණක ලිපිය ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් මතක කරලා මේ පොඩි කොල්ලගේ හිත හැදෙන්න bump එකකුත් දාන්න....
ස්තුතී....
http://comclub.comyr.com/pariganaka%20lipi%20-%20kolaya1.html
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    oya krame hodai mamath oka kala. namuth menna me krame wadath lesi. poddak refer karala balapan. apita type kara kara innna deyak ne menna linkuwa http://www.microsoftstore.com/store/msstore/html/pbPage.Help_Win7_usbdvd_dwnTool

    images



    meka microsft ekenma dena ekak
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    Bump machan.

    Oke heading eka Windows 7 Pen එකකට නෙවේ Pen එකකින් පරිගනකයට කියලා වෙනස් වෙන්න ඕන. මම බැලුවා පෙන් එකෙන් කොහොමද 7 දුවන්නේ කියලා...