ගවයාගේ ලකුණු දැනගන්න
වැදගත් යෝජනාවක් තියෙනව මා සතුව ඔබ හැමදෙනාටම ඉදිරිපත් කරන්න.මේ යෝජනාව කරන වර්තමාන කාලය - හිංසාවාදී දේවල් කරනවයි කියලා අපිට,චෝදනා ලැබෙන කාලයක්.අවිහිංසාවාදී ධර්මයක් කරපින්නාගෙන,උරුමකරගෙන ඉන්න අපිට බටහිර සමහර උදවිය,මිත්‍යාදෘෂ්ඨික අදහස් දරාගෙන මානව හිමිකම් කඩ කළා කියලා චෝදනා කරනවා.ඒවාට විසදුම් ලෙස රජය ආදී පාර්ශව විසින් නොයෙක් දේවල් කරනවා.ඒ මිත්‍යාදෘෂ්ඨික අදහස් පලවා හැරීමට.නමුත් තරුණ අපෙත් යම් යුතුකමක් තියෙනවා සියල්ල රජයට බාර දීලා ඉන්නවට වඩා රට වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න.තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දේශනාව,ධර්මය ස්ථාපිත වෙලා තියෙන මේ ධර්ම ද්වීපයේ සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම ඒ සදහා නොපැකිලී අපි ලබා ගන්න ඕනේ.
ඒ සදහා මම ඉල සිටිනවා වහාම ක්‍රියාත්මක වෙන පරිදි ලංකාව තුල මූලික වශයෙන් ගව ඝාතනය නවත්වන්න කියලා.මේ ගව ඝාතනය කරන ඇත්තෝ ඉන්නෙ ටික දෙනයි.ඒවා විකුණන ඇත්තෝ ඉන්නෙත් ටික දෙනයි.අපේ මුස්ලිම් සහෝදරවරු තමයි මේ අතරින් වැඩියෙන්ම ගව ඝාතනයට සම්බන්ධ වෙන්නේ.මම ඉන්න පළාත්වල සිංහල බෞද්ධ දුප්පත් මිත්‍යා ආජීවයෙන් ඉන්න පිරිසකුත් වාසය කරනවා මේ ගවයගෙන් අපමණක් වැඩ රාජකාරි අරගෙන මුස්ලිම් ජනයාට මස් පිණිස ගවයින්ව විකුණා මුදල් යහමින් සොයන.ඒ නිසා තමයි මම හිතන්නෙ මම ඉදිරිපත් කරන මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම අවශ්‍යය යැයි හිතට නැගෙන්නෙ.ප්‍රමුඛවම මේ සදහා රජයේ සම්පූර්ණ මැදිහත් වීමෙන් ලංකාව තුල තව දුරටත් ගව ඝාතනය වළක්වල,අවශ්‍යය කරන අයට ගව මස් විදේශ රටකින් ආනයනය කිරීමටද.එසේ ආනයනය කරන ගව මස් සදහා වෙළදුන්ට බලපත්‍රයක් නිකුත් කිරීමටද උත්සුක විය යුතුය.
මුස්ලිම් ජාතිකයින් හරකා මරන්නේ ඔවුන්ගේ ආගමට අදාල "හලාල්" නමින් හදුන්වනු ලබන ක්‍රමයටය.ඒ අයගේ ආගමික න්‍යාය පටිපාටියේ අන්තර්ගතයකි.හුදෙක් මැද පෙරදිග රටවල් වල මේ හලාල් ක්‍රමයට මරා මස් කරන ලද හරක් මස් ඕනෑ තරම් තිබෙනවා.ඔවුන් එය වෙනත් රටවලටද සෞඛ්‍ය සම්පන්නව අපනයනය කරනු ලබනවා.මුස්ලිම් ජාතිකයින් හෝ හරක් මස් අවශ්‍ය කරන අයෙක් වෙතොත් ඒ රටවලින් ගෙන්නන ලද මස් පරිබෝජනයට ගත හැකිය.එහෙත් බොහෝ විට මෙයට තර්ක විතර්ක එක් වීමේ අවස්ථාද එමටය "ඇයි හරකට විතරද පණ තියෙන්නෙ ? ඇයි කුකුළට මොකද වෙන්නේ ? මලුවට මොකද වෙන්නේ"මේ වගේ නොයෙකුත් මති මතාන්නර එල්ල වෙන්න පුළුවන්,බධා මතු වෙන්න පුළුවන්,යෝජනාව ක්‍රියාත්මක නොවන අකාරයක් ඇති වෙන්න පුළුවන්.එහෙත් අපි අධෛර්යය වෙන්න සුදුසු නැහ.ප්‍රථමයෙන් අපි මේ පියවර ගවයගෙන් පටන් ගමු.එතනින් ඉදිරියට ගමන් කරමු,නොපැකිලී.
පස්ගෝ රස දෙන මේ ගවයා සහ ගව පාලකයා පිළිබධ සදහනක් කරමින් තථාගත බුදුපියාණන් වහන්සේ නිවන් දකින මාර්ගය පිළිබධ උපදෙස් දීල තියෙනවා.ගවයගේ ලකුණු දැනගන්න යැයි වදාරණවා.තුවාල බලන්න යැයි කියනවා,දුම් ගහන්න කියනවා,පණුවෝ අරන් දාන්න කියනවා,තණ බිම් තියෙන තැන් සොයා ගන්න කියනවා.එහෙම කියන ගමන් ඒ සේරම සන්සන්දනය කිරීමකට ලක් කරනවා.රහතන් වහන්සේලාගේ රහත් ගමනට,අපි ඒ සතාව මරාගෙන කනවා. යශෝදරා රාහුල කුමරුට තම පියාව පෙන්නන වෙලාවේ මෙන්න මෙහම අර්ථානුරූපීව කියනවා.
" ගෝප මුඛෝ අභි නීල සුනේත්තෝ.
ඒ සහි තුය්හ පීත නර සීහෝ "
පුංචි පසු පැටියෙකු මෙන් ඇස් වලින් යුක්ත වූ
සිංහ රාජයෙක් වගේ අර එන්නේ ඔබේ පියාණන්ය
ඇත්තෙන්ම බෞද්ධ අපිට මේ ගව සම්පත කොතරම් බද්ධද කියල පෙනීයනවනේ.හින්දු ජාතිකයන් ගවයාව සලකන්නේද දේවත්වයෙනි.දිවි දෙවැනි කොට ඔවුන් එය රකී.බුදු දර්ශනයට අනුව මාංශ වෙළදාම යනු යහපත් වෙළදාමක් නොවේ.ප්‍රාණ ගාතයද මූලික පාප කර්මයක් ලෙස හදුන්වා දී ඇති බව කවුරුත් දනී
ඒ කාරණය නිසා අපි ඉල්ලා සිටිනවා සියලුම ත්‍රෛනිකායික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ දෙපා නැමද,ඒ වගේම මට වඩා ජේෂ්ඨ සංඝරත්නය මේ රටේ එමටයි.විහාරාධිපති,සේනාධිපති ස්වාමීන්වහන්සේලා එමටයි.උන්වහන්සේලාගෙත් දෙපා නැමද මම කියනවා.තමන්ගේ ප්‍රදේශ වල දායක සභාවලට,කතෝලික,මුස්ලිම්,හින්දු සංවිධානවලටද මේ පණිවිඩය පිළිබධ පුළුල් දැනුවත් වීමක් ලබා දී.ඒ වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස.බුද්ධ ජයන්ති වර්ශය සපිරෙන මේ වෙලාවේ අපේ කාරුණික ඌත් අයාචනාත්මක ඌත් එකම ඉල්ලීම වනාහි එයයි.
මේකට උදවු කරන්න කියලා.මෙතන කෑ ගැසීමත්, උස්ඝෝෂණය කිරීමත් නිසි පිළියමක් නොවෙයි.මේ සදහා උදවු වීම තම තමන්ගේ හදවතේ හද්‍ර සාක්ෂියට අනුකූල විය යුතුය.නාමික උදවුකරුවෙක් වීමද ඵලක් නොවේ.මෙහි ඇත්තේ ආධ්‍යාත්මික බලහ උකහාගැනීමකි.ගව සම්පත මරණ එකෙන් ධර්ම දේශයක් ගොඩ නැංවීමට යන ගමන නිසරු පිළිවෙතකි.එයින් ඇති වන සෙතකුත් නොමැත.සැදැහැමත් වන තරමට අපිට අපේ රටට මේ එළ්ල වෙලා තියෙන අස්ථාන චෝදනා,බාධකද අහෝසී වී යනු ඇත.සංවර්ධන ක්‍රියාවළියේදී ආධ්‍යාත්මික සංවර්ධනයද එක සේ වටින්නෙකි
_____________________________________________________
මෙම ලිපිය කිසිවෙකුට මඩ ගැසීම හෝ වාර්ගික ගැටුම් අරමුණු කරගත්තක් නොවන අතර හුදෙක් සමාජය දැනුවත් කිරීම සදහා පළ කිරීමට කැමැත්තෙමි.
මෙහි සදහන් කරුණු සම්බන්ධයෙන් ඔබට විවිධ අදහස් තිබෙන්නට පුළුවන මෙය මගේ අදහසක් නොවන වග කරුණාවෙන් සළකන්න.
මෙය ||- උපුටා ගැනීමකි -||
_______________________________________________________

- උපුටා ගැනීම - ශ්‍රී සම්බෝධි සගරාවෙන්
- ලිපි සම්පාදක - දිගාමඩුල්ල බුද්ධංගල ආරණ්‍ය සේනාසනවාසී පූජ්‍යපාද බුද්ධංගල ආනන්ද සවාමීන්ද්‍රයන් වහන්සේ විසින්
- ඉදිරිපත් කිරීම - එලකිරි වෙනුවෙන් මල් බබා
Last edited:

සේරම ටික තමයි ඔය