කාන්තාරයේ නෞකාව : මේ ඔටු පවුලේ කතාවයි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කාන්තාරයේ නෞකාව : මේ ඔටු පවුලේ කතාවයි



    :rofl::lol::rofl:

    http://www.malkakulu.com/2012/05/blog-post_26.html

    8.jpg

    ඔටුවා කියන්නේ අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන සත්වයෙක්. ඒත් දන්නවාද ඔටුවන් වර්ග දෙකක් ඉන්නා බව, මොල්ලි දෙකක් ඇති ඔටුවන් හා එක් මොල්ලියක් ඇති ඔටුවන් කියලා. ඒ වගේමයි ඔටු පවුලට නෑකම් කියන තවත් සාමාජිකයින් පිරිසක් ඉන්නවා. මේ සටහන ඔටුවන් සහ ඔටු පවුලේ සාමාජිකයන් ගැනයි.

    ඔටුවන්ගේ චරිත ලක්ෂණ

    ඔටුවන් ජීවත් වන්නේ අප‍්‍රිකාවේ හා ආසියාවේ කාන්තාර ප‍්‍රදේශවලයි. ඔටුවා රොමන්ත ක්ෂීරපායී සත්වයෙක්. රොමන්ත කියලා කියන්නේ වමාරා කන කියන අදහසයි. දිග නැමුණු බෙල්ලක්, පිටේ මොල්ලි, එකකට ඇඟිලි දෙකක් විතරක් ඇති, පළල් ඇදෙනසුලූ පාද ද ඔටුවන්ට තියෙනවා. පාදවල යටි පැත්තේ පැතලි කොට්ටා තියෙනවා. ඇවිදින විට ඒවා පළල් වී බිමට හරියන විදියට හැඩ ගැහෙනවා. කාන්තාර වැල්ලේ එරෙන්නේ නැතිව යාමට ඔටුවාට හැකි වෙන්නේ ඒ හින්දයි. ඔටුවන්ගේ පාදවල තියෙන්නේ කුර නොවේ නිය පොතුයි. කටේ උඩු හා යටි කෘන්තක දත් ද කුඩා රදනක දත් ද චාර්වක දත් ද පිහිටනවා. ඔටුවාගේ ආමාශය සංකීර්ණයි. පිටෙහි රළු ලොම් සහ කෙළවර කෙස් රොදක් ඇති වලිගක් තියෙනවා. පටු විවර වැනි නාස්පුඩු, ඉතා බර ඇසිපිය හා දිගු ඇස් පිහාටු ද ඇති නිසා කාන්තාරයේ වැලි කුණාටුවලින් බේරීමටත් ඒවාට ඔරොත්තු දීමටත් හැකිවෙනවා. ඔටුවන්ටත් අං තියෙනවා කියලා ඔයාලා දන්නවාද ? ඒත් ඒ අං විකසනය වෙන්නේ නෑ. ඒ කියන්නේ වැඩෙන්නේ නෑ.

    ඔටු විශේෂ 2 හඳුනා ගනිමු

    ඔටුවන් විශේෂ දෙකයි. මේ විශේෂ දෙකේ පැහැදිලිව පෙනෙන වෙනස්කම් තියෙනවා.

    ඩෝමඩරි හෙවත් අරාබි ඔටුවන්


    4.jpg

    න් එක් ඔටු විශේෂයක් දකින්න ලැබෙන්නේ උතුරු අප‍්‍රිකාවේ සහරා කාන්තාරය අවට ප‍්‍රදේශවලදීයි. මෙම විශේෂය හඳුන්වන්නේ ඩෝමඩරි ඔටුවන් එහෙම නැතිනම් අරාබි ඔටුවන් කියලයි. සත්ව විද්‍යාත්මක නම තමයි කමෙලූස් ඞ්රොමෙඩාරියුස්. මොවුන්ට තියෙන්නේ එක මොල්ලියයි. උතුරු අප‍්‍රිකාවේ සිට ඉන්දියාව දක්වා ම මිනිසාට හුඟක් ප‍්‍රයෝජනවත් හීලෑ සත්වයකු ලෙස මෙම ඔටුවන් හැඳින්වීමට පුළුවන්.

    මොල්ලි දෙකක් තියෙන බැක්ටි‍්‍රයන් ඔටුවන්


    3.jpg

    කමෙලූස් බැක්ට්රියන් යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බැක්ට්රියන් ඔටුවන් ද අරාබි ඔටුවන් මෙන් හීලෑ සතෙක්. මෙම ඔටුවන් දකින්න ලැබෙන්නේ මධ්‍යම ආසියාවේයි. විශේෂයෙන් ගෝබී කාන්තාරය හා ඒ අවට ප‍්‍රදේශවලයි. මොල්ලි දෙකක් ඇත්තේ මෙම ඔටුවන්ටයි. මේ ඔටුවන් අරාබි ඔටුවන්ට වඩා විශාලයි. එහෙත් කකුල් කෙටියි. ශීත සෘතුවේ දී සිරුරේ ලොම් ඝණ ව වර්ධනය වෙනවා. වසන්ත කාලයට එකවරම ලොම් වැටී යනවා. හීතල දේශගුණයට මෙන්ම පර්වතවලින් පිරුණු උස් කඳුකර ප‍්‍රදේශවලත් ජීවත්වීමට මෙම ඔටුවන් හැඩ ගැසී තියෙනවා. සයිබීරියාවේ හා මොංගෝලියාවේ ජන ජීවිතය හා බද්ධ වූ සත්වයෙක්.

    ඔටුවන්ගේ මොල්ලිය කියන්නේ මොකක්ද ?

    ඔටුවන්ට ජීවත් වීමට ආහාර අවශ්‍ය වෙන්නේ ස්වල්පයයි. ශාක කොළ සහ කටු පඳුරු තමයි ඔවුන්ගේ ප‍්‍රධානතම ආහාරය. ඔටුවන්ගේ මොල්ලිය තමයි, මේද ගබඩා කරන අවයවය. පිටතින් ආහාර සපයා ගැනීමට නොහැකි වූ විට මොල්ලිය නම් මේ ආහාර ගබඩාවෙන් ඔටුවාට අවශ්‍ය පෝෂණය ලැබෙනවා. ඔටුවන්ගේ සිරුරේ ජලය ගබඩා වෙනවා කියලා බොහෝ අය විශ්වාස කරනවා. ඒත් ඒක වැරදියි. එහෙම දෙයක් සිදු වෙන්නේ නෑ. කාන්තාරයේ දින ගණනක් තිස්සේ ගමන් කරද්දී බීමට ජලය ලැබෙන්නේ නෑ. ඒත් ඒ කාලේ දී ජලය නෑ කියලා ඔටුවන්ට ගැටලූවක් ඇති වෙන්නේ නැත්තේ මේද ඔක්සිකරණය කිරීම් වැනි කාර්යයන්ගෙන් ඔවුන්ගේ සිරුරේ ජලය නිපදවෙනවා. බර ඔසවා ගෙන යද්දී දවස් 3 ක් විතර ජලය පානය නොකර යාමට පුළුවන්. මිනිසෙකු විතරක් පිටේ තියාගෙන යනවා නම් වතුර නොබී දින 5 ක් විතර ඉන්න පුළුවන්.

    පැටවුන් බිහි කිරීම

    ගැහැනු සතකු වරකට බිහි කරන්නේ එක පැටියකු විතරයි. ගැබ් කාලය මාස 11 කි. ඔටුවකු අවුරුදු 40 ක් හෝ 50 ක් ජීවත් වෙනවා.

    ඔටුවන්ගේ අපට ඇති ප‍්‍රයෝජන

    ඔටුවන්ට ආහාර හා ජලය ස්වල්ප ප‍්‍රමාණයක් ගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා කාන්තාර හා අර්ධ කාන්තාර ප‍්‍රදේශවල වැසියන්ට ඔටුවන් හුඟක් ප‍්‍රයෝජනවත් වෙනවා. ශක්තිමත් ඔටුවකුට රාත්තල් 1000 ක බරක් උසුලාගෙන දවසකට සැතපුම් 25 ක දුරක් පමණ යන්න පුළුවන්. අරාබි ජාතිකයන් ඔටු මස් ආහාරයටත් ගන්නවා. ඔටු කිරි කාන්තාර වැසියන්ගේ ප‍්‍රධාන ආහාරයයි. ගොවිපළවල සී සෑමේ කටයුතු සඳහාද ඔටුවන් ව යොදා ගැනෙනවා. රෙදි පිළි, කූඩාරම් රෙදි හා කලාල සඳහාද ඔටුවන්ගේ ලොම් යොදා ගන්නවා.

    අපිත් ඔටුවොද ? ඔටු පවුලේ සාමාජිකයෝ

    මමාලියා ඒ කියන්නේ ක්ෂීරපායී වර්ගයේ ආටියොඩක්ටිලා ගෝත‍්‍රයේ ටෛලොපෙඩෙ උප ගෝත‍්‍රයේ කමෙලිඩෙ කුලයටයි, ඔටුවන් අයත් වෙන්නේ. ආටියොඩක්ටිලා කියලා කියන්නේ කුර ඇති සතුන් අයත් වන ගෝත‍්‍රයයි. ඔටුවාට කිට්ටුවෙන් නෑකම් කියන තව සතුන් කිහිප දෙනෙක් ම ඉන්නවා ඔවුන් තමයි ලාමා සහ ඇල්පැකා.

    5.jpg
    ලාමා

    6.jpg
    ඇල්පැකා

    මේ සතුන් හීලෑ කර ගැනීමට පහසු වුනත් හීලෑ කරගන්න බැරි තවත් ඔටු පවුලේ සාමාජිකයින් තමයි, විකුනා සහ ගුවනාකෝ. මේ හැම සත්වයකු ම ජීවත් වන්නේ දකුණු ඇමෙරිකාවේ අන්දීස් කඳුකරය ආශි‍්‍රතවයි. ඔටු පවුලට අයත් වන පුංචිම සාමාජිකයා වන්නේ විකුනා සත්වයිනුයි. මොවුන් ජීවත් වන්නේ උස් කඳුකරයේයි. ගුවනාකෝ සතුන් ප‍්‍රමාණයෙන් විකුනා සතුන්ට වඩා තරමක් විශාලයි. පේරු සහ බොලිවියා වැසියන්ගේ ජීවිතය හා බැඳුණු සතෙක් තමයි, ඇල්පැකා. මොවුන්ගේ ලොම් ඇඳුම් මැසීමට යොදා ගන්නවා. ලාමා කියන්නේ භාණ්ඩ ප‍්‍රවාහනයට යොදා ගන්නා සත්වයෙක්. කිලෝ ග‍්‍රෑම් 100 ක බර ප‍්‍රමාණයක් දක්වා උසුලා ගැනීමේ ශක්තියක් හොඳින් වැඩුණු ලාමාවකුට තියෙනවා. ලාමා සතුන්ගේ සම්, ඇඳුම් පැලඳුම් සඳහාත්, මස් ආහාරය සඳහාත් යොදා ගන්නවා.


    :lol::rofl::P

    gaththe
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ඔටුවා අපට ප්‍රයෝජනවත් සත්වයෙකි මසට
    මචෝ ඔටුමස් රසද
    ඔහේ අවොත් අපිට මස් කැල්ලක් කාල
    ආතල් එකක් අරගෙන
    අරාබි හමක් ඇදල යන්න පුලුවන්ද
    rep+
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොහෙන් හරි අනුන්ගේ එකක් ගෙනත් දාලා රේප් හිගාකනවා..නැත්තම් වැල ටිකක් විකුනනවා....උබ වගේ බල්ලෝ තමා එළකිරිය කන්නේ....:(
    :(:(fala wesi yanna:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටුවා අපට ප්‍රයෝජනවත් සත්වයෙකි මසට
    මචෝ ඔටුමස් රසද
    ඔහේ අවොත් අපිට මස් කැල්ලක් කාල
    ආතල් එකක් අරගෙන
    අරාබි හමක් ඇදල යන්න පුලුවන්ද
    rep+
    rasayi ban sup eka thamyi fatta:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    "ඔටු විශේෂ 2 හඳුනා ගනිමු
    ඔටුවන් විශේෂ දෙකයි. මේ විශේෂ දෙකේ පැහැදිලිව පෙනෙන වෙනස්කම් තියෙනවා."
    weradie.......3k innawa........:no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔටුවා ඔටුවන් ගැන කතා කරයි............!!!!!!:lol::lol::lol:

    ඔටු විහේස 2ක් .....
    නැත...ඔටු විශේෂ 3ක් පැහැදිලිව අදුනා ගත හැකිය.
    1-අරාබි ඔටුවන්
    2-බැක්ට්‍රියන් ඔටුවන්
    3-ජල්ලි ඔටුවන්:lol::lol::lol:
    නිදර්ශන එලකිරියේ තිබේ....!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;12755970 said:
    :P lol :D rep denna bariyoooo
    :P
    arabi otuwo tikak usai, eet katai.


    lasana un innawa:P
    :(
    :P
    gayan konaless :(
    :angry:
    ඔටුවා ඔටුවන් ගැන කතා කරයි............!!!!!!:lol::lol::lol:

    ඔටු විහේස 2ක් .....
    නැත...ඔටු විශේෂ 3ක් පැහැදිලිව අදුනා ගත හැකිය.
    1-අරාබි ඔටුවන්
    2-බැක්ට්‍රියන් ඔටුවන්
    3-ජල්ලි ඔටුවන්:lol::lol::lol:
    නිදර්ශන එලකිරියේ තිබේ....!!!
    :(:lol::lol:dj karayane:lol::lol::lol:
     
    • Like
    Reactions: prashan3000