මෙහෙමයි මචන්.
මන් දන්න තරමට දිර්හම් 750- 1200 කට්ටිය මෙහෙ ඇවිත් ඉන්නව. උන් එකේ කාල බීල රූම් කුලිත් ගෙවාගෙන ගෙදරටත් සල්ලි යවනව.
මන් ඉන්න ෆ්ලට් එකේ කුලිය පමනක් දිර්හම් 2500/-මගේ පොඩි ලමයි දෙන්නඉ වයිෆුත් මෙහෙ තමඉ ඉන්නේ. අපට කන්න බොන්න විතරක් හැම මාසෙම අඩුගානේ 2500ක් පනිනවා.මාසෙකට සෙරයක් හරි හොස්පිටල් යන්න උනොත් අඩුගානේ 300ක් වියදම් වෙනවා.පොඩි එවුන්ට සෙල්ලම් බඩු අඩුගානේ 750 කටවත් හෙම මාසෙම ගන්නව.
අපි කොච්චරක් පඩි ගත්තත් පඩිය අනුවටම වියදම් වෙනවබන්. අනිත් කට්ටියගැන මට දන්නේ නැහැ. මන්ගාව ලෝබකම කියන එක චුට්ටක්වත් ගෑවිල නැහැ.එහින්දද කොහෙත මට වියදම් වැඩි.
මම 2002 ඉස්සෙල්ලම මෙහාට ආවේ 650ක පඩියකින්.මන් මේ රටේ කරන්නෙ නැති රස්සාවක් නැහැ.ටොයිලට් හිටන් හෝදල තියෙනවා.රස්සවෙන් කිසිම රස්සාවක් නරක රස්ස කියල නැහැ මගේ අනුව.
දෙන් මම මාර්කෙටින්ග් මැනේගර් කෙනෙක් දෙන් මට හම්බවෙනවා පඩිය 9200ක් කාර් එකක්. කම්පනියෙන් මට ෆ්ලට් එකක් දීල තියෙනවා.එකේ මන් ඉන්නේ නැහැ හෙතුව ඒක සෙයාරින්ග් ෆ්ලට් එකක් අනික පහසු මදියි.දුරයි.
ඉතින්බන් මෙච්චරයි කියන්න තියෙන්නේ උඹට අරපිරිමැස්ම කියන එක දන්නවනම් උඹට 2500 වලින් ජීවත් වෙන්න පුලුවන්.
ඒක උඹේ අතේ තමයි තියෙන්නේ.
Advice:
මෙහෙ වැඩට එනවනම් කිසිම කඩේකට වැගට එන්න එපා.මෙහෙ කඩවල් උදේ 8 එරලා දවල් එකට දෙකට වහනවා.ආපහු හැන්දෑවේ 4ට ඇරල රේ 12-1-2 වෙනකම් ඇරන් ඉන්නව සමහරක් එවුන්ට සිකුරාද නිවාඩුත් නැහැ.
කන්ට්‍රක්ශන් කම්පනියකට එනවනම් රජයේ එකක් නැත්නම් හොන්දට නම ගිය තෙනකට වරෙන්.
මෙදපෙරදිග ජොබ් කියන්නේ එක වගයකින් වහල් ජීවිතයක්.නැත්නම් සූදුවක් වගේයි.එක සැරයක් ආවොත් ඉතින් ජීවිත කාලයටම මෙහෙම්ම ඉන්න වෙනවා.
හිතල බලල වැඩ කරපන්.
හදිස්සියෙන් ටයිප් කරපු නිසා අකුරු වැරදි තියෙන්න පුලුවන්