හොදයි බොරුද මම අහන්නේ ?

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    හොදයි බොරුද මම අහන්නේ ?

    ගත්තේ මෙතනින් හැමෝටම දැනගන්න
    ශ්‍රී ලන්කන් මිරර්
    ,
    ,දාපු කෙනාට ගොඩක් පින්..

    බුදු සසුන තුළ සනාතන රැකවරණය ලබමු


    11052012055102-nhu%20lai%20mim%20cuoi.jpg

    පරලොවකදී නොව මෙලොව දීම අත්විඳිය හැකි රැකවරණය තවමත් අපට ලබාගත හැක්කේ ගෞතම බුද්ධ රාජ්‍යය තුළට පැමිණීමෙන් පමණි. ගෞතම බුද්ධ රාජ්‍යය වෙත ඔබව කැඳවාගෙන යන්නේ චතුරාර්ය සත්‍යමය ධර්මයේ ආලෝකය ඔබ වෙත ලබා දෙන කලණ මිතුරන් විසිනි.
    මෙසේ මේ මහා භද්රා කල්පයේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ හතළිස් පස් වසරක් ස්වර්ණමය අමා සංදේශය නොකඩවා පැතිර ගොස් මින් වසර 2556කට පෙරදී සමාප්තියට පත්විය.
    එදා උන්වහන්සේ කුසිනාරා නුවර උපවර්තන නම් වූ සාලවනෝද්යා නයේදී ඉතා සිහි නුවණින් යුතුව පිරිනිවන් වදාළ මොහොතේ අප වෙත දායාද කරන ලද උන්වහන්සේගේ ධර්මයි.
    තවමත් ඒ ස්වර්ණමය අමා සංදේශය පතුරුවා හරිමින් සිටියි.
    ඒ ගෞතම බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී උපන්දින සැමරුම්ල බුද්ධත්වය සැමරුම් හෝ වෙනත් සැමරුම් දින උන්වහන්සේ තුළ තිබුණේ නැත.
    කෙසේවුවද උන්වහන්සේගේ විශ්මිත ප්රවඥාවෙන් ලද දෙසුම් නම් වූ ශ්රීත සද්ධර්මය උන්වහන්සේ ලොවට දායාද කළ සේක.
    ඒ දහම් දායාදය ලද රහතන් වහන්සේලා උන්වහන්සේ පිරිනිවීමෙන් තුන් මසකට පසු රජගහ නුවර සප්තපර්ණී නම් ගුහා ද්වාරය අසල මණ්ඩපය වෙත රැස් වූහ.
    නානාවිධ මිනිසුන් උදෙසා දෙසන ලද ඒ උතුම් ශ්රීම සද්ධර්මය මලසුනක විසිරී ඇති මල්මෙන් විසිර පැවතුනි.
    කිසිදා සුළඟකින් නො‍විසිරෙන පරිද්දෙන් ඒ සදහම් පුෂ්ප‍යන් ධර්ම සංගායනාව නම් වූ නූලෙන් මනාකොට අමුණා තම ශ්රාදවක ජනතාවගේ හද පුදසුනෙහි තැන්පත් කරන්නට ඒ රහතන් වහන්සේලා සමත් වූ සේක.
    බුද්ධ වර්ෂයේ ආරම්භ වූයේ ඒ තුළින්ය.
    එතැනින් ආරම්භ වූ බුද්ධ වර්ෂය සිහි කරන ලද්දේ අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන දැන මෙතෙක් වසරක් ගෙවී ගියේය යන අරුත දීම පිණිස පමණි.
    ඒ තුළින් ශ්රාපවක ජනයා බුදු රජාණන් වහන්සේගේ ගෞතම බුද්ධ රාජ්යරය තුළ චතුරාර්ය සත්යවය ධර්මය අවබෝධ කිරීම පිණිස සිතල කල වචනයෙන් පේ වී ආධ්යායත්මිකව බුදුසසුන වෙත පැමිණියහ.
    ගෞතම බුදුරජුන්ගේ පිරිනිවීමෙන් වර්ෂ 2556ක් සපිරෙන මෙකල පවා අපට තිබෙන්නේ වෙනත් කෙනෙකුගේ ධර්මයක් නොව ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පමණි.
    තවම පවතින්නේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ යුගය පමණි. තවම ගෞතම බුදුරජුන්ගේ ආශ්චර්යවත් අවබෝධය පිළිසරණ කරගනිමින් මේ දුර්ලභ බුදුසසුනෙන් ප්ර යෝජන ගැනීමට යමෙක් සිතයි නම් එය බුද්ධිමත් මිනිසෙකුගේ බුද්ධිමත් තීරණය වන්නේය.
    විවිධ මතිමතාන්තර ඔස්සේ නිසරු වාද විවාද කරමින් තමා හුවා දක්වමින් අනුන් හෙලා දකිනා අහංකාර පරවශ මිනිසෙකු බවට පත් නොවී ජීවිතාවබෝධය පිණිස තම සන්තානය යොමු කරගත් නිහතමානී සත්පුරුෂ ගුණවතෙකු බවට පත් වී මේ ජීවිතයේදී ගෞතම බුද්ධ රාජ්යනයේ ධර්ම චක්රීය තුළින් සෝතාපන්න ශ්රා වකයෙකු වන්නට ඔබට හැකිනම් එය මේ පෘතුවියෙහි පමණක් නොව සකල ලොකයෙහිම අධිපති වනවාට වඩා ශ්රේ ෂ්ඨ වූ දෙයකි.
    ඒ සඳහා ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය තවමත් ඔබ වෙනුවෙන් ජීවමානව වැඩ සිටින සේක.
    සූත‍්‍රපිටකය ඇසුරින් උපුටාගන්නා ලදී.

    සකස් කළේ – ජී. සුරංග
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: kandahar