සිකුරු සංක්‍රාන්තිය බලමුද

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    සිකුරු සංක්‍රාන්තිය බලමුද

    මුලුන්ම නොදන්න අයට දැනගන්න දාන්නම් සිකුරු සංක්‍රාන්තිය කියන්නෙ මොකක්ද කියලා.
    …සාමාන්‍යයෙන් අපි දන්නවනෙ සූර්යග්‍රහනයක් ඇතිවෙන්නෙ කොහොමද කියලා. සුර්යාට ඉදිරියෙන් හද ගමන් කරන කොට එහෙම සූර්යග්‍රහනය ඇතිවෙනවා කියලා ඕන කෙනක් දන්නවා.
    … සිකුරු සංක්‍රාන්තිය ඇතිවෙන්නෙත් එහෙමයි. පෘතුවියට ඉස්සරහින් ඉන්න බුධ, සිකුරු දෙකෙන්ම මේක සිද්ධ වෙන්න පුලුවන්. ( බුධගෙ නම් බුධ සංක්‍රාන්තිය ), මේක සිද්ධ වෙන්නේ සිකුරු ග්‍රහයා සුර්යාත් පෘතුවියත් අතරින් ගමන් කරන කොට. හැබැයි සූර්යග්‍රහනයක වගේ මේක සිද්ධවෙනකොට පෘතුවියට දැනෙන්නෙවත් නෑ. ඒ වගේම මේක ටිකක් දුර්ලභ සිද්ධියක්. උදාහරණයක් විදිහට මේක කලින් සිද්ධවුනෙ 2004 ජූනි වලදි, හැබැයි ඔන්න චාන්ස් එකක් තියෙනවා හෙට අනිද්දාත් ( ජූනි 6 උදේ 3.39 ඉදලා උදේ 10.22 වෙනකන් ) තියෙනවා. උච්චම අවස්ථාව ලංකාවට නම් උදේ 7.03.
    … හැබැයි මේක පියවිඇසින් නම් බලන්න බෑ. බැලුවොත් ඇහැට බඩු.( අනිත් එක මම කලින් එක බලලා නැති නිසා මම දන්නෙ නෑ ඒක ඇහැට පේනවාද කියලා. ) හැබැයි මම දැක්කා ඒක පිඅවි ඇහින් බලන්න පුලුවන් කියලත් නෙට් එකේ තැන් තැන් වල තිබ්බා. එදාට බලනවා නම් මතක ඇතුව වෑල්ඩින් කණ්නාඩි දෙකකින් හරි සූර්යග්‍රහන බලන කණ්නාඩි දෙකකින් හරි තමයි බලන්න වෙන්න. මම හිතන්නෙ වතුර භාජනයට පෙනෙන එකක් නෑ. හුගකාලෙකි එන දුර්ලභ අවස්තාවක්. ආයෙ එන්නෙ 2117 දෙසැම්බර් වල ඊට පස්සෙ 2125 දෙසැම්බර් වල, 2004 ට කලින් ආවේ 1881 දෙසැම්බර් වල, පේනවනෙ කොච්චර දුර්ලභද කියලා. සමහර වෙලාවට මිනිසෙකුගෙ ජීවිත කාලය තුල මේක උදාවෙන්නෙ නෑ ( හුගක් වෙලාවට ) අනිත් වැදගත්කම තමයි මේක එක ලග දෙපාරක් වෙලා අවුරුදු 100 විතර මුකුත්ම නැතිව තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න. හැබැයි එහෙම කියලා ජීවිතේටම හම්බ වුන එකම ඇස් දෙක නැති කරගන්න එපා. දුරදක්න වලින් එහෙම, පිවි ඇසින් වුනත් කලු කණ්නාඩි නැතිව බලන්න යන්න එපා.
    …කලින් වතාවල සිද්ධවුන සංක්‍රාන්තිවල පින්තූර ටිකක් තියෙනවා, ඒකත් බලන්න. මාර අමාරුවෙන් type කලේ ( මට සිංහල ටයිපින් බෑ ). ඒනිසා බම්ප් එකක් වත් දාලා යන්න. ආයෙත් කියනවා ඇස් දෙක බේරගෙන බලන්න.

    Venus_transit_2012_animation.gif


    http://www.dailynews.lk/2012/05/30/news17.asp
     
    • Like
    Reactions: gkcnalaka