
පසුගිය ලිපියෙන් අපි හයිබ්‍රිඩ් කියන්නේ මොකක්ද, හයිබ්‍රිඩ් වාහනයක අඩංගු කොටස් සහ ඒ කොටස් එකිනෙක හා ගනුදෙනු කරන ආකාරය ගැන සරලව කතා කලා. මම කලින් කිව්වා වගේ පූර්ණ හයිබ්‍රිඩ් රථයක අඩංගු විදුලි මෝටරය සහ අභ්‍යන්තර දහන එන්ජිම ආකාර 4 කට රථයේ ධාවනයට උදව් වෙනවා. ඒ ආකාර 4 ගැන අද අපි පොඩ්ඩක් හොයල බලමු.
ලංකාවේ දැනට තියෙන Toyota Prius රථය පූර්ණ හයිබ්‍රිඩ් රථයක වුනත්, Honda Insight පූර්ණ හයිබ්රිඩ් රථයක් නොවේ. එක වැඩ කරන විදිය මම දැන් විස්තර කරන ක්‍රමයට වඩා ටිකක් වෙනස්.

1. රථය පණගැන්වීම
Prius රථයක් පනගැන්වීමේදී එයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ එහි අඩංගු බැටරිය සහ විදුලි මොටරයයි. ඒ නිසා මේ ජාතියේ වාහනයක් පන ගන්වනකොට සද්දයක් ඇහෙන්නේ නෑ!
2. ධාවනය ආරම්භ කිරීම
රථය ඉදිරියට ඇදෙන්න පටන් ගද්දි එයට අවශ්‍ය බලය සපයන්නෙත් විදුලි මෝටරය පමණයි. රථය 20-25 km/h පමණ වේගයක් ලබාගන්නකම් රථයේ එන්ජිම ක්‍රියාත්මක වෙන්නේ නෑ.
3. රථය වේගයෙන් ධාවනය කිරීම ( තැනිතලා පෙදෙසක )
මෙහිදී ධාවනයට ආධාර වෙන්නේ අභ්‍යන්තර දහන එන්ජිම පමණයි. මොකද තරමක් වේගයෙන් යද්දී එන්ජිමත් ඉහල කාර්යෂමතාවකින් බලය සපයන්න සමත්. වාහනයේ මොටරයට බලය සපයන ගමන්ම , වාහනයේ අඩංගු Generator එකක ආධාරයෙන් වාහනයේ බැටරිය නැවත ආරෝපණය කිරීමත් ( බැටරිය බැහැල වගේ නම්.....) මේ අවස්ථාවේදී සිදු වෙනවා.
4. කන්දක ඉහලට ධාවනය කිරීම
වාහනය කන්දක ඉහලට ධාවනය කරද්දී, එයට අධික ත්වරණයක් ලබාදෙන්න වෙනවනේ ( ඇක්සලරේටරේ පාගන්න එපැයි) එතකොට එන්ජිමේ සහයට විදුලි මෝටරයත් එකතු වෙනවා. ඔය ප්‍රභව දෙකෙන්ම එක සැරේ සපයන බලය එකතු කරලා හරියට රෝද වලට සපයන්නේ Power Split Tramsmisson Sytem ( බලය බෙදීමේ සහ එකතු කිරීම තමා මෙහිදී වෙන්නේ) එකක් හරහායි.
5. වාහනය මන්දනය කිරීම සහ තිරිංග තද කිරීම
වේගයෙන් යන වාහනයේ වේගය අදාළ කරද්දී හෝ තිරිංග පාගා සම්පූර්ණයෙන්ම නවත්තද්දී Prius හයිබ්‍රිඩ් රථය එහි ඇති " නැවත ජනනය කල හැකි තිරිංග පද්ධතිය " (Regenarative Braking System) භාවිතයට ගන්නවා.
මෙහිදී සිදු වෙන්නේ මේ වගේ දෙයක්.
රථයේ වේගය අදාළ වෙනකොට හරි තිරිංග පාගනකොට රෝද සමග එන්ජිම / විදුලි මෝටරය ඇති කරගෙන තිබූ සම්බන්ධතාවෙන් ඒවා වෙන වෙනවා. දැන් නිදහසේ කැරකෙමින් තිබෙන එන්ජිමේ බලය වාහනයේ තියෙන ජෙනරේටරයට සපයල ඒ හරහා බැටරිය නැවත ආරෝපණය කරනවා. මේ නිසා ලොකු ශක්ති හානියක් සිදු වීම වලකිනවා.
ඔන්න ඔය 5 වැදෑරුම් ක්‍රම වලින් තමයි Toyota Prius රථයක් වැඩ කරන්නේ. මෙහිදී ඉන්ධන ඉතුරු වන ආකාර මොනවද කියල දැන් අපි බලමු.
ඉන්ධන ඉතුරු වන ආකාරය
1. නැවත ජනනය කරන තිරිංග පද්ධතිය නිසා සාමාන්‍ය වාහනයක් නවත්තවන්වාට වඩා බොහොම අඩු ශක්ති හානියකින් හයිබ්‍රිඩ් රථයක් නවත්තන්න පුළුවන්.
2. වාහනය නවත්තල තියෙන වෙලාවට ( වාහන තද බදයකදී වගේ) අභ්‍යන්තර දහන එන්ජිම ක්‍රියාත්මක වෙන්නේ නෑ. සියල්ල සිදු වෙන්නේ බැටරි බලයෙන්. මේ නිසා එතනත් ශක්තිය ඉතුරු වෙනවා ( මොකද ශබ්ද හානිය, තාප හානිය, දෙදරුම් (Vibrations) නැති නිසා )
3. වාහනය වේගයෙන් ධාවනය වන විට අභ්‍යන්තර දහන එන්ජිමේ ධාරිතාවට හිතකර පරිදි රථය ධාවනය වන නිසා එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩියි.
ඔන්න ඔය විදියට තමයි ඉන්ධන ලීටරයකින් සාමාන්‍ය වාහනයකට වැඩ වැඩි දුරක් හයිබ්‍රිඩ් රථයක් ධාවනය කරන්නේ. තේරුනා නේද...?
හයිබ්‍රිඩ් වාහන ගැන ඔයාලටත් ඇති වෙන ගැටළු අපිට යොමු කරන්න පැකිලෙන්න එපා!
එහෙනං ගිහින් එන්නම්.
බ්රූරූරූම්...!!!!
පලමු කොටස සහ දෙවන කොටස උපුටා ගැනීම ටෙක්නිකල් හංදිය බ්ලොගයෙනි