[අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [01] [විදෙස්]

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [01] [විදෙස්]

    Cover.jpg


    අයිව් කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂයි. පාසල් අවදියෙන් පසු ඇය අමෙරිකාවේ නෝර්ත් කැරොලිනා විශ්වවිද්‍යාලයේ දීප්තිමත් සිසුවියක බවට පත්වුණාය. එහිදී ශිෂ්‍යත්ව ගණනාවක් දිනාගත් අයිව් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිනිය බවට පත්වුණේ හැමගේම සිත දිනා සිටි නිසායි. ඉගෙනීමට පමණක් නොවෙයි ක්‍රීඩාවටද දක්ෂ අයිව් බාස්කට් බෝල් ක්‍රීඩාවට විශේෂ දක්ෂකම් දැක්වුවා.

    එදා 2008 මාර්තු 04 වැනිදා අයිව් හවස්වරුවම බාස්කට් බෝල් ක්‍රීඩා කළා. ඇය එදා තමන් නතර වී සිටි කාමරයට යද්දි හොඳටම රෑවෙලා.


    ශිෂ්‍ය සංවිධානයේ සභාපතිනිය ලෙසින් ඇයට වගකීම් රැසක් පැවරී තිබීම නිසා අයිව් පුරුද්දක් ලෙස පාඩම් කළේ රාත්‍රියටයි. ඇය මෙලෙස සුමාන ගණනක් එක දිගට පාඩම් කළා.


    මේ කියන දිනයේත් අයිව් පාන්දර වෙනකම්ම පාඩම් කළා. අයිව්ගේ කාමරයේ නතරව සිටි ඇගේ මිතුරා ජස්ටින් එදා කාමරයට පැමිණියේ පාන්දර 1.30 විතර. ඒ එනකොටත් අයිව් පාඩම් කරනවා. “හෙලෝ අයිව් තාමත් ඇහැරගෙනද? මට නම් මහන්සියි. මං නිදාගන්න යනවා” අයිව්ට එසේ පැවසු ජස්ටින් නින්දට ගියා.

    එදා රාත්‍රී අයිව් අන්තර්ජාලය ඔස්සේත් සැරිසරා මහ රෑ ජාමයේ කාමරයෙන් පිටවුණා. එසේ පිටවු අයිව් නැවත කාමරයටවත් වෙන කොහේටවත් ආවේ නැහැ.


    2008 මාර්තු මාසේ 05 වැනිදා පාන්දර අයිව් තමන්ගේ මෝටර් රථයෙන් යන්න පිටත්වුණේ ආසන්නයේ පිහිටි විශ්වවිද්‍යාල පුස්තකාලයටයි. උදේ පාන්දර මෙලෙස පුස්තකාලයට යෑම මේ සිසුන්ගේ පුරුද්දක්. අයිව් තම කාමරයෙන් පිටවී මෝටර් රථයට ගොඩවෙද්දී සිදුවුණේ නොසිතූ දෙයක්. ඇය සිටි දෙසට කළු ජාතික තරුණයන් දෙදෙනෙක් දිව ආවා. “ඔහොම හිටපන්” අයිව් නවතාගත් ඔවුන් ඇගේම මෝටර් රථයේ පසුපස අසුනට ඇය බලහත්කාරයෙන් ගොඩකරවා ගත්තා. “ගනින් උඹේ ඒ.ටී.එම්. කාඩ්එක” මෙසේ කී තරුණයන් දෙදෙනා අයිවිත් කැටුව බලෙන්ම ඇය සතු ඒ.ටී.එම්. කාඩ්පතේ මුදල් ගැනීමට ටෙලර් යන්ත්‍ර කීපයක් කරා ගියත් ඒ යන්ත්‍රවලින් මුදල් ගන්න ඔවුන්ට බැරි වුණා. අන්තිමට ක්‍රියාත්මක වු යන්ත්‍රයකින් ඔවුන් අයිව්ගේ මුදල් ගත්තා.


    ඉතින් ඊට පසු වු හැම දෙයක්ම දන්නේ අයිව්ත් ඇගේ ඝාතකයනුත් පමණයි. පහුවදා එළිවනවිට අයිව් කාමරයේ නැති බව දුටු ඇගේ මිතුරා ඒ ගැන විශ්වවිද්‍යාලයට හා පොලිසියට දැන්වීමත් සමඟ සැවොම ක්‍රියාත්මක වුණා.


    එදා රෑ අයිව් ඇගේ කාමරයෙන් පිටවී සිටියේ පාන්දර 3.40 ට පමණ. ඒ බව ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා. ඒ අතරම ඇය පදිංචි කාමර අයත් නිවාස සංකීර්ණයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ එදිනම පාන්දර 3.33 ට පමණ තවත් දෙයක් සටහන්ව තිබුණා.


    එහි වුයේ අඳුරු සමැති පුද්ගලයන් දෙදෙනෙක් බාච්චු වැනි ඇඳුම් ඇඳගෙන පාන්දර 3.33 ට පමණ අයිව් පදිංචි නිවෙස පිහිටි අතුරු මාවතට පිවිසෙන අන්දමයි.


    පොලිසියට ඒ ගැන මතු වු සැකයක් උඩ ආරක්ෂිත කැමරාවල දර්ශන විශාල කර එහි වු පුද්ගලයන් හඳුනා ගැනීමට උත්සාහ කළා. ඒ අතරම අයිව් ගැන තොරතුරු සොයන රහස් පොලිස් කණ්ඩායමට තවත් තොරතුරක් ලැබුණා. ඒ අයිව් අතුරදන් වූ රාත්‍රියේ ඇගේ ඒ.ටී.එම්. කාඩ්පත භාවිතා කර මුදල් රැගෙන ඇති බවයි. පොලිසිය අදාළ ටෙලර් යන්ත්‍රයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කළා. එහිදී දැනගන්න ලැබුණේ අයිව්ගේ ඒ.ටී.එම්. කාඩ්පතෙන් මුදල් ගත්තේ ඩෙමාරියෝ නැමැත්තා බවයි.


    මේ සියලු සෙවුම් බැලුම් අතරේ පසුදාට එළිවුණා. එදින පාන්දර 5 ට පමණ අයිව් අතුරුදන් වු ප්‍රදේශයට මදක් එපිටින් තරුණියකගේ සිරුරක් ඇති බවට පොලිසියට තොරතුරු ලැබුණා. එතැනට ගොස් පරීක්ෂා කරද්දී ඒ අයිව්ගේ සිරුර බවට පවුලේ අය හඳුනා ගත්තා.


    මාර්තු 6 වැනිදාටත් එළිවුණා. එදා පොලිසියට ඒ පළාතේම පදිංචිකරුවකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. “අපේ ගෙවල් ළඟ අයිතිකරුවකු නොමැති වාහනයක් තියෙනවා” පණිවුඩය එයයි.

    එලෙස අතරමඟ දමා තිබුණේ අයිව්ගේ මෝටර් රථයයි. එය තිබුණේ අයිව් මරා දමා තිබූ ස්ථානයෙන් සැතපුමක් පමණ එහා ස්ථානයකයි.

    අයිව්ගේ සිරුර හමුවීමත් සමඟ පොලිසිය සැකකරුවන් ඇගේ මුදල් ගත් බැංකුවේ ආරක්ෂිත කැමරා සටහන් හැකිතාක් විශාල කර බැලුවා. එවිට පොලිසියට නොහිතූ දෙයක් දැක ගන්න ලැබුණා. ඉන් ප්‍රධාන වුයේ සැකකරුවන් මුදල් ගැනීමට පැමිණ සිටියේ අයිව්ගේ ම මෝටර් රියෙන් වීමයි. මෝටර් රිය ඇතුළේ තිදෙනෙක් සිටින අන්දම එහි අපූරුවට සටහන්ව තිබුණා. රියැදුරු අසුනේ වුයේ ලෝරන්ස් නැමැත්තායි. පිටුපස අසුනේ සිට ඩොමාරියෝ මුදල් ගත් අන්දම සටහන්ව තිබුණා. ඒ විතරක් නොවේ පිටුපස අසුනේ තවත් අයෙක් සිටියා. ඒ කෙනා හිස පහත් කරගෙන අත් දෙක ඉහළට ඔසවා ගෙන සිටි අයුරක් පෙන්නුම් කළා. ඒ වෙන කවුරුවත් නොව අයිව් බව දැනගන්න පොලිිසියට වැඩි වෙලාවක් ගතවුණේ නැහැ.


    ආරක්ෂිත කැමරාවල වූ සටහන් ප්‍රසිද්ධ කර වැඩිවෙලාවක් යෑමට ප්‍රථම ලෝරන්ස් සහ ඩොමාරියෝ හඳුනා ගැනීමට පොලිසියට හැකිවුණා. ප්‍රසිද්ධ කළ සේයාරූ අනුව පළමුවෙන්ම ලෝරන්ස් කවුදැයි හඳුනාගත්තේ ඔහුගේ හිටපු පෙම්වතිය යි.


    මේ දෙදෙනාම අපරාධ ඉතිහාසයක් ඇති අයයි. පොලිසියට මේ අය අත්අඩංගුවට ගැනීමට වැඩි කාලයක් ගතවුයේ නැහැ. ඔවුන් පොලිස් අත්අඩංගුවේදී පසුවූ කාලයේදී දෙදෙනාට විරුද්ධ තවත් ප්‍රබල සාක්කියක් ලැබුණා. ඒ සාක්කිය දුන්නේ පොලිස් අත්අඩංගුවේ පසුවන වෙනත් සැකකරුවෙක්. මත්ද්‍රව්‍ය චෝදනාවලට අත්අඩංගුවට පත් ඔහු ලෝරන්ස්ගේ පාසල් වියේ මිතුරෙක්. ජේසන් නම් වු ඔහු ලෝරන්ස් හිරගෙදර දී තමන්ට කී දෙය පොලිසිය හමුවේ හෙළි දළා.


    ඔවුන් දෙදෙනා ඇයට වෙඩි තියන්න හදද්දී ඇය හඬමින් තමා සමඟ යාඥා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබුණා.” ජේසන් පොලිසියට එසේ පැවැසුවේ අයිව්ගේ අවසන් මොහොත පිළිබඳව ලෝරන්ස් සහ ඩෙමාරියෝ කී දේ හෙළිකරමින්. ඉන්පසු සියල්ල පොලිසිය හමුවේ එළිවුණේ චිත්‍රපටයක් තිරයේ දිග හැරෙනවාක් මෙනි.


    පොලිසිය සියලු කතාව අධිකරණය ඉදිරියේ දිගහැරියේ මෙලෙසයි.


    එදා පාන්දර අයිව් ගෙදරින් එළියට බැහැලා කාර් එකට යනවිට අහම්බෙන් මේ දෙදෙනා දැක තිබුණා. ඔවුන් ඇය පැහැරගෙන ඇගේම කාර් එකට දමාගෙන ඇගේ ඒ.ටී.එම්. කාඩ් පත පැහැරගෙන තිබුණා. ඉන්පසු අවට ප්‍රදේශයේ වූ ඒ.ටී.එම්. යන්ත්‍ර හතක් කරා මුදල් ලබා ගැනීමට ගොස් අවසන් යන්ත්‍රයෙන් මුදල් අරගත්තා. ඒ සියල්ල අපූරුවට ආරක්ෂිත කැමරාවල සටහන් වුණා.


    ලෝරන්ස් මෝටර් රියේ ඉදිරි අසුනේ සිටියදී ඩෙමාරියෝ පිටුපස අසුනේ අයිව් සමඟ වාඩිවී සිටියා. මුදල් ගත් පසු ඔවුන් අයිව් මදක් එපිටින් වු තරමක ගහකොළ තිබූ ප්‍රදේශයකට රැගෙන යද්දී අයිව් හඬමින් ඔවුන්ගෙන් ජීවිතය යැද්දා.

    “අනේ මාව මරන්න එපා. මං ළඟ තියෙන ඔක්කොම ගන්න” අයිව් දිගින් දිගටම හඬමින් ඝාතකයන්ගෙන් ඉල්ලා සිටියා. එහෙත් ඇයට, ඇහුම්කන් දීමට තරම් ඔවුන්ගේ සිත්හි තෙතමනයක් තිබුණේ නැහැ.


    කාඩ්පතෙන් මුදල් ලබාගත් පසු ඔවුන්ට අවශ්‍ය වූයේ ඉක්මනින් ම ඇය තුරන්කර හැරීමටයි. ඔවුන් ඇගේ හිසට තුවක්කුව එල්ල කරද්දී ඇය දිගින් දිගටම කළේ දෑත් දිගු කරමින් යාඥා කිරීමයි. යාඥාව නිසා හෝ මේ සාහසිකයන්ගේ සිත් උණුවේ යැයි ඇය සිතන්නට ඇති. ඒ නිසාම ඇය වරක් ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා.


    “මාව මරන්න එපා. මාත් එක්ක යාඥා කරන්න” ඒත් ඇගේ වදන් හිස් සුළඟේ පාවී යෑමට ගතවුයේ මොහොතකි. පිට පිට තැබු වෙඩි පහර පහකින් ඇගේ අවසන් සුසුම් වාතලයට මුසුව ගියා.


    මේ සියල්ල සිරගෙදරදී ලෝරන්ස් සිය මිතුරා වු ජේම්ස්ට පැවසීම නිසා පසුව හෙළිවුණා. ඔවුන් අයිව් මරා දැමූවේ ඇය ඔවුන් හඳුනාගත් නිසා බවත් ඝාතකයන් පවසා තිබුණා.

    සිද්ධිය වු දා රාත්‍රියේ මේ දෙදෙනා අයිව් පදිංචි අතුරු මාවතට පිවිසියේ කුමන හෝ කොල්ලකෑමක් සිදුකර මුදල් සොයා ගැනීමටය. අවාසනාවකට මෙන් ඔවුන්ට හසුවු ගෙදර වුයේ අයිව්යි. අයිව් ඝාතනය කළ ආයුධය කැබලි කීපයකට ගලවා දමා තිබියදී පොලිසිය මගින් සොයාගනු ලැබුවා.


    දෙදෙනාට විරුද්ධ නඩුව ඇසුණේ පසුගිය වසරේ දීයි. එහිදී ජූරි සභිකයන් තමන් ඇසූ දෙයින් කම්පා වුණා. අයිව් අතුරුදන් වු දා රාත්‍රියේ ඇය මරා දමනු ලැබු ප්‍රදේශයේ පදිංචිකරුවන් ඇයට වෙඩි තැබු හඬ ඇසුණු අයුරුත් අයිව් විලාප තැබූ අන්දමත් සාක්කි දුන්නා. ඒ අසා එදින උසාවියට පැමිණි විශාල ජනතාවක් කම්පාවට පත්වුණා.

    එපමණක් නොවෙයි අයිව් කියන්නේ විශ්වවිද්‍යාලයේ ඉතා ජනප්‍රිය ශිෂ්‍යාවක්. ඇය හරිම සුරූපියි. කවුරුත් ඇයට ආදරෙයි. ඒ අයිව්ට මෙහෙම දෙයක් සිදුවු එක කාටවත් අදහා ගන්න බැරිවුණා.

    අයිව් අතුරුදහන් වූ දා ඇගේ ගෙල පළඳා සිටි මාලයක තිබූ ලොකට්ටුවක්ද ඝාතකයන් ළඟ තිබී පොලිසියට හමුවී සාක්කි ලෙස ඉදිරිපත් කර තිබුණා.

    අවසානයේ ඝාතකයන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණා. ඔවුන් මරණ දඬුවමෙන් බේරුණේ මරණය සිදුවු කාලයේ ඔවුන් බාලවයස්කරුවන් වීම නිසයි.


    [FONT=&quot]නිමි.[/FONT]
    [FONT=&quot]තවත් කතාවකින් හමුවෙමු.

    signt.gif


    [/FONT]
    .................................................. .................................................. .............................
    උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
    පරිවර්තනය - සේමාලි කැල්ලපත
    [email protected]
    2012-06-07
    .................................................. .................................................. .............................
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    niyamayi rep
    ස්තුතියි මචෝ..

    ස්තුතියි මචෝ..

    niyama post eka
    ස්තුතියි මචෝ..

    දිගටම කරගෙන යමු මචන්
    අද රෙප් ඉවරයි
    ස්තුතියි මචෝ.. පුළුවන් වෙලාවල් වලට දාන්නම් මචං..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    christian ජිල්මාට්, christian lollek
    මේ ටැග් දාන පොන්සියො කෙලින්ම කොමෙන්ට් එකක් දාපන් මිනිහෙක් වගේ.. හැංගි හැංගි ටැග් දාන්නෙ නැතුව.. මම ක්‍රිස්තියානි නම් නෙමෙයි.. බෞද්ධ.. ඇයි යකෝ එහෙම උනා කියලා ක්‍රිස්තියානි කෙල්ලෙක්ට වෙච්ච අපරාධයක් ගැන දාන්නවත් බැරිද.. මොන ආගමේ කෙනෙක්ට උනත් අපරාධෙ අපරාධයක්ම තමා.. තොපි ගොං හැත්ත.. තේරුම් ගන්න මොලයක් නෑ.. ඒක උඩ වාඩිවෙලා ඉන්න නිසා.. මේකෙ පෝස්ට් කරන්නෙ ලංකාවෙ ඒවම විතරයිද.. එහෙනම් ඉතින් පිටරට පෝස්ට් කිසිම දෙයක් නොදා ඉන්න වෙයි.. ගොං පක*..
    5.gif
     
    Last edited:

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    එළ එළ. නියමයි මචෝ නූල නම්. රෙප් දෙන්න කලින් ස්ප්‍රෙඩ් කරන්නලු. පුලුවන් උන ගමන් 5කින් සලකලා යන්නම් සහෝ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළ එළ. නියමයි මචෝ නූල නම්. රෙප් දෙන්න කලින් ස්ප්‍රෙඩ් කරන්නලු. පුලුවන් උන ගමන් 5කින් සලකලා යන්නම් සහෝ...
    බොහොම ස්තුතියි මචං.. රෙප් වලට වඩා ප්‍රතිචාරය වටිනවා.. බොහොම ස්තුතියි..
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    christian ජිල්මාට්, christian lollek
    මේ ටැග් දාන පොන්සියො කෙලින්ම කොමෙන්ට් එකක් දාපන් මිනිහෙක් වගේ.. හැංගි හැංගි ටැග් දාන්නෙ නැතුව.. මම ක්‍රිස්තියානි නම් නෙමෙයි.. බෞද්ධ.. ඇයි යකෝ එහෙම උනා කියලා ක්‍රිස්තියානි කෙල්ලෙක්ට වෙච්ච අපරාධයක් ගැන දාන්නවත් බැරිද.. මොන ආගමේ කෙනෙක්ට උනත් අපරාධෙ අපරාධයක්ම තමා.. තොපි ගොං හැත්ත.. තේරුම් ගන්න මොලයක් නෑ.. ඒක උඩ වාඩිවෙලා ඉන්න නිසා.. මේකෙ පෝස්ට් කරන්නෙ ලංකාවෙ ඒවම විතරයිද.. එහෙනම් ඉතින් පිටරට පෝස්ට් කිසිම දෙයක් නොදා ඉන්න වෙයි.. ගොං පක*..
    5.gif

    කේනති ගන්න එපා බන්. හැම මිනිහම එකම විදියට දකින්නෙත් නෑ හිතන්නෙත් නෑ. මේ සිදුවීම සත්‍ය වශයෙන්ම සිදුවී හමාරය. නමුත් එය ප්‍රසිද්ධ කිරීම ඇතමුන්ට දරාගැනීමට අමාරුය. ඒක තමයි සත්‍ය... දිගටම කරගෙන යමු.
    රෙප් +++