සියැටෙල් ගෙන් ඇමෙරිකානු ජනපතිට ලිපියක් (1854).

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    සියැටෙල් ගෙන් ඇමෙරිකානු ජනපතිට ලිපියක් (1854).

    ChiefSeattle.jpg


    කෙසේද ???
    කෙසේද යමෙක් අහසත් උණුසුම් පොලවත් මිලට ගන්නෙ හෝ විකුණන්නේ. මේ අදහස අපට කිසියම් ලෙසකින් අමුත්තක් ගෙනදේ, කෙසේද යමෙක් තමන්ට අයිති නොවන වාතයේ ඇති නැවුම් බවත් පෙණ නගන කාන්තිය විහිදුවන පිරිසිදු ජලයත් ඔබ විසින් මිලට ගන්නේ.
    මිහිතළයේ සෑම කොටසක්ම මාගේ මිනිසුන්ට නම් පූජනීයයි, ෆයින් ගස් අග දිලිසෙන සෑම කොලයක්ම, වෙරළත සෑම වැලිකැටයක්ම, මීදුමින් වැසෙන අදුරු වනළැහැබක් පාසාම, ඒවිතරක් නෙවේ මිහිතළයේ වෙසෙන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ට නම් අත්දැකීමෙන් හා සහජ බුද්ධියෙන් පූජණීයයි. මේ මහා වනස්පතීන්ගෙන් පෝශණය වන සෑම දිය කඩිත්තක්ම රතු මිනිසුන්ගේ මතකයන් රැගෙන ගලා බසී.
    සුදු මිනිසෙකු මියගිය පසු උන් උපන් මාතෘ භූමිය අමතක කර තරු අතර පවතින දෙව්ලොවකට ගියද අපගේ මිනිසෙකු මේ සුන්දර මිහිතළය අමතක නොකරති. මිහිතළය රතු මිනිසෙකුට නම සිය මව සේමය. මිහිමව අපගේ කොටසක් සේම අපද එහි කොටසකි. සුවද හමන සිනිදු මල් අපගේ සොයුරියන්ය. මුවන් අසුන් සේම ප්‍රතාපවත් උකුස්සන් අපගේ සොයුරන්ය, රොකී ගිරිශිඛරය, සාරවත් තණබිම් සේම මිනිසාත් එකම පවුලක දරුවන් වෙති.
    ඉතින් වොෂින්ටන්හි අග්‍ර ප්‍රධානියා විසින් අපගේ බිම් මිලට ගැනීමට කැමැත්ත පලකර එවන ලද ලිපිය අප විසින් සලකා බලමු. ඒ ඔහු අපගේ පියා ( ප්‍රධානියා ) වන නිසාත් අප ඔහුගේ යටත් වැසීන් ( දරුවන් ) වන නිසාත්ය. ඔහු තවදුරටත් මේ බිම් මිලට ගත් පසු අප සදහා වාසස්ථාන ලෙස සැප පහසුව විසීමට වෙනත් තැන් සපයන බව දන්වා තිබේ. නමුත් මේ බිම හැරදා යාම අපට නම් පහසු නොවන බව දනිමි. ඒ මේ බිම අපට පුජණීය වන බැවිනි.
    සුනිල දිය ගලන ගංගාවන් අපගේ පිපාසය නිවන සොයුරන්මය. ඔවුන් අපගේ ඔරු පාරු රැගෙන යති. කිසියම් ලෙසකින් අප මේ බිම් ඔබහට විකිණුවහොත් ඔබ ඔබලාගේ දරුවන්ට ගංගාවන් අපගේ මෙන්ම ඔබගේත් සොයුරන් බව කියා දිය යුතුය එසේම ඉන් මත්තට අප උන්ට දැක්වූ කරුණාව ඔබ විසින් උන්ට දිය යුතුය.
    සුදු මිනිසෙකුට අපගේ චින්තනය හදුනා ගැනීමට නොහැකි බව අප දනිමු. මිහිතළයේ මේ බිම ඔවුනට නම් තවත් එක් බිමකි. ඔවුනට මෙය අත්පත් කර ගැනීම සොරෙකු විසින් රැයේ පැමිණ කිසියම් දෙයක් සොරකම් කිරීමක් වැනිය. මිහිමඩළ ඔවුනටනම් සොයුරෙකු නොව සතුරෙක් වැනිය. ඔවුන් යම් බිමක් අත්කරගත්තද ඉන් නොනැවතී තවත් ඉදිරියට යති. සිය පියාගේ මළ සොහොනත් දරු මල්ලන්ගේ ජන්ම අයිතියත් උන්හට නම් අමතක සේය. උන් මිහිමඩළ වූ සිය මවත් නිල් අහස වූ සිය සොයුරනුත් උන් විසින් මිලට ගත හැකි හෝ විකිණිය හැකි බැටළු පැටවෙකු සේ සැලකුම් ලබති. උන්ගේ මේ අතෘප්තිකර ආශාව කාන්තාරය තෙක් විහිදේ.
    ඔබගේ දෘශ්ටිය අපගේ දෘශ්ටියෙන් වෙනස්වන බවක් මා නොදනිමි. නමුත් ඔබගේ නගර දර්ශණ රතු මිනිසුන්ගේ ඇස් වලට වේදනාවක් එක් කරයි. ඒ රතු මිනිසුන් මිලේච්ඡයන් වන බැවින් දැයි මා නොදනිමි.
    සුදු මිනිසුන්ගේ නගරයක නිසසළ තැනක් මා දැක නැත. වසන්තයේ ගසක දිගහැරෙන පත්‍ර වලින් නැගෙන හඩක්, නැතිනම් කෘමියෙකුගේ පියාපතකින් නැගෙන සර සර නාදයක්. මා කිසිලෙසකින් එහි අසා නැත. ඒ මා මිලේච්ඡයෙක් නිසාදැයි මා නොදනිමි. එහි වී කඨෝර නාදය ඇසීමට නොහැකි තරම් වේ. වෘකයෙකුගේ දීර්ඝ කෑගැසීමක්, ගෙම්බන් දෙදෙනෙකුගේ පොකුණක් අවට නොනවතින හඩ තැලීමක් නොඇසූ ජීවිතයක් ගැන මට සිතිය නොහැක. මා රතු ඉන්දියානුවෙක්මි. මට මේ පිලිබදව නොතේරේ. විලක නිසල දියමත දගකරන සුලගින් නැගෙන නාදය හා නැවුම් සුවද රතු මිනිසෙකුට නම් මහර්ග සම්පතකි.
    සුළග, රතු මිනිසෙකුට සුළග, නැවුම් වාතය නම් මහර්ඝ සම්පතකි. මිහිමඩළේ සියල්ලන්ම එකම සුළගක උරුමකරුවන් වේ. වනමෘර්ගයන්ට සේම වනස්පතීන්ටද, මිනිසාටද වෙනසක් නැතිව එකම ලෙසින් සෙනෙහසින් ප්‍රාණවායුව සපයයි. සුදු මිනිසුන්, ඔවුනද එකම ප්‍රාණවායුවෙන් යැපෙන්නෝ වන්හ. නමුත් එය සුදු මිනිසුන්ට නම් අමතක සේය. කිසියම් ලෙසකින් අප මේ බිම් විකිණුවහොත් මේ මද නල, සුළග අපට පූජණීය වන බව ඔබ මතක තබාගත යුතුය. මෙය අපත් අපගේ මුතුන් මිත්තනුත් ප්‍රථම ප්‍රාණ වායුව ගත් හා අවසාන සුසුම හෙලූ සුළග බව සිතේ තබාගන්න. එසේම මෙයත් මතකයේ තබාගන්න. කිසි ලෙසකින් මෙබිම් අප ඔබ හට දුනහොත්, මේ වාතලය ඔබ ආරක්ෂා කරන බව. එය සුදු මිනිසුන් වන ඔබටද පැමිණ දෙණි බිමේ වැවෙනා නෙක මල් වලින් සුවදවත් වූ සුළග රස විදිය හැකි බවද.
    ඉතින් ඔබ විසින් අපගේ බිම් මිලට ගැනීමට කරන ලද ඉල්ලීම මවිසින් සලකා බලමි. එසේම එය පිළිගනිමි, නමුත් ඔබ විසින් එක් කොන්දේසියක් ඉටුකල යුතුය, ඒ මේ බිමේ වෙසෙනා සියලු සතා සීපාවාම ඔබ විසින් ඔබගේ සොයුරෙක් සේම සලකන බව මා හට පොරොන්දු විය යුතුය.
    මා මිලෙච්ඡයෙක් බවත් මා හට ඇතැම් දේ නොතේරෙන බවත් මා තවදුරටත් කියා සිටිමි. තැනිතළාවන්හි නිදහසේ තණ උළාකන දහස් ගණන් ගවයන් මා විසින් දැක ඇත්තෙමි. එසේම සුදු මිනිසුන් විසින් දුම් රියෙන් ගමන් කරන විට ඔවුනට වෙඩි තබනවාද මා දැක ඇත්තෙමි. නිදහසේ වෙසෙන ගවයෙක්ට වඩා දුම් පිඹින යකඩ අශ්වයෙක් වැදගත් වූයේ කෙසේදැයි මා නොදන්නේ මා මිලේච්ඡයෙක් නිසා යැයි මා සිතමි. මේ සියල්ලක්ම එකිනෙකට බැදී පවතී. සතා සීපාවාට සිදුවන හැමදෙයක්ම මිනිසාටද ඉතා ඉක්මනින් සිදුවේ. සතා සීපාවා නොමැති කල්හි මිනිසා මහා ආත්මීය තනිකමකින් පෙලෙනු ඇත. ඉතින් සතා සීපාවා නැති කල්හි මිනිසාගෙන් ඇති පලේ කිමෙක්ද...?
    ඔබ ඔබේ දරුවන්ට කියාදිය යුත්තක් තිබේ. ඒ ඔවුන් නැගී සිටින මේ මහ පොළව අපගේ මී මුත්තන්ගේ අළු දූලි මතින් ගොඩ නැගුනක් බව. එවිට ඔවුන් මේ මිහිතළයට ගරු කිරීමට ඉගෙන ගනීවි. එසේම මිහිමව අපගේ නෑදෑයන්ගෙන් පොහොසත් වූවක් බවද ඔවුනට කියාදෙන්න. ඔබ ඔබගේ දරුවන්ට අප අපගේ දරුවන්ට කියදී ඇතිදේ කියා දෙන්න. ඒ මිහිමඩළ අපගේ මව බවත් මිහිමවට සිදුවන යම්දෙයක් වේද එය ඇයගේ දරුවන් වන අපටද සිදුවන බවද කියාදෙන්න. මිනිසා ජීවිතයේ වියමන වියන ලද්දෙක් නොවේ, ඔහු ඒ වියමනේ එක් නූලක් පමණි. ඔහු විසින් වියමනට යම්දෙයක් කරයිද එය හුදෙක් ඔහු ඔහුටම කර ගත්තකි.
    නො එසේනම් මරණින් මතු දෙවියන් කරා ගිය සුදු මිනිසෙකු වුවද තම දෛවයෙන් ගැල්වීමක් ලැබෙනු නැත සියල්ලටම වඩා අප එකිනෙකාගේ සොයුරන්වේ. කිසියම් දිනෙක සුදු මිනිසුන් ඔබත් අපත් අදහන්නේ එකම දෙවියෙකු බව තේරුම් ගනු ඇත. ඔබ අපගේ බිම අත්කරගන්නා බව සිතනු ඇත. නමුත් මිනිසාගේ දෙවියන් එකම ලෙසකින් සුදු හා රතු මිනිසුන්ට සලකයි. දෙවියන් වහන්සේට මේ මිහිමඩළ සම්පතකි. මෙයට කරන හානියක් ඔහුට කරන අවමානයකි. එහි එලිපත්තේ සුදු මිනිසුන් වෙසෙති. බාගදා ඔවුන් අනෙකුත් ගෝත්‍රයක් එය කිරීමට කලින් මිහිමව කෙලෙසනු ඇත. නමුත් ඔබ දෙවියන්ගේ බලයෙන් වැනසෙනු ඇත. ඒ දෙවියන් විසින් ඔබ මේ බිමට රැගෙන විත් විශේෂ බලයක්, රතු මිනිසුන් පරයන බලයක් ලබාදී ඇති බැවිනි. නමුත් ඒ දෛවය රතු මිනිසුන් වන අපට නම් සිහිනයකි. නමුත් මට මෙය නොවැටහේ, සියළු ගවයන් මරාදැමූ කල්හි, වන අසුන් හීලෑකල කල්හි, වනලැහැබේ රහස් තැන් මිනිසුන්ගේ පහස ලැබූ කල්හි, සුන්දර තුරු වදුලු කොහේ යම්ද, ප්‍රෞඩ උකුස්සන්, රාජාලීන් කොහේ නම් යම්ද ....????

    _____________________________________________________________

    මුලින්ම කියන්න ඕනා මාර කට්ටක් කෑවා මේ ටික කොටන්න. මේක repost නම් වෙන්න බෑ, මොකද පරිවර්ථනය කර කර කෙටුවෙ මමමයි. ඉතින් කියවපුවට පස්සෙ මාරු වෙන්නෙ නැතිව අඩුමගානෙ bump එකක් වත් දාන්න ඕනා. මොකද මගෙ පැය 2කට 3කට පොඩි වටිනාකමක් දෙන්න.

    http://kadamalla.wordpress.com/2012/06/08/%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94/
     
    Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    How
    can you buy or sell the sky, the warmth of the land? The idea is
    strange to us. If we do not own the freshness of the air and the
    sparkle of the water, how can you buy them? Every part of this
    earth is sacred to my people. Every shining pine needle, every sandy
    shore, every mist in the dark woods, every clearing and humming insect
    is holy in the memory and experience of my people. The sap which
    courses through the trees carries the memories of the red man.
    The
    white man’s dead forget the country of their birth when they go to walk
    among the stars. Our dead never forget this beautiful earth, for it is
    the mother of the red man. We are part of the earth and it is a part of
    us. The perfumed flowers are our sisters; the deer, the horse, the
    great eagle, these are our brothers. The rocky crests, the juices in
    the meadows, the body heat of the pony, and man–all belong to the same
    family.
    So, when the Great Chief in Washington sends word that
    he wishes to buy our land, he asks much of us. The Great Chief sends
    word he will reserve us a place so that we can live comfortably to
    ourselves. He will be our father and we will be his children. So we
    will consider your offer to buy our land. But it will not be easy. For
    this land is sacred to us.
    This shining water that moves in the
    streams and rivers is not just water but the blood of our ancestors. If
    we sell you land, you must remember that it is sacred, and you must
    teach your children that it is sacred and that each ghastly reflection
    in the clear water of the lake tells of events and memories in the life
    of my people. The water’s murmur is the voice of my father’s father.
    The
    rivers are our brothers, they quench our thirst. The rivers carry our
    canoes, and feed our children. If we sell you our land, you must
    remember, and teach your children that the rivers are our brothers, and
    yours, and you must henceforth give the rivers the kindness you would
    give any brother.
    We know that the white man does not understand
    our ways. One portion of land is the same to him as the next, for he is
    a stranger who comes in the night and takes from the land whatever he
    needs. The earth is not his brother but his enemy, and when he has
    conquered it, he moves on. He leaves his fathers’ graves and his
    children’s birthright is forgotten. He treats his mother, the earth,
    and his brother, the sky, as things to be bought, plundered, sold like
    sheep or bright beads. His appetite will devour the earth and leave
    behind only a desert.
    I do not know. Our ways are different
    from your ways. The sight of your cities pains the eyes of the red man.
    But perhaps it is because the red man is a savage and does not
    understand.
    There is no quiet place in the white man’s cities.
    No place to hear the unfurling of leaves in spring, or the rustle of an
    insect’s wings. But perhaps it is because I am a savage and do not
    understand. The clatter only seems to insult the ears. And what is
    there to life if a man cannot hear the lonely cry of the whippoorwill
    or the arguments of the frogs around a pond at night? I am a red man
    and do not understand. The Indian prefers the soft sound of the wind
    darting over the face of a pond, and the smell of the wind itself,
    cleansed by rain or scented with the pine cone.
    The air is
    precious to the red man, for all things share the same breath: the
    beast, the tree, the man, they all share the same breath. The white
    men, they all share the same breath. The white man does not seem to
    notice the air he breathes. Like a man dying for many days, he is numb
    to the stench. But if we sell you our land, you must remember that the
    air is precious to us, that the air gave our grandfather his first
    breath also received his last sigh. And if we sell you our land, you
    must keep it apart and sacred, as a place where even the white man can
    go to taste the wind that is sweetened by the meadow’s flowers.

    So
    we will consider your offer to buy our land. If we decide to accept I
    will make one condition. The white man must treat the beasts of this
    land as his brothers. I am savage and I do not understand any
    other way. I have seen a thousand rotting buffaloes on the prairie,
    left by the white man who shot them from a passing train. I am a savage
    and I do not understand how the smoking iron horse can be more
    important that the buffalo that we kill only to stay alive.
    What
    is man without the beasts? If all the beasts were gone, man would die
    from a great loneliness of spirit. For whatever happens to the beasts,
    soon happens to man. All things are connected.
    You must teach
    your children that the ground beneath their feet is the ashes of our
    grandfathers. So that they will respect the land, tell your children
    that the earth is rich with the lives of our kin. Teach your children
    what we have taught our children, that the earth is our mother.
    Whatever befalls the earth befalls the sons of the earth. Man did not
    weave the web of life, he is merely a strand in it. Whatever he does to
    the web, he does to himself.
    Even the white man, whose God walks
    and talks with him as friend to friend, cannot be exempt from the
    common destiny. We may be brothers after all. We shall see. One thing
    we know, which the white man may one day discover—our God is the same
    God. You may think now that you own Him as you wish to own our land;
    but you cannot. He is the God of man and his compassion is equal for
    the red man and the white. The earth is precious to him, and to harm
    the earth is to heap contempt upon its Creator. The Whites, too, shall
    pass; perhaps sooner than all other tribes. Contaminate your bed and
    you will one night suffocate in your own waste.
    But in your
    perishing, you will shine brightly, fired by the strength of the God
    who brought you to this land and for some special purpose gave you
    dominion over this land and over the red man. That destiny is a mystery
    to us, for we do not understand when the buffalo are all slaughtered,
    the wild horses are tamed, the secret corners of the forest heavy with
    the scent of many men, and the view of the ripe hills blotted out by
    talking wires. Where is the thicket? Gone. Where is the eagle? Gone.

     

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    11 වසරේ ඉංග්‍රීසි සාහිත්‍ය පොතේ තිබිල ඉගෙන ගත්තා. දැනට ලියවීලා තියන සොබාදහම පිලිබඳ ලස්සනම ලියුමක් :Yes::):)
    Rep +1