එලකිරි මෙගා නව කතාව

gepa

Well-known member
  • එලකිරි මෙගා නව කතාව

    කස්ටියම පොඩි කතාවක් ගොතන්න සෙට් වෙමුද? මෙහෙමයි සීන් එක. මම මුලින් කතාවට ආරම්භයක් දෙනවා..අපේ එලකිරි සෙට් එකට තියෙන්නේ කතාව ඉස්සරහට ගොතාගෙන යන්ඩ..මේක නිකං හරියට අර මෙගා නාට්‍යක් වගේ අවසානයක් නැතුව ඉස්සරහට ලියාගෙන යමු..කස්ටියම සප් එක දෙන්ඩ ඕනෙ..මම එහෙනං පටං ගන්නයි යන්නේ..ඔක්කොම කතාව ඉස්සරහට අරං යමු...



    නිසංසලා යාංතමට සාමාන්‍ය පෙල විභාගේ පාස් කලා විතරයි.ඒකිට ඕනි උනේ මොකක් හරි රස්සාවක්..ටවුන් එකේ තියන ගාමන්ට් එකේ මහන රස්සාවක් හදල දෙන්න කියලා නිසංසලා රංජි මාමට නිතර කරදර කලා...ඉතිං ඊට පස්සේ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    එතකොට මාමාට මතක උනාලු මේවාගේ කතාවක් කලිනුත් තිබ්බා කියලා :D
     

    gepa

    Well-known member
  • :(:(:(
    ඔය වැඩේ හරියන්නෑ බං.. උඹම කතාව සම්පූර්ණ කරපං.. :(

    එතකොට මෙග වෙන්නේ නැ බං..ඔය මෙගා නාට්ය කරන ඩිරෙක්ටර්ලත් මෙහෙමලු මෙගා ටෙලි කරන්නේ...දියන්කෝ කතාවේ ඉදිරිය..ඉතිං ඊට පස්සේ?
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඊට පස්සෙ රංජි මාම නිසන්සලාට කරදර කරාලු.

    The End!:P

    ඊට පස්සෙ පොලීසියෙන් ඇවිත් මාමාව ජීවිතාන්තය දක්වා හිරේට දැම්මලු... කෙල්ල පඩයා කියල එකෙක්ව පන කඩාගෙන හොයනවලු
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිසංසලා දුප්පත් පවුලක හැදී වැඩුනු රූමත් තරුණියකි.. ඇය සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල විගසම රැකියාවක් සොයා යෑමට තීරණය කළේ ඇයගේ දෙමාපියන් විදිනා දුක තව දුටත් ඉවසිය නොහැකි හෙයිනි.. ඇයගේ පියාටද හරිහමන් රැකියාවක් නොතිබිණි.. ඔහු කළේ කුලී වැඩය.. ඇයගේ මවද නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටියේය..

    "ආ.. දුවේ.. කෝ තාත්තා ඉන්නද..?"

    ඇය නිවසේ ඉදිරිපස වූ පොල් කොටයක වාඩි වී කල්පනා සයුරේ ගිලී සිටියත්.. ඇයගේ කල්පනා ලොව බිදී ගියේ රංජි මාමාගේ කටහඩ ඇසීමත් සමගය..

    "ආනේ.. රංජි මාමා.. තාත්තා නම් ගෙදර නෑ.. එයා වැඩට ගිහින්නෙ.."

    රංජි මාමා යනු ඇයගේ පියාගේ හොදය මිතුරෙකි.. පාසල් කාලයේ සිට එකට සිටීමත්.. දෙදෙනාම එකම ගමේ වීමත් ඔවුන්ගේ මිතුදම තව තවත් වැඩි වීමට හේතුවක් විය..

    "ධර්මෙ මට ඊයෙ කිව්වෙ අද ගෙදර ඉන්නවා කියලනෙ.."

    "ගෙදර ඉන්නවා කියලා තමා කිව්වෙ.. ඒත් කවුදෝ ඇවිත් වත්තක් සුද්ද කරන්න තියෙනවා කියලා උදේම අඩගහගෙන ගියේ.."

    "ඒකත් එහෙමද..? එහෙනම් මම යන්නම් දරුවො.. තාත්තට කියන්ඩකො මම ඇවිත් ගියා කියලා.."

    "රංජි මාමේ.. අනේ පොඩ්ඩක් ඉන්නකො.. මට මාමගෙන් පොඩි උදව්වක් ඕනි.."

    ඔහු ඇයගේ නිවසින් පිටව යෑමට සැරසෙත්ම නිසංසලාගේ කටහඩට නැවතත් ඔහු නතරවිය..

    "ඇයි දරුවො.. මොකක්ද මගෙන් ඕන උදව්ව..?"

    "මාමෙ මට රස්සාවක් හොයලා දෙන්නකො.."

    "මොනවා.. උඹට පිස්සුද දුවේ.. උඹ රස්සා කරන වයසකද ඉන්නෙ..?"

    ඇයගේ පැණයෙන් ඔහු වික්ෂිප්ත වී ගියේය.. ඔහුද මෙවැනිම දරුවන් සිටින තිදරු පියෙකි..

    "අනේ රංජි මාමෙ ඔයාට පේනවනේ අපි විදින දුක.. අනේ මොකක් හරි කරලා ඒ වැඩේ කරලා දෙන්නකො.. ඔයාට ගොඩක් පිං.."

    "උඹ හිතනවද දුවේ උඹට ඔය රස්සාව කරන්ඩ පුළුවන් වෙයි කියලා.. අනේ මංදා.. අනික උඹ ඇහැට කනට පේන එකී.. උඹට මොකක් හරි කරදයක් උනොත් එහෙම බොලාගෙ අම්මයි තාත්තයි මාව පණපිටින් වළදායි.. පවුලටම ඉන්න එකම කෙලීනෙ.."

    "අනේ එහෙම මට මොකුත් වෙන්නෙ නෑ රංජි මාමේ.. මම කියන දේ විශ්වාස කරන්නකො.. මට බෑ තාත්තා විදින දුක බලාගෙන ඉන්න.. එයාට දැන් කුලී වැඩ කරන්න ශක්තියක් නෑ රංජි මාමේ.. අම්මත් ගෙවල් ගානෙ කඹුරන එක අපේ මල්ලිගෙ අනාගතේටත් හොද මදිනෙ.. එයා යන්නෙත් හොද ඉස්කෝලෙකට නිසා.."

    නිසංසලා බැගෑපත් වන්නට විය..

    "හොදයි දුවේ, මම උඹ කියන නිසා මේ ගැන කතා කරන්නම්.. හැබැයි උඹට කරදරයක් උනොත් ඕං මම නෑ.. මම කොයි එකටත් මේ ගැන උඹගෙ මහ එවුන් දෙන්නත් එක්ක කතා කරන්ඩ ඕන.."

    නිසංසලාගේ දැඩි ඉල්ලීම නිසා රංජි මහතා ඇයගේ ඉල්ලීමට එකගවීමට තීරණය කළේය..

    "ගොඩක් පිං සිද්ධ වෙනවා මාමේ.."

    "එහෙනම් දුවේ මං හවස් ජාමේ මේ පැත්තෙ ඇවිත් යන්ඩ එන්නම්.. උඹගෙ මහ එවුන් දෙන්නත් එක්ක මට කතා නොකර තීරණයක් ගන්ඩ අමාරුයි.."

    "හොදයි මාමේ.. තාත්තා එනකොට නම් 5 විතර වෙයි.. මාමා ගිහින් පහ මාරට විතර එන්නකෝ.. අම්මත් ඒ වෙලාවට ඉන්නවනෙ.."

    "හොදයි.. මම එහෙනම් ගිහින් එන්නම්.. උඹ පරිස්සමින් ඉදහං.. මල්ලිත් එයි නොවැ දැන්.."

    රංජි එම නිවසින් නික්ම ගියේ නිසංසලාගේ සිතේ බලාපොරොත්තුවක් රදවාය.. ඇය රැකියාවක් සොයා යාමට තීරණය කළේ තම සිතේ කැමැත්තකින් නොව.. ඇයගේ දෙමාපියන් විදින දුක ඉවසාගත නොහැකිව සහ ඇයගේ එකම මල්ලී වන නුවන් හොද තැනකට ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.. ඔහු තවමත් ප්‍රසිද්ධ පාසලක 10 වසරේ ඉගෙනුම ලබයි.. ඔහුගේ ඉගෙනීමට බොහෝ වියදම් දැරීමට සිදුවන නිසාත් ඇය මෙසේ රැකියාවක් සොයා යාමට තීරණය කළේය.. ඔහු ඉගෙනීමට බොහෝ සෙයින් දක්ෂකම් පාන සිසුවෙකි.. එමෙන්ම නිසංසලා තම මලයාට බොහෝ සෙයින් ආදරය දක්වයි.. ගමේ පාසලක ඉගෙනුම ලැබූ ඔහු ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් නිසාවෙන් නගරයේ හොද පාසලකට යෑම සදහා වරම් ලැබීය..

    කෙමෙන් කාලය ගතවී ගියේ නිසංසලාටවත් නොදැනීමය.. ඉර කෙමෙන් කෙමෙන් අදුර ගිල ගනිමින් සිටියේය.. ඇය තවමත් කල්පනා ලොවක අතරමංව සිටියේ ඇය ගත් තීරණය නිවැරදිදැයි සිතාගත නොහැකිවය..

    "අක්කේ..."

    ඇයගේ සොහොයුරා වන නුවන්ගේ හඩට ඇය තිගැස්සී කල්පනා සයුරෙන් මිදී ඔහු දෙස බැලුවේය..

    "ඇයි මල්ලි..?";

    "මොකක්ද අක්කෙ ඔයාට වෙලා තියෙන්නෙ.. මම එනකොටත් ඔයා ඔතනමයි.. දැන් කොච්චර වෙලාද.. තාමත් ඔයා බලාගත්තු අත බලාගෙන පුටු උඩට වෙලා ඉන්නවා.. අක්කට මොකක් හරි අසනීපයක්වත්ද..?"

    "අනේ නෑ මල්ලි එහෙම දෙයක් නෑ.."

    "එහෙනම් මේ තරම් කල්පනා කරන්න තියෙන්නෙ මොනවද ඔයාට..?"

    ඇය කල්පනා කිරීමට හේතුව කුමක්දැයි නොදත් ඇයගේ සොහොයුරා විමසීය..

    "නෑ මල්ලි.. මමත් මෙහෙම ගෙදරට වෙලා ඉදලා ඵලක් නෑ.. මම කල්පනා කලේ රංජි මාමට කියලා මොකක් හරි රස්සාවක් හොයාගන්න කියලා.. අම්මයි තාත්තයි මෙහෙම දුක් විදිනවා බලන් ඉන්න මට බෑ මල්ලි.. අනික ඔයාගෙ අනාගතේ ගැනත් බලන්න එපෑය.."

    "මොකක්..?"

    නිංසලා පැවසූ දෙයට ඇයගේ සොහොයුරා වන නුවන් වික්ෂිප්ත වී ගියේය..

    "ඔයාට පිස්සුද අක්කෙ.. ඔයා හිතන්නෙ ඔයා තාම ලොකු කෙනෙක් කියලද..? අනේ මේ පිස්සු නැතුව ගෙදරට වෙලා ඉන්න.. ඔයා ඕවා කියන්න ගිහින් තාත්තගෙන් හොදටම බැනුම් අහනවා කියලා මං දන්නවා.."

    "ඔයාට මම කියන දේ තේරෙන්නෙ නෑ මල්ලි.."

    "මොකද අක්කෙ මට තේරෙන්නෙ නැත්තෙ.. මට හොදට තේරෙනවා.. මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ ඔයා රස්සාවකට යනවට.. අනික අම්මයි තාත්තටයිත් මම කියනවා කැමති වෙන්න එපා කියලා.. ඔයා කොහේවත් යන්න එපා.."

    ඔහු තම එකම සොහොයුරිය රැකියාවකට යැවීමට කිසිම කැමැත්තක් නොදැක්වීය.. ඔහු සැර මුසු හඩකින් නිසංසලාට බැනවැදුනේය.. ඔහු එසේ සැර වූයේ තරහකින් නොව ඔහු සොහොයුරියට බොහෝ සෙයින් ආදරය කල නිසාවෙනි..

    "මල්ලි...."

    "නෑ අක්කෙ ඇති.. ඊට වඩා කතා කරන්න එපා.. මම යනවා සෙල්ලම් කරන්න පිට්ටනිය පැත්තට.."

    ඇය ගත් තීරණයට ඇයගේ දෙමාපියන් සහ ඇයගේ සොහොයුරා කිසි සේත්ම කැමති නොවන බව ඇය දැන උන්නාය.. නමුත් ඇය තම දෙමාපියන්ගේ තීරණය දැනගැනීම සදහා ඔවුන් නිවසට පැමිණෙන තුරු මග බලා සිටියේ වැලේ තිබූ රෙදි ටිකට ගෙට ගෙන.. පිගන් කෝප්ප කිහිපයක්ද සේදීමෙන් පසුවය..

    මතුසම්බන්ධයි..

    (ඕං මම පුළුවන් විදියට වැඩේ කොලා.. සෙට් එකම එකතුවෙලා කතාව ලියමු.. ආතල් ගන්න එපා..:no: ලස්සනට වැඩේ කරමු..:yes:)



     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිසංසලා දුප්පත් පවුලක හැදී වැඩුනු

    (ඕං මම පුළුවන් විදියට වැඩේ කොලා.. සෙට් එකම එකතුවෙලා කතාව ලියමු.. ආතල් ගන්න එපා..:no: ලස්සනට වැඩේ කරමු..:yes:)




    ela ela me inne nawakatha rachakayo:dull:
    1.gif
    11.gif
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    "ආනෙනෙ ඩිංගක් එ..න්..න.....කෝ." ඔ..ය දෑත...පොඩ්ඩක් දෙන්නකෝ..."

    කව්ද..ය...කෝ පාර හර..ස් කරල වැටවල් ගහල ති...යෙන්නෙ

    ඒ නිසංසලාගේ
    තාත්තාය...

    "අන්න අදත් තාත්ත බී ගෙන කොර‍ටුව ඇතුලට රිංගලා" මෙසේ කියමින් එලියට ආවේ නිසංසලාය.

    අම්මා එතන් පටන් ටකය හොල්ලන්න පටන් ගත්තේ තොරතොංචියක් නැතුවය.තාත්
    තාගේ මේ ක්‍රියාකලාපය නිසා අප වැටී ඇත්තෙ සියල්ලන්ගේම සිනහවන්ට සහ උසුලු විසුලුවලටය.

    නමුත් මෙ සියල්ලම අපගේ ජීවිත වල කොටසක් වී ඇතෙයි වරෙක මට සිතේ...


    මතු සම්බන්ධයි...
     
    Last edited:

    gepa

    Well-known member
  • කියූ පරිදිම රංජි මාමා හැන්දේවේ නිසංසලාගේ ගෙදෙට්ට ගොඩ උනේ දහවල් නිසංසලාගේ පෙ‍රැත්තගැන ධර්මෙගෙන් කැමැත්ත විමසාදැන ගැනීමටය..

    "කෝ පුතේ තාත්තා?"
    "තාත්තට අදත් බීල ඇවිත් මාමේ...අන්න අරෙහේ ඇඳට වෙලා ඉන්නවා"

    මේ වෙලාව නම් ‍රැකියාව ගැන පියාගේ කැමැත්ත ලබා ගැනීමට කිඩිසේත්ම සුදුසු වේලාවක් නොවන බව නිසංසලාට හැඟුනි.මේ අදහස තවමත් අම්මාද නොදන්නා නිසා කුමකින් කුමක් වේදැයි කිසිම අදහසක් ඇයට නොතිබුනි...ඊලඟ මොහොතේ කුමක් සිදුවේදැයි දෙඩ්ගිඩියාවෙන් ඉහලට ගත් හුස්මක් සමග ඇ උලුවස්සට බර ඌයේ නැවත්ත් කල්පනා සයුරක ගිලෙමිනි

    මතු සම්බන්දයි
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    තාත්තා ගේ තාලයක් නොමැති ගීතිකා වරිවර ඇසේ...ඈතින් බල්ලෙක් උඩුබුරා මා තිගස්සවයි...
    රංජි මාමා කතාවට නැවතත් වැ‍ටුනේ තිබු දිගු නිහැඩියාව සැනකින් බිදිමිනි...


    "ඈ බං කෙල්ලේ... අර ..සුරංගි ළමය දැන් මොනවැයි කරන්නේ"


    "සුරංගිත් මොකක්ද... රස්සාවකට මාමෙ දැන් කොළබ නැවතිලානෙ ඉන්නේ"


    "ඒක තමයි.... කෙල්ල ටික දොහක ඉදල පේන්න නැත්තෙ..."


    එසේ කියූ රංජි මාමා පඩික්කමට නැබුරුව බුලත් කෙල පහරක් ගසා මාහා සිනාසුනේය...
    මාමා සිනාසෙන විට කටේ හරි මැද දතක් නැත්තෙ මා දැනුම් තේරුම් කාලේ සිටය .
    ගමේ නිහඩ චරිතයක් වු රංජි මාමා වරින්වර ගමෙන් ඈත්ව නැවත ගමට ආ අත්භූත මිනිසෙකු යැයි ගම්මු කියනු මා අසා ඇත..


    මතු සම්බන්ධයි...
     
    Last edited: