ඕන නෑ කියලා හිතුවට මේකනම් ඕනා

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඕන නෑ කියලා හිතුවට මේකනම් ඕනා

    ශරීරයකට කිසිදු වැදගත්කමක් නැතැයි සිතූ උදරය දෙපස මාංශ පේශීන් ඉතා වැදගත්...

    images.jpeg


    ආසාධන හෝ බෝවන රෝග හෝ වැළැක්වීමේ ක‍්‍රියාවලියක්...

    උදරය දෙපස මාංශ පේශීන් නෙරා ඒම ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලියේදී වැදගත් කාර්යයක් ඉටු කරන බව චිකාගෝහි ලයෝලා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයේ විද්‍යාඥයන් සොයාගෙන තිබේ.


    ඉවත් කිරීමට අපහසු මෙම මාංශපේශීන් මඟින් යම් තුවාල වීමකදී හානි වූ පටක ප‍්‍රතිජනනයට උදව් ලැබෙන බවද පරීක්ෂණ මඟින් සොයාගෙන තිබේ.

    ශරීරයකට කිසිදු වැදගත්කමක් නැතැයි සිතූ මේ මාංශ කොටස ඉන්ද්‍රිය බද්ධ කිරීම්වලදී මෙන්ම දද සහ වයසට යෑමේදී ඇතිවන රෝගවලදී ස්වයං ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රමයක් ලෙස ක‍්‍රියාත්මකවේ.

    උදර කුහරය වසා පැතිරෙන මේ මාංශ කොටස උදරය ආශ‍්‍රිත ඉන්ද්‍රියයන්ට ආරක්ෂාව සපයන අතර මේද පටක තැන්පත් කරගෙන සිටියි.
    මෙය මඟින් පෙනහලූ‍ සෛල සහ අස්ථි සෛල වෙන්කරන බවද පර්යේෂණවලින් හෙළි වී තිබේ.

    පටක සුවකිරීමේ හා සෛල ප‍්‍රතිජනනය කිරීමේ දී මෙහි අඩංගු මේද හා තෙල් ස්ථරය ක‍්‍රියාත්මක වන අතර මේ මාංශ කොටස සෛලවල ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රමවේදයට ප‍්‍රතිචාර දැක්වීමටත් ආසාධන හෝ බෝවන රෝග හෝ වැළැක්වීමේ නියෝජිතයකු ලෙස කටයුතු කරන බව ද සොයාගෙන ඇත.


    via:hotandfastnews