හොඳම විදිහට හොරබඩු හංගමු...!!! TrueCrypt

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    හොඳම විදිහට හොරබඩු හංගමු...!!! TrueCrypt

    කලින් වතාවක හොරබඩු හංගන (Windows වල) Folder Guard මෘදුකාංගය ඔයාලට දුන්නා මතක ඇති.!:rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1292136
    හොරබඩු හංගමු...!!! - FolderGuard v 8.4
    (දැන් key එක වැඩ කරන්නේ නෑ.!):no:

    ඒක අපි ගොඩක් දෙනා පාවිච්චිකරන වින්ඩෝස් වලට ඉතා හොඳ උනත් Linux වගේ වෙනත් මෙහෙයුම් පද්ධතියකට දෘඩතැටිය සම්බන්ධ කලාම අර හැංගිල්ල වැඩක් නෑ.!:shocked::frown::angry:
    අනික ඒක නොමිලේ දෙන මෘදුකාංගයකුත් නෙමෙයි!:frown:
    :angry:

    ඉතිං පරිගණකයේ අපිට පරිස්සම් කරගන්න ඕන මේ සංවේදී තොරතුරු හරියටම පරිස්සම් කරගන්න හොඳම ක්‍රමය මේ දත්ත "Encrypt" (රහස් කේත ගතකිරීම) කිරීමයි!:yes::D

    දැනට ලෝකයේ හොඳම(සාපේක්ෂව) Encryption ක්‍රමවේදය "AES 256" ලෙස සැලකෙනවා.! නියමිත ලෙස භාවිතා කලොත් CIA/FBI පවා නිරුත්තර කළහැකි මෙය ඉතා වටිනා Encryption Algorithm එකක්.!:baffled::rofl:
    :yes:

    ඉතිං මේ ක්‍රමය භාවිතා කරලා අපේ හොරබඩු හංගන්නේ කොහොමද?:oo:

    ඒකට TrueCrypt කියන නිදහස් මෘදුකාංගය අපිට පාවිච්චි කරන්න පුළුවන්!
    :yes:


    http://www.truecrypt.org/downloads

    ඉතිං මේක ඉන්ස්ටෝල් කරගෙනම අපි වැඩේ පටන්ගමු...!!!:D:yes:

    මේකෙන් කරන්නේ අපේ දෘඩ තැටිය තුළ Encrypted Container එකක්(කේත ගත රහස්‍ය බහාලුමක්) ඇති කිරීමයි! මෙහිදී මුලින් පිටත බහාලුමක්(Outer container) සාදාගෙන දෙවනුව ඒතුල තවත් රහසිගත බහාලුමක්(Hidden container) සැදීම මෙහි විස්තර කරනවා.!:)

    1. TrueCrypt වින්ඩෝව තුළ Tools -> Volume Creation Wizard තෝරාගන්න.
    22391944.jpg

    එවිට මෙවන් වින්ඩෝවක් ලැබේ!

    2. එහි "Create an encrypted file container" තෝරා "Next" තෝරන්න.
    36849251.jpg


    3. එවිට ලැබෙන මෙනුවෙන් "Hidden TrueCrypt volume" තෝරන්න.
    65481880.jpg


    4. එයින් පසු "Normal mode" තෝරන්න.
    76961953.jpg


    5. එහිදී ලැබෙන මෙනුවේ "Select File" තෝරා ඔබ කැමති දෘඩ තැටියේ(ඉඩකඩ ඇති) අවශ්‍ය නමකින් Save කරගන්න.
    95692680.jpg

    උදා:- මවිසින් C: හි Test ලෙසින් භාවිතා කොට ඇත.
    83231910.jpg

    43096047.jpg

    ඉන්පසු ලැබෙන වින්ඩෝව මෙසේ දිස්වනු ඇත. මින් පිටත බහාලුම(Outer container)නිර්මාණය කරගැනීමට යොමුකෙරේ.
    35955110.jpg


    6. නැවත ඉදිරියට යාමේදී ලැබෙන මෙනුවෙන් AES 256 හෝ අවැසි Encryption Algorithm එකක් තෝරා ගත හැක.
    AES භාවිතා කරන්න.
    48206324.jpg


    7. මින් ඉදිරියට යාමේදී ඔබට පිටත බහාලුමට(Outer container) අවශ්‍ය ව්ශාලත්වය තීරණය කර ඉන්පසු Password එකක්ද ලබාදී ඉදිරියට යන්න.
    උදා:- විශාලත්වය= 100mb සහ Password= jhha මවිසින් භාවිතා කොට ඇත.
    65238282.jpg

    70470923.jpg


    8.ඉන්පසු ලැබෙන වින්ඩෝවේදී "Format" තෝරාගන්න. දැන් අප විසින් පිටත බහාලුම(Outer container) නිර්මාණය කරගෙන අවසන්ය. මේ මොහොතේදී My Computer තුළ අපේ නව බහාලුම දෘඩතැටියක් සේ දැකගත හැක.!
    66755647.jpg

    48293051.jpg

    62815867.jpg


    9.මින් ඉදිරියට යාමේදී රහසිගත බහාලුම(Hidden container)සෑදීමට යොමු කෙරේ!
    46910757.jpg

    එහිදීත් පිටත පිටත බහාලුමට(Outer container)අයුරින්ම දත්ත ලබාදී අවසන "Format" තෝරාගන්න.
    සැ.යු.
    එහිදී ලබාදෙන විශාලත්වය පිටත බහාලුමට(Outer container) වඩා අඩු විය යුතු අතර Password එක අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුය. (අප පසුව "Mount" කරන්නේ රහසිගත බහාලුම(Hidden container)ද, පිටත බහාලුම(Outer container)ද යන්න තීරණය කරන්නේ Password එකිනි. )
    උදා:- මෙහිදී විශාලත්වය= 90mb සහ Password= jhha12345 මවිසින් භාවිතා කොට ඇත.
    78275696.jpg

    17633951.jpg

    36247333.jpg

    69720489.jpg

    රහසිගත බහාලුම(Hidden container)සාර්ථක ලෙස සෑදුනි නම් මෙසේ දිස්වේ.
    42356532.png


    එමෙන්ම අපේ TrueCrypt බහාලුම මෙසේ දැකගත හැක.
    53120188.jpg


    දැන් අප මේ සාදාගත් බහාලුම් ප්‍රයෝජනයට ගන්නේ කෙසේද?:confused::rolleyes::baffled:

    මේ සඳහා TrueCrypt ප්‍රධාන වින්ඩෝවට නැවත පිවිසෙන්න.
    98683770.jpg


    ඉන්පසු "Select File" යන්න තෝරා සාදාගත් TrueCrypt file එක (ඉහත අංක 5) තෝරා ගන්න.
    24307824.jpg

    17891191.jpg

    ඉන්පසු "Mount" තෝරන්න. එවිට මෙම අතුරු මුහුණත ලැබේ.
    48204619.jpg


    එහිදී අප ලබාදෙන්නේ ඉහත අප ලබාදුන් Password දෙකින් කුමක්ද මත විවෘත වන්නේ කිනම් බහාලුමද යන්න තීරණය වේ. Password එක ලබා දුන් පසු අදාළ බහාලුම දෘඩ තැටියක් ලෙස විවෘත කරගත හැක.! :)
    උදා:-
    Password= jhha විට පිටත බහාලුම(Outer container)විවෘත වේ.
    49428041.jpg

    60741749.jpg


    Password= jhha12345 විට රහසිගත බහාලුම(Hidden container) විවෘත වේ.
    91671184.jpg

    24370579.jpg


    මේ බහාලුම්(containers) වෙන වෙනම "Mount" කර ඒ තුළ එකිනෙකට වෙනස් Files/Folders ගබඩා කිරීමෙන් මය තව දුරටත් පැහැදිලි කර ගත හැකි වනු ඇත.
    :yes:

    ඉතිං කිසිවෙක් ඔබට තර්ජනය කර Password එක ඉල්ලුවද ඔබට ඔබේ දත්ත සඟවාගෙන පිටත බහාලුමේ(Outer container) Password එක පමණක් ලබාදී ආරක්ෂා විය හැක.:cool::cool::cool:


    වැදගත්ම දෙය නම් මේ බහාලුම් භාවිතා කර අවසන් වූ වහාම ඒවා "Dismount" කලයුතු වීමයි.!:shocked::yes:

    ඉතිං තවදුරටත් ඔබේ සංවේදී තොරතුරු හොඳින් ආරක්ෂාකර ගැනීම ගැටළුවක් නෙමෙයි නේද?
    :rofl::P:D:cool:
     
    Last edited: