පරිගණක ජාලකරණය පාඩම 2

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පරිගණක ජාලකරණය පාඩම 2



    ගියවතාවේ මම නැවැත්තුවේ ජාල වර්ගිකරණය යටතේ ඒ සඳහා යොඳා ගන්නා විධික්‍රමයක් ලෙස, පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමට යොඳා ගන්නා තාක්ෂණයන් හා ජාලකරණයේ මූලික ආකාර(Network Topology) හතර ගැන කතා කරලා. ඒක නොබලපු අය ඉන්නවනම් ඒකත් බලනව නම් ලේසි වෙයි කියලා මම හිතනවා. මෙන්න පරිගණක ජාලකරණය 1 පාඩමට ලනුව. අද කතාකරමු පරිගණක ජාලකරණය යටතේ ජාල වර්ග කියන මාතෘකාව. ඔයාලට තාම මේ කියලා දෙන්නේ පරිගණක ජාලකරණය යටතේ එන Concepts ගැන නිසා නීරස වෙන්නත් පුලුවන්. Practical පැත්තට යන්න ඉස්සරලා මේ ටික දැනගෙන ඉන්න එපැයි මුලින්ම. නේද?
    නෙට්වර්ක් කිව්වම ඉතිං ගොඩක් නෙට්වර්ක් වර්ග තියෙනව. සාමාන්‍යයෙන් ඒ ඔක්කොම වගේ ප්‍රධාන කොටස් කීපයකට වෙන් කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් නෙට්වර්ක් එකක් විහිදෙන පරාසය අනූව ( ජාලය විහිදී ඇති ප්‍රදේශය අනුව) තමයි මේ වර්ග කිරීම වෙන්නෙ. එනම් අප සන්නිවේදන කටයුතුවල යෙදීමට බලාපොරොත්තුවන දුර පරිමාණය අනුව අරගෙනයි මේ වෙන් කිරීම කරල තියෙන්නේ. උඳාහරණ ලෙස පරිගණක, ෆැක්ස් යන්ත්‍ර, ස්කෑනර් , මුඳ්‍රණ යන්ත්‍ර, ඳුරකථන ආදි යන්ත්‍ර හාවිතා කරන දුර අනුවයි පහත පිලිවෙලින් දක්වා තිබෙන්නේ.






    1 PAN (Personal Area Network)


    image.axd.jpg





    nfmi_afbao_personal-area-network1.jpg



    ඒ වර්ගකිරීම් වල මුලින්ම තියෙන්නෙ PAN (Personal Area Network) කියන එකයි. රැහැන් සහිත හා රැහින් රහිත කියලා වර්ග දෙකකට මෙය දැක්විය හැකියි. තේරෙන විදියට කියනවනම්, අපි හැමෝම වගේ ෆෝන් වල බ්ලූටූත් පාවිච්චි කරල තියනව. ඒ වගේම ඉන්ෆරෙඩ් පාවිච්චි කරල තියෙනවානේ. අන්න එතන තමයි පෑන් එකකට හොද උදාහරණයක් වෙන්නෙ. අපි ෆෝන් to ෆෝන්, ෆෝන් to පීසී කනෙක්ට් කෙරුවම තියෙන්නෙත් පෑන් එකක් තමයි. මෙහිදී රැහැන් සහිත ක්රමයේදී USB, FireWire යනාදිය භාවිතාකරයි. Infarade, Bluetooth, UWB, Z-Wave and ZigBee යනාදීh රැහැන් රහිත තක්ෂණයේදී යොදා ගැනීමේ හැකියාවක් පවතී. මෙම සන්නිවේදන තාක්ෂණයන් පිලිබදව මම මීට පෙර මගේ බ්ලොග් අවකාශයේදී වයර්ලස් තාක්ෂණය කියන මාතෘකාව යටතේදී කතා කර තිබෙනවා. පෑන් එකක විශේෂත්වෙ තියෙන්නෙ සම්බන්ධ වන උපකරණ සාමාන්‍යයෙන් පේන මානයේ, එනම් උපරිම අඩි 50ට අඩුවෙන් තිබීමයි. මෙම ක්‍රමයටද සාමාන්‍ය ජාලයක කරන දේවල් කරන්න පුලුවන්. ඒ කියන්නෙ ප්‍රින්ටර්, ෆයිල් ෂෙයා කරන වගේ ඒව කලහැකි. මෙය රැහැන් රහිත, එනම් වයර්ලස් (Wireless) ක්‍රමයක් ලෙස දැත්විය හැකියි. මෙම ජාලයකට තවත් උදාහරණයක් ලෙස විවිධ රටවල් තමන්ගේ හමුදාවන්හි යුධමය ශක්තිය දියුණු කරගනු පිණිස දියුණු කරන ලද නවීනතම සන්නාහ සන්නද්ධ ආරක්ෂක ඇදුමත් මෙම Personal Area Network යන තාක්ෂණයට අයත් වෙනවා.


    2 LAN (Local Area Network)


    IT_Support.jpg


    මේ නම ගොඩක් ‍දෙනෙක් අහලත් ඇති. LAN (Local Area Network) අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නෙත් මේ නෙට්වර්ක් වර්ගය තමයි. සරල තේරැමින් කීවොත් LAN යනු විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික උපකරණ/ආම්පන්න ‍2ක් හෝ ඊට වැඩි ගණනක් තනි ජාලයකට සම්බන්ධ වී තිබීම යි. උදා. පරිගණක වලට අමතරව වෙනත් විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික උපකරණ කැමරා, ටීවී, ආරක්ෂක සංඥා උපකරණ වැනි දේ ජාල වලට එකතු වී කමියුනිකේෂන් එකට සම්බන්ධවීමයි. කාර්යාලවල , හුඟක් ඉන්ටර්නෙට් කැෆේ වල, සමහර විටක අප ගෙදර භාවිතයටත් යොදාගන්නා මෙම නෙට්වර්ක් වර්ගය කුඩා වපසරියක් තුල පිහිටුවා ඇති පද්ධතියක් ලෙත් හැදින්විය හැකියි. වේගය අතින් ගත්තාම නම් අනෙක් ජාලයන්ට සාපේක්ෂව ඉතාමත්හොඳ වේගයක් ලබාගන්න පුලුවන්. එය තත්පරයට මෙගාබයිට්ස් 10Mbps හා 100Mbps සිට ගිගාබිට්ස් 1 (1Gbps) දක්වා පමණ වන වේගයකට දියුණු කල හැකියි. මෙවැනි කේබල් එකක් ගමන් කල හැකි උපරිම සම්මත දුර දැක්විය හැක්කේ මීටර් 100. නමුත් වෙනත් කිසිදු බාහිර බලපෑමක් එල්ල නොවේනම්(චුම්බක ක්ෂේත්රයක බලපෑම වැනි) ඊටත් එහා දුරක් දක්වා ජාලය විහිදුවන්න පුලුවන්. ලෑන් එකෙත් වයර්ලස් මාදිලියක් ඇත.එනම් මෙම ඡායාරෑපයේ දැක්වෙන පරිදි රවුටර් එකන් ස්විචයට ගිය පසු වෙනම ලයින් එකකින් ඇක්සස් පොයින්ට් එකක් හරහා වයි ෆයි ආකාරයට එයට සපෝට් කරන උපාංගවලට එනම් පරිගණක, මොබයිල් ඩිවයිසස්, ලැප්ටොප් ආදියට පිවිසීමට ඉඩ ලබා දීමයි.









    3 CAN (Controller Area Network)
    මේක නම් ඒතරම් අහල පුරුදු නැති එකක් වෙන්න පුලුවන්. මේවා සාමාන්‍යයෙන් LAN එකකට වැඩිය විශාලයි. LAN කිහිපයක එකතුවක් ලෙසත් හැදින්විය හැකියි.





    Network_planning_and_design69bf4e71_6cb9_4947_b514_323d593be295.jpg








    4 MAN (Metropolitan Area Network)
    මේ නෙට්වර්ක් එක ලෑන් සහ කෑන් වල එකතුවක්. ඒක නිසා මේ ජාල වර්ගය කෑන් එකකට වඩා විශාලව විහිදුන එකක්.





    5 WAN (Wide Area Network)
    මේ නෙට්වර්ක් එක අනිත් නෙට්වර්ක් වලට වඩා වෙනස්ම විදියකටයි ක්‍රියාත්මක වෙන්නෙ. WAN යනු භුගෝලීය වශයෙන් වෙන් ව පවත්නා ස්ථාන අතර ඇති ජාල දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට සම්බන්ධ වී තිබීම යි. සරලව හිතුවොත් Wireless LAN එකක් හා Wired LAN එකක් එකට එක්වීමත් මෙයට උදාහරණයක්.




    wan1.jpg


     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    6 GAN (Global Area Network)
    GAN සංකල්පය භාවිතා කරන්නේ වයර්ලස් තාක්ෂණයේදී හා සැටලයිට් දත්ත සම්ප්රේෂණයේදීය. එනම් විශ්වයම තනි LAN එකකට ගෙන වැඩකරගත හැකි සංකල්පයකි. මේ සදහා ඉහතින් දැක්වූ සංකල්ප සියල්ලේම එකතුව අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගෙන භාවිතා කරයි.

    images (3).jpg



    7 VPN(Virtual Private Network)


    VPN.jpg


    VPN DIAGRAM.jpg


    මෙය නම් ඉතා සංකීර්ණ මාතෘකාවක්. සරලව මෙහෙම බලමුකො. අපි LAN එකක් කියන්නේ ලග ලග ඇති පරිගණක කිහිපයක් නෙට්වර්ක් කරගන්න එකනේ.ඉතින් මේ ජාලය පොඩි එකක් නිසාත් ලග ලග නිසාත් ඒ අතර කමියුනිකේෂන් එක පහසුයි. නමුත් ඉන්ටර්නෙට් අතරට ගියාම මේ පහසුකම් නැතිවෙනවා. ඒ කියන්නේ ෆයර්වෝල් වෙනවා, IP ‍range වෙනස් වෙනවා, ඩයිනමික් IP ‍range එකක් නොලැබී යනවා,බ්ලොක් කරලා තියෙනවා, ‍Protocol වල ගැටලු ආදී වශයෙන් විවිධ වූ ගැටලු මෙයට බලපානවා. ඊට අමතරව HSDPA භාවිතා කරනවනම් එය ගොඩක් බලපානවා. ඉතින් මේ ගැටලු මග හරවාගෙන ඉන්ටර්නෙට් අතර තියෙන පරිගණකයක් වෙනත් කොහේ හෝ තියෙන LAN එකක , ඒ LAN එක තුලම භාවිතාවෙන පරිගණකයක් බවට පත්කරගැනීමට පැමිණි ක්රමවේදයකට තමා අපි VPN(Virtual Private Network) එකක් කියලා හදුන්වන්නේ. මෙවැනි VPN එකක ඇති විශේෂත්වය තමා මේ අතර ගමන් කරන දත්ත encrypt වී ගමන් කිරීම. එනම් දත්ත transfer වීමේදී ඒවා කියවිය නොහැකි දත්ත ලෙස ගමන්කිරීම. එවිට එම දත්ත වල ආරක්ෂාව ගැන බිය වීමට අවශ්‍යත් නෑ. මොකද ඒවා ගමනාන්තයට යනතෙක් අතරමගදී කියවිය නොහැකි නිසා. බොහොමයක් සමාගම් සිය සමාගම ඇතුලත පවතින VPN අන්තරජාලය හා ආරක්ෂිත ලෙස සම්බන්ධ කරමින් විවිධ විධි ක්‍රම මගින් ලාභ ඉපැයීමේ ක්‍රමෝපායන් දැන් ප්‍රචලිතව පවතිනවා.


    මම ඊලග ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉහත ජාලයන් සම්බන්ධ කිරිමට යොදාගන්නා මුලික දෘඩාංග පිලිබදවයි. එනම් හබ්, ස්විචස්, රවුටර්ස්, කේබල් වර්ග යනාදි පිලිබදවයි.
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ane pala huth*** umba kiyana kam hitiye....puka nodi pala yanna

    monada ponsi kicha wenne, puka didi thread daala, ekekwath rep, comment damme nathi unama adanawa , ane yako , tho maha jobless dial ekak neh, puka denne nathuwa thamange deyak kara ganin. apita one nam api hoya gena igena gannam. KIicha unu Ponsiya... Higanna:lol::lol::lol::lol::lol:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    machan rigamage ela thread ekak...:)





    me nannayata mokah wela tyenne.... tho puka nodi mekata rply nokara hitapanko dirawanne naththam..

    Kohen hari copy karala , meke paste karanawa REP ganna, ekata kiyanne nikan puka denawa kiyala nemeda oi, one ekek innawanam , iollay, naththam hoya gena igena ganiy nikan puka didi yanna one naha. thoge kolukarayada rigamage ???? ...ponsiya