පරිස්සමින් රිය පදවන්න!!

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පරිස්සමින් රිය පදවන්න!!

    පුංචි උනාට මේවාම තමයි වැදගත් වෙන්නෙ

    සෑමවිටම



    • රියට නගින්න කලින් ගමන සැලසුම් කරගන්න. පිටත් විය යුතු වේලාව සහ යායුතු මාර්ග කලින්ම හිතාගන්න. හැකි පමණ මාර්ග තදබද, අයහපත් කාලගුණ සහ අනතුරු බහුල මාර්ග මගහැරයන්න.
    • ආසන පටි නිවැරදිව පැළඳගන්න. (එය සෑම විටම උරහිසට උඩින් හා ඉඟටිය හරහා යා යුතුය)
    • Motorbike එකක්නම් හිස් ආවරණය නිවැරදිව පළඳින්න.
    • වේග සීමාවන් නිවැරදිව හඳුනාගෙන රිය පදවන්න. අධික වේගය වගේම ඉතා මන්දගාමීව රිය පැදවීමත් අනාරක්ෂිත බව හොඳින් මතක තබාගන්න.
    • සෑම විටම අවධානයෙන් රියපදවන්න. අනෙක් සියලුම වාහන ගැන සැලකිලිමත් වන්න.
    • ඉදිරියෙන් යන වාහනය සමග මනා පරතරයක් තබා ගන්න.
    • අතුරු මාර්ග වලට හැරවීමේදී හා අතුරු මාර්ගයක සිට මහාමාර්ගයට දැමීමේදී ඉතාමත් සැලකිලිමත් වන්න. සංඥා ලාම්පු හෝ අත් සංඥා හෝ සෑම විටම භාවිතා කරන්න. අනෙකුත් වාහන හා පදිකයින් පිළිබඳ සැලකිලිමත් වන්න.
    • ඉස්සර කිරීමේදී හෝ ධාවන තීරු මාරුකිරීමේදී පැති කණ්නාඩි මගින් පසුපස වාහන පිළිබඳ නිවැරදි දසුනක් ලබාගන්න. (වාහනයක් ඉස්සර කිරීමේදී හැකි ඉක්මනින් ඉස්සර කර තමාට අදාල ධාවන තීරුවට අනුගත වන්න.)
    • දුම්රිය මාර්ග හරහා මාරුවීමේදී මාර්ගය දෙපසම හොඳින් දර්ශනය කර ගන්න.
    • රෝග වලට ප්‍රතිකාර ගැනීමේදී රියපදවනවාද යන්න පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කරනන්. නිදිමත ඇතිකරවන සුළු ඔෂධ පිළිබඳ වෛද්‍යවරයාගෙන් අසාදැනගන්න.
    කිසිවිටෙක


    • බීමතින් රිය නොපදවන්න.
    • දැඩි කෝපයක්, ශෝකයක් හෝ විඩාවක් ඇති විට රිය පැදවීමෙන් වැළකී සිටින්න. රිය පදවන අතරතුර විඩාවක් දැනුනොත් වාහනය නතර කිරීමට මැලි නොවන්න. (විඩාබරව වාහන පැදවිම නිදිමත ඇති කරවීමට හේතුවන බව මතක තබාගන්න.)
    • රිය පදවන අතරතුර ආහාර ගැනීමෙන් හා ජංගම දුරකථනය භාවිතයෙන් වළකින්න.
    • අතරමැද විවේකයකින් තොරව ඉතා අධික දුර එක දිගට රිය පැදවීමෙන් වළකින්න.
    යම් හෙයකින්,


    • අඳුරෙහි ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇත්නම් රාත්‍රියට රිය පැදවීමෙන් වළකින්න.
    • වමට හැරවීමට අපහසු අවස්ථාවක් වුවහොත් මදක් ඉදිරියට ගොස් u turn එකක් ගෙන ආපසු පැමිණ දකුණට හරවා යන්න.
    • ඔබගේ වාහනයේ තත්වය කෙසේද?
    • ගමන පිටත් වීමට පෙර ප්‍රමාණවත් තරම් ඉන්ධන ඇත්දැයි පරීක්ෂා කරගන්න. නැත්නම් ළඟම ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගන්න.
    • ඉදිරි වීදුරුව හා පැතිකණ්නාඩි පිරිසිදුව තබා ගන්න.
    • සෑම විටම වීදුරු පිස දැමීම සඳහා රෙදි කැබැල්ලක් තබා ගන්න.
    සෑම විටම ආරක්ෂාවට පළමු තැන දෙන්න.


    Code:
    http://www.motorbikeslk.com/38/.html
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැදගත් ලිපියක් සහෝදරයා. මමත් ලයිසන් ගන්න learners යනවා. දැන් නම් ටිකක් වාහන පුරුදුයි. හැබැයි තවම බයෙන් බයෙන් වගේ තමයි එලවන්නේ.
    rep+++

    :):):)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    පොඩි වුනත් ගොඩක් වැදගත් දේවල් ටිකක් :yes:
    අපිත් එක්ක මේවා බෙදාගත්තට බොහොම ස්තුතියි :)
    ත්‍රෙඩ් එක ඉදිරියට :cool:
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    පොඩි පොඩි දේවල් තමා ගොඩක්ම වැදගත් වෙන්නේ මොකද පොඩි අතපසුවීමකින් ලොකු ජිවිත දේපල හානියක් වෙන්න පුළුවන් !!:yes:
    පොලිසියට බයේ නෙවේ තමන්ගේ ආරක්ෂාවට තමා සීට් බෙල්ට් වුනත් දන්නා ඕනි :) :yes:

    Bump75000.jpg
    :):)