කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    කාමය සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය.කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.

    ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයයි. සැවැත්නුවර පිඬු පිණිස වඩින භික්ෂුන් වහන්සේ නමකි. කොසොල් රජතුමා ගේ එක බන්ධනාගාරයක් උන්වහන්සේ ගේ ඇස ගැටේ.
    එහි දැඩි වධ බන්ධනයට හසුව දුක් විඳීන සිරකරුවෝ ය. ඒ දුක දැක සංතාපයට පත් වූ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ අසති.

    “ස්වාමීනි! බුදුපියාණන් වහන්ස. රජ ගෙයෙහි අපමණ දුක් පීඩා විඳින සිරකරුවන් දැක අපි බොහෝ දුකට පත් වීමු. යකඩ දැල් අතර සිරවී ගත කරන මේ බන්ධනයට වඩා වැඩි තවත් බැඳුම් තිබේද? බුදුරජාණන් වහන්සේ මෙසේ සඳහන් කරති.


    “නතං දළහං බන්ධනමාහු ධීරා - යදාය සං දාරුංජං බබ්බජඤ්ච
    සාරත්ත රත්තා මණිකුණ්ඩලෙසු - පුත්තේසු ධාරේ සුචයා අපේඛා
    එතං දළහං බන්ධනමාහු ධීරා - ඔහාරිනං සිථිලංදුප්පමුඤචං
    ඒතම්පි ජෙත්වාන පරිබ්බජන්තී - අනපේක්ඛිනෝ කාම සූඛං පහාය”


    “මහණෙනි, යකඩයෙන් කරන ලද, දැවයෙන් කරන ලද සහ රැහැනින් කරන ලද යම් බැඳුමක් වේද ඒ සියල්ල පහසුවෙන් සිඳලිය හැකි ය. ඒ නිසා නුවණැත්තෝ මේවා දැඩි බැඳුම් සේ නොසලකති. යමෙක්, ආභරණ කෙරෙහි, දරුවන් කෙරෙහි, අඹුවන් කෙරෙහි වූ දැඩි බැඳුම් ඇත්තෙක් වේද ඒ බන්ධනය අවි ආයුධයකින් සිඳලිය නොහැකි ය. නුවණැත්තෝ දැඩි බන්ධනය ලෙස දකින්නේ තණ්හාව නමැති බැම්මයි.


    බුදුරජාණන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේට පෙන්වා දුන් මාර්ගය අද අප ගේ ජීවිත හැඩ ගසා ගැනීමට මහත් උපකාරි වන බව මාගේ විශ්වාසයයි.


    අප කෙරෙහි වූ විවිධාකාරයේ ඇලීම් නිසා සංසාරික ජීවිතයේ දී අපි වේදනාවට භාජනය වෙමු. දුකට, පීඩාවට පත්වෙමු. මෙහි දී කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. එනම් කාමය සහ රාගයයි. අඹු දරුවන්, සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත‍්‍රාදීන්, ආහාරපාන, වස්ත‍්‍රාභරණ, මිල මුදල් ආදී වූ වස්තු කෙරෙහි අධික ලෙස ඇලීම කාමයයි. එහි රූප තිබේ.

    ශබ්ද තිබේ. ගන්ධය, රසය, ස්පර්ශය තිබේ. නිර්වාණය අවබෝධ කරගන්නා තාක් පංචකාමයන් පිළිබඳව වූ ඇලීම මිනිසුන් කෙරෙන් දුරස් නොවේ. එක් අවස්ථාවක දී ගිහිගෙය කලකිරී සසුන්ගත වූ පැවිද්දකු පවා පස්කම් සුව විඳීමේ ආශාවෙන් නැවත ගිහිගෙය සොයා පැමිණීමට පුළුවන.
    කාම බන්ධනයේ ස්වභාවය එයයි. ලෞකික ධ්‍යාන උපදවාගෙන සිටින අය පවා එම ධ්‍යානවලින් පිරිහී ගිය අවස්ථා පිළිබඳව ධර්මයේ සඳහන් වේ.

    බුදුරජාණන් වහන්සේ බෝධි සත්ත්ව කාලයේ සිටම නෙක්ඛම්ම පාරමිතාව පිරුවේ කාමයෙහි ඇළුණු පසුව අත්විඳින්නට වන අසහනකාරිත්වය, එහි තිබෙන දුක්ඛ සහගත බව උන්වහන්සේ ඉතා හොඳින් අවබෝධ කොට සිටි බැවිනි. කාමයෙහි වූ ආදීනව දැකිය යුතු බව උන්වහන්සේ සෑම මොහොතකම තම ශ‍්‍රාවක පිරිසට ඉගැන්වූයේ ය.


    කාමයෙහි ආදීනව නොදකින තැනැත්තා කාමය අත්හරින්නට කිසිදාක සූදානම් නැත. මේ ජීවිතයේ වූ අධික බැඳීම්වල ඇති අගතියෙන් ගැලවෙන්නට සූදානමක් නැතිනම් ලෞකික ජීවිතයේ ආධ්‍යාත්මික සුවයක් කිසිදිනෙක අත්විඳින්නට නොලැබෙනු ඇත. කාමයේ සහ රාගයේ දැඩිව ඇලීමේ ආදීනව දහයක් බුදුරජාණන් වහන්සේ ‘අලගද්දුපම සූත‍්‍රයේ’ දී උපමා මගින් පෙන්වා දුන්හ.


    “අත්ථි කන්කලුපමා කාමා”

    කාමය ඇට කැබැල්ලක් හා සමානය. ඒ කුමන ඇට කැබැල්ලක් ද? අල්ප වූ රසයක් ඇති ඇට කැබැල්ලකි. සාමාන්‍යයෙන් කාමයෙහි ලොල් වූ තැනැත්තාට එහි ඇත්තේ අල්ප වූ රසයක් බව කිසිදා නොසිතේ. කාමයෙහි මත් වූ පසුව, රාගයෙහි දැඩිව ඇළුණු පසුව එහි වින්දනාත්මක බව වඩ වඩාත් දැනෙන බැවිනි. බුදුරජාණන් වහන්සේ මෙය අපට නිරවුල්ව කියා දෙති.

    මස්වත් ලේවත් නැති ඇට කැබැල්ල කොතරම් වේලාවක් කටේ රුවාගෙන සිටියත් සුනඛයා ගේ කුස නොපිරෙන්නා සේ පස්කම් සුවයෙහි ගැති වූ පසු කිසිවකු දැන් ප‍්‍රමාණවත් යැයි ඒකෙරෙන් සම්පූර්ණත්වයට පත්වන්නේ නැත.

    “මංස පේසු උපමා කාමා”

    කාමය මස් කැබැල්ලකට ද උපමා කොට ඇත්තේ ය. මස් කැබැල්ලක් ගෙන අහසට පියඹා යන උකුස්සා පසුපස අනෙක් උකුස්සෝ හඹා යති. ඒ මස්කැබැල්ල ඩැහැ ගන්නට ය. කාමයෙහි ආදීනව නොදැන දිගින් දිගටම එහි ඇලීමෙන් අත්වන්නේ මස් කැබැල්ල රැගෙන අහසට පියඹා ගිය උකුස්සාට අත්විඳින්නට වූ පීඩාව හා සමාන පීඩාවකි. කාමයට ගිජු වූ පසු කවරාකාරයේ ගැටුම්වලට, කුළල් කාගැනීම්වලට මුහුණ දෙන්නට සිදුවේදැයි අපි නොදනිමු.
    බුදුරජාණන් වහන්සේ එය තවත් අපූරු උපමාවකින් මෙසේ විග‍්‍රහ කරති.

    “තිනික්කු උපමා කාමා”

    පෙ‍්‍ර්මයෙන් පැරැදුණ ඇතැම් පිරිස් ‘මාව පිච්චෙනවා වගේ’ ‘මම ගිනි අරගෙනයි ඉන්නේ’ යනුවෙන් පවසන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. බුදුරජාණන් වහන්සේ මෙහි කාමය උපමා කොට තිබෙන්නේ තණ හුළකටය.

    ගිනිගත් තණු හුළක් උඩු සුළඟට හැරුණු පසු වේගයෙන් දැවේ. අත් නොහැරිය හොත් එය අල්ලා ගෙන සිටින තැනැත්තා ද දවා හළු කරන තරමට මේ ගිනි හුළ කි‍්‍රයාත්මක වීමට පුළුවන. දැල්වුණු තණ හුළකින් ඔබ දැවී පිච්චී යන්නට පුළුවන් වගේ ම කාමයෙහි අධික ලෙස ඇලීමෙන් එයින් ම ඔබ දැවී වැනසී යන්නට පුළුවන් බව බුදුන් වහන්සේ උගන්වා ඇත.


    “අංගාර කාසු උපමා කාමා”

    කාමයෝ ගිනිදලු නැති, දුම් නැති, ගිනි අඟුරුවිලක් හා සමානය. ගිනි අඟුරුවිලක තිබෙන බිහිසුණු බව කොතරම් ද? ගිනි දලු එළියට නොපෙනුණත් ඊටත් වඩා භයානක බවක් අභ්‍යන්තරයේ ඇත. එය කෙනෙක් දවා හළු කරන්නට සමත් ය.

    කාමය, රාගය නමැති ගින්න එළියට එන්නට නොදී සඟවාගෙන සිටින තැනැත්තා කාමයෙන් මත් වූ පසුව මොන තරම් නම් විඳවනවා ඇත්ද? මොනතරම් දැවෙමින් පිච්චෙනවා ඇත්ද?

    ඔබ අනිවාර්යයෙන් ම සිහියට ගත යුතු දෙයක් වේ. අධික වූ කාමයකින් ඔබ යමක් කෙරෙහි ඇළෙනවා නම්, අභ්‍යන්තරයේ කාමය සඟවා ගෙන සිටිනවා නම් එය හරියට අළුයට සැඟවුණු ගිනි අඟුරු ගොඩක් වැනි ය. කුමන අවස්ථාවකදී මතු වී අවුත් අලුත් ගින්නක් හට ගනී දැයි අපි නොදනිමු.

    කාමයෙහි ඇති හිස් බව බුදුරජාණන් වහන්සේ තවත් උපමාවකින් පෙන්වා දේ. කාමයෙහි ඇලීමෙන් පසු අප ගත කරන සිහින ලෝකය පිළිබඳව මෙසේ සඳහන් කරයි.


    ‘සුපින කූපමා කාමා’

    කාමය හරියට සිහිනයක් හා වැනිය. අපි බොහෝ සිහින දකිමු. නින්දේදී අපට අලංකාර මහා මන්දිර හමුවේ. දිව්‍ය ලෝක පෙනේ. උදෑසන පිබිදුණු විට ඒ හීනවල කිසිම හරයක් නැති බව, සිහින පමණක් ම බව අවබෝධ වේ. කාමයෙන් අගතියට ගිය පසු.

    අප ජීවත්වන්නේ ද සිහින ලෝකයක ය. ඒ සිහිනයේ සිටින තාක් යථාර්ථය අත්විඳින්නට ලැබෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කර දී තිබේ.

    තවත් අවස්ථාවක, කාමය අනුන්ගෙන් ඉල්ලා ගත් දේවල් බඳු යැයි සඳහන් කරයි.


    “යාචිත උපමා කාමා”

    කාමය සිඟා කෑ දෙයක් වැනි ය. එසේත් නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකු ගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය. කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.

    බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක, කාමය පල දරන ගසකට උපමාකර ඇත්තේ ය.


    “රුක්ඛ පලුපමා කාමා’

    පල බරැති ගසකට නැඟගත් කෙනෙක් සීමාවකින් තොරව ගෙඩි ආහාරයට ගන්නට පටන් ගනී. ගසට නැඟ ගත නොහී තවත් මිනිසකු පැමිණ ගස කපා දමන තුරුම ගසට නැගගත් තැනැත්තා සිහියක් නැතිව ගසින් නොබැස්සේ නම් ඔහු ගසත් සමගම ඇද වැටී විනාශයට පත්වෙන්නට පුළුවන. පස්කම් සුවයෙහි අසීමාන්තිකව ඇළෙන්නට ගැලෙන්නට යන සියලු දෙනාටම විනාශය ගෙන දෙන බව මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.

    “අතිසුනු උපමා කාමා”

    කාමය කඩුවකට, මස් කපන කොටයකට උපමා කරන්නේ ය. කඩුවත් කොටයත් නිසා මස් කැපෙන්නා මෙන් කාමය නිසා කළකෝළාහල ඇති වී මිනිසුන් විනාශයට පත්වන්නේය. සමාජය දෙස බැලූ කල මෙය ඉතාම ප‍්‍රායෝගික සිදුවීමකි.

    අධික ආශාව නිසා මිනිසුන් ගහ මරා ගන්නා අවස්ථා කොතෙකුත් ඇත. ලොව බලවත් රටවල් තෙල්වලට ඇති අධික ආශාව නිසා, ඒ සීමිත සම්පත්වල උරුමක්කාරයින් වන්නට ඇති අධික කැමැත්ත නිසා පිල්වලට බෙදී එකිනෙකාට එරෙහිව අවි ආයුධ අමෝරා ගන්නා ආකාරය අපට පෙනේ. බුදුරජාණන් වහන්සේ, යම් දෙයක් කෙරෙහි අධික ලෙස ඇලීමෙන් එකිනෙකා අතරවන ගැටුම් කඩුවකට සහ කොටයකට උපමා කොට ඇත්තේ මෙවැනි අවස්ථා පදනම් කරගෙන ය.


    “සක්ති සලුපමා කාමා”

    අලගද්දුපම සූත‍්‍රයේ දී තවත් අවස්ථාවක කාමය ඉතා තියුණු පිහියකට තියුණු ආයුධයකට තියුණු උලකට උපමා කර තිබේ. තියුණු ආයුධයකින් සිදුවන්නේ කෙනකුට හානියක් සිදු කිරීමයි. විනාශ කර දැමීමයි. කාමයත් ඒ හා සමානය.


    කෙනෙක් වඩාත් ඇලුම් කරන දෙයක් තවත් කෙනකුට හිමිවූ කල එය ඔවුනොවුන් අතර මහා අරගලයකට, විනාශයකට හේතු වන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. තමා ආදරය කළ තැනැත්තිය වෙනකකු හා විවාහ වූ කල ඔවුන් මරා දමන්නට තරම් සැහැසී වූ අවස්ථා අපට කොතෙකුත් හමු වී ඇත.


    බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් කාමය සර්ප හිසකට උපමා කරන්නාහ.


    “සප්ප සිරූපමා කාමා”

    සර්ප හිස ඉතාම බිහිසුණු ය. කාමයත් ඒ වගේ ඉතා භයානක, බිහිසුණු දෙයක් ලෙස උන්වහන්සේ උගන්වා ඇත.

    ඔබ මේ උපමා දහය පිළිබඳව ඉතා සියුම්ව, ඉතාම විමර්ශනශීලීව කල්පනා කළ යුතු ව ඇත. අනවශ්‍ය ඇලීම් නිසා ඔබට වේදනාවක් මිස සැනසුමක් උදාවන්නේ නැත. එය දැල්වෙන ගිනිහුලක් සේ නිරතුරුවම අපට පීඩාකාරී වන බව අමතක නොකළ යුතු ය මේ නිසා යම් යම් දේවලට ඔබ කෙරෙහි වූ ඇල්ම අඩුම තරමින් ටිකෙන් ටික හෝ අඩු කරන්නට, ප‍්‍රහීණ කරන්නට ඔබ උත්සාහ කළ යුතුව ඇත.


    ඒ සඳහා අලගද්දුපම සූත‍්‍රය පදනම් කරගනිමින් සිදු කරන මේ මඟ පෙන්වීම මහත් ප‍්‍රයෝජනවත් වනු ඇත. විවිධ වස්තූ කෙරෙහි තදින් ඇලීම නව ලොව රටවායි. අප අගතියට පෙළඹවීම කාමයේ ස්වභාවයයි. මේ වෙළෙඳපොළේ රටාව ද එයයි. මේ නිසා ඔබ කාමයේ ආදීනව සිහි නුවණින් අවබෝධ කොට කිසි දිනෙක යම් දෙයක් කෙරෙහි අධික ලෙස නො ඇලී ජීවත්වන්නට සිතට ගත යුතු ය.


    ඔබ ඇලුම් කරන යමක් අහිමිවේද නිහතමානීව, මධ්‍යස්ථභාවයෙන් ඒ දේවල් දරාගන්නට, ඒවා සමඟ ගනුදෙනු කරන්නට ඔබ සූදානම් විය යුතු ය. කාමයෙහි ඔබ අප සිතනා තරම් තෘප්තියක්, වින්දනයක් නොලැබෙන බැවිනි.


    සිළුමින පුවත්පතේ සිත් මල් යාය අතිරේකයේ පළවූ ලිපියකි.. අනිත් අයට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න..
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Good.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෝරලේමහත්තයා;12868455 said:
    machan welawak awahama hemieta balanawa..


    bookmarked...will read...

    බොහොම ස්තුතියි මචංලා ප්‍රතිචාරයන් වලට.. වැඩ නැති වෙලාවක කියවලා බලන්න බොහොම වටිනවා.. මම හිතුවෙ නෑ කොමෙන්ට්ස් තුනක්වත් ලැබෙයි කියලා.. කොච්චර බෞද්ධයො හිටියත් ආගමික ත්‍රඩ් බලනවා අඩුයිනෙ.. :yes:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    බොහොම ස්තුතියි මචංලා ප්‍රතිචාරයන් වලට.. වැඩ නැති වෙලාවක කියවලා බලන්න බොහොම වටිනවා.. මම හිතුවෙ නෑ කොමෙන්ට්ස් තුනක්වත් ලැබෙයි කියලා.. කොච්චර බෞද්ධයො හිටියත් ආගමික ත්‍රඩ් බලනවා අඩුයිනෙ.. :yes:

    මෙවගේ ලිපි වලට තමයි මමත් කැමති.....මැරුනත් සැපයි කාගේ හරී ඔලුවක් හදලා......​
    :):):)
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ඒ භාග්යවත් අරහත් සම්බුදු රජානන් වහන්සෙට නමස්කාරය වේවා ! [රෙප්+]
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් වැදගත් මචන්...උපමා ටික ලොකු දෙයක් අපේ ජිවිතවලට දෙනවා...
    බුදුන් වහන්සේගේ උපමා ගොඩක් සරල නිසා ඕන කෙනෙකුට පහසුවෙන්ම කරුණු අවබෝධ වෙනවා..

    rep added
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නිවිහැනහිල්ලේ කියවල බලන්නන් මචන්.....
    බොහෝම ස්තූතියි මේක බෙදාගත්තට....
     
    Sep 12, 2011
    884
    120
    0
    පංච කාම වස්තු වෙනයි , පංච කාමයන් වෙනයි.

    අපි නැති කරගත යුත්තේ පංච කාමයන් ය. හැබැයි එකපාරටම බෑ. මක්නිසාද මඩෙන් ගොඩ එන්න එකපාරම බෑ, ටිකෙන් ටික තමයි එන්න ඕනේ.

    අප කොච්චර පංච කාමයන් ලබාගෙන අප ආස්වාද වින්දත් අපට ඇති වීමක් නම් නැත. උදාහරණයක් ලෙස හිතන්න රස අයිස් ක්‍රීම් එකක් ඔබට කන්න ආසා හිතෙනවා. ඔබ ඉන්පසුව ඔබේ ආසාව සංසිදුවාගන්නවා. එහෙත් එය එතනින් ඉවර නොවේ, නැවත නැවත එයම ඉල්ලනවා. කොච්චර ඔබ ඔබේ ආස්වාදය සන්සිදුවාගත්තාත් ඔබට සැනසීමක් නෑ.

    එම නිසා අප මෙම පංචකාම ආස්වාද යන දේවල් අනිච්ච ලෙසත්, දුක්ඛ ලෙසත්, අනත්ථ ලෙසත් දැකීමට පුරුදු විය යුතුයි. මේවා පස්සේ යාම කිසිම හරයක් නැති දෙයක් ලෙස අප දැකිය යුතුයි.

    හැබැයි මේකෙන් කියන්නේ අයිස්ක්‍රීම් කන්න එපා කියලා නොවෙයි. මතු මතුත් මට මේ අයිස් ක්‍රීම් රසම ලැබේවා කියා සිතීම පොඩ්ඩක් අඩු කරගන්න කියලයි. :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙවගේ ලිපි වලට තමයි මමත් කැමති.....මැරුනත් සැපයි කාගේ හරී ඔලුවක් හදලා......​
    :):):)

    Niyamai. Godak hoda thread ekak. rep+

    elakiri machan... mewa thamai daanna ona
    rep++

    Obata godak pin mithura
    Dharma Dhanaya Uthum ma Dhanaya we


    Good post

    ඒ භාග්යවත් අරහත් සම්බුදු රජානන් වහන්සෙට නමස්කාරය වේවා ! [රෙප්+]

    ගොඩක් වැදගත් මචන්...උපමා ටික ලොකු දෙයක් අපේ ජිවිතවලට දෙනවා...
    බුදුන් වහන්සේගේ උපමා ගොඩක් සරල නිසා ඕන කෙනෙකුට පහසුවෙන්ම කරුණු අවබෝධ වෙනවා..

    rep added

    fatta,rep denna barilu kolla

    Godak Wadagath
    +rep

    නිවිහැනහිල්ලේ කියවල බලන්නන් මචන්.....
    බොහෝම ස්තූතියි මේක බෙදාගත්තට....

    නියමයි මචෝ..ගොඩාආආආක් වටිනවා....

    rep added

    good post....


    මහ නිළමේ;12869675 said:
    පංච කාම වස්තු වෙනයි , පංච කාමයන් වෙනයි.

    අපි නැති කරගත යුත්තේ පංච කාමයන් ය. හැබැයි එකපාරටම බෑ. මක්නිසාද මඩෙන් ගොඩ එන්න එකපාරම බෑ, ටිකෙන් ටික තමයි එන්න ඕනේ.

    අප කොච්චර පංච කාමයන් ලබාගෙන අප ආස්වාද වින්දත් අපට ඇති වීමක් නම් නැත. උදාහරණයක් ලෙස හිතන්න රස අයිස් ක්‍රීම් එකක් ඔබට කන්න ආසා හිතෙනවා. ඔබ ඉන්පසුව ඔබේ ආසාව සංසිදුවාගන්නවා. එහෙත් එය එතනින් ඉවර නොවේ, නැවත නැවත එයම ඉල්ලනවා. කොච්චර ඔබ ඔබේ ආස්වාදය සන්සිදුවාගත්තාත් ඔබට සැනසීමක් නෑ.

    එම නිසා අප මෙම පංචකාම ආස්වාද යන දේවල් අනිච්ච ලෙසත්, දුක්ඛ ලෙසත්, අනත්ථ ලෙසත් දැකීමට පුරුදු විය යුතුයි. මේවා පස්සේ යාම කිසිම හරයක් නැති දෙයක් ලෙස අප දැකිය යුතුයි.

    හැබැයි මේකෙන් කියන්නේ අයිස්ක්‍රීම් කන්න එපා කියලා නොවෙයි. මතු මතුත් මට මේ අයිස් ක්‍රීම් රසම ලැබේවා කියා සිතීම පොඩ්ඩක් අඩු කරගන්න කියලයි. :dull:

    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට..
    11.gif