නමො තසස භගවතො අරහතො සමමාසම්බුඞසසක්රිස්තු භක්තිකයින්ට බයිබලයත්,හින්දු බැතිමතුන්ට භගවත් ගීතාවත්,ඉස්ලාම් ආගම අදහන්නන්ට ශුද්ධ වූ කොරානයත්,යුදෙව්වන්ට තෝරා නැමති පොතත් යම්සේ උතුම් වේද,එසේම බෞද්ධ බැතිමතුන් වන අපට ධම්මපදය ඉතා උතුම්,මහනීය ග්‍රන්ත රත්නයකි.
මේ හැමගේම හිතසුව පිනිස වග්ර් 26 ක, ගාතා 423 ක් ඇතුලත් උතුම් ධර්ම්මපද ග්‍රන්තරත්නය මෙසේ ලියා තබමි.
පින් ඇත්තෝ ධම්ම ඥානය ලබත්වා!

යමක වග්ර්‍ය
මනොපුබ්බඞගමා ධමමා-මනොසෙත්ථා මනොමයා
මනසා චෙ පතුටෙඨන-භාසති වා කරොති වා
තතො නං තුක්ඛමන්වෙති- චක්කං 'ච වහතො පදං
වේදනා,සංඝ්නා ,සංකාර යන ස්කන්ධත්‍රයට අයත් වූ ධම්ර්
සංඛ්‍යත චෛතසිකයෝ සිත පෙරටු කොටැ ඇත්තෝය.සිත උතුම් කොටැ ඇත්තෝය.සිතින් ම උපදිනා හ.ඉදින් ලෝභාදී අකුශල ගති හා යෙදීමෙන් කිලිටි වූ සිතින්,මෘෂවාදාදී චතුර්විධ වාග් දුශ්චරිතයන් අතුරෙන් යමක් කියයිද, ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කායදුශ්චරිතයන් අතුරින් යමක් කරයිද,අභිධ්‍යාදී ත්‍රිවිධ මනො දුශ්චරිතයන් අතුරින් යමක් සිතයි ද,ඒ හේතුකොට ගෙන ගැල අදින්නා වූ ගොණාගේ පය අනුව ගමන් කරන රථ රෝධය මෙන් ඒ අකුශල කම්ර් යෙහි විපාක වූ දුක් ඔහු පසු පස ගමන් කරන්නේය.
(ජේත්වන :චක්ඛුපාල තෙරුන් ඇරබ )

චෛතසිකයෝ:-සිත හා එක් ව උපදින, එක් ව නිරුද්ධ වන සිතිවිලි
චතුර්විධ වාග් දුශ්චරිත:-බොරු කීම ,කේලාම් කීම පරුෂ වචන කීම හා නිශ්ඵල වචන කීම
ත්‍රිවිධ කායදුශ්චරිත:-සතුන් මැරීම,සොරකම් කිරීම හා කාමයෙහි වරදවා හැසිරීම
ත්‍රිවිධ මනො දුශ්චරිතය:-අභිධ්‍යා,ව්‍යාපාද හා මිථ්‍යාදෘෂ්ටි