ට්‍රෝජන් අස්පයෝ.... පරිඝණක සමග ගණුදෙනු කරන ඹබට ට්‍රෝජන් හෝර්ස් යන වචනය පිලිබදව අමුතුවෙන් සදහන් කිරීම අවශ්‍ය වන්නේ නැත.පරිඝණකයට ඇතුලුවන විවිධාකාරයේ වෛරස අතරින් ට්‍රෝජන් හෝර්ස් වලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි.අහිංසක ඇප්ලිකේෂන් එකක ස්වරූපයෙන් පරිඝණකයට රිංගා ගන්නා මේවායින් අවසානයේ සිදුවන්නේ පරිඝණකයේ ඇති ඔබගේ වැදගත් තොරතුරු බොහොමයක් විනාශයට පත්වීමයි.මෙවන් ට්‍රෝජන් හෝර්ස් ආකාරයේ වෛරස් පැතිරයන ආකාර කිහිපයක් තිබේ.ඊමේල් මගින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන විවිධ ගණුදෙනු මගින් පරිඝණක ක්‍රීඩා වීඩියෝ ක්ලිප්ස් මෟදුකාංග ඉමේජ් හා විවිධ මෟදුකාංග ඩවුන්ලෝඩ් කරගැනීමේදී මේවා පරිඝණකයට පහසුවෙන් ඇතුලු වනවා. නමුත් මේවා පිළිබද කිසිදු හෝඩුවාවක් එක් වරම අපට ලැබෙන්නේ නැහැ.වෛරස පරිඝණකයට ඇතුලු වී ටිකදිනක් ගතවන විට පරිඝණකයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වෙනස්වීමට පටන්ගන්නා අතර පරිඝණකයට කුමන හෝ වෛරසයක් ඇතුලු වී ඇති බව අවබෝද වන්නේ එවිටයි.මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන්නේ ට්‍රෝජන් හෝර්ස් නමින් හදුන්වන්නේ කිනම් ආකාරයක පරිඝණක වෛරසයක්ද එහි කාර්යය කුමක්ද හා ඔබගේ පරිඝණකයත් ට්‍රෝජන් හෝර්ස් තර්ජනයට ලක්වී ඇතිනම් පරිඝණකයෙන් මෙම වෛරසය ඉවත් කරගන්නා ආකාරය පිලිබදවයි. ක්‍රියාකාරීත්වය ට්‍රෝජන් හෝර්ස් වෛරසයේ ක්‍රියාකාරීත්වය පැහැදිලිව සදහන් කල නොහැක්කේ මෙම වෛරසය පරිඝණකයට ඇතුවූ පසු එහි ක්‍රියාකාරීත්වය එකම ආකාරයකින් යුක්ත නොවන නිසාය.බොහෝ අවස්ථාවලදී අන්තර්ජාලයෙන් ලබාගන්නා විවිධ ඉමේජ දැන්වීම් ආකාරයෙන් මේවා ඔබගේ පරිඝණකයට ඇතුලු වෙනවා.විශේෂයෙන්ම වෙබ් පිටුවල ඇති විවිධ වෙළඳ දැන්වීම් මත ක්ලික් කර ඒවා නැරඹීමට යාම මෙම වෛරස් පරිඝණකයට ඇතුලු වන එක් ආකාරයක් ලෙසින් සදහන් කල හැකියි. පරිඝණකය තුල පැලපදියම් වන මේවා මගින් පසුව සිදුවන්නේ පරිඝණකයේ ඇති රහස් වචන මූල්‍යමය තොරතුරු දත්ත ආදිය වෛරසය නිර්මාණය කල පුද්ගලයා වෙත අන්තර්ජාලය ඔස්සේම ලබාදීමයි.එපමණක් නොව පරිඝණකයේ දත්ත විනාශ කරමින් හාඩ් ඩිස්කයේ ඇති වැදගත් දත්ත මකා දැමීමට තරම් හැකියාවක් මේවාට තිබෙනවා.ඇතැම් ට්‍රෝජන් හෝර්ස් වෛරස ක්‍රියාත්මක වන්නේ කී ලොගර් ආකාරයේ වෛරස් වල ස්වරූපයෙනි.එනම් යතුරු පුවරුව මගින් පරිඝණකයට ඇතුලත් කරන සියලුම තොරතුරු පිලිබදව ඇස ගසාගෙන සිටින මේවා එම තොරතුරු වෛරසයේ නිර්මාණකරුවා වෙත ලබාදීම සිදුවෙනවා. ක්‍රෙඩිට් කාඩ් අංක නම් ලිපින ජායාරූප ආදී පෞද්ගලික තොරතුරු පරිඝණකයේ තැන්පත් කරගෙන සිටින සැමගේ අවධානය මෙම කරුණ දෙස අනිවාරයෙන්ම යොමුවිය යුතුයි. වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙබ් අඩවිවලට ප්‍රවේශ වන්නන්ගේ පරිඝණක මෙම වෛරස් වලට නිතැතින්ම ගොදුරුවන බව පැහැදිලිවම පෙනී යනවා. එසේම jpeg mpeg වැනි එක්ස්ටෙන්ෂන්ස් වලින් යුතු ඉමේජ් තුලද මෙම වෛරස බහුලව තිබෙනවා. පරිඝණකයට ඇතුලු වීමට පෙර ට්‍රෝජන් හෝර්ස් සොයාගත හැකිද? අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්නා executable ආකාරයේ ෆයිල්ස් හරහා මෙම වෛරසය විශාල වශයෙන් පැතිර යනවා.විශේෂයෙන්ම ඊමේල් පණිවිඩ වල ඇටෑජ්මන්ට් එකක් වශයෙන් මෙවන් ෆයිල් එකක් තිබෙන්නේ නම් එය විවෘර්ත කිරීමට පෙර දෙවතාවක් සිතා බැලුවාට වරදක් නැහැ.මෙවන් ෆයිල්ස් හදුනාගත හැකි සරලම ආකාරය වන්නේ ඒවායේ ෆයිල් නේම් එක .exe .vbs .bat වැනි එක්ස්ටෙන්ෂන්ස් එකකින් කෙලවර වීමයි.නමුත් ඇතැම් ට්‍රෝජන් හෝර්ස් වෛරස වල එක්ස්ටෙන්ෂන් එකකට වැඩි ගානක් වුවද තිබිය හැකියි.උදාහරණයක් ලෙස මෙයට වසර කීපයකට පෙර පැතිරීගියLOVE-LETTER-FOR-YOU.TXT.vbs නම් වෛරසය සදහන් කල හැකියි.මෙවන් ට්‍රෝජන් හෝර්ස් වෛරස වලින් පරිඝණකය ආරක්ෂා කරගන්නේ කෙසේද යන කරුන පිලිබදව මීලගට සාකච්චා කරමු. ආරක්ෂා කර ගැනීම මේ සදහා ගත හැකි එක් මාර්ගයක් වන්නේ පරිඝණකයේ ෆයර්වෝලය නිසි පරිදි ක්‍රියාත්මක කර තැබීමයි.පරිඝණකයට පිටතින් ලැබෙන හා පරිඝණකයෙන් පිටතට ලබාදෙන තොරතුරු පිලිබදව නිරතුරුවම සොයාබලන ආකාරයේ ෆයර්වෝලයක් පරිඝණකයේ පිහිටුවාගැනීම පලවෙනි පියවරයි.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇති ෆයර්වෝලය සාර්ථක ෆයර්වෝලයක් නොවන බව හැදින්විය හැකියි.අනෙක් කරුණ වන්නේ හොද තත්වයේ ප්‍රතිවෛරස් මෟදුකාංගයක් පරිඝණකයේ පිහිටුවාගැනීමයි.ඒ පමණක් ප්‍රමාණවත් නොවන අතර එය හැකි සෑම අවස්ථාවකම යාවත්කාලීන කිරීමටද අමතක නොකල යුතුයි.සෑම මොහොතකම අන්තර්ජාලයට පරිඝණක වෛරසය සිය ගනන් මුදාහරින බැවින් ඒවා හදුනාගත හැක්කේ පරිඝණකයේ භාවිතා වන ප්‍රතිවෛරස් මෟදුකාංගය යාවත්කාලීන කර තිබෙන්නේනම් පමණයි.නමුත් ප්‍රතිවෛරස් මෟදුකාංග කිහිපයක් එකම පරිඝණකයක පිහිටුවීම නොකල යුතුයි.එවිට සිදුවන්නේ ප්‍රතිවෛරස් මෟදුකාංග අතර විවිධ නොගැලපීම් ඇතිවී පරිඝණකයේ ක්‍රියාකාරීත්වය අවුල් වී යාමයි.ඔබගේ පරිඝණකයටත් මෙවන් ට්‍රෝජන් හෝර්ස් ආකාරයේ වෛරසයක් ඇතුලු වූ පසු ඊමේල් ලිපින පොතෙහි ඇකි සියලුම ලිපින වෙත ඔබගේ කිසිම අනුදැනුමකින් තොරව වෛරසය සහිත මේල් පණිවුඩ යැවීම ද සිදුවනවා. ට්‍රෝජන් හෝර්ස් වෛරසය සොයාබැලිය හැකි එක් ආකාරයක් වන්නේ පරිඝණකයේ සැගවී ඇති ෆයිල්ස් මොනවාදැයි බැලීමයි.උදාහරණයක් ලෙස මෙහෙයුම් පද්ධතියට අයත් ෆයිල්ස් වර්ග දර්ශනය කරගැනීමටනම් විශේෂීත ක්‍රියාමාර්ගයක් අනුගමනය කල යුතු වෙයි.මෙවන් වැදගත් ෆයිල්ස් වල ස්වරූපයෙන් susie.jpg වැනි ව්‍යාජ එක්ස්ටෙන්ෂන් එකක්පෙන්වමින් susie.jpg.exe ආකාරයේ ට්‍රෝජන් හෝර්ස් වෛරසද ඔබගේ පරිඝණකයේ සැගවී තිබිය හැකියි.ඔබගේ පරිඝණකය නිරතුරුවම අන්තර්ජාලයට සම්භන්ද කර ක්‍රියාත්මක කර තිබෙන පරිඝණකයක්නම් භාවිත නොකෙරෙන අවස්ථාවලදී අන්තර්ජාල සම්භන්දතාවයන් පරිඝණකය විසන්ධි කර තැබීමද සුදුසුයි. අන්තර්ජාලය යනු විවිධාකාර පරිඝණක වෛරස් වලින් පිරි පාරාදීසයක් බව මා සදහන් කරන්න කැමතියි.මෙවන් වෛරස් වලින් පරිඝණකය හා පරිඝණකයේ ඇති වැදගත් තොරතුරු ආරක්ෂා කර ගැනීම සදහා හොද තත්වයේ ප්‍රතිවෛරස් මෟදුකාංගයක් පරිඝණකයේ පිහිටුවා ගෙන එය සෑම අවස්ථාවකදීම යාවත්කාලීන කරගැනීම අතිශයින්ම වැදගත් වන බව ඔබට දැන් වැටහෙනවා ඇති.පරිඝණකයට වෛරසයක් ඇතුලු වූ අවස්ථාවක මෙවන් මෟදුකාංගයකින් සිදුවන සේවය සුළුවෙන් තැකිය නොහැකියි.නමුත් ඉතාම හොද තත්වයේ ප්‍රතිවෛරස් මෟදුකාංගයක් ලෙසින් සදහන් කරමින් අන්තර්ජාලයෙන් පැමිණෙන ව්‍යාජ ප්‍රතිවෛරස් මෟදුකාංගද නැත්තේ නොවේ.ඔබ යම් අඩවියකට පිවිසි සිටින අවස්ථෘවක හදිස්සියේ මතුවන පොප් අප් එකකින් ඔබගේ පරිඝණකයේ ඉතාම දරුණු වෛරස කිහිපයක් ඇති බව හදුනාගත් බවත් මෙයින් පරිඝණකය බේරාගැනීමට වෛරස් ස්කෑන් කරන බවත් සදහන් වින්ඩෝවක් පරිඝණක තිරය මතට කඩා පැනිම සිදු වේ.බොහෝ දෙනා සිතන්නෙ මෙය ඇත්තක් බවයි.සාමාන්‍ය ප්‍රතිවෛරස් මෟදුකාංගයකින් මෙන් මෙම හොර ප්‍රතිවෛරස් මෟදුකාංගයකින් ස්වයංක්‍රියවම වෛරසය ඉවත් කරන්නේ නැත.පරිඝණකයේ ඇති වෛරස් කිහිපයක් හා ඒවා ඇත්තේ කොහේදැයි මෙවන් මෟදුකාංග වලින් ඔබට ඉදිරිපත් කරයි. නමුත් මේවා ඉවත් කරගැනීමට නම් අදාල මෟදුකාංගය ඩවුන්ලෝඩ් කරගත යුතු බව පවසන අතර මෙහිදී ඔබගේ ඊමේල් ලිපිනය ක්‍රෙඩිට් කාඩ් අංක වැනි පෞද්ගලික තොරතුරු රැසක් ඉල්ලා සිටී.පසුව මෟදුකාංගය පරිඝණකයට ඇතුලුවේ.ඒ හොද තත්වයේ ප්‍රතිවෛරස් මෟදුකාංගයක ස්වරූපයෙනි.නමුතු පසුව සිදුවන්නේ ඔබගේ කිසිදු අනුදැනුමකින් තොරව ඉස්තරම්ම වර්ගයේ පරිඝණක වෛරස රාශියක් මෙම මෟදුකාංගය මගින් ඔබගේ පරිඝණකයේ තැන්පත් කිරීමයි.පරිඝණකය උමතුවෙන් මෙන් ක්‍රියාකිරීමට පටන්ගන්නා තෙක් සිදුවී ඇත්තේ කුමක්දැයි ඔබට හදුනාගත නොහැකිය. ව්‍යාජ ප්‍රතිවෛරස් මෟදුකාංග