බර්ලින් තාප්පය ගැන දන්නවද ...

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    බර්ලින් තාප්පය ගැන දන්නවද ...

    සමහරවිට කට්ටිය බර්ලින් තාප්පය ගැන දන්නවත් ඇති. කාලෙක මේක හැදින්වුයේ "ලජ්ජාවේ තාප්පය " (wall of shame) කියලා. මොකද මේක බටහිර බර්ලිනයත් නැගෙනහිර ජර්මනියත් භෞතිකව වෙන් කලත් ප්‍රජාතාන්ත්‍රවාදයේත් කමියුනිස්ට්වාදයේත් බෙදීමේ සංකේතයක් වුනා.
    බර්ලින් තාප්පයේ ගොඩනැගීම සිද්ධවන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසානයත් එක්කම ඇතිවුන ක්‍රියා දාමයක් හේතුවෙන් 1961 දී තමයි මේක ගොඩ නැගෙන්නේ. තාප්පය ඉදිකිරීමට හේතුව තමයි දෙවන ලෝක යුද්දෙන් පස්සේ ජර්මනිය කොටස් නැත්නම් කලාප 4කට බෙදීමත් හා බැදුනු සිද්ධි කිහිපයක් නිසයි. ඒ එක් එක් කලාප අයත් වන්නේ එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය යන මිත්‍ර පාර්ශවයටත් එක්සත් සෝවියට් දේශයටත්. මේක සිද්ධ වුනේ "postdam" කියන සම්මුතියට අනුවයි.
    1949දී මිත්‍ර පාර්ශව වල එක්වීමත් සමග ඒ කියන්නේ එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ එකමුතුවෙන් ඔවුන්ගේ කලාප තුනක එකමුතුව බටහිර ජර්මනිය බවට, නැතහොත් වඩාත් නිවැරදිව "ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුව (the Federal Republic of Germany) " බවට පත්වෙනවා. ඒත් එක්කම එක්සත් රුසියාවට අයිති කලාපය නැගෙනහිර ජර්මනිය නැත්නම් "ජර්මන් ප්‍රජාතාන්ත්‍රවාදී සමූහාණ්ඩුව (the German Democratic Republic)" බවට පත්වෙනවා.
    මේ බෙදීම උතුරු හා නැගෙනහිර බර්ලිනයේද සිද්ධ වෙනවා. බර්ලින් නගරය සම්පූර්ණයෙන්ම සොවියට් දේශයට අයත් කොටසේ ඇති නිසා. උතුරු බර්ලිනය නැගෙනහිර ජර්මනිය තුළ ඇති ප්‍රජාතාන්ත්‍රවාදී දිවයිනක් බවට පත් වෙනවා.
    යුද්ධයෙන් කෙටි කාලෙකට පස්සේ මේ බෙදීම නිසා උතුරු හා නැගෙනහිර ජර්මනිවල වෙසෙන්නන්ගේ ජීවන තත්වයේ ලොකු වෙනස්කම් ඇතිවෙන්න පටන් ගන්නවා. උතුරු ජර්මනියේ ධනවාදය රජකරන බැවින් කෙටි කලකදී ඔවුන් සීග්‍ර ආර්ථික වර්ධනයක් ලගාකරගනිමින් වෙසෙන්නන්ගේ ජීවන මට්ටම උසස් තත්වයකට ලගාවෙනවාත් එක්කම නැගෙනහිර ජර්මනිය ඉන් ප්‍රතිවිරුද්ධ මානයකට ගමන් කරනවා.
    1950 වසරේ අවසානය වනවිට නැගෙනහිර ජර්මනියේ තත්වය තවත් නරක අතට පත්වෙනවා. ඒත් එක්කම එහිවූවන් උතුරු ජර්මනියට සංක්‍රමණය අරඹනවා. 1960 දශකයේ මුල් භාගය වනවිට නැගෙනහිර ජර්මනිය කම්කරු හා ජනගහණය සිග්‍රලෙස අඩුවීම තවත් වැඩිවෙනවා. 1961 වනවිට නැගෙනහිර ජර්මනියට මිලියන 2.5ක ජනගහනයක් අහිමිවීමත් එක්කම මෙම සංක්‍රමණය වැලැක්වීමේ දැඩි වුවමනාවක් නැගෙනහිර ජර්මනියට ඇතිවෙනවා. විවිධ උත්සාහා අසාර්ථක වීමත් එක්කම අවසාන පියවර උතුරු හා නැගෙනහිර ජර්මනි වෙන්කරමින් දිගු හා උස් තාප්පයක් සෑදීම යන විකල්පයකට නැගෙනහිර ජර්මනිය යොමුවෙනවා.
    1961 අගෝස්තු 12-13 මධ්‍යම රාත්‍රීයේ බොහොමයක් බර්ලින්වාසීන් නිදාසිටින මොහොතක නැගෙනහිර ජර්මානු සොල්දාදුවන් හා කම්කරුවන් රැසකින් යුත් ට්‍රක් රථ පෙලක් බර්ලින් තාප්පය සෑදීම ඇරඹීම සිදුවන්නේ ඒ ආකාරයෙන්. ඉන් අනතුරුව නැගෙනහිර ජර්මනියට සිය ඥාති මිත්‍රාදීන් මෙන්ම තවත් බොහෝදේ අහිමි වෙනවා.
    සැතපුම් දහස් ගනන්ක් දිගින් යුත් අඩි 12කට ආසන්න උසකින් යුත් බර්ලින් තාප්පය ඉන් වසර 28 ක් වනතුරුත් මනුශ්‍යත්වයට නිග්‍රහ කරමින් විවිධ වැඩි දියුණු කිරීම් එක්ක වැජඹෙනවා.
    ඉන් වසර 28කට පසුව 1990 ඔක්තොම්බර් 3 වනදා බර්ලින් තාප්පය කඩාවෙන් කරනවිට එය හරහා පැනීමට ගිය නැගෙනහිර ජර්මානුවන් රාශියක් මැරුම්කා තිබුනා.



    බර්ලින් තාප්පය කඩා දැමීම.
    the-most-memorable-photos-of-the-fall-of-berlin-the-wall-2.jpg


    බර්ලින් තාප්පය,
    nestor4.jpg


    the-wall.jpg


    බර්ලින් තාප්පය ඉදිකර තිබුනේ මෙහෙමයි.
    berlinmap_01.jpg

    ______________________________________________________________

    මේකත් මමම කොටපු එකක් නිසා රිපෝස්ට් වෙන්න බෑ. බලල ඉවරවෙලා බම්ප් එකක් වත් දාලා යන්න.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම හොය හොය හිටපු එකක් මේක.....:yes:
    බොහෝම ස්තූතියි මචන් මේක සරලව පැහැදිලි කරාට.....
    ලඟදි දීල හින්ද දෙන්න rep දෙන්න බෑලු.....
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මම හොය හොය හිටපු එකක් මේක.....:yes:
    බොහෝම ස්තූතියි මචන් මේක සරලව පැහැදිලි කරාට.....
    ලඟදි දීල හින්ද දෙන්න rep දෙන්න බෑලු.....
    rep ඔනෙ නෑ මචං කමෙන්ට්ම ඇති ...
     
    • Like
    Reactions: charitha chandi

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    night crossing කියලා හුගක් කාලයකට ඉස්සෙල්ලා ෆිල්ම් එකක් අවා මේ තාප්පය හරහා බැලුමක නැගලා පවුල් 2 ක් පැනලා යනවා හරිම ලස්සනය ඇත්ත කාතාවක් පදනම කරගෙන හදපු එකක්
    හුගක් වටිනා පොස්ට් එකක් මචන් ඉස්තුතියි:):)
     
    Last edited: