Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Jokes
එළකිරියේ '' පොලිස් '' කතා
Tweet
Page 1 of 8
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
D2020
Senior Member
Posts: 489
Join Date: May 2012
Location: Gam5
එළකිරියේ '' පොලිස් '' කතා -
06-20-2012, 12:29 PM
ඔන්න පොඩි Thread එකක් පටන් ගන්න හිතුනා
අපේ පොලිසිය
ගැන...
පොලිසිය කිව්වාම ඒ කාලෙනම් පොඩි බයක් එක්ක ලොකු ගරුත්වයකුත් මිනිස්සු ගාව තිබුණා. ඒකට අද කාලේ..........
හරි හරි මොනව උනත් අපි පිලිගන්න ඕනෙ එක දෙයයී..
පොලිසිය අත්තටම මොනදේ කලත් අපේ රටේ නිතිය හා සාමය සුරකින්න උත්සහ කරන දේම අපි අගයන්න ඕනේ...
අපිත් වැරදි තියේනේ
අපිත් ඒ අහිංසක නිළදාරින්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැනේ..
එහෙම අපේ අය කරපු දග වැඩ දාන්න තමයී මේ Thread එක හදන්නේ..
ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න...
D2020
View Public Profile
Send a private message to D2020
Find all posts by D2020
(#
2
)
D2020
Senior Member
Posts: 489
Join Date: May 2012
Location: Gam5
06-20-2012, 12:30 PM
මේ කතාව උනේ මීට අවුරුදු 30 කට වගේ උඩදී....
කතාවේ නායකයා වෙන්නේ
අපේ මාමා...
මාමා කොල්ලා කාලේ , අපිට වගේම රථ ගායක් හැදිල තියෙනවා. ලෙඩේ හොද වෙලා තියෙන්නේ Honda CD 125 බයික් එකක් ගත්තට පස්සෙලු.
ඉතින් ඉබ්බා දියට දැම්ම වගේ බයික් එකෙන් රවුම් ගහනවලු ''හෝ'' ගාලා. හැබැයි පොඩි අව්ලක් තිබුණලු. අලියා ගත්තට හෙන්ඩුවක් අරන් නෑ. මාමා License නෑ.....
ඔන්න ඉතින් මේ භාදක මැද මාමා පොඩි ගමනක් යනවලු එයගේ බයික් එකෙන්. පොඩි ගමනක් කිව්වට 25KM ක වගේ පොඩි දුරක්. ගමන ගිහින් ආපහු එන කොට ටිකක් වයසක , කලු , බඩ උඩින් කලිසම ඇදින රාළ හාමි කෙනෙක් අත දාලා තියෙනවා. කතාවෙ හැටියට මාමා බයික් එක නවත්තලා.
( පිටපතේ ඇති දෙබස් )
රාළ : කොහෙද මේ යන්නේ?
මාමා : ගෙදර යන්නේ රාළ හාමී.
රාළ : ගෙවල් කොහෙද?
මාමා: [][][][][][][][] ඉන්නේ රාළ හාමී.
රාළ : ටිකක් දුරයි නේද ? හා කමක් නැ ගමු බලන්න එහෙම License.
ඔන්න ඉතින් කොල්ලනේ රාළ හාමි ඇහුවේ අනවශම ප්‍රශනයක් නේ.
මාමා එවලේ පොඩ්ඩක් මෙව්වා වෙලා තියෙනවා. රාළ හාමිට එක තේරිලා.
( පිටපතේ ඇති ඉතිරි දෙබස් )
රාළ : අහා , මුකුත්ම නෑනේද?
(මාමා ට උත්තර නැත. රාළ හාමි සුපුරුදු පරිදි මෙවනි කොල්ලන් බය ගැන්වීමේ ක්‍රියාව ආරම්භ කලේය. දඩ කොලයක් අතින් ගෙන හරඹ කිරිමට ඔහු කටයුතු කලේය. මාමා දැන් ගොදුරට අසුවී අවසන් බව වටහා ගත්තත් ඉන් රිංගා පැන දිවීමට නිහඩව සැලසුම් කලේය.)
රාළ : මොකද කියන්නේ , දඩ කොලේකට නම දානවද? නැත්නම්......
මාමා : එහෙම කරන්න එපා රාළ හාමි , අපි වෙන විදිහක් බලමු..
අන්න point එක කියල හිතපු අපේ රාළ හාමී ලියුම් කවරයක් දීල කිව්වලු.
මේකට රු.100ක් දානවා. කියලා. මාමා එවලෙම රු 100ක් දාලා ඒ ලියුම් කවරේ අතටම දීලා.
රාළ : නෑ නෑ නෑ , අතට දෙන්න එපා, අන්න අර බුලත් විට කඩේට දෙන්න මම ගන්නම්.
(මාමාගේ කනට මී පැණි වැටුනා හා සමාන සුවයක් දැනෙන්න පටන් ගත්තේය. මාමා ඒ කඩේ ලගට යන ගමන් සාක්කුවට අත දමා රු.10ක් ගෙන , එය එම කවරයට දමා රු.100 නැවත සාක්කුවට ඔබා ගත්තේය. කවරය කඩයට දී , නැවත රාළ හාමී ළගට පැමිණ)
මාමා : හරි රාළ හාමි
රාළ : එහෙනම් ගිහින් එන්න.
කියා මාමාගේ පිටට තට්ටුවක් දැම්මේය. මාමා එතනින ඉතා වේගයෙන් වාෂ්ප වු බව සදහන් වේ.
කතාව හොදනම් සලකලා යන්න...
ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න...
D2020
View Public Profile
Send a private message to D2020
Find all posts by D2020
(#
3
)
D2020
Senior Member
Posts: 489
Join Date: May 2012
Location: Gam5
06-20-2012, 12:30 PM
මේ කතාවට දැන් වයස අවුරුදු 15ක් වගේ වෙනවා. මේ කතාවෙත් නායකතුමා '' මාමා කෙනෙක්.''
ඇත්තටම කියනවනම් මෙයා පොඩී ගමනක් ගිහින් තියෙන්නේ town එකට , ඒත් බයික් එකක. license and insurance මුකුත්ම අර ගිහිනුත් නෑ. ගෙදර ඉන්න ගමන් set උන හදිස්සී ගමනක්.
කොහොම හරි මේ මාමා ගමන ගිහින් එන කොටම , රාළ හාමි කෙනෙක්ගේ නෙත ගැටිලා. ඇදගෙන ඉන්න විදිහට සාමාන්‍ය පුද්ගලයෙක් නිසාමද කොහෙද අත දාලා නවත්තලා.
දැන් මේ මාමාට කර කියා ගන්න දෙයක් නෑලු. මොකද තමන් ගේ අතේනේ වැරැද්ද.
අන්තිමට අන්තිමට දඩ කොළයක් ලියන්නමලු යන්නේ.
මේ මාමා : අනේ රාළ හාමී , අපි මේ පලාතේ මනුස්සයෝනේ , අදට විතරක් යන්න දෙන්න , අනික මම අවේ පොඩී හදිස්සියකට , මා ගාව වැඩී ගානකුත් අතේ දැන් නැ.
රාළ : හා හා එහෙම යන්න දෙන්නත් බෑ.... ම්.... ඔන්න අදට විතරක් සමාව දෙනවා , අතන තියෙන හෝටලේට ගිහින් මාලු බනිස් ගෙඩියකටයී , plan tea එකකටයී , goldleaf දෙකකටයී සල්ලි දීල යනවා. මම තව පොඩ්ඩකින් ඇවිත් කාලා බීලා යන්නම්.
මේ මාමා හිස නමලා '' හරි රාළ හාමී '' කියලා , ඒ හෝටලේට ගිහින් ,
goldleaf දෙකක් දෙන්න කියලා එකක් සාක්කුවේ දාගෙන , එකක් පත්තු කරගෙන කඩේ මුදලාලිට කියලා
" අර රාළ හාමි ඇවිත් , මේකේ බිල ගෙවලා යයී '' කියලා එතන ඉදන් අර රාළ හාමිට අත වනලා ,
රාළ හාමිත් අත වනලා..
''හරි මල්ලි''
කියලා මුදලාලි කියලා....
මේ මාමත් එතනින් වෂ්ප වෙලා ටිං ටිං ගාලා......
කතාව හොදනම් සලකලා යන්න...
ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න...
D2020
View Public Profile
Send a private message to D2020
Find all posts by D2020
(#
4
)
D2020
Senior Member
Posts: 489
Join Date: May 2012
Location: Gam5
06-20-2012, 12:30 PM
මේ සිදුවීම ගැන ඇත්තටම මට දුකයී. මොකද මමත් මේ සිද්දිය උන තැන හිටියා. සිද්දිය උනේ bike parts and paints තියෙන කඩේක, මීට මාස තුනකට උඩදී.
මගේ යාලුවෙක් එක්ක මම ඒ කඩේට ගියා , මිනිහගේ bike එකට අමුතු light set එකක් ගන්න. මිනිහ කඩේ හිටපු අයිය එක්ක කතා කර කර , කඩේ ඉන්න අක්කත් ඉක්ක පොඩි හිනාවක් එහෙම දාගෙන හිටියා.
ටික වෙලාවක් ඉන්න කොට, රාළ හාමි කෙනෙක් හදිස්සියෙන් බයික් එකකින් අවිත් බැහැලා. කඩේ ඇතුලට අවිත් bike helmet තියෙන රාක්කේ දිහා බලාගෙන කලබලෙන් , දාඩිය පිහ දාන ගමන් helmet එකක් තෝරනවා. helmet තෝරලා එතන හිටිය අක්කට කිව්වා ,
''අන්න අර එක දෙන්නකෝ , ඒක තමයී හරියන්නේ කියලා..''
එ අක්කා එක අතට අරන් , කින්ඩීයට වගේ අහුවා '' රාළ හාමී මේක කවරෙකට දාලම දෙන්නද කියලා''
රාළ හාමි කියනවා '' එපා එපා ඕනෙ නැ මට දැන් දාගෙන යන්න ඕනේ කියලා ''
එවලේ කඩේ අයියා නිකමට වගේ ඇහුවා , ඇයි රාළ හාමී මොකක් හරි අව්ලක්ද කියලා"
රාළ : අනේ බලන්නකෝ මොකෙක්ද මගේ helmet එක උස්සලානේ
අයියා : රාළ හාමි එතන හිටියේ නැද්ද?
රාළ : හිටියා , මාත් එක්ක කරන රාළ හාමිලා තව තුන් දෙනෙකුත් හිටියා , මොකෙක් හරි එකෙක් මේක උස්සලානේ අපිට කොලේ වහලා.
දුක අහිංසක කම දෙකම තිබ්බා ඒ වෙලේ ඒ රාළ හාමිගේ මූණේ. ඒත් අර අක්කා ට මේ කතාව අහපු ගමන්ම හිනා ගියා. අපිනම් හිනා උනේ රාළ හාමි ගියාම.
කතාව හොදනම් සලකලා යන්න...
ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න...
D2020
View Public Profile
Send a private message to D2020
Find all posts by D2020
(#
5
)
Sadeepa Arosha
Senior Member
Posts: 3,244
Join Date: Aug 2009
Location: ඇයි එන්නද ?
06-20-2012, 12:42 PM
ela ela ohama yaman +3
Sadeepa Arosha
View Public Profile
Send a private message to Sadeepa Arosha
Find all posts by Sadeepa Arosha
(#
6
)
D2020
Senior Member
Posts: 489
Join Date: May 2012
Location: Gam5
06-20-2012, 12:46 PM
Quote:
Originally Posted by
Sadeepa Arosha
ela ela ohama yaman +3
thanks saho
D2020
View Public Profile
Send a private message to D2020
Find all posts by D2020
(#
7
)
Agent 007
Senior Member
Posts: 1,617
Join Date: Jan 2012
Location: Gampaha
06-20-2012, 01:09 PM
මාරු කතා ටික..
Agent 007
View Public Profile
Send a private message to Agent 007
Find all posts by Agent 007
(#
8
)
Sadeepa Arosha
Senior Member
Posts: 3,244
Join Date: Aug 2009
Location: ඇයි එන්නද ?
06-20-2012, 01:16 PM
Quote:
Originally Posted by
Agent 007
මාරු කතා ටික..
Sadeepa Arosha
View Public Profile
Send a private message to Sadeepa Arosha
Find all posts by Sadeepa Arosha
(#
9
)
Sadeepa Arosha
Senior Member
Posts: 3,244
Join Date: Aug 2009
Location: ඇයි එන්නද ?
06-20-2012, 01:19 PM
ralahamai Rs 10 monawa karada dan ne lol
Sadeepa Arosha
View Public Profile
Send a private message to Sadeepa Arosha
Find all posts by Sadeepa Arosha
(#
10
)
rcccc
Senior Member
Posts: 33,022
Join Date: Aug 2011
Location: kaduwela
06-20-2012, 02:10 PM
patta a digatama damu rep+
rcccc
View Public Profile
Send a private message to rcccc
Find all posts by rcccc
Page 1 of 8
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10978
seconds with
6
queries