මළ පොතේ අකුර මොකක්ද?

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මළ පොතේ අකුර මොකක්ද?

    547213_374652932597744_447829224_n.jpg

    මචන්ලා මෙන්න මේ පොටෝ එක දැක්කේ ෆේස් බුකියෙදී ....මේ මොකක්ද මේ.......මේකලු මළ පොතේ අකුර.....අනේ මන්දා.....මම අහලා තියෙන විදිහට මළ පොතේ අකුර කියන්නේ " ඉ " මොකද " ඉ " යන්නට ඉස්පිලි,පා පිලි ,ඇල පිලි හල් කිරීම් වැනී පිල්ලම් යොදාගන්න බැරි නිසා ලූ......ඔන්න ඉතින් ටිකක් වෙලා ඔය පොටෝ එක බලා ගෙන ඉන්න කොට වටින කියන අදහස් ටිකක් කොමෙන්‍ටු වල වැ‍ටුනා බොලව්....හොද හොද ඒවත් තිබුනා........ඔන්න ඒ කොමෙන්‍ටු වල තිබුන වැදගත් අදහස් ටික මම මෙතන ලියන්නම් කෝ......මම හිතන් ඉදපු විදිහ හරි කියලා ගොඩක් කොමෙන්‍ටු වලින් ඔප්පු කලා කාටද ආඩම්බර ( අපේ ආච්චි තමයි ඔය කතාව කියලා දුන්නේ )......

    මේ අනිත අයගේ අදහස්.....ඉස්සර මළ ගෙවල් වල වෙස්සන්තර ජාතකය කිව්වා කියලා ඔයාලා දන්නවනේ....ඉතින් ඔය වෙස්සන්තර ජාතකේ ඉතින් කියන්නේ ආසාව නැති කරලා දන් දීපු එක ගැන නේ......ඉතින් වෙස්සන්තර ජාතකයෙලු ජාතකයලු ජාතක කතා පොතේ අවසාන ජාතක කතාව....වෙස්සන්තර ජාතකය නොදන්න අයටලු මළ පොතේ අකුරක් නොදන්නවා කියන්නේ.......(වෙලාවට අපිනම් දන්නවා නේද?)ඉතින් ඔය වෙස්සන්තර ජාතකය මල දේහය නිවෙසේ තිබෙන කාලයේදීත් දේහ භූමිදානය කරායින් පසු සතියක් යනකනුත් ඔය වෙස්සන්තර ජාතක කාව්‍ය කියෙව්වලු.....මළ ගෙවල් වල වැඩි පුර කියවපු නිසා වෙස්සන්තර ජාතක කාව්‍යට මළ පොත කියලා කියන්න ගත්තාලු....(ඕකත් එක මතයක් නේ).......

    මෙන්න තව අදහසක්.........ඔය උඩ තියෙන පොටෝ එක මළ පොතේ අකුර නොවෙයි ලූ...(මම හරියට දන්නේ නැහැ)ඔය තියෙන්නේ මළ පතේ අකුරලු ඒක අකුරක් කිව්වට සන්කේතයක් ලූ....ඉසසර මළ ගෙදරක් බව දැනුම් දෙන්නන පොඩි කොලයක් යවුවලු අන්න ඒ කොලේ පිට පැත්තේ ඔය පොටෝ එකේ සලකුණ ලකුණු කරාලු අනිත් පැත්තේ අදාල දැන්වීම ලිව්වාලු.....මේ සලකුණ ලකුණු කරන්නේ අකුරු නොදන්න කෙනෙක්ට වුනත් මළ ගෙයක් බව දැනගන්න පුලුවන් වෙන්නලු...එහෙම මේ සලකුණ නොදන්න අයටලු මල පොතේ අකුරක් වත් නොදන්නවා කියන්නේ........ඉතින් ඔය මළ පත පසුව මළ පොත කියල වෙනස් වෙන්න ඇති කියලත් මතයක් තියෙනවා.....අනේ මන්දා මටනම් හරි උත්තරේ මොකක්ද කියල හිතා ගන්න බැහැ......තව අය කියනවා මළ පොත කියන්නේ....මුල් පොතටලු...මුල් පොත කියන්නේ හොඩියනේ...ඉතින් හෝඩිය නොදන්න කෙනාලු මළ පොතේ අකුරක් වත් නොදන්න කෙනා කියන්නේ......ඉතින් ඔන්න ඔවා තමයි මළ පොතේ අකුර ගැන කියන කතා.....මමත් හරි උත්තරයක් දන්නේ නැහැ....

    ඔයාලා දන්න දෙවලුත් කියන්න බලන්න නොදන්න දෙයක් නිසා හැමෝම කැමති වෙයි දැන ගන්න........

    සන්වාදය විවෘතයි.......​
     
    • Like
    Reactions: Honest-killer

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම අහලා තියෙන විදිහට මළ පොතේ අකුර කියන්නේ " " මොකද " " යන්නට ඉස්පිලි,පා පිලි ,ඇල පිලි හල් කිරීම් වැනී පිල්ලම් යොදාගන්න බැරි නිසා......
    :yes::yes::yes:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මම අහලා තියෙන විදිහට මළ පොතේ අකුර කියන්නේ " " මොකද " " යන්නට ඉස්පිලි,පා පිලි ,ඇල පිලි හල් කිරීම් වැනී පිල්ලම් යොදාගන්න බැරි නිසා......
    :yes::yes::yes:

    ඒක තමයි මචෝ මමත් අහල තියෙන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මල පොතේ අකුරයි මල පතේ අකුරයි කියන්නෙ දෙකක්...
    මල පොතේ අකුර කියන්නෙ ඉ කියන අකුර...
    ඒකට හේතුව මලපොත කියන්නෙ සදකිදුරු ජාතකය තියෙන පොත... ඒ ජාතකයේ අකුරු ගොඩාක් තියෙන්නෙ එකට බැදි හල් කිරීම් එක්ක... එහි තිබෙන පහසුවෙන් කියවන්න පුළුවන් එකම අකුර ඉ අකුර...
    අනික එදා ඉදන්ම වෙනස් නොවී තිබෙන එකම අකුරත් ඉ අකුර...

    මල පතේ අකුර කියන්නෙ ඉස්සර කාලෙ කෙනෙක් මියගිය බව දනවන්න යොදාගත් සංකේතයක්... කොළයක ඔය උඩ තිබෙන අකුර ලියලා යවනවා.. ඕක සංකේතයක් විතරයි.. ඔය සංකේතය දුටු ගමන් අකුරු බැරි කෙනෙක් උනත් පණිවිඩය දැනගන්නවා.. එහෙම ලියල යවන්නෙත් ගෙදරකට ගිහින් එකපාරටම මැරුණ බව දැන්වීම ප්‍රශ්ණ ඇති වෙන්න හේතුවක් නිසා...

    මේ මා දන්න තරමින්...!!!
     
    • Like
    Reactions: magicwithhasitha

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මල පොතේ අකුරයි මල පතේ අකුරයි කියන්නෙ දෙකක්...
    මල පොතේ අකුර කියන්නෙ ඉ කියන අකුර...
    ඒකට හේතුව මලපොත කියන්නෙ සදකිදුරු ජාතකය තියෙන පොත... ඒ ජාතකයේ අකුරු ගොඩාක් තියෙන්නෙ එකට බැදි හල් කිරීම් එක්ක... එහි තිබෙන පහසුවෙන් කියවන්න පුළුවන් එකම අකුර ඉ අකුර...
    අනික එදා ඉදන්ම වෙනස් නොවී තිබෙන එකම අකුරත් ඉ අකුර...

    මල පතේ අකුර කියන්නෙ ඉස්සර කාලෙ කෙනෙක් මියගිය බව දනවන්න යොදාගත් සංකේතයක්... කොළයක ඔය උඩ තිබෙන අකුර ලියලා යවනවා.. ඕක සංකේතයක් විතරයි.. ඔය සංකේතය දුටු ගමන් අකුරු බැරි කෙනෙක් උනත් පණිවිඩය දැනගන්නවා.. එහෙම ලියල යවන්නෙත් ගෙදරකට ගිහින් එකපාරටම මැරුණ බව දැන්වීම ප්‍රශ්ණ ඇති වෙන්න හේතුවක් නිසා...

    මේ මා දන්න තරමින්...!!!

    වැදගත් අදහසක්
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan e yanna kiyana aksharaya mala pothe akura wenna ba mokada ehenan swara akshara wala tiyena godak akuru walata ispili alapili papili danna baa.udaharanayak widiyata ee yanna,eru yanna,ilu yanna.eka nisa eka waradei.