ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ත්‍රස්තවාද
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
Lanka Out's Avatar
Lanka Out Lanka Out is offline
Member
Lanka Out is on a distinguished road
 
Posts: 58
Join Date: Jun 2012
check උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ත්‍රස්තවාද - 06-22-2012, 11:09 PM

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් -සරත් ෆොන්සේකා


රටේ නායකත්වය කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි නිසා රජය සමග එක්වී කිසිදු දේශපාලනයක් කිරීමට තමන් සූදානම් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා කියයි.
වසර 4ක කාලයක් රටේ නායකත්වය සමඟ වැඩකර තිබෙන තමන්ට ඔහුගේ සිතුම් පැතුම් අවංක බව හා කියන දේ ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීම යන කරුණු කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති නිසා දවල් වැටුණු වළේ රෑ වැටීමට සූදානම් නොමැති බවද ෆොන්සේකා මහතා සඳහන් කළේය.
තමන්ගේ දේශපාලන ඉදිරි ගමන විනිවිද පෙනෙන එකක්වන අතර මේ රටේ පවතින දුක්ඛිත දේශපාලන ක්‍රමවේදය හා ප්‍රජාතන්ත්‍රරවාදී නොවන දේශපාලන සංස්කෘතියෙන් රට බේරා ගැනීම සඳහා ජීවිත කැපවීමෙන් ක්‍රියාකරන බවද ඒ මහතා කියයි.
ඒ කාර්යය ඉටුකර ගැනීමේදි වසර දෙකහමාරක කාලයක් සිරගතවී සිටීමෙන් ලැබූ අත්දැකීම් හා මාගේ දේශපාලන ගමන අඩපණ කිරීමට ගත් උත්සාහයෙන් විශාල ධෛර්යක් ලැබුණා.
ප්‍රජාතන්ත්‍රවාදීදේශපාලනයට පිවිසීමේදී මා වෛරී දේශපාලනයේ ගොදුරක් වුණා. වසර 2 1/2ක් වධ හිංසා වින්දා. උදේට පොල් සම්බෝල සමග බත් කෑවා. දවල්ට කරවලයි, බෝංචියි වම්බටුයි සමග බත් කෑවා. මට මගේ ලොකු දුව දකින්න ලැබුණේ වසර 2 1/2කින්. ඇයගේ කටහඬවත් ඇහුවෙ නැහැ. දෙවැනි දුව දැක්කේ තුන්වතාවයි. බිරිඳ දකින්න ලැබුණේ මාසයකට එක් වරක්. මේ රටේ ජනතාව වෙනුවෙන් මා යන ගමන දුර්වල කිරිමට ගත් උත්සාහයෙන් මා අධෛර්යට පත්වුණේ නැහැ. ඉදිරියටත් මට ජම්පර් ඇඳීමට සිදුවිය හැකියි. එසේ වුවත් මගේ ගමන හා මගේ වැඩ පිළිවෙළ නතර කළ නොහැකියි” ඒ මහතා ඉරිදා ලංකාදීපය කළ විමසීමකදී කියා සිටියේය. මේ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය:- නිදහස්වීම සඳහා ඔබ ජනාධිපතිවරයා සමග කොන්දේසි ඇතිකර ගත්තද?
පිළිතුර:- කොන්දේසි නෙවෙයි, ටිරාන් අලස් මහතා මගේ නිදහස ගැන සාකච්ඡා කරන බව ප‍්‍රකාශකළ විට සාකච්ඡා කළ යුතු කරුණු කීපයක් ගැන මා සඳහන් කළා. එකක් මට දේශපාලනය කිරීමට ඇති ඉඩකඩ. තවත් කරුණක් නම් මගේ ආරක්ෂාව. මේවා කොන්දේසි ලෙස සඳහන් කළ නොහැකියි. රජයෙන් කිසිම කොන්දේසියක් ඉදිරිපත් කළේ නැහැ.

ප්‍රශ්නය:- ඔබට දැන් සිටින ආරක්ෂාව ගැන ඔබ තෘප්තිමත්ද?
පිළිතුර:- එදා මට ආරක්ෂකයන් 500ක් හිටියා. මට අසමාන තර්ජනයක් තිබුණ බව හැමෝම දන්නා දෙයක්. ගොඩබිම සිට සටන් මෙහෙයවූ ඇතැම් අයට 300ක් 400ක් බැගින් ආරක්ෂක භටයන් ලබාදී තිබෙනවා. තවත් අයට 3000ක පමණ ආරක්ෂාවක් දීලා තිබෙනවා. මට පොලිස් නිලධාරින් 15කගේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ආරක්ෂාව සැලසීමේදී පත්වන දුෂ්කරතා පිළිබඳව ඔවුන් දන්නවා.

ප්‍රශ්නය:- මැතිවරණ සමයේදී ඔබට මිලියන 1000ක පමණ ආධාර මුදල් ලැබුණු බවට කටකතා තිබෙනවා. ඒ පිළිබඳව ඔබට චෝදනා කෙරනවා නේද?
පිළිතුර:- මිලියන 1000ක පමණ මුදල් ආධාර ලැබුණ බව කීම අනුමත කරන්න බැහැ. මා සමග තරග කළ අනිත් පාර්ශ්වය මිලියන 3000ක් පමණ මැතිවරණයට වැය කළා. අපිට ඔය කියන තරම් ආධාර ලැබුණේ නැහැ. කාටවත් ඒ මුදල් හොරකම් කරන්නවත් සාක්කුවට දාගන්නවත් ලැබුණේ නැහැ. අපිට මිලියන 600 ක පමණ ආධාර ලැබුණා. එයින් සියයට 50 ක් පමණ වැය කළේ මාධ්‍ය කටයුතුවලට. ඒකට මාධ්‍යයත් වගකියන්න ඕනෑ.

ප්‍රශ්නය:- ඔබ යළි දේශපාලනයට පිවිසියේ ඇයි?
පිළිතුර:- මේ දූෂිත පාලනය සදාචාරයෙන් තොර පාලනය උපරිම ස්ථානයට පැමිණ තිබෙනවා. මේක වෙනස් කළ යුතු වෙනවා. මට සැප සම්පත් තිබුණා. දේශපලානයට ඒමට පෙර හිටියා වගේ ඉන්න තිබුණා. නමුත් ජනතාවට හානිකර ලෙසින් මේ රජය ගෙන යන වැඩ පිළිවෙළට වෙනසක් අවශ්‍යයි. මට මේ රටෙන් මොකවත් අවශ්‍ය නැහැ. රටට ලබාදෙන්න බැරි වූ දේ ලබාගන්න බැරිවූ දේ ලබාදීම මගේ අරමුණයි. මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් විය යුතුයි. රටට යහපතක් දියුණුවක් ලැබිමට නම් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුමයි. මේ රටෙන් දූෂණය තුරන් විය යුතුයි. පවුල්වාදය රට ගිලගෙන තිබෙනවා. දේශපාලන සදාචාරයක් නැහැ.

ප්‍රශ්නය:- ඉදිරි දේශපාලන ගමන සකස් වන්නේ කෙසේද?
පිළිතුර:- මහා සංඝරත්නයේ හා පූජක පක්ෂයේ අවවාද අනුශාසනා මේ ගමනට අවශ්‍යයි. පක්ෂ ජාතිවාදය න්‍යායවාදී දේශපාලනය මත හැපෙන්නෙ සූදානම් නැහැ. ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. ඒ පොදු විපක්ෂයක නායකයා කවුද? මෙහෙය වන්නේ කවුද? කියන ප‍්‍රශ්නය නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙත් වෙනත් කුඩා දේශපාලන පක්ෂවලත් රටට හිතවත් විශාල පිරිසක් ඉන්නවා. රටට ආදරය කරන පිරිසක් ඉන්නවා. මේ රජයට සහාය දුන් පිරිසකුත් අපේ ගමනට එක්වීමට සූදානම්. මේ දූෂිත රජය පෙරළා දැමීමට පියවර ගන්නවා. මේ රජයට රට විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. අපේ ගමනට ජනතා සහාය හා ආශිර්වාදය තියෙනවා
. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් තියෙනවා. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙනවා. ජනතාවට අහිමි යුක්තිය හා සාධාරණය ලබාදෙනවා. දේශපාලන ඇඟිලි ගැසීම් ඉවත් කරනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. සැබෑ ප්‍රජාත්‍රන්තරවාදය තහවුරු කරනවා. ආශ්චර්යට නොගියට කමක් නැහැ. ජනතා හිතවාදි ආර්ථිකයක් ගොඩනැංවීමට ක්‍රියා කරනවා. මේ රටේ නිෂ්පාදනය කළ හැකි දේ ආරම්භ කෙරෙනවා. රණවිරුවන්ට කෙලෙහි ගුණ සළකනවා. රටේ නීතිය හා සාමය ආරක්ෂා කරනවා. කොමිෂන් සභා පත් කරනවා.

ප්‍රශ්නය:- උතුරේ පැවැති අර්බුදයට ඔබ දකින විසඳුම කුමක්ද?
පිළිතුර:- රටටම පිළිගන්නා විසඳුමක් අවශ්‍යයි. සිත් නොරිදෙන සැකයක් නැති විසඳුමක් අවශ්‍යයි. කොළයකින් ව්‍යවස්ථාව වෙනස් කරනවා වෙනුවට විශ්වාසය මත ගොඩනැගෙන විසඳුමක් අවශ්‍යයි. සහෝදරත්ව බැම්ම තහවුරු කෙරෙන පිළියමක් අවශ්‍යයි. ඒපිළියම හදිසියට ලබා දෙන්නක් නොව සහෝදරත්වය, විශ්වාසය මත ගොඩනැගුණු විසඳුමක් අවශ්‍යයි. ඒ සඳහා පළමුව සහෝදරත්වය ගොඩනැංවීමට ක්‍රියා කළ යුතු වෙනවා. දෙපාර්ශ්වය අතර විශ්වාසය තහවුරු වූ පසු විසඳුමක් ලබාදීම බෙහෙවින් සරල වෙනවා.

ප්‍රශ්නය:- උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සඳහාවූ යෝජනාවට ඔබ එකඟද?
පිළිතුර:- එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදින් 12,000ක ප්‍රමාණයක් පුනරුත්ථාපනය කර සමාජගත කර සිටිනවා. පුනරුත්ථාපනය නොවූ තවත් පිරිසක් ජනතාව අතර සිටිනවා. එසේ තිබියදී එකවර හමුදා කඳවුරු ඉවත් කිරීම සුදුසු නැහැ. ඒක ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් විය හැකියි. වැරැදි දෙයට පෙළඹීමට ධෛර්යදීමක් විය හැකියි. එබැවින් දැන්ම හමුදා කඳවුරු ඉවත් කළ යුතු නැහැ. නමුත් හමුදා කඳවුරු ජන ජීවිතයට අවහිරයක් බාධාවක් නොවිය යුතුයි. යම් කාලයකට හමුදා කඳවුරු තිබිය යුතුයි. තත්ත්වය බලලා හමුදා කඳවුරු ඉවත් කරන්න ඕනෑ. ඒ දිනය සඳහන් කළ නොහැකියි. කාලය පෙන්නුම් කළ නොහැකියි.

ප්‍රශ්නය:- යුද අපරාධ සම්බන්ධව නැඟුණ චෝදනා පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
පිළිතුර:- හමුදාවේ හා රටේ කීර්තිනාමය වෙනුවෙන් වෘත්තිය යුතුකමක් ලෙස එම යෝජනාවට කරුණු ඉදිරිපත් කිරීමට මා ඉදිරිපත් වෙනවා. රජය එයට වගකීමෙන් මුහුණ දිය යුතුයි.

ප්‍රශ්නය:- හමුදා සෙබළුන් ඔවුන්ට සීමා නොවූ විවිධ කටයුතුවල යෙදවීම දැන් සිදු වෙනවා. හිටපු හමුදාපතිවරයා වශයෙන් ඔබ ඒ ක‍්‍රියාවලිය අනුමත කරනවද?
පිළිතුර:- හමුදා සෙබළුන් කිළිටි ඇඳුම් ඇඳගෙන විවිධ කටයුතු සඳහා යොදවා ගැනීම මා අනුමත කරන්නේ නැහැ. ඒ ගැන මට කණගාටුයි. සෙබළුන්ගෙ ආත්ම ගරුත්වය රැකෙන්න ඕනෑ. ඔවුන්ගේ ගෞරවනීය බව ජනතාව දකින්න ඕනෑ. එසේ නොවුණහොත් හමුදා නිලධාරියෙක් දෙන උපදෙසත් නියෝගයත් පිළිගැනීමට ජනතාව සූදානම් වන්නේ නැහැ. සෙබළුන් සංවර්ධන වැඩවලට යෙදවීම සිදුවෙනවා. ඒත් එය වෘත්තීය ගරුත්වයට හානි නොවන ලෙසින් විය යුතුයි. වී ගබඩාවක් පිරවීමේ කාර්ය හමුදාවට භාරදීල එළවළු විකිණීමත් හමුදාවට බාරදීලා. මේ විදියට හමුදාවක ගරුත්වය රැකෙන්නේ කොහොමද? මේවා වෘත්තීය අවබෝධයක් නැති අය ගනු ලබන අත්තනෝමතික තීරණ.

ප්‍රශ්නය: යුද්ධයේ අවසන් සතියේ ඔබ ශ්‍රී ලංකාවෙන් බැහැරට ගියේ ඇයි?
පිළිතුර: යුද්ධයෙ අවසන් සතිය කියල එකක් තිබුණේ නැහැ. මාවිල් ආරු සොරොව්ව විවෘත කිරීමේ සිට වසර දෙකක් පමණ යුද්ධය තිබුණා. අවසාන සතියෙදි එල්.ටී.ටී.ඊ.ය එක් ස්ථානයකට කොටු වුණා. එතැන රාජකාරිය තිබුණේ හමුදා කෝප්‍රල්ලටත් සැරයන්වරුන්ටත්. හමුදාපතිවරයාට එතැන කරන්න රාජකාරියක් නැහැ. කොහේ හිටියත් අවශ්‍ය උපදෙස් දුන්නා. චීන සංචාරය කීප වතාවක් කල් දමපු එකක්. එයට සහභාගි වෙන්න සිදුවුණා. චීනයෙ හිටියත් අවශ්‍ය සැලසුම් හා උපදෙස් ලබා දුන්නා.


සටහන - දයාසීලී ලියනගේ-ලංකාදීප

Last edited by Lanka Out; 06-22-2012 at 11:12 PM.
Reply With Quote
(#2)
Old
Lanka Out's Avatar
Lanka Out Lanka Out is offline
Member
Lanka Out is on a distinguished road
 
Posts: 58
Join Date: Jun 2012
06-24-2012, 09:19 PM

බම්ප්
Reply With Quote
(#3)
Old
Lanka Out's Avatar
Lanka Out Lanka Out is offline
Member
Lanka Out is on a distinguished road
 
Posts: 58
Join Date: Jun 2012
06-28-2012, 04:23 PM

ෆොන්සෙකාට බනින මොඩ හුයන්නොන්ට කමෙන්ට් එකක් දාන්න බැහැනේ.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10337 seconds with 6 queries