පරිගණක ජාලකරණය පාඩම 3
පහු ගිය ලිපිවලදී අපි කතා කලේ දත්ත සම්ප්‍රේෂණයේ ආකාර, පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමට යොඳා ගන්නා තාක්ෂණයන් , ජාලකරණයේ මූලික ආකාර, ජාල වර්ග ආදී මාතෘකා පිලිබදවයි. අද පරිගණක ජාලකරණය පාඩම් මාලාවේ තුන්වන කොටසින් කියන්න යන්නේ මොකක්ද මේ OSI Layers කියල හදුන්වන්නේ සහ ජාලකරණයේ දී එහි භාවිතය පිලිබදවයි. තේරැම් ගන්න ටිකක් අමාරැ වෙයි කියලා හිතන නිසා පුලුවන් තරම් සරලව ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තුව. මොකක්ද මේ OSI(Open Systems Interconnect) කියලා කියන්නේ. OSI කියන්නේ වර්ෂ 1983 දී International Standards Organization (ISO) කියන සංවිධානය විසින් නිර්මාණය කරන ලද ලෝකයටම පොදු වූ යම් කිසි භාවිතයක්. අපි භාෂාවක් අරගෙන බැලුවොත් උදාහරණයක් විදිහට සිංහල භාෂාව ගනිමු. එය ලෝකයේ කොයි මුල්ලක ඉන්න සිංහලයෙක්ට වුනත් පොදුවේ භාවිතා කල හැකි යම් කිසි standard එකක්. මිනිස්සු අතරින් සිංහලයින් තමන්ගේ අදහස් හුවමාරැ කරගන්න මේ standard එක භාවිතා කරනවා. ඉතින් පරිගණක(සියලුම මිනිසුන්) අතරිනුත් network(සිංහල මිනිසුන්) එකකට සම්බන්ධකල පරිගණක කමන්ගේ දත්ත network එක හරහා අනෙක් ජාලගත පරිගණකයට transfer කිරීමට මේ standard එක භාවිතා කරනවා. මෙය පියවරයන් කිහිපයක් තුලින් සම්පූර්ණවන (multilayered) භාවිතයක් වන අතර සරලවම කීවොත් යොදා ගැනෙන්නේ පරිගණක දෙකක් අතර දත්ත හුවමාරැ කරගැනීම පහසු කිරීම සදහායි. ඉතින් මේ OSI කියන model එකට ලේයර හතක් තියෙනවා. මේ හැම ලේයර් එකකම දත්ත process කිරීමේදී ඊටම වෙන් වෙන්ව පවත්නා සුවිශේෂී වු ගුණාංග තියෙනවා. මේ එක් එක් ලේයර් එකක් කරන කාර්යයන් එයටම ආවේණිකයි. එක් ලේයර් එකකින් කරන කාර්ය අනෙක් ලේයර් එකකට ඉෆෙක්ට් නොවී කටයුතු කල හැකියි. උදාහරණයක් නම් අපි අපේ පරිගණකයේ network configuration වෙනස් කලා කියලා application layer එකට හෝ presentation layer එකට බලපෑමක් වෙන්නේ නෑ. OSI model හදල තියෙන්නේ ස්පෙසිෆිකලි ම(නිරූපිත වශයෙන්ම) විවෘත පද්ධතියක් ලෙසයි. ඒ කියන්නේ වෙනත් ඕනම නෙට්වර්ක් එකක් එක්ක මේ OSI model system කියන Standard එක කම්පැටිබල්. ඉතින් මේ කියූ දේවල් ඔක්කොම brief කලාම අන්තිමේදී එන ඉමේජ් එක තමයි එක් පරිගණකයකින් තවත් පරිගණකයකට ජාලයක් හරහා දත්ත transferring වීමේදී අපි නොදැනුවත්වම වුනත් OSI modelඑකට අයත් ලේයර්ස් සියල්ල හරහා වේගයෙන් ගමන්කර නියමිත ස්ථානය ලගා කරගන්නවා කියන එක. දැන් අපි බලමු මේ ලේයර්ස් මොනවද කියලා.

1) Application Layer
2) Presentation Layer
3) Session Layer
4) Transport Layer
5) Network Layer
6)Data Link Layer
7) Physical Layer
මේ ලේයර්ස් සම්බන්ධව පැහැදිලි කිරීමට පෙර අපි උදාහරණයක් අරන් තවටිකක් තේරැම් අරගනිමු, මෙහි භාවිතය කොයි වගේද කියලා. ඒ සදහා මේ පින්තූරයත් උදව් කරගන්න.

තැපැල් කන්තෝරැවකින් රෙජිස්ටර් කල ලියුමක් යවන එක ගැන හිතන්න. අපි යවන්න ඕන ලියුම හරි ඩොකියුමන්ට් එක හරි මොකක් හරි මුලින්ම ලියනවා. මෙය Application Layer එකට සමානයි. ඉන්පසුව එය ලියුම්කවරයක දැමීම අවශ්‍යයයි වැඩිපුර ආරක්ෂාව සදහා. නැත්නම් ලියුම යන අතරතුරේදී එහි ඇති දේවල් එලිවීමට තියෙන ඉඩකඩ වැඩියි. මෙය Presentation Layerඑකයි. ඉන්පසුව කරන්නේ ලියුම් කවරයේ දැමූ ලියුම mail room එකට ගෙන ගොස් රෙජිස්ටර් කරගැනීම Session Layer එක වනවා. ඊට පසුව අදාල පොතෙහි ඒ ලියුම රෙජිස්ටර් එකක් නිසා නියමිත ස්ථානයටම Transport කල යුතුබවට සටහන් තබා ගැනීම Transport Layer එක ලෙස හැදින්විය හැකියි. මීලගට එම ලියුමේ යැවිය යුතු ස්ථානය සදහන් කරනවා. එනම් address එක ලිවීම Network Layer එකයි. දැන් ඒ ලියුම secure seal එක යොදා යැවිය යුතු ස්ථානයට යැවීමට අදාල වූ බහාලුමට දැමීම Data Link Layer ලෙසත්, අවසාන ස්ටේජ් එක ලෙස Physical Layer එකේදී ලියුම mail van එකට දැමීමත් මෙසේ හැදින්වේ. Physical Layer එක ගත්විට පරිගණකය භාවිතයේදී නම් සියලුම දත්ත රැගත් එම data packet එක(ලියුම) network cable එක හරහා යැවීමට සූදානම් කිරීම දැක්විය හැකියි. එනම් put on the cable කියලත් කියන්න පුලුවන්. ඉතින් මේ දැක්වූ උදාහරණය බොහෝදුරට OSI model නම් වූ සංකල්පයට එකගයි. මම හිතන්නේ හොද වැටහීමක් ලැබෙන්නත් ඇති. ඉතින් පරිගණකයේදී ඉහත සිදුවීම් වල වේගවත් බව රදාපවතින්නේ userගේ වේගවත් බව මතයි. තාම අපි කතා කලේ එක් පරිගණකයක් තුලදී අනෙකට යැවීමට දත්ත සූදානම් වන ආකාරය පිලිබදවයි. ඉතින් මෙසේ මෙම පියවරයන් හත එකට එක්ව ගත් කල OSI model නම් වූ සංකල්පය නිර්මාණය වෙනවා.