එලකිර්යේ මුස්තාපා............

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    එලකිර්යේ මුස්තාපා............

    ඔන්න අපේ කතාවට අදාල වන කතානායකයාට SLIIT එක කරන්න කියලා ඔහුගේ සිඟිති මොලේට අදහසක් ආවලු.. ඒත් ඉතින් හද්ද කැලේ ඉඳන් කොහොම එන්නද, ඒක නිසා බෝඩිමකුත් හොයා ගත්තලු.. ඒ කාලේ තමයි ඔහුට මේ මුස්තාපා කියන සොඳුරු සුරතල් නාමය ගෞරවයක් විදියට ලබා දීලා තියෙන්නේ.. මොහු දැන් එලකිරිය තුල නිවී තැන්පත් වෙලා ඉන්න විදියට මම දැන් කියන්න හදන වැඩ කරා කියලා හිතන්නවත් ඔබට බැරිවෙයි.. ඒ තරම් මුස්තාපා කියන නමට ගැලපෙන කුපාඩි වැඩ තමා මූ කරන්නේ..

    මෙහෙමයි කතාව යන්නේ.. දවසක් අසරන අහිOසක කාන්තාවක් ලගට බුලත් විටක් එහෙම හප හප Adidas බෑග් එකක් දකුනු කරෙන් එල්ලගෙන හාදයෙක් එනවලු බෝඩිමක් ඉල්ලගෙන බොහෝම බැගෑපත් පෙනුමක් අරූඪ කරගෙන.. ඇවිත් වැඳ වැටිලා කොහොම හරි කාමර කෑල්ලක් ඉල්ලගන්නවා.. කල් ගත වෙද්දි ඒ කාන්තාවටත් තේරෙනවලු මූ වැඩිකල් හිටියොත් ඒ කාන්තාවගෙන්ම බෝඩිO ගාස්තු අයකරන්න ඉඩ තියෙනවා කියලා.. ඒක නිසා කොහොම හරි පන්න ගන්න තමා උත්සහ කරේ.. කොහොමහරි අන්තිමේදි පොර යන්නේ කරන්න ආපු රාජකාරියත් සාර්ථකව අහවර කරගෙන.. ඇන්ටිත් බොහෝම හිත සතුටින් කාමරේට ගිහින් බැලුවා, අහෝ.... විපතක සයිස් එක..

    මුන් තිදෙනාගෙන් අපේ කථානායකයා ( විශ්වාසවන්ත ආරOචි මාර්ග අනුව ) කාමරය අමු සොහොනක් බවට කන්වර්ට් කොට ඇත. සුව නින්දකට මග කැන්දු ඇඳක ආධාරක පොලු කිහිපයක් තුනට හතරට කඩා දා ඇත, මහ සෝනා ලේ බිවුව විලසින් කාමරය පුරාම බුලත් කෙලය.. මෙහෙදි බුලත් කෑමේහි රුසියෙක් වන අපගේ කථානායකයා බුලත් කෙල රටා බිත්ති අතර මැවුවේ මනරම් දසුන් බව සිද්ධිය දුටුවන් පවසයි.. ඇය අවසානයේ ඔවුන්ට දේවාලවල ගොස් පොල් ගැසූ බවද දූශමාන ආරOචිමාර්ග පවසයි..


    ඒ ඔහුගේ අතීතයෙන් බිඳකි, වර්තමානයේ සුන්ඳර ගීයක ඇරඹුමෙන් පටන් ගෙන හද විල කලඹන ගී ජල රේඛාව දක්වා එලකිරි රසික ජනයාගේ රස නහරේ සොඳුරු තැන් ස්පර්ශ කල ( වෙන මොනවා ස්පර්සකරාද කියලා දන්නෙ නෑ, දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා ) මේ සොඳුරු හිත හොඳ මිනිසා අද ඔහුගේ එලකිරි දිවියේ එක් කඩඉමක් පසුකරන වගයි.. නුදුරු දිනකදීම බාලිකා පාසලක තොරතුරු තාක්ෂනික විශය භාර ආචාර්ය වරයා ලෙස කිරුලු පැලඳීමට නියමිත මොහු දැනටමත් ඔබ අනුමාන කරනවා විය හැකිය.. ඕනෙම එකෙක්ගේ බොක්කක් වීමට මොහුට වැඩිකාලයක් අවශ්‍ය නොවේ.. ( බොක්කක් වූ පසු වන දෑ දන්නෝ දනිති ) හැකි හැම විට කෙලෙසකින් හෝ උපකාර කරන, එලකිරියේ සOගීතයේ රස හඳුනන සියල්ලන්ගේ හිතවතා...


    profilepic35153_2.gif


    sasliit
    user_offline.gif


    Senior Member


    avatar35153_28.gif


    අද ඔහුගේ පෝස්ට් 5000 සම්පුර්ණ කරන වගයි...

    tOcA.jpeg




    සුභ පැතුම් සැසියා..........;);)

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හ්ම්ම් විශ්වාසදායක ආරංචි මාර්ග නේද මචං ? ;) එල එල මුස්තාපා දිගටම වටිනා කියන පොස්ට් දාපන් . මගේ සුභ පැතුම් කොල්ලෝ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබ අර මම කියපු ටික දාලා නෑනේ....සෙරප්පු පාරවල් ගැන එහෙම.....ඒවා කට්ටිය දන්නවනම් මූට බාලිකා පාසලකට තියා මොන්ටිසෝරියකටවත් යන්න දෙන්නෑ:lol::lol::lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    උබ අර මම කියපු ටික දාලා නෑනේ....සෙරප්පු පාරවල් ගැන එහෙම.....ඒවා කට්ටිය දන්නවනම් මූට බාලිකා පාසලකට තියා මොන්ටිසෝරියකටවත් යන්න දෙන්නෑ:lol::lol::lol::lol::lol:
    පවුනේ බන්... ගහනවා කියලා එහෙම ගහන්නත් බෑනේ...:rofl:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    Congratulations-Glitters-21.gif

    පට්ට ඈ
    අපේ එල බොක්කක් නේ ඒ උනාට මු මෙච්චර චාටර් කියල දැනගත්තේ අදනේ :P:P:P
    ජය වේවා මචන්......!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Congratulations-Glitters-21.gif

    පට්ට ඈ
    අපේ එල බොක්කක් නේ ඒ උනාට මු මෙච්චර චාටර් කියල දැනගත්තේ අදනේ :P:P:P
    ජය වේවා මචන්......!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    හෙහ්,,,,...මුගේ කෙරුවාව උබල දන්නවනම් මූ ඉන්න පැත්තක් බලන් බත් කන්නෑ....:lol::lol::lol::lol::lol: