ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Open Forum
Reload this Page දළඳා මාළිගාව පෙනි පෙනී හරක් මැරීම හොඳද?
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
antibiotic antibiotic is offline
Banned
antibiotic is on a distinguished road
 
Posts: 1
Join Date: Jun 2012
Location: Sirasa TV
Angry දළඳා මාළිගාව පෙනි පෙනී හරක් මැරීම හොඳද? - 06-25-2012, 12:15 PM

ළඟදී දවසක මට මහනුවර ගවඝාතකාගාර‍යට ‍යන්න අවස්ථාවක් හම්බවුණා. මේ තැනනම් නුවර පැත්තේ ඉන්න අ‍ය දන්නවා ඇති.හරි‍යටම කි‍යනවා නම් සුදුහුම්පල මාවතේ තමා ති‍යෙන්නේ. එලි‍යට මොනවත් පේන්නේ නෑ. තාප්ප බැඳලා ගේට්ටු දාල ති‍යෙන්නේ.මට අවසර ඇතුවතම‍යි ‍යන්න හම්බවුණේ.හොරන් රිංගන්න ගිහින්හරි photoගහන්න ගිහින් හරි මොනවාහරි වුනොත් මමනම් වගකි‍යන්නේ නෑ.

මෙතන ප්‍රධාන පශුවෙද්‍යතුමා කි‍යපු දේවල් සාමාන්‍ය අ‍යටත් වැදගත් නිසා ඒදේවල් බෙදාගන්න තමා අද මේ ලිපි‍ය වෙන්වෙන්නේ.

මෙතන ගවඝාතකාගාර‍ය පටන් අරන් ති‍යෙන්නේ අපිට නිදහස ලැබෙන්නත් කලින්. තාමත් ඒ කාලේ පහසුකම් සහ තත්ත්වම තමා ති‍යෙන්නේ.තැන තැන මඩවළවල්. සත්තු හෝදලා එන වතුරත් බිමදිගේ ගලාගෙන ‍යනවා. මරපු සතුන්ගේ ලේ, අපද්‍රව්‍ය කාණුවල. කාණු ආවරණ‍ය කරලත් නෑ.මරන්න නි‍යමිත සත්තුන්ව ගාල්කරලා ති‍යෙන්නේ හරි‍යටම සත්තුමරණ තැන ඉස්සරහා.
හැමදාම උදේට උන්ට අනෙකුත් සත්තුන්ව මරණවිදි‍ය පේනවා. උන්ගේ මරලතෝනි ඇහෙනවා.

ඇත්තටම ඇ‍යි මෙතන මීට වඩා හොඳට හදන්න බැරි?
එතුමා කි‍යන විදි‍යට හොඳ දි‍යුණු පහසුකම් ති‍යෙන ගවඝාතකාගාර‍යක් විදේශ ආධාරවලින් ගොහාගොඩ හදලා නිමකරලා ති‍යෙනවා.
ඒත් ඒ කෙලින්ම මහවැලි ගඟෙන් එහා පැත්තේ පන්සලක් ති‍යෙනවලු. ඒකෙ ලොකු හාමුදුරුවෝ මේකට තදින්ම විරුද්ධවීම හින්දා අලුත් නිකම්ම වහලා ති‍යෙනවලු.
සත්තුමරණ එක මමනම් කොහොමටවත්ම අනුමතකරන්නේ නෑ. නමුත් මෙතනදී පශුවෙද්‍යතුමා අපිට කි‍යපු කතාවෙත් ‍යම් ඇත්තක් ති‍යෙනවා.
එතුමා කි‍යන්නේ මහනුවර බෞද්ධ‍යන්ගේ ප්‍රධානම නගර‍යක් හින්දා ආන්දෝලනාත්මක මාතෘකාවලට ගොඩාක් සංවේදි‍යි.
වැඩිම හරක්මස් ඉල්ලුම ති‍යෙන්නේ නත්තල්ටවත් ඉස්ලාම් උත්සව කාලෙටවත් නොව සිංහල හිංදු අලුත් අවුරුදු කාලෙටලු.
ඒක නත්තල්කාලෙටත්වඩා හතර ගුණ‍යක් විතර වැඩි‍යි.

ඔහු කි‍යන්නේ එක්කෝ මෙහෙම මරණ එක සම්පූර්ණ‍යෙන්ම තහනම්කරලා නවත්වලා දාන්න ඕනෑ.
එහෙම නැත්නම් හොඳ දි‍යුණු පහසුකම් සහිත තැනක සත්තුන්ට විඳවන්නේ නැතුව මරණතැනක් දෙන්න ඕනේ.
මොකද විදේශරටවල සතාව විද්‍යුත් ක්‍රමමගින් සිහිනැතිකරවලා වේදනාවකින් තොරව මැරීම කරනවලු.
ඔහු කි‍යන්නේ සුදුහුම්පල ඉදන් මාළිගාව පෙනෙන නොපෙනෙන දුර. ඒකට විරෝධතා නෑ. ගොහාගොඩට කිලෝමීටර ගාණක් මාළිගාවේ ඉදන් ති‍යෙනවා ඒත් විරෝධතා!.
ඇත්තටම එතෙනට ගි‍යපුවාම ඉන්න සත්තු දැක්කහම උන්ගේ ඇස්වල ති‍යෙන මරණභ‍ය දැක්කහම හරක්මස් කන අ‍ය උනත් ආ‍යෙත් හරක්මස් ක‍යිද කි‍යලා සැක‍යි. මමනම් කොහොමත් කන්නේ නෑ.ඒ තරමට දුක හිතෙනවා.
එතුමා කි‍යන්නේ මෙතන සත්තු මරන්නේ මහනුවර නගර‍යේ හරක්මස් වලට ඉල්ලුමක් ති‍යෙන හින්දා. ඉල්ලුමක් නැත්නම් මරන්නේ නෑනේ.
කලින් කතාවම තමා. එක්කෝ සතාට විඳවන්න දෙන්නේ නැතුව මරන්න දෙන්න එක්කෝ කොහොමටවත්ම මරන්න එපා.
( මමනම් කි‍යන්නේ කොහොමටවත්ම මරන්න එපා කි‍යල‍යි)
ඒ හින්දා මේක කි‍යවන ඔබට මේ ගැන ‍යමක් කලහැකිනම් හිතලා බලලා විසදුම් දෙකෙන් එකක් කරන්න.

මාතෘකාවට අදාල නැතත් මේ දේවලුත් දැනගන්න එක හොඳ‍යි.

හරක් මරන්න නීති‍යෙන් තහනම් ද?
පිරිමි සතුන් සඳහා ව‍යස් මට්ටමක් නැතත් සාමාන්‍ය‍යෙන් අවුරුදු 1ට අඩු සතුන් මරන්නේ නෑ.
කිරි ගව‍යින් ගත්තහම ඔවුන්
1.අවුරුදු 12ට වැඩිවි‍ය ‍යුතු‍යි.
2.නැවත අභිජනන‍ය කල නොහැකි වි‍ය ‍යුතු‍යි (non-breedble).
3.ගර්භණී නොවි‍ය යුතු‍යි (non-pregnant).
4.කිරිදෙන තත්ව‍යේ නොසිටි‍ය ‍යුතු‍යි (non-lactating).

මේ එකක් හරි නැත්නම් ඒක නීතිවිරෝධි‍යි.

එතකොට පශුවෙද්‍යකෙනෙකුට වත් කිරිගව‍යෙකු මස් සඳහා මැරීමට සුදුසු‍යි කි‍යලා අනුමත කරන්න පුලුවන්ද?
මේක ටිකක් බරපතල‍යි. මොකද කුසේ ඉන්න පැටි‍යට ( ඒ කි‍යන්නේ ගර්භණීභාව‍යට)මාස තුනකට වඩා අඩුනම් පරීක්ෂාකරලා හො‍යාගන්න එක පළපුරුදු පශුවෙද්‍යකෙනෙකුටවුණත් අමාරු‍යිලු ( ultrasound scanවගේ දි‍යුණුක්‍රම තාමත් භාවිතා නොකරන හින්දා).
මැරුවට පස්සේ බලනකොට හදිස්සි‍යේවත් සතා ගර්භණීනම්! ( මැරුවට පස්සේ හරි‍යටම හො‍යාගන්න පුලුවනි) වැරැද්ද පශුවෙද්‍යගේ.
දඬුවම: වසර 3ක සිර දඬුවම් සමඟ රුපි‍යල් 15,000ක දඩ‍යක්. ඔක්කොම ඉවර‍යි!
එක කිරි බිංදුවක් තිබ්බත් කිරිදෙන තත්ව‍යේ (lactating)කි‍යලා තමා සැලකෙන්නේ.
මේක නිසා සාමාන්‍ය‍යෙන් පශුවෙද්‍යවරුන් කිරිගව‍යන් අනුමත් කිරීම නොකරනබව‍යි ඔහු කීවේ.

මස් සඳහා ගව‍යන් ප්‍රවාහන‍යට අදාල නීතිම‍ය ලි‍යවිලි මොනවාද?
ලි‍යවිලි හතරක් ඕනෑ
1.සෞඛ්‍ය සහතික‍ය Health certificate- බෝවන රෝගවලින් තොර සෞඛ්‍යසම්පන්න බවට පශුවෙද්‍යවිසින් නිකුත්කරන ලි‍යවිල්ල
2.ප්‍රවාහන‍ සහතික‍ය Transport certificate- සෞඛ්‍ය සහතික‍ය ලැබීමෙන් පසු ප්‍රාදේශී‍ය ලේකම් විසින් නිකුත්කරන ලි‍යවිල්ල
3.සතුන් හඳුනාගැනීමේ පත්‍ර‍ය - Cattle identification card අ‍යිතිකරුගේ සහ මිලදීගත් පුද්ගල‍යාගේ නම් ලිපින‍, සතාගේ ලක්ෂණ සඳහන් පශුවෙද්‍යවිසින් නිකුත්කරන ලි‍යවිල්ල
සතුන් 10ක් නම් හඳුනාගැනීමේ පත්‍ර‍10ක් ඕනෑ.
4.වාහන‍ය තුළ ප්‍රවාහන‍යකරන සතුන් ගණනට අදාළ ලි‍යවිල්ල

මේ ඔක්කොම හරි ද කි‍යලා පරීක්ෂා කිරීම පොලීසි‍යට අ‍යිති වැඩක්.

හරි දැන් ඉතින් මේ ගැන සාමාන්‍ය අදහසක් ති‍යෙනවනේ. මොනවා හරි ‍නීතිවිරෝධි‍යමක් වෙනවානම් ඉක්මණටම වගකිව‍යුතු තැන්වලට දන්වන්න.



Reply With Quote
(#2)
Old
asanka300's Avatar
asanka300 asanka300 is offline
Senior Member
asanka300 will become famous soon enough
 
Posts: 769
Join Date: Oct 2006
06-25-2012, 12:38 PM

bump
Reply With Quote
(#3)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,033
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
06-25-2012, 01:05 PM

Reply With Quote
(#4)
Old
azam426's Avatar
azam426 azam426 is offline
Senior Member
azam426 has a spectacular aura aboutazam426 has a spectacular aura aboutazam426 has a spectacular aura about
 
Posts: 1,314
Join Date: Oct 2007
Location: Pitasakwala, Sri Lanka.
06-25-2012, 01:40 PM

Eththa thamai. \
BIG Bump
Reply With Quote
(#5)
Old
Sinhala_Muslim's Avatar
Sinhala_Muslim Sinhala_Muslim is offline
Senior Member
Sinhala_Muslim is infamous around these partsSinhala_Muslim is infamous around these parts
 
Posts: 1,414
Join Date: Mar 2012
06-25-2012, 01:44 PM

gawayek marala kanna mechchara documents oneda ? dan lankawe mas kalath iwarai.
Reply With Quote
(#6)
Old
TechMod TechMod is offline
Senior Member
TechMod has a spectacular aura aboutTechMod has a spectacular aura about
 
Posts: 568
Join Date: Jun 2012
Location: No One Lives Forever
06-25-2012, 01:45 PM

Uba karanne eka nawaththana ekada naththam harak marana unta law advice dena ekada?
Reply With Quote
(#7)
Old
kingdewi's Avatar
kingdewi kingdewi is offline
Senior Member
kingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of lightkingdewi is a glorious beacon of light
 
Posts: 14,924
Join Date: Sep 2006
Location: (¯`◦—╬ღ♥BLOOD BANK♥ღ╬—◦´¯)
06-25-2012, 01:49 PM

මමත් මගේ ට්‍රේනින් එක කාලෙදි මෙතෙනට ගිහින් තියෙනව..
කතා කරල වැඩක් නෑ...අපාය තමයි
කොහොමත් සත්තු මරන තැන ලස්සන උනත් එතන අපායක්!!
Reply With Quote
(#8)
Old
DemonAkalanka's Avatar
DemonAkalanka DemonAkalanka is offline
Senior Member
DemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of lightDemonAkalanka is a glorious beacon of light
 
Posts: 4,573
Join Date: Aug 2011
Location: $#@%!#
06-25-2012, 02:05 PM

paw ahinsaka saththu
Reply With Quote
(#9)
Old
kinkon's Avatar
kinkon kinkon is offline
Senior Member
kinkon is a glorious beacon of lightkinkon is a glorious beacon of lightkinkon is a glorious beacon of lightkinkon is a glorious beacon of lightkinkon is a glorious beacon of lightkinkon is a glorious beacon of lightkinkon is a glorious beacon of lightkinkon is a glorious beacon of lightkinkon is a glorious beacon of lightkinkon is a glorious beacon of lightkinkon is a glorious beacon of light
 
Posts: 25,009
Join Date: Aug 2007
Location: Kandy
06-25-2012, 02:14 PM

Reply With Quote
(#10)
Old
gabada's Avatar
gabada gabada is offline
Member
gabada is an unknown quantity at this point
 
Posts: 78
Join Date: Nov 2006
Location: nugegoda
Send a message via MSN to gabada
06-25-2012, 02:15 PM

kohomath harak mmarana eka ..lankawa nawathna ona
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10345 seconds with 6 queries