 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 7,960
Join Date: Sep 2007
Location: ලොකෙන් උතුම් රටේ
|
|
|
මුඛයේ_තුවාල_(පණු ගෙඩි)_ඇතිවන්නේ_ඇයි _? -
06-25-2012, 01:49 PM
මුඛයේ පණු ගෙඩි (තුවාල) ඇතිවන්නේ ඇයි ?
සාමාන්‍ය භාවිතයේදී "පණු ගෙඩි" හෝ "හුණු ගෙඩි" නමින් හඳුන්වන ඇප්තස් වණ (Apthous Ulcers) හෙවත් Canker Sore බොහෝ දෙනෙකුගේ මුඛයේ හට ගන්නා වේදනාකාරී තුවාල විශේෂයකි.

දැකිය හැකිය, ස්පර්ශ වූ විට පමණක් නොව කථා කිරීමේදි පවා මහත් වේදනාවක් ගෙන දෙන මෙම තුවාල කෙනෙකුට වසරක් ඇතුලත කිහිප වරක් ඇතිවිය හැකිය.
ඇප්තස් වණ හදුනා ගැනීම.

සාමාන්‍යයෙන් මුඛයේ ඕනෑම තැනක හට ගත හැකිය. උදාහරන වශයෙන් දිව, කම්මුල, තොල්, විදුරුමස් පත්ල සහ සිනිඳු තල්ල වැනි ස්ථාන වල නිතර ඇති විය හැකිය.
ඉතා කුඩා ඇප්තස් වණ

ඇල්පෙනෙති හිසක් තරම් කුඩා තුවාල කිහිපයක් එකවර හටගෙන දින 10ක් පමණ කාලයකදී කැලැල් ඉතිරි නොකරම සුව වී යයි, මේවා බොහෝ විට වයිරස් අසාදන සමඟ හට ගත හැකිය.
කුඩා ඇප්තස් වණ

සාමාන්‍යයෙන් වඩා කුඩා වන අතර කැළලක් ඉතිරි නොකරම සති 2ක් පමණ කාලයක් තුල ඉබේම සුව වේ. එකවර කිහිපයක් උවද හට ගත හැකිය.
විශාල ඇප්තස් වණ

සෙන්ටිමීටර් 1ට වඩා විශාල මෙම තුවාල ඉතා වේදනාකාරී බවකින් යුක්තවේ, සමාන්‍යයෙන් එකවර හටගන්නේ එක් තුවාලයක් හෝ දෙකක් පමණකි, එය සුව වීමට සති දෙක තුනකට වඩා කාලයක් ගන්නා ඇතර බොහෝ විට කැළලක් ඉතිරි කරයි.

යෞවන යෞවනියන් අතර බහුලව හටගන්නා මෙම ඇප්තස් වණ පිරිමින්ට වඩා කාන්තාවන්ගේ වැඩිපුර හට ගැනේ. කෙසේ වුවද ඇප්තස් වණ හා පිලිකා ඇතර සම්බන්ධයක් නොමැත.
ඇප්තස් වණ හට ගැනීමට හේතු ?

නිශ්චිත වශයෙන්ම හේතුවක් ප්‍රකාශ කල නොහැකි අතර ඇප්තස් වණ ඇතිවීම සමඟ සම්බන්ධ වන කරුණු කිහිපයක් දැක්විය හැකිය.
01. සිරුරේ ප්‍රතිශක්තීකරනය දුර්වල වන බැක්ටීරියා සහ වයිරස් ආසාධන.
02. පවුලේ සාමාජිකයනතර ප්‍රවේනිගත හේතු නිසා.
03. මාන්සික ආතතිය, දුක කණගාටුව, තරහ, අධික වෙහෙස හා නිදිවැරීම වැනි හේතු.
04. හොර්මොන මාරු වීම සිදුවන් ඔසප් කාලය.
05. මුඛය තුවාල වීම, කම්මුල හැපීම, දත් බුරුසුවට තුවාල වීම, විකලාංග ප්‍රතිකාර ලබා ගන්නා විට, සායනයේදී දත් පිරිසිදු කිරිමේදී.
06. ආහාරවල ඇති අසාත්මිකතා - අච්චාරු, තක්කාලි, බල මාළු, හුරුල්ලෝ, හරක්මස්, කෝපි, ස්ට්‍රෝබෙරි, බිත්තර, රටකජු, චීස්, අන්නාසි වැනි අහාර.
07. මිරිස් හා කුළුබඩු අධික ආහාර, උනුසුම් ආහාර, ආම්ලික අහාර (ඇඹරැල්ලා)
08. තිරිඟු පිටි නිෂ්පාදන (පාන්, පීසා) වල ඇති Gluten නම් ප්‍රෝටීනයට ඇති සංවේදීතාව.
09. විටමින් B12, Folic Acid, යකඩ ඌන්තාව.
10.සමහර දන්තාලේප වල සහ මුඛ සෝදන දියරවල ඇති Sodium Lauryl Sulfate නම් රාසයනිකය.
11. සමහර ආම්ලික් ඖෂධ වර්ග.
12. Behcet's Syndrome නැමති රෝගය (මෙහෙදී ලිංගාශ්‍රිතවද තුවාල හට ගනී).
13. HIV / AIDS රොගය.
14. ආහාර මාරගයේ ආසාදන.
ඇප්තස් වණ ඇතිවීම වලක්වා ගැනීම

නිවසේදී කළ හැකි සරල ක්‍රියාකාරකමක් මඟින් මෙම තුවාල හට ගැනීමට හෙතුව අනුමාන කළ හැකිය, තුවාල හටගත් පසු දින කිහිපයක් ආපස්සට කල්පනා කර ඇප්තස් වණ හට ගැනීමට සැක කළ හැකි හේතු වලට ඔබ මුහුණ දුන්නේ දැයි පොතක සටහන් කර තබන්න. මෙසේ කිහිපවරක් කළ විට, ආසන්න හේතුවක් හෝ හේතු කිහිපයක් ඔබට සොයාගත හැකි වනු ඇත.
එම හේතු මග හරවා ගැනීමෙන් ඇප්තස් වණ හට ගැනීම අවම කරගත හැකිවනු ඇත.
උදාහරණයක් ලෙස දත් බුරුසුවට තුවාල වන ස්ථාන වල තුවාල හට ගනී නම්, ප්‍රවේශමෙන් දත් මැදීමත්, මෘදුකෙඳි කෙදි සහිත බුරුසුවක් යොදා ගැනීම වඩාත් සුදුසුය.
ඇප්තස් වණ සඳහා පූර්ව ප්‍රතිකාර

මෙම ප්‍රතිකාර වල අරමුණ විය යුත්තේ ඇප්තස් වණ පෑරීම වලක්වා ගැනීමත්, වේදනාව සමනය කර ගැනීමත්, බැක්ටිරියා ආසාදන වලක්වා ගැනීමත් වන අතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පෙර නිවසේදී පහත සඳහන් පූර්ව ප්‍රතිකාර අත්හදා බැලිය හැකිය,
01. පහසුවෙන් ගිලිය හැකි මෘදු ආහාර ගන්න, යෝගට්, මීකිරි වැනි අහාර ගන්න,
02. කෝපි, චොකලට්, මිරිස් අධික ආහාර, දෙහි ලෙමන්, තක්කාලි වැනි ඇප්තස් වණ වලට හේතු විය හැකි අහාර වලින් වලකින්න.
03. උණුසුම් ආහාරපාන වලින් වැලකී සිසිල් අහාරපාන ගන්න. පාන වර්ග බීම බටයකින් බොන්න.
04. ලුණු තේ හැන්දක් ජලය කෝප්පයකට දමා දිනකට කිහිප වරක් කට සොදන්න.
05. මිල්ක් ඔෆ් මැග්නිසියා ස්වල්පයක් පුළුන් කැබැල්ලකින් දිනකට 30 - 50 වරක් පමණ තවරන්න.

06. සරල වේදනා නාශකයක් ලබා ගන්න.
ඇප්තස් වණ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අවස්ථා

01. නිවසේදී ලබා ගත් ප්‍රතිකාර ප්‍රමාණවත් නැතිනම්
02. ඇප්තස් වණ හට ගත්තේ පලමු වතාවට නම්, එය තනිවම හඳුනා ගත නොහැකි වූ විට.
03. වේදනා නාශක වලින් වේදනාව සමනය නොවේ නම්
04. තුවාල සමඟ අධික උණ, පාචනය වැනි වෙනත් ආහාර මාර්ඟයේ ආබාධ ඇතිනම්.
05. මුඛයට අමතරව සිරුරේ වෙනත් තැන් වලත් තුවාල තිබේ නම්, උදා: ලිංගාශ්‍රිතව.
06. සති තුනකට වඩා ඉක්ම ගියත් තුවාල සුව නොවේ නම්.
ඇප්තස් වණ නිතර හට ගන්නේ නම්, ඔබ ඔබගේ දන්ත වෛද්‍යවරයාගේ සහය පතන්න, ඔහු ඔබට සුදුසු වේදනා නාශක සමඟ තුවාල බැක්ටීරියා ආසාදන වලින් ආරක්ෂා කර ගැනීමට ස්ටීරොයිඩ් ආලේපනය ඔබට ලබා දෙනු ඇත. තවද සමහර විටමින්, ලවණ වර්ග තුවාල සුව වීම ඉක්මන් කිරීම සඳහා ඔබට ලබා දී ඇප්තස් වණ වලින් පීඩා විදීම අවම කර ගැනීමට වෛද්‍යවරයා ඔබට උපකාර කරනු ඇත.

කෙසේ උවද මනස සැහැල්ලු කරන භාවනා ක්‍රම වලින් සතුටුදායක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවනු ඇත.
|
 |
Senior Member
|
|
Posts: 2,853
Join Date: Jul 2010
Location: Little Rome
|
|
|
06-25-2012, 02:03 PM
good post
|
 |
Senior Member
|
|
Posts: 2,028
Join Date: Jun 2011
Location: SRI LANKA
|
|
|
06-25-2012, 02:08 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 2,181
Join Date: Jun 2011
Location: යාළුවොත් එක්ක
|
|
|
06-25-2012, 02:14 PM
|
 |
Senior Member
|
|
Posts: 2,181
Join Date: Jun 2011
Location: යාළුවොත් එක්ක
|
|
|
06-25-2012, 02:32 PM
BUMP 
|
 |
Senior Member
|
|
Posts: 12,120
Join Date: Feb 2010
Location: Galle
|
|
|
06-25-2012, 02:40 PM
ela
|
 |
Senior Member
|
|
Posts: 698
Join Date: Jun 2012
Location: human world
|
|
|
06-25-2012, 02:49 PM
good post
|
 |
Senior Member
|
|
Posts: 7,960
Join Date: Sep 2007
Location: ලොකෙන් උතුම් රටේ
|
|
|
06-25-2012, 03:02 PM
Quote:
Originally Posted by bhanu perera
good post
|
thanks kollo
|
 |
Senior Member
|
|
Posts: 39,729
Join Date: Jun 2008
Location: .:මහනුවර:.
|
|
|
06-25-2012, 03:07 PM
බොහෝ දෙනෙකුට වැදගත් වෙන ත්‍රේඩ් එකක්..+
|
 |
Senior Member
|
|
Posts: 1,476
Join Date: Jan 2011
|
|
|
06-25-2012, 03:08 PM
niz post
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|