හිටගෙන චූ කරන්න එපා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හිටගෙන චූ කරන්න එපා

    හිටගෙන චූ කරන්න එපා


    [FONT=&quot]මේ පොස්ට් එක පරණ පොරොන්දුවක් ඉෂ්ට කරන්න දාන එකක්.

    [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]සාමාන්‍යයෙන් ගෑණු සහ පිරිමි අතර තියන ශාරීරික වෙනස්කම් ඇතිවෙලා තියෙන්නෙ ඒ දෙකොට්ඨාශයට ජීව විද්‍යාත්මකව අයිති රාජකාරි වලට පහසු වෙන විදිහටයි. කාන්තාවන්ට සමතැන දෙන්න කියනකොට පුරුෂාධිපත්‍යය ඔළුවට ගහපු අය අහන්නෙ “ඔය ගෑනුන්ට පුළුවන්ද පිරිමින්ට වගේ චූ කරන්නවත්” කියන ප්‍රශ්නයයි. මේක සමහර වෙලාවට විහිළුවක් හැටියට පාවිච්චි කරන බවත් ඇත්ත.

    [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ඒ මේ කතා කොහොම වුනත් මේ හිටගෙන චූ කිරීම කියන පුරුද්ද ‍විශේෂයෙන්ම පුරුෂ පක්ෂයේ අයගේ ඇඳුමත් එක්ක සම්බන්ධයි. සාමාන්‍යයෙන් අදට වුනත් අපේ ලංකාවෙ ගම්වල බොහෝ වැඩිහිටියෝ සරම අඳින වෙලාවට මේ කර්තව්‍යය කරන්නෙ වාඩි වෙලා, ඒ කියන්නෙ ඇණ තියාගෙන. ප්‍රසිද්ධ ස්ථානයකදි වුනත් ඒ අය පැත්තකට වෙලා බොහොම සීරුවට මේ වැඩේ කරනව.

    [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]මට බො‍හොම ඉස්සර කාලෙක එක මළ ගෙදරකට ගිය වෙලාවක කවුදෝ කියපු කතාවක් මතකයි. ඒක තමයි, ඉඳගෙන චූ කරන එක අසභ්‍ය දෙයක් නෙවෙයි කියල මතයක් තියෙනවයි කියල. මම එහෙම මතයක් ගැන දැනගෙන හිටියෙ නැති වුනත්, ඒ කතාව ඇත්තක් කියල මට හිතුන. පාරක් අයිනෙ වුනත් කවුරුහරි ඇණ තියාගෙන ඉන්නව දැක්කහම කවුරුවත් එයා මොනවද කරන්නෙ කියල ළඟට ගිහින් බැලුවෙ නැත්තං එය මොනව කරනවද කියල පේන්නෙත් නෑනෙ. ඒත් හිටගෙන චූ කරනකොට ජල ධාරාව හොඳට පේනව විතරක් නෙවෙයි සමහර වෙලාවට ඒ ධාරාව පටන් ගන්නා ස්ථානයත් මැනවින් දර්ශනය වෙනව.[/FONT]

    [FONT=&quot]ඒ වුනාට මේ වැඩේ කරන්න පුළුවන් කමක් නෑ කලිසමක් ඇඳගෙන ඉන්නකොට ලේසියෙන්. කලිසම පොඩ්ඩක් පාත් කරපු ගමන් පස්ස පැත්ත පේනවනෙ හඳ පෑව්ව වගේ. ඒක නිසා මං හිතන්නෙ [FONT=&quot]කලිසම් අඳින [/FONT]යුරෝපීය ජනතාව මේ කර්මාන්තය ගැන අවබෝධයක් ලබල නැහැ.[/FONT]

    [FONT=&quot]මේ පින්තූරෙන් පේනවා කලි‍සමේ විපාකය.[/FONT]

    [FONT=&quot][/FONT]


    [FONT=&quot]මේ විෂය ගැන කියවෙන ලිපි කීපයක්ම මට අන්තර්ජාලය තුළ දකින්න ලැබිල තියනව. මේ තියෙන්නෙ ඒවට ලින්ක්.[/FONT][FONT=&quot][/FONT]
    1. [FONT=&quot]ඇණ තියාගන චූ කිරීම සෞඛ්‍යයට හිතකරයි.[/FONT][FONT=&quot][/FONT]
    2. [FONT=&quot]හිටගෙන චූ කිරීමට එරෙහි වෙමු.[/FONT][FONT=&quot][/FONT]
    3. [FONT=&quot]චූ කිරීමේ නුවණක්කාර ක්‍රමය[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අන්තර්ජාලයේ තියන විවිධ ලිපි වල මොනව තිබුනත් මගේ අත්දැකීම අනුව වුනත් හිටගෙන චූ කිරීම හොඳ දෙයක් නෙවෙයි. එක පැත්තක් තමයි ඉස්සෙල්ල මං කියපු විදිහට ඒ සංසිද්ධිය කාටත් දර්ශනය වීම. අනිත් එක සෞඛ්‍ය පැත්ත. මට මොකක්ද තියන අයිතිය සෞඛ්‍ය පැත්ත කතාකරන්න? මං වෛද්‍යවරයෙක් නෙවෙයිනෙ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මං මේ මතය ගෙන හැර දක්වන්නෙ අත්දැකීම අනුව කියල ඉස්සෙල්ල කි‍ව්වෙත් ඒකයි. ඒක ඉතින් කරලම බලන්න ඕනැ. හිටගෙන චූ කරන්න යම් ශක්තියක් අවශ්‍ය වෙනව. ඒ ශක්තිය වැය වෙනව ඇත්තෙ මූත්‍ර වාහිනී නාලය විවෘත කරගන්න කියලයි මං හිතන්නෙ. අපට සිද්ධ වෙනව මූත්‍රාශය දැඩි පීඩනයකට ලක් කරන්න, මෙතනදි. එතකොට ඒ පීඩනය මොන‍ මොන අවයව වලට බලපානවද කියල දොස්තර මහත්තුරුන්ගෙන් අහල බලන්න ඕනැ. ඉඳගත්තාම එච්චර පීඩනයක් යොදන්න අවශ්‍ය නැහැ.මේකට පොඩි උදාහරණයක් කියන්නං වහෙන් ඔරෝ භාෂාවෙන්. සමහර අවස්ථාවල් තියනව පිරිමි අයට චූ කරගන්න බැරි. මේක වෙන්නෙ තරුණ ගැටවුන්ට. හිතාගන්න පුළුවන් ඇති කොල්ලන්ට. ඒ වගේ වෙලාවකදි වුනත්, ඇණ තියාගන ඉඳගත්තනං එච්චරම අමාරුවක් නැතුව වැඩේ කරගන්න පුළුවනි. අත්දුටුවයි සත්තයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනෙක් අද කාලෙ පාවිච්චි කරන වැසිකිළි කොමඩ් වලට වඩා ස්කොටිං පෑන් පාවිච්චි කිරීම හොඳයි කියල කියන මතයකුත් තියනව. හැබැයි ඉතින් කළිසමක් ඇඳගෙන ඉන්න වෙලාවටනං ස්කොටිං පෑන් තියන ටොයිලට් එකකට යන එක මළ වදයක්.



    http://mobile-mage-sithiwili.blogspot.com/2012/03/blog-post_18.html
    [/FONT]
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හැමෝටම පේනවට නේ බන් ටොයිලට් කියල ජාතියක් තියෙන්නේ..:lol::lol::lol: