 |
Senior Member
|
|
Posts: 120
Join Date: Jun 2012
Location: Sri Lanka
|
|
|
බලන්න මේ සුන්දර ගීතය ඔබත් අහල තියෙනවද කියş -
07-01-2012, 05:38 PM
වැඩි තේරුම්ක නැති පුංචි කාලේ වුනත් අපිට කණට ඇහුනු ගීත වලින් සමහර කොටස්, ඒවයේ තියෙන යම් සුන්දර කුමක් හෝ හේතුවක් නිසා අපේ මතකයේ රැඳෙනවා. මේ තියෙන්නෙත් මගේ මතකයේ ඒ වගේ රැදුනු ගීත වලින් මම අදටත් හුඟක් කැමති ගීතයක්. වසර දෙකක් පමණ තිස්සේ මා අන්තර්ජාලය පුරා සෙවුවත් එය සොයාගැනීමට හැකිවූයේ නැහැ. මේ මෑතකදි මගේ මුහුණුපොත වෙත පණිවිඩයක් මගින් කිසිවෙකු මට එම ගීතයේ You Tube ලින්ක් එක එවා තිබුණා. අවාසනාවට ඒ මිතුරාගේ නම සොයාගන්න විදිහක් නැහැ.
මේ ගීතය ඇත්තෙන්ම සුවිශේෂි එකක්. මෙය තමයි ශ්‍රීලංකාවේ මුල්ම රෑපවාහිනි නාලිකාව - ස්වාධින රූපවාහිනියේ තේමා ගීතය. මෙය බොහෝවිට වර්තමාන පරම්පරාවේ අය අහල නැති වෙන්න පුලුවන්. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය ආරම්භයේදී මෙය මෑතක් වන තුරුම ප්‍රචාරය වුනා. දැන්නම් මෙහෙම ගිතයක් තිබුණද කියලවත් එහි සේවය කරන අය දන්නවද දන්නේ නැහැ. නමට පමණක් නොවී ඇත්තෙන්ම ස්වාධීන නාලිකාවක්ව තිබුණ සමයේ වටිනා නිර්මාණ රැසක් ඒ හරහා රටට දායාද වුණා.
මේ ගීතය You Tube වෙත ඇතුලත් කල මුදිත ලියනගම මහත්මයාටත් එහි ලින්ක් එක මට Facebook වෙත එවු සොයුරාටත් මේ වීඩියෝව ලබාගැනීමේදී සහය වුන ගයන්ත සමරදිවාකර සොයුරාටත් ස්තූතිවන්ත වෙනවා.
මෙන්න පද ටික
සමනොල සිරිපා - පියුම දොවාගෙන..//
සීත ගඟුල් රට වට යනවා
සිංහරාජ වන කංචනාදයෙන්
මේඝ වලාකුලු රජ වෙනවා.....
තුරුලිය මල් පල - විහඟ ගීතයෙන්..//
ආදම් උයනක් සැඟැවෙනවා
රාවණ ලංකා ඉසුරු පුරාණය
ගොලු මුහුදෙන් මුතු මතු වෙනවා....
ගංගා හරවා - වැවු පෙල අමුණා
මිහි රස මතු කල පරම්පරාවේ..//
අනුර පොලොන්නරු සීගිරි අවුකන
විස්කම් පෑ ගුරු පරම්පරාවේ
පැතිරේ කිතු රාවේ....
සමනොල සිරිපා....
පිරිසිදු බුදු බණ පොත්කොට රැකගෙන
ලොවට බෙදාදුන් පරාම්පාවෙන්..//
වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව
යුගයක් පෑ හිරු පරම්පරාවේ
පැතිරේ කිතුරාවේ.....
එක අම්මාගෙන් - කිරි බිවු අපි සැම..//
එක ලේ මස් ඇති සොහොයුරැවෝ
පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි
එකම පියාගේ දූ දරුවෝ
පරිසරයට සුව සුවද බෙදාදෙන
සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ
ඒක ධජයේ යට එකටම යන අපි
ලංකා මවගේ දූ දරුවෝ
ලංකා දූ දරුවෝ....///
මෙතනින් Mp3 එකක් විදිහට බාගන්නත් පුලුවන්!!
|