ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වියට්_කොංවරුන්ගේ...
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
HondaMPLG's Avatar
HondaMPLG HondaMPLG is offline
Senior Member
HondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to all
 
Posts: 4,568
Join Date: Feb 2012
Location: මෙතනම තමයි
වියට්_කොංවරුන්ගේ... - 07-05-2012, 06:25 PM


වියට් කොං වරුන්ගේ උමං මාර්ග

වියට් නාමයේ ක්වන්ගායි පළාතේ නාවික මුර සංචාරයක් සිදුකරමින් පවතියි .අවට පරිසරය කටු පදුරු සහ බඩවැටි වලින් ගහනය. හදිසියේම ඉදිරි මුර කණ්ඩායමට අසාමාන්‍ය ආකාරයේ පදුරු ගොන්නක් දක්නට ලැබෙයි. එක සෙබලෙක් තම රයිෆලය සුදානමින් තබා ගනිමින් ඊට පා පහරක් එල්ල කරයි .පදුරු ගොන්න ඉවත් වන්නේ අඩි දෙකක විෂ්කම්බයකින් යුතු විවරයක් නිරාවරණය කරමිනි. තමන් අබිමුකයේ ඇත්තේ කුමක්දැයි සැවොම වටහා ගනිති.ඒ තවත් කොමියුනිස්ට් මි ගුලකි. පණිවිඩය කණ්ඩායමේ පිටුපසට යැවෙයි .
''පිලිපේ ඉස්සරහට එනවා ' පිලිපේ රාත්තල් 120ක් බරැති වියට්කොන් වරුන්ගේ උමං මාර්ගයන්හි ඈත වංගු හා පටු තැන් අතරින් රිංගා යා හැකි පරිදි සැකසුනු සොල්දාදු වෙකි . විනාශකාරී ,කාලකන්නි වියට්නාම යුද්දයේදී වඩාත්ම කාලකන්නි හා භයානක කටයුත්ත පැවරුනේ වඩාත්ම කුඩා සොල්දාදුවාටයි . ඔවුහු ''උමං මියන් ''ලෙස හැදින්විය .
පිලිපේ තම ආම්පන්න ඉවත් කිරීමට සදහා මද වෙලාවක් නතර වෙයි .සාජන් වරයා ඔහුට විදුලි පන්දමක් පතරොම් වලින් පුරවන ලද ස්වයන්ක්‍රීය පිස්තෝලයක් හා උමග තුල ඇතිවන පිපුරුම් හඩ වලින් කන් ආදී පිපිරී යාම වැලැක්වීම සදහා රබර් ඇබ යුවලක් ද දෙයි . වරක් උමගක් තුල තම රයිෆලය භාවිත කල ලුතිනන් වරයෙක් හුස්ම හිරවී මිය ගියේය .ගිනි අවිය ක්‍රියාත්මක වීමත් සමග ඇතිවූ ගිනි දැල් මගින් ඔහු සිටි කුඩා විවරයේ වූ ඔක්සිජන් සියල්ල දවා තිබුණි.

තත්පරයෙන් තත්පරය කාලය ගෙවියයි .මිනිත්තු ගණනාවකට පසු පිලිපෙගේ හිස යාර 20ක් පමණ දුරින් වූ බඩවටියක් අතරින් මතුවේ .ඒ උමගේ රහස් දොරටුවෙනි .
''උමගේ කවුරුවත් නැහැ සර් .එක පාලුයි .ඒ උනාට මට කොළ වගයක් හම්බ වුණා.''දුහුවිලි,දහදිය මෙන්ම උමග තුල පල් වූ මඩ ගදද ඔහු සමග ඉදිරියට එයි .
තුනී ප්ලාස්ටික් පටලය කින් සැදුනු මල්ලකින් ලිපිගොනුවක් පිටතට ගනී. ඒ තුල අන්තර් ගත වන්නේ වියට්කොන් වරුන්ගේ බදු අය කරන්නන් විසින් දේශීය ගොවීන්ගෙන් ලබාගත් සහල් හා මුදල් පිළිබද සටහන් යයි පරිවර්තකය විසින් පවසයි. රාත්තල් තුනේ tnt පුපුරන ද්‍රව්‍ය යොදා උමග විනාශ කිරීමට ඉංජිනේරුවන් දෙදෙනෙකු ඒ අසල රදවනු ලබන අතර සෙස්සෝ මුර සංචාරය දිගටම කරගෙන යයි .හිරු බැස යනවිට පිලිපේ එබදු උමං 20 පමණ තුල සැරිසරා තිබුණි .උමග සැහෙන තරම් විශාල නම් ඔවුහු ඇතුළු වීමට පළමු කදුළු ගැස් බෝම්බයක් එතුලට විසි කළහ .අනතුරුව ඔහු ගැස් මුහුණු ආවරණයක් පැළදිය .මක් නිසාද යත් වියට්කොන් ගරිල්ලන් බොහෝ විට උමග තුල ඇති විවිද දොරවල් විවුත කරන විට එසේ කරන්නාගේ හිස මතට වැටෙන සේ විවිදාකාර කදුළු බෝම්බ සකස් කර තිබු බැවිනි . ඊට අමතරව ඔවුහු තියුණු උල් වලින් සමන් විත වූ බොරුවළවල් මෙන්ම උග්‍ර විෂ සහිත පොලගුන් ගෙන්ද තම උමං මාර්ගය පරිපුර්ණ කළහ.

වියට් කොං වරුන්ට රයිෆලය සේම ඉස්කොප්පයද වැදගත් වෙයි .ඇමෙරිකානුවන් විසින් ගොඩබිමින් හා ගුවනින් එල්ල කරන ලද ප්‍රහාර දැඩි වන්නට වුයෙන් වියට්කොන් වරු පොලොව යටටම ඇදුණහ .යුද්දය ඇරබි ගතවූ පළමු වසර කිහිපය තුල ඔවුහු පිටත පොලොව මතුපිටවූ වියට් නාමයට නොදෙවෙනි අන්තර් භෞම වියට්නාමයක් නිර්මාණය කළහ. එකිනෙකට යැවූ සැතපුම් සිය ගණන් විහිදුනු උමං මාර්ගවලින් සමන් විතවු මෙහි බලකොටු , සැගව සිට වෙඩි තබන ඉලක්ක කරුවන් ගෙන් සමන් විත විය .විදුලිය හා නල ජලය පමණක් නොව රෝහල් පවා මෙලෙස ඉදිවිය .දැඩි සිරුරැති වියට් කොං වරු දිනපතා වියායාම කරනු වෙනුවට පොලොව හැරුහ.නමුත් බොහෝ විට කැනීම් කටයුතු කෙරුනේ බලෙන් ඒ සදහා යොදවනු ලැබූ තිපුද්ගල ''ස්වෙච්චා සේවකයන්' මගිනි.
වියට්කොන් වරු උමං තැනීමේදී සෑම යාර දහයකටම වරක් තියුණු නැම්මක් සහිත වනසේ ඒවා සකස් කළහ .ඒ බෝම්බ ප්‍රහාරවලින් ඇතිවන අවහිරතා මග හැරීම පිණිසය .ඔවුහු කෘන්තක වර්ගයට අයත් ගොෆර් නම් සතුන් අල්ල කුඩුකර කුඩුවේ උඩු පියන විවුර්ත කර එය උමගේ අපිසිදු වහලේ එල්ලුහ .අනතුරුව උන් වහලේ සිට මතුපිට දක්වා සිදුරක් විදගෙන යන විට වියට් කොං වරුන්ට උමග තුලට අවශ්‍ය පරිදි වාතය ලබාගත හැකි විය .

මොවුන්ගේ මුලස්ථාන තුල ගුවන් ආක්‍රමණ කලින් දැනගත් හැකි වනසේ කරන ලද ඇටවුමක් විය .එය මතුපිටින් ඇරබි පහලට යත්ම ක්‍රමිකව විශාල වන අඩි 15ක් පමණ වන ගැබුරු වලක් විය. මෙය තුල සිටින මිනිසෙකුට සැතපුම් ගණනක් ඇත අහසේ පියාසර කරන ගුවන් යානයක හඩ වුව පැහැදිලිව ඇසිය හැකි විය .

පලා යන වියට් කොං වරු සමහර විට ජලය පිරුන උමගකට පැන ඊලග උමග වෙත පිහිනා ගියහ . ඔවුන් ලුහු බැදීමට ඇමෙරිකානුවන් බොහෝ විට මැලි වුයේ එය ක්ෂණිකව අවසානයකට එළබෙන තවත් උප ක්‍රමයක් යයි සිතු නිසාවෙනි . වියට් කොං වරුන්ගේ වඩාත්ම විනාශ කාරී හා මාරාන්තික උපක්‍රමය වුයේ මේ උමන්ය. ඔවුන්ට හදිසියේ පොලොව තුලින් මතු වී වෙඩි තබා යලිත් වරක් කිසි විටෙක සොයා ගත නොහැකි වනසේ සකස් කරන ලද උමං තුල සැගව ගත හැකි විය . මේ උපක්‍රමය මගින් ඇමෙරිකානුවන් දහස් ගණනකගේ ජිවිත ගාතනය කිරීමට වියට්කොන් වරු සමත් වුහ.
සාමාන්යෙන් ඇමෙරිකානුවෝ දිනකට යාර 300ක් පමණ දිගැති උමගක් පරික්ෂා කර විනාශ කිරීමට සමත් වුහ .විශාල උමං සැමවිටම වියට්කොන් වරුන්ගේ ඉංජිනේරු තාක්ෂනය ප්‍රකට කළේය . තමන්ට හමුවන සෑම උමගක්ම පුපුරවා හැරීමට තරම් ඩයිනමයිට් ඇමෙරිකානුවන් සතු නොවිය . අවසානයේ ජනතාව විසුරුවා හැරීමට භාවිත කල cs වායුව යොදා ගැටලුව නිරාකරණය විය. තමන්ට හමුවන උමං තුලට මෙම වායුව රාත්තල 10 ක් පමණ මුදා හැරීමට ඇමෙරිකානුවෝ ඉන්පසුව පුරුදු විය. වියට්කොන් වරුන්ගේ ශ්වශන පද්දතියට ඇතුළු වූ මෙය වේදනාකාරී පිළිස්සීම් හා ඔක්කාරය ඇති කරවන්නක් විය
cs වායුව නොමැතිව වුවද උමං තුල දිවි ගෙවීම වියට්කොන් වරුන්ට අපායක් තුල දිවි ගෙවීමට හා සමාන විය .සයිගොන් නුවරට උතුරින් වූ උමං පද්දතියක් තුල තිබී හමුවූ දින පොතක් එම ශෝකාත්මක පැත්ත කදිමට හෙළි කළේය
'' අයියෝ මේ වගේ අමාරු දවස් ටිකක්, මේ උමග ඇතුලේ ඉන්නවා මදිවට හිතල බතුයි, ලුනුයි කන්න වෙලා තියෙන්නේ ,වතුර කොච්චර අපිරිසිදු උනත් උණු කරන්නවත් බැහැ.''
කෙසේ වෙතත් ඇමෙරිකානුවන් අන්ත පරාජයකට ලක් කිරීමට වියට්කොන් වරු සමත් වුයේ මේ අපාය වල් තුල සිට බව අප අමතක කල යුතු නැත.
මේ ටික ගත්තේ පරණ 'මුතුහර ' සගරාවකින් .
ටයිප් කලේ මන්,
පොටෝටික ගුගල් ගෙන්

Last edited by HondaMPLG; 07-05-2012 at 06:31 PM.
Reply With Quote
(#2)
Old
Dinuka44's Avatar
Dinuka44 Dinuka44 is offline
Senior Member
Dinuka44 will become famous soon enoughDinuka44 will become famous soon enough
 
Posts: 1,087
Join Date: Apr 2008
07-05-2012, 06:44 PM

elas
Reply With Quote
(#3)
Old
L KNG's Avatar
L KNG L KNG is offline
Senior Member
L KNG is a jewel in the roughL KNG is a jewel in the roughL KNG is a jewel in the roughL KNG is a jewel in the roughL KNG is a jewel in the roughL KNG is a jewel in the rough
 
Posts: 1,184
Join Date: May 2008
Location: ♔♔ D E H I W A L A ♔♔
Up 07-05-2012, 06:49 PM

එළ එළ.... මමත් මේක කලින් කියවලා තියේ...

You must spread some Reputation around before giving it to HondaMPLG again.
Reply With Quote
(#4)
Old
\m/amila\m/'s Avatar
\m/amila\m/ \m/amila\m/ is offline
Senior Member
\m/amila\m/ will become famous soon enough
 
Posts: 625
Join Date: Feb 2012
Location: NuwaraEliya
07-05-2012, 06:51 PM

ela bn....
Reply With Quote
(#5)
Old
magadia's Avatar
magadia magadia is offline
Senior Member
magadia is a jewel in the roughmagadia is a jewel in the roughmagadia is a jewel in the roughmagadia is a jewel in the roughmagadia is a jewel in the roughmagadia is a jewel in the roughmagadia is a jewel in the rough
 
Posts: 2,406
Blog Entries: 1
Join Date: Nov 2010
Location: මගේ බවනේ
07-05-2012, 07:00 PM

thanks ban
Reply With Quote
(#6)
Old
GDThanuja's Avatar
GDThanuja GDThanuja is offline
Senior Member
GDThanuja has a spectacular aura aboutGDThanuja has a spectacular aura aboutGDThanuja has a spectacular aura aboutGDThanuja has a spectacular aura about
 
Posts: 494
Join Date: Dec 2010
Location: පුටුව උඩ
07-05-2012, 07:03 PM

thanks........rep++
Reply With Quote
(#7)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to allරත්තරං is a name known to all
 
Posts: 4,280
Join Date: Feb 2012
Location: සිංහලයේ
07-05-2012, 07:07 PM

supiri machan... kalekin kiyawapu hodama thred ekak.. rep denna balu . puluwan ikmanata rep dennam

Last edited by රත්තරං; 07-05-2012 at 07:15 PM.
Reply With Quote
(#8)
Old
0705741's Avatar
0705741 0705741 is offline
Senior Member
0705741 is on a distinguished road
 
Posts: 813
Join Date: Mar 2009
Location: In her Heart
07-05-2012, 07:10 PM

mahcan thanks godak watina info tikak
Reply With Quote
(#9)
Old
bigtop's Avatar
bigtop bigtop is offline
Senior Member
bigtop will become famous soon enoughbigtop will become famous soon enough
 
Posts: 1,534
Join Date: Jul 2012
Location: http://goo.gl/DOv6z
07-05-2012, 07:17 PM

americava paraja karapu rataval thiyenne bohoma tikai.
cuba, vietnam. sthuti me article ekata.
Reply With Quote
(#10)
Old
ulta's Avatar
ulta ulta is offline
Senior Member
ulta is just really niceulta is just really niceulta is just really niceulta is just really niceulta is just really niceulta is just really niceulta is just really nice
 
Posts: 2,522
Join Date: Jan 2011
Location: සිහිනලන්තය
07-05-2012, 07:18 PM

good post
Reply With Quote
Reply

Bookmarks

Tags
we love usa

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.12346 seconds with 6 queries