ගල්විහාර ඔත් පිළිමයේ අප නොදුටු ආශ්චර්යය....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගල්විහාර ඔත් පිළිමයේ අප නොදුටු ආශ්චර්යය....

    2.jpg
    1.jpg


    රාත්‍රි කාලයේ ගන්නා ලද ඡායාරූපය පහළින් ද
    දිවා කාලයේ ගත් ඡායාරූපය ඉහළින් දැක්‌වේ.

    රළු-පරළු කළුගල් පර්වත වෙඬරු මෙන් මෘදු-මොළොක්‌ බවට පත්කර ඒ මත සුසිනිඳු විසල් හැඩ-රුව තනන්නට හෙළ කලාකරුවා දැරූ කුසලතාව ගැන අටුවා ටීකා ලියෑවෙන්නට උවමනාය. එහෙත්, අද මෙන්ම එදත් මහා පැරකුම්, නිශ්ශංකමල්ල, ගජබා, ධාතුසේන, මහසෙන් වැනි රාජ-රාජ මහා මාත්‍යාදීන්ගේම නම් ගම් මේ විශ්මිත කලාකෘති ඉදිරියේ ලියෑවුණා මිස අදහාගත නොහැකි සේ කළුගල් පිළිරූන්ට පණපොවා ඒ අබියස අප දණින් වැටෙන්නට තරම් විශ්වීය ශක්‌තියක්‌ මේ තුළ ගැබ්කළ හෙළ කලාකරුවා (ගල්වඩුවා) ගැන කෙටියෙන් හෝ සඳහනක්‌ ඇත්තේ කොතැනද?

    pilima2.jpg


    ලියනාඩෝ ඩාවින්සි, මයිකල් ආන්ජලෝ, පැබ්ලෝ පිකාසෝ වැනි කලාකරුවන්a ගැන ලෝකයක්‌ කතාකරද්දී අවුකන, ගල්විහාරය, සමාධි බුදුන්ටත් දැස්‌ දුන් මිනිසා සොයා කලාවැව හෝ පැරකුම් සමුදුර ඉස්‌මත්තේ කැලෑව පීරන්නට අද අපට සිදුව තිබේ. ගතින් දුබල වුවත් සිතින් තවමත් තුරුණු වියේ ඇති මේ මිනිසා ඉළුක්‌ හෙවිලූ, කටුමැටි පැලක, වැල් ඇඳක, පිල් කණ්‌ඩියක සැඳෑ සමය ගෙවනු පෙනේ. මේ අතර අවුකන හෝ ගල්විහාරේ බුදුන් දැක, කාගේවත් හව්හරණක්‌ නැතිව ජීවිතය අද තනිකඩව අසරණව ගෙවන ඒ විශ්වීය නිර්මාණයේ සැබෑ "හිමිකරුවා" දකින්නට ඉඳහිට හෝ ඔහුගේ පැල්පතට එබිකම්කරන මිනිසුන්ද අප අතර නැතිවා නොවේ. සුනිල් එදිරිසිංහයන් ගයන "මේ තරම් සියුමැලිද කළුගල් සිතන්නටවත් බැරි නිසා....

    මම ගියා අවුකන බුදුන්ටත් දැස්‌ දුන් මිනිසා සොයා...."

    නමැති අප හදවත් තුළ මෑත වකවානුවේදී පහන් සංවේගය දැන වූ ගීතය රචනා කළ නව පරපුරේ ගීත රචක රජී වෙල්ගම එවන් එක්‌ කලාකරුවෙකි. හෙළ කලාකරුවාගේ අසරණ බව හා අල්පේච්ඡ දිවිය ගැන කතා කළ මෙවන් ගීතයක්‌ තවත් නම් ලියෑවී නැත. එහෙත් ඒ තුළවත් සෙල්මුවා බුදුන්ටත් පණ පෙවූ හෙළ කලාකරුවා නාම මාත්‍රයෙන් හඳුනාගත හැකි වේදැයි මම ඒ තුළට එබී බැලුවෙමි. නැත· ගීපද රචකයාද මේ හෙළ කලාකරුවාගේ අල්පේච්ඡ දිවිය පරදා ඔහුගේ උත්කෘෂ්ඨ කුසලතාවයම වර්ණනා කර තිබෙනමුත් එවැන්නක්‌ සිදුකර නැත. කෙසේ හෝ කෙතරම් මේ කලාකෘති ගැන වර්ණනා සිදුවුණද වර්තමානයේ දිවිගෙවන කවරකුද හෙළ කලාකරුවාගේ විශ්මිත, විශ්වීය කලා හැකියාව මැනවින් හඳුනාගෙන ඇත්දැයි මට තාමත් සැකයක්‌ තිබේ. ඒ අන්කිසිවක්‌ නිසා නොව ඉකුත් දා මා අතට පත්වූ තවත් එක්‌ නූතන කලාකරුවකුගේ අපූරු කලා කෘතියක්‌ කියවූ පසුවය. ඒ නම් රූප කාව්‍යයකි. ඡායාරූපයකි. මෙම ඡායාරූපය ගත් ශිල්පියා ගැන පළමුව යමක්‌ සඳහන් කිරීම වටී යෑයි මම කල්පනා කරමි. විශිෂ්ට ගණයේ පාරිසරික හා මංගල ඡායාරූප ශිල්පියකු වන ඔහු කලක්‌ පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු සේද කටයුතු කළේය. එහෙත් අද ගිරි දුර්ග, ජල දුර්ග, වන දුර්ග ජය ගනිමින් පරිසර ගවේෂණයට ළැදියාවක්‌ දක්‌වන මොහු බොදු සංස්‌කෘතියට ළබැඳිව පුරාවිදු ස්‌මාරක යනාදියද තම ඡායාරූප කලාවේ නිර්මාණ අතරට ගොනු කරමින් සිටී. කීර්ති අමරසේකර නම් වූ හේ සුදු කෙස්‌ - රැවුලට අමතරව ශ්වේත වර්ණයෙන්ම ගත වසාගන්නෙකි. ඡායාරූපකරණයට සමාධි ගතවන ඔහුගේ තෙනෙත පරිසරයේ අපූරු හැඩතල සොයා පියමං කරනු පෙනේ. මේ දුලබ කලාකෘතිය බිහිවන්නේ ඡායාරූප කරණයේ එවන් නවමං සොයායන ගමනේදීය.

    කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඔහු රාත්‍රී ඡායාරූප වැඩමුළුවක්‌ සංවිධානය කළේය. ඊට උචිත ස්‌ථානය කරගත්තේ පොළොන්නරුව පුද බිමේ ගල් විහාරයයි. මෙතෙක්‌ රාත්‍රී ගණ අඳුරේ සැඟව ගිය ගල් විහාරයේ පිළිමවහන්සේ එදා කැමරාකරුවන්ගේ තාක්‍ෂණික මෙවලම් අතර ගෞරවනීය සිත්තමක්‌ බවට පත්වෙමින් තිබිණි. ත්‍රීපාද අටවා ඒ මත රැඳවූ කැමරා කාචයේ මුව සම්පූර්ණයෙන්ම විවරව පවතිත්දී මේ කලාකරුවා තම සගයන්ගේ උදව්වෙන් විදුලි පන්දමක්‌ භාවිත කරමින් ගල් විහාරයේ ඒ අසම සම සැතපෙන සම්බුද්ධ පිළිමවහන්සේ ආලෝකයෙන් ආලේපනය කළේය. කැමරා තාක්‍ෂණයේදී භාවිත කරන "ආලෝක ආලේපනය" (Brush and Painting) ක්‍රමවේදය මෙහිදී භාවිතකළ කැමරාකරු නිශ්චිත කාල වේලාවකදී තම කැමරාවේ කාච විවරය (Shutter) වසා දැමුවේ මේ සෙල්මුවා ප්‍රතිමාවේ සියුම් කලාංග විමර්ශනය කිරීමේ අරමුණිනි. සැබෑමය· ඔහු හෙළ කලාකරුවාගේ නිර්මාණ හැකියාව මොනවාට අපට පසක්‌කර දෙන්නේ එසේ ඝන අඳුරේ ආලෝකය ක්‍රමානුකූලව හැසිරීමෙන් ග්‍රහණය කරගන්නා ලද මෙහි දැක්‌වෙන ඡායාරූපයෙනි. ගල්විහාරයේ මෙවන් සැතපෙන පිළිරුවක්‌ ඔබ මින් පෙර දැක නැති බව මාගේ විශ්වාසයයි. හෙළ ගල්වඩුවාගේ සියුම් නිර්මාණ හැකියාව ඉදිරියේ රළු-පරළු කළුගල් පරාද වී ඇති බව තව තවත් අපට මේ රූප කාව්‍යයෙන් නොකියයිද? "මේ තරම් සියුමැලිද කළුගල්" සිතන්නටවත් බැරි තරමට... දෙවියනේ ඔහු කෙලෙසද මෙසේ පණ පිහිටවූ පිළිමවහන්සේ කළුගල් තලාවක මූර්තිමත් කරන ලද්දේ. ගල්කටුවක්‌ද, මිටියක්‌ද තිබූ පමණින් මෙවන් විශ්මිත නිර්මාණයන් බිහි කළ හැකිවේද? ඒ සඳහා භාවිත කළ තාක්‍ෂණයක්‌ වේද? ඒ කවරකටත් වඩා කළුගලක්‌ මත චිත්‍රණය කෙරෙන ඒ මහා කලාකරුවාගේ මනඃකල්පිතය දෙස සමාධිගතවනු හැරෙන්නට ඒ පිළිබඳ වචනයකුදු කතාකරන්නට අපි සුදුස්‌සෝ වෙත්ද?

    බලන්න! මේ විශේෂිත පිළිරුවේ වීදුරු තරම් විනිවිද පෙනෙන සිවුරු පටට මෑතින් දකින අප මහා තථාගතයාණන් වහන්සේගේ මස්‌ පිඬුවක පවා සජීවී බව හෙළ කලාකරුවා මේ පිළිමවහන්සේ වෙත කැඳවා ඇති අපූරුව. උදරයේ මස්‌පිඬු, නාභිය, දෙතන් වැනි සියුම් බාහිර රූපකාය පවා සලකා නොවේද මෙවන් විශ්මිත නිර්මාණ බිහිකර ඇත්තේ. ලියනාඩෝ ඩාවින්සි වැන්නවුන් අතර අපගේ හෙළ කලාකරුවා තැබිය යුත්තේ කොතැනද යන්න අපේ හිත දැන් අපෙන්ම ප්‍රශ්න කරනවා නොවේද?

    දහවලේදී අප දකින ගල් විහාරයේ පිළිමවහන්සේ ගෙන්ද, අවුකන හෝ සමාධි පිළිමය හෝ මාලිගාවිල වැනි පිළිමයක අප මෙවන් සියුම් නිර්මාණ කාර්යයක්‌ මින් පෙර දැක තිබේද? ගල්විහාරයේදී සිදුකළ සියුම් ආලෝක පරීක්‍ෂාවේදී කීර්ති අමරසේකර නම් වූ කලාකරු තම කැමරාවට ග්‍රහණය කරගනු ලැබුවේ අඳුර විනිවිද ආලෝකයේ හරඹයෙන් ඔහු පිටපත් කරගත් සියුම් නිර්මාණ යථාර්ථයයි. අද අප එසේ කීවත් ගල් විහාරය පිදූ අතීත හෙළයා බොහෝ විට තම පියවි නෙතින්ම මේ නිර්මාණයන් දැකගන්නට ඇත. ඒ, රෑ රාත්‍රියේ පවා වන්දනාමානයන්ට විවරවූ මෙවන් විහාරවල පන්දම් එළියෙනි. එහෙත් අද අපි ගද්‍ය, පද්‍ය, රූප රචනාවලින් විස්‌තර කරන්නේ මහ දහවලේ ගිනි කාෂ්ඨකයේදී දකින පිළිම වහන්සේය. එනමුදු ආලෝකයේ උදව්වෙන් මෙවන් පිළිම පිරික්‌සීමේදී තවත් වටිනාකම් මේ තුළින් මතු කරගන්නටද අපට හැකිවනු නොඅනුමානය.

    ඒ ගැන මේ ඡායාරූපයේ නිර්මාණ ශිල්පියා කීර්ති කියන කතාව මෙවැන්නකි.

    "මම විශ්වාස කරන්නේ අතීත කලාකරුවා (ගල් වඩුවා) මේ නිර්මාණය කරන්න ඇත්තේ පන්දම් එළියක්‌ භාවිතයට අරගෙන කියලයි. තමාගේ කලා කෘතිය නරඹන්නන් විශ්මයට පත්කරවන දෙයක්‌ බවට පත්කිරීම සඳහා ඒ, ඒ තැන්වල රැඳවූ පන්දම් ආලෝකය භාවිත කරන්නට ඇති. ඒත් අද රාත්‍රියේදී මේ පිළිම වහන්සේලා බැතිමතුන්ට විවර වෙන්නේ නැති නිසා මෙසේ කැමරාවෙන් දුටු දර්ශන දකින්න ලැබෙන්නේ නෑ. දහවලේදී වැටෙන සෘජු, රළු ආලෝක ධාරාවන්ටත් මේ සියුම් නිර්මාණ දර්ශනය වෙන්නේ නෑ. කොහොමහරි අපි මේ පරීක්‍ෂාවට බඳුන් කළේ ගල්විහාරයේ සැතපෙන පිළිම වහන්සේ පමණයි. හිටි පිළිමය, හිඳි පිළිමය හා අවුකන පිළිමවලත් මේ වගේ විශේෂතා ඇති. අපි ඒවා අඳුනා ගත යුතුයි.

    මේ ඡායාරූප ගන්නත් අපි විශේෂ අවසරයක්‌ ලබාගත්තා. මොකද පුරාවිද්‍යා භූමියට රාත්‍රී ඇතුළුවීම තහනම් නිසා" කීර්ති පවසයි.

    සැබැවින්ම හෙළ කලාකරුවාගේ විශිෂ්ටත්වය ගැන කතාකළ කීර්තිගේ රූප කාව්‍යද ඇගයීමට ලක්‌විය යුත්තකි. මන්ද, මේ සියලු කලාකරුවන් නව නිර්මාණ කාර්යයේ සංවේදී මිනිසුන් වන නිසාම නොවේ. ඔවුන් හුදෙක්‌ දෑසින් දකින කලා නිර්මාණයෙන් නොනැවතී මේ විශ්වීය නිර්මාණවල සැබෑ නිර්මාණකරුවාද ඒ තුළ හඳුනාගැනීමට වෙර දරනා නිසාය.

    -- ජගත් කණහැරආරච්චි --
    -- ඡායාරූප - කීර්ති අමරසේකර --


     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපිට හිතාගන්නවත් බැහැ නේද ඒ කලාකරුවන්ගේ අද්විතීය හැකියාවන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අපිට හිතාගන්නවත් බැහැ නේද ඒ කලාකරුවන්ගේ අද්විතීය හැකියාවන්

    thanxx mcn +5

    ගමයා;12998267 said:
    mamath demma ban meka dekke nea :)

    මාරයි ඈ

    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට.. ඇත්තටම මම මෙච්චර කාලෙකට මේ වගේ සීන් එකක් දැනන් හිටියෙ නෑ.. පුදුමයි..!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ට මචන් මේවගේ ත්‍රේඩ් දිගටම දාන්න රෙප්2+
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Sudda awata passe api kalisam andaa..

    sudda giya...un tawa twat diunu wuna...

    api tamth ethanami...dan nikan anatha wela inne...ape kama nathi karagana anaatha wela inne:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට මචන් මේවගේ ත්‍රේඩ් දිගටම දාන්න රෙප්2+
    ලැබුනොත් අනිවාර්යෙන්ම දානවා මචං.. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.!

    Sudda awata passe api kalisam andaa..

    sudda giya...un tawa twat diunu wuna...

    api tamth ethanami...dan nikan anatha wela inne...ape kama nathi karagana anaatha wela inne:(

    :(:(:(:(:(:(:(
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඔය පිලිමයේ එක් අතක් පලුදු වෙලා තියෙන්නේ එක දවසක් සුද්දෙක් ඔය පිලිමෙට වෙඩි තියලා..ඒක හින්දා තමයි ගල් පතුරක් ගැලවිලා තියෙන්නේ... හැබැයි ඒ සුද්දාට වෙඩි තියපු වේලේම පිටිපස්සෙන් අලියෙක් ඇවිල්ල ගහලා මැරුනලු... පිලිමේ ඉස්සරහා ගල්තලාවේ වෙඩි තියපු තැනත් කොටලා තියනවා
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියමයි යාළුවා...ගොඩක් ස්තූතියි...:yes: