සමනල වැව යෝධ නිදිකුම්බා උවදුරෙන් ගලවා ගනි
සමනල වැව යනු සබරගමුව සබරගමුව පළාතේ විශාලම ජලාශය වේ.
එමෙන්ම දේශීය, විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගත් ස්ථානයකි.හිරිකටු ඔය,බෙලිහුල් ඔය,වලවේ ගඟ සහ තවත් ජලපෝෂක වලින් පෝෂණය වන සමනල වැව මේ වන විට යෝධ නිදිකුම්බා ශාකයේ තර්ජනයට ගොදුරුව ඇත.
මේ ලිපිය පාදක වන්නේ දැනට සමනල වැව් තාවුල්ල,වැව රක්ෂිතය වසා පැතිර යමින් පවතින අලකේශ්වර යෝධ නිදිකුම්බා උවදුර පිළිබඳවයි.
සමනල වැව
යෝධ නිදිකුම්බා ශාකය දැනට ලංකාව තුල ආක්රමණික ශාකයක් ලෙස පරිසර වේදීන් හදුනාගෙන ඇත.උඩවලව, කන්ද උඩරට ප්රදේශවල දැනට මෙම පැලෑටිය ශීඝ්රයෙන්පැතිර යයි.
යෝධ නිදිකුම්බා ශාකය
ඉතා තියුණු කටු සහිත,වසර දෙකක් පමණ වයසැති ශාකයක් වර්ග අඩි 30 ක පමණ වපසරියක විසිරි පවතී. වියලි බීජ සුළඟ හා ජලය මගින් පැතිරී යාම නිසා ගහනය දිනෙන් දින ඉතා පුළුල් වේ.
ශාකය විනාශ කිරීමට ගත හැකි එකම පියවර වන්නේ ශාකය කපා ගිනිතබා විනාශ කිරීම පමණි.
අප විසින් 2012-07-04 දින සමනල වැව් තාවුල්ලේ සහ රක්ෂිතය අවට කරන ලද සංචාරය අනුව අපට පැහැදිලි වුයේ අක්කර 5 ක පමණ භුමි භාගයක් මෙම උවදුරට ගොදුරු වී ඇති බවයි.
මෙම උවදුරෙන් සමනල වැවට හා එහි අවට ගම්වැසියන්ට ඇති අවදානම.
ගහනය ජල පෝෂක කලාපය දක්වා පතිරුනහොත් ජල උල්පත් සිඳී යාමේ අවධානම.
බීජ ජලය හා සුළඟ මගින් සමනල වැව අවට කුඹුරු සහ අනෙකුත් වගා භුමි වෙත පැතිරීමේ අවදානම්.එමෙන්ම එහිදී සිදු විය හැකි හානිය පුර්වොකල්පනය කල නොහැකි තරම්ය.
රමණිය සමනල වැව් තාවුල්ලේ සුන්දරත්වය විනාශ වීම.
විධිමත් විනාශ කිරීමකින් තොරව විනාශ කල නොහැකි නිසා ඉතාම සුළු ඉඩකඩක වුවද ඝනව,සරුසාර ලෙස වැඩි ගහනය වැඩි කිරීමේ හැකියාව
මේ උවදුර ගැන අපිට කරන්න පුළුවන් මොනවද කියල ELAKIRI කට්ටිය අදහසක් දෙන්න.ඒක ගොඩක් වටිනවා.මේක රටේ සම්පතක්..
මෙන්න මෙතනින් වැඩි විස්තර බලන්න..
http://sabravoice.blogspot.com/2012/07/blog-post.html

යෝධ නිදිකුම්බා බීජ
සමනල වැව් තාවුල්ලේ යෝධ නිදිකුම්බා ගහනය

Last edited: