අද ඉදල HTML පාඩම් මාලාවක් මගේ බ්ලොග් එකට සමගාමීව එළකිරි එකෙත් කරගෙන යන්ද හිතුවා . තමන්ගේම කියල වෙබ් සයිට් එකක් හදා ගන්න ආස අයට මාත් එක්ක දිගටම ඉන්නද කියල අරාධනා කරනවා. දිනපතා එක් පාඩම බැගින් එක්කිරීමට බලොපොරොත්තු වෙනවා.
එහෙනම් ඔන්‍න
1
HTML මුල සිට සරලව (හැදින්වීම)
HTML-Hyper Text Markup Language .
HTML යනු අන්තර්ජාලයට තොරතුරු එක් කිරීමට භාවිත කරනු ලබන පොදු ක්‍රමයක් හෙවත් භාෂාවක්ය (markup language) . කොටින්ම මෙය අන්තර්ජාලය තුල වඩාත්ම සාර්ථක වූ විශ්වීය භාෂාව හෙවත් මවු භාෂාව කීවත් වරදක් නෑ .මෙය ඕනෑම පරිගණකයකට හදුනා ගත හැකි කේත සහිත පොදු නියම පෙළකි. අන්තර්ජාලයේ ඕනෑම දෙයක් පල කරනු ලබන්නේ වෙබ් අඩවි හරහා බැවින් වෙබ් අඩවි වල තොරතුරු ඇතුලත් කිරීමට යොදා ගනු ලබන්නේ HTML භාෂාවයි. ලෝක ව්‍යාප්ත ජාලය නිර්මාතෘවරයා වන ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී HTML භාෂාව නිර්මාණය කිරීමේදීද පුරෝගමීය විය. ඔහුට අමතරව රොබට් කැලියු ද ස්ව්ධීනව HTML භාෂාව දියුණු කිරීමට වෙහෙසුනද ඒ වන විටත් URI ක්‍රමය හා HTTP ප්‍රොටෝකෝලයද නිර්මාණය කර සිටි ටිම් බර්නර්ස් ලී HTML භාෂාව කාර්යයක්‍ෂමව දියුණු කරන ලදී.
1989 සිට W3C ආයතනයෙන් ඉදිරිපත් කර ඇති HTML කේත සමුහයන්
*October 1991-HTML Tags
*June 1992- HTML DTD 1.1
*June 1993- HTML 2.0
*November 1993- HTML+
* April 1995 (authored March 1995)-HTML 3.0
* 1997 - HTML 3.2
*December 1999- HTML 4.0
*January 2008-HTML5
අද වන විටත් නව HTML ටැග්ස් නිර්මාණය වේ. ඒවා නිර්මය කරනු ලබන්නේ ටිම් බර්නර්ස් ලීගේ ප්‍රධානත්වයෙන් යුත් W3C (World Wide Web Consortium ) ආයතනය මගිනි. w3c (www.w3.org) ආයතනයේ නිල වෙබ් අඩවියෙන් HTML කේත සටහන් සහ පාඩම මාලාවන් නොමිලේම ලබා ගැනීමේ හැකියාවද පවතී. මෙම පාඩම් මාලාව මගින් ලබා ගන්නා දැනුමත් සමග එම නිබන්ධනද පරිහරණයෙන් ඔබට උසස් වෙබ් අඩවි නිර්මාණය කිරීමේ හැකියාව ලැබේවි.
දෙවෙනි පරිච්ඡේදයෙන් අපි වෙබ් පිටුවක් තැනීම ආරම්භ කරමු. නැවතත් මේ වගේම ලිපියකින් ඔයාලව හමුවෙන බලාපොරෝතුවෙන් එහෙනම් මම ගියා. ඔයාලට ජය!!!!!!
කරුණු- විකිපීඩියා විශ්වකොෂයෙන් හා Easy guide සගරාවෙනි .
ප.ලි - පාඩම් මාලාවක් කිරිමේ අදහසින් ලියු පළමු ලිපිය බැවින් අඩු පාඩු ඇතොත් පෙන්වා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
උපුටා ගැනීම -චලන වෙබ්

ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී
HTML යනු වෙබ් අඩවි නිර්මාණය කරනු ලබන Programing language එක යැයිද හැදින්විය හැකි වුවත් අනෙක් Programing language වලදී මෙන් HTML වලින් වැඩ කරන්නට වෙනත් විශේෂ පරිගණක වැඩසටහනක් නැත .කල යුත්තේ HTML කේත හෙවත් ටැග්ස් Notepad එකේ තුල ලිවීම පමණි.ඉන්පසු එය Save කොටා වෙබ් Browser එකක් ආධාරයෙන් විවෘත කිරීමයි.1989 සිට W3C ආයතනයෙන් ඉදිරිපත් කර ඇති HTML කේත සමුහයන්
*October 1991-HTML Tags
*June 1992- HTML DTD 1.1
*June 1993- HTML 2.0
*November 1993- HTML+
* April 1995 (authored March 1995)-HTML 3.0
* 1997 - HTML 3.2
*December 1999- HTML 4.0
*January 2008-HTML5
අද වන විටත් නව HTML ටැග්ස් නිර්මාණය වේ. ඒවා නිර්මය කරනු ලබන්නේ ටිම් බර්නර්ස් ලීගේ ප්‍රධානත්වයෙන් යුත් W3C (World Wide Web Consortium ) ආයතනය මගිනි. w3c (www.w3.org) ආයතනයේ නිල වෙබ් අඩවියෙන් HTML කේත සටහන් සහ පාඩම මාලාවන් නොමිලේම ලබා ගැනීමේ හැකියාවද පවතී. මෙම පාඩම් මාලාව මගින් ලබා ගන්නා දැනුමත් සමග එම නිබන්ධනද පරිහරණයෙන් ඔබට උසස් වෙබ් අඩවි නිර්මාණය කිරීමේ හැකියාව ලැබේවි.
දෙවෙනි පරිච්ඡේදයෙන් අපි වෙබ් පිටුවක් තැනීම ආරම්භ කරමු. නැවතත් මේ වගේම ලිපියකින් ඔයාලව හමුවෙන බලාපොරෝතුවෙන් එහෙනම් මම ගියා. ඔයාලට ජය!!!!!!
කරුණු- විකිපීඩියා විශ්වකොෂයෙන් හා Easy guide සගරාවෙනි .
ප.ලි - පාඩම් මාලාවක් කිරිමේ අදහසින් ලියු පළමු ලිපිය බැවින් අඩු පාඩු ඇතොත් පෙන්වා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
උපුටා ගැනීම -චලන වෙබ්
Last edited:
අකුරු ලොකු කරලා දාපන්... පොඩි අකුරු වලින් ඡේද කියවද්දී අමාරුයි...
+
අනිවා වටිනවා දෙයක් ඉගෙන ගන්න පුලුවන්