 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 1,336
Join Date: Apr 2012
|
|
|
සිද්ධාර්ථ බෝසතුන් හා යශෝධරා දේවිය අතර විව -
07-17-2012, 01:17 PM
සිද්ධාර්ථ බෝසතුන් හා යශෝධරා දේවිය අතර විවාහය-
බෞද්ධ සමාජයට සමීපතාවයක් ඇති ග්‍රන්තයක ස්ත්‍රිය හුවා දක්වන ආකාරය
ආයිෂා තුමියගේ විවාහය පිළිබඳව ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි මගින් දැනට කරගෙන යන්නාවූ ඉතා පහත් ප්‍රචාරය ගැන අප බොහෝ සේ මවිතයටත් කනස්සල්ලටත් පත්ව ඇත්තෙමු. අපගේ බලවත්ම කණගාටුවට හේතුව මෙම ප්‍රචාර ගෙනයන්නේ බුදු දහමේ නාමයෙන් වීම නිසාය
එක් දහමකට අසත්‍ය තොරතුරු යොදාගනිමින් මඩ ගසන විට තමන්ට ද එහි ඵලය බුක්ති විඳින්නට සිදුවන බව යථාර්තයකි. නමුත් අසත්‍ය තොරතුරු අප ප්‍රයෝජනය ගෙන නොමැත. අප ඉදිරිපත් කොට ඇත්තේ නිවැරදි මුලාශ්‍රයන් ගෙන් උපුටා ගත් සත්‍යය තොරතුරු පමණි.
ආයිෂා තුමියට මඩ ගැසීම නැවත් වූ විගස මෙම ලිපිය ඉවත් කිරීමට අපි නියත වශයෙන්ම කටයුතු කරන්නෙමු. අල් කුරානයේ 6 වන පරිච්චේදයේ 108 වැනි වාක්‍යයෙන් උගන්වන්නේ කිසිම දහමකට අපහාස නොකරන ලෙසය. වෙබ් අඩවි විශාල ප්‍රමාණයක හා මුහුණු පොතේ දැනට ඉස්ලාමයට, නබිතුමාට, දෙවිඳුන්ට කරන්නාවූ අපහාසයන් කරුණාකර නවත් වන්න. මෙය සැමට යහපතක් වනු නොඅනුමානය.
දිනමිණ 2011 ක්වූ අගෝස්තු මස 2 වැනි අඟහරුවාදා
අඩු වයසින් පෙළවහට නීති රීති සැකසේ
දැනට පවතින විවාහ ලියා පදිංචි කිරීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින අවම වයස 18 ක් වන අතර එය අවුරුදු 15 දක්වා අඩු කිරීම කෙරෙහි කරුණු සලකා බලන බව ඇමතිවරයා පවසයි. ගම්බද ප්‍රදේශවල අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ස්ත්‍රී දුෂණ චෝදනාවලට නඩු පැවරෙන තරුණ තරුණියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම පිලිබඳ අවධානය යොමුකර මෙලෙස විවාහ වීමේ වයස් සීමාව සංශෝධනය කිරීම කෙරෙහි කරුණු සලකා බලමින් සිටින බවද ඇමැති වරයා කියයි. අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම සපුරා තහනම් වන අතර එවැන්නක් ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට වසර 7 ක සිර දඬුවමක් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා තමා අධිකරණ අමාත්‍යවරයා ව සිටි අවධියේත් මෙම යෝජනාව ගෙනා බව පවසන ඇමතිවරයා විවිධ පාර්ශවවල බලපෑම මත එම යෝජනාව ස්ථීර කර ගැනීමට නොහැකිවූ බවද කීය. එහෙත් වර්තමානයේ බාල වයස්කාර දරුවන් (අවුරුදු 18 ට අඩු) විවාහ කරවීමේ රෙජිස්ට්‍රාර් වරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු කිසිදු අයෙකුට විවාහවීමේ ඉඩ ප්‍රස්ථා අහුරා ඇතැයි ද ඒ මහතා කීය.
උඩරට විවාහ හා දික්කසාද නීතිය.
උඩරට නීතිය අදාලවන ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදුවන විවාහයක් උඩරට විවාහයක් ලෙස ලියාපදිංචි කල හැකිය. මෙම නීතිය බලපවත්වන පළාත් වනුයේ: 1. මධ්‍යම පළාත, 2. උතුරු මැද පළාත, 3. ඌව පළාත, සහ 4. සබරගමුව යන පළාත් සතරයි. මේ පිළිබඳව දැනට බලපවත් වනුයේ 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23 යන සංශෝධන පනත් වලින් මුල්පනත කීප වතාවක් සංශෝධනය කර ඇත. උඩරට නීතිය අනුව විවාහවීම සඳහා පිරිමි අයෙකුගේ වයස අවුරුදු 16 ක් ද ගැහැණු කෙනෙකුගේ වයස අවුරුදු 12 ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය. (උපුටා ගැනීම “උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය හා පුද්ගල නීතිය” – නීතිඥ ආනන්ද එන්. තිලකරත්න)
අද අපට විශේෂයෙන්ම වෙබ් අඩවි මගින් ඉස්ලාමය සමච්චලයට හා විවේචනයට ලක්කිරීමේ දැවැන්ත වැඩ සටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දක්නට ලැබේ. වාසනාවකට මෙන් මෙම වෛර ක්‍රියාවලියේ යෙදී සිටින්නන්ට ඉස්ලාමය පිළිබඳව හෝ බුදු දහම පිළිබඳව හෝ ගැඹුරු දැනුමක් ඇති බව දක්නට නොමැත. ඉස්ලාමයට එරෙහි කිතුනු වන්ගේ වෙබ් අඩවි වලින් කරුණු සොරා ගෙන ගිරවුන් මෙන් සිංහලෙන් ඉදිරිපත් කොට එමගින් ආත්ම තෘප්තියක් ඔවුන් ලබනවා විය හැක. මෙම මානසික විකෘත භාවයෙන් පෙලෙන උදවියගේ රෝගී තත්වය මනෝ චිකිත්සාවේ හඳුන්වන්නේ “Sadism” යනුවෙනුයි. මෙම වචනයට ශබ්දකෝෂ යෙහි යොදා ඇති සිංහල වචනය වන්නේ “පරපීඩාකාමිත්වය” යනුවෙනුයි. ඔවුන්ගේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ අන් අයට පීඩාවක් ඇති කොට ආත්ම තෘප්තියක් ලැබීමයි. ඔවුන් ඉස්ලාමයට එරෙහිව ඉදිරිපත්කරන කරුණු මෙන්ම උපයෝගී කරගන්නා අසභ්‍ය භාෂා විලාසය ද ඔවුන් ගේ රෝගී තත්වය වඩාත් හොඳින් සනාථ කරවන්නකි. මෙම අවාසනාවන්ත හා රෝගී පිරිස පිලිබඳ කවි සංකල්පනාවක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
ලිඳක් බොරවේද බොල් පිනි බෑවාට
කන්දක් පාත්වේද බලුකුක්කෙක් බිරුවාට
සඳේ කැළුම් අඩුවේද වලාවකින් වැසුනාට
ඇත්ත නැත්ත වේවිද බේගල් ඇද බෑවාට
|
 |
Senior Member
|
|
Posts: 1,336
Join Date: Apr 2012
|
|
|
07-17-2012, 01:19 PM
ආයිෂා තුමියගේ (දෙවිඳුන්ගේ ආශීර්වාදය එතුමිය කෙරෙහි අත්වේවා) විවාහය පිළිබඳව ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි මගින් දැනට කරගෙන යන්නාවූ ඉතා පහත් ප්‍රචාරය ගැන අප බොහෝ සේ මවිතයටත් කනස්සල්ලටත් පත්ව ඇත්තෙමු. අපගේ බලවත්ම කණගාටුවට හේතුව මෙම ප්‍රචාර ගෙනයන්නේ බුදු දහමේ නාමයෙන් වීම නිසාය. ඉස්ලාමීය විවාහයක් නීත්‍යානුකුල වීමට අවශ්‍යය කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.
1. මනමාලිය වැඩිවියට පත්වී සිටිය යුතුය
2. මනමාලියගේ පුර්ණ කැමැත්ත කිසිම බලපෑමකින් තොරව තිබිය යුතුය
3. මනමාලයා විසින් මහර් නම්වූ විවාහ තෑග්ගක් මනමාලියට දිය යුතුය
4. මනමාලියගේ පියා හෝ නීත්‍යානුකුල භාරකරුවෙකු සිටිය යුතුය.
5. විවාහය ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු අතර සාක්ෂි කරුවන් දෙදෙනෙකු සිටිය යුතුය.
මෙහිදී විවාදයට ලක්වී ඇත්තේ ආයිෂා තුමියගේ විවාහය සිදුවන විට ඇගේ වයසයි. මෙම වයස පිළිබඳවද මත කිහිපයක් ඇත්තේය. කෙසේ නමුත් ඉස්ලාමයට පහර ගසන්නන්ගේ ස්ථාවරයේ සිට මෙම කරුණ සාකච්චා කරන්නට කැමැත්තෙමි. අරාබි ගැහැණු දරුවන් වයස 9 හෝ 10 වනවිට වැඩිවියට පත්වීම ස්වභාවික වන අතර එම වයස වනවිට ඔවුන් හොඳින් වැඩුණු කාන්තාවකගේ පෙනුමකින් යුක්ත වන්නේය. මා අවුරුදු විස්සක් මැද පෙරදිග පාසැලක රැකියාව කළ අයෙකු වන නිසා මෙහි සත්‍යතාවය හොඳින් දන්නා අයෙකු වන්නෙමි. (ඉස්ලාමයේ විවේචකයින් පවසන පරිදි) අවුරුදු 9 දී වැඩිවියට පත්වුනාට පසුවයි මෙම විවාහය නිශ්චිත වශයෙන්ම සිදුවී ඇත්තේ. මෙහි ඇති ගැටළුව කුමක්ද කියා අසන්නට කැමැත්තෙමු. මෙම විවාහය පිළිබඳව නබිතුමාගේ (එතුමාට දෙවිඳුන්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) යුගයේ කිසිවෙක්, මුස්ලිම් හෝ ඉස්ලාමයේ හතුරන් විසින් හෝ විරුද්ධ මත ප්‍රකාශ කර ඇත්තේදැයි කරුණාකර සොයා බලන්න. සියලු විවේචන මතුවී ඇත්තේ 20 වැනි හා 21 වැනි සියවසේ ඉස්ලාම් විරෝදීන්ගෙන් පමණි. මේ පිළිබඳව පහතින් ඉදිරිපත් කරන කරුණට කරුණාකර පිළිතුරු සපයන්න.
සිද්ධාර්ථ බෝසතුන් හා යශෝධරා දේවිය අතර විවාහය සිදුවන්නේ ඔවුන් දෙදෙනාටම වයස 16 ක් ව තිබියදීය. දිනමිණ පුවත්පතින් උපුටා දක්වා ඇති ප්‍රවෘතිය අනුව නුතනයේ අවුරුදු 16 දී විවාහ වන්නන්ට ලැබෙන දඬුවම කුමක්ද කියා එහි පැහැදිලිව සඳහන්වී ඇත. කරුණාකර එම ප්‍රවෘතිය නැවත කියවා බලන්න. අවුරුදු 2600 කට පෙර වයස 16 දී විවාහ වීම සාමාන්‍ය දෙයක් වූ හෙයින් බෞද්ධ හෝ බෞද්ධ විරෝදී අයෙකු හෝ මෙම විවාහය විවේචනය කරන්නට ඉදිරිපත්වී නොමැති බවයි අපගේ මතය වන්නේ. අවුරුදු 2600 කට පෙර සිදුවීමකට 20 වන සියවසේ නීති අදාලකොට කතාකරන්නේ නම් එය සාධාරණ පිළිවෙතක් විය නොහැක. ආයිෂා තුමියගේ විවාහය විවේචනය කරන්නන්ට මෙය තේරුම ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? ඔවුන්ගේ තර්කයෙන් කතා කරන්නේ නම් දිනමිණ ප්‍රවෘතියේ දඬුවම සිද්ධාර්ථ බෝසතුන්ට හා යශෝධරා ට කැප දෙයක් ලෙස යමෙක් තර්ක කළහොත් ඔවුන්ගේ පිළිතුර වන්නේ කුමක්ද? එමනිසා වෛරය පදනම් කරගෙන ආගමික නායකයින්ට මඩ ගසන්නට ඉදිරිපත් වන්නේ ඉහත පැහැදිලි කලාක් මෙන් Sadism (“පරපීඩාකාමිත්වය”) නමැති මානසික රෝගයෙන් පෙලෙන්නන් පමණි. එතරම් දුර දිග නොගොස් ඔබගේ මුත්තා, කිත්තා, කිරිකිත්තා විවාහ වනවිට ඔවුන්ගේ මනාලියන්ගේ වයස කුමක්ද කියා කරුණාකර සොයා බලන්න. 20 වැනි හා 21 වැනි සියවසේ ක්‍රියාත්මක උඩරට සිංහල නීතිය අනුව විවාහය සඳහා කාන්තාවකගේ නීත්‍යානුකුල වයස අවුරුදු 12 බව ඉහතින් උපුටා දැක්වූ කොටසේ පැහැදිලිව දක්වා ඇත. ලාංකීය ගැහැණු ළමයෙක් සාමාන්‍ය වශයෙන් වැඩිවියට පැමිණෙන වයස පදනම් කරගෙනයි මෙම වයස අවුරුදු 12 තීරණය කරන්නට ඇත්තේ යැයි කිසිම සැකයක් නොමැත.
එක් ආගමික නායකයෙකුගේ විවාහ ජීවිතය දෙස පදනම් විරහිතව මඩ ගසන්නට සුදානම් වනවිට තමාගේ ආගමික නායකයාගේ විවාහ ජීවිතය පිළිබඳව ආගමික හා ඉතිහාස ග්‍රන්ථයන් ගෙන් කරුණු උපුටා දැක්වීම වැළක්විය හැක්කක් නොවේ.
උපන් විගසත් පස් මසක බිලිඳෙකුව සිටියදීත් අදහා ගත නොහැකි අයුරින් ප්‍රාතිහාර්ය ජනක ක්‍රියාවල යෙදෙමින් තමන් නියත වශයෙන්ම බුද්ධත්වයට පිවිසෙන බව සැමටම අඟවා තිබියදීත් සිද්ධාර්ථ බෝසතාණෝ විවාහ බන්ධනයට පිවිසීම අදහා ගත නොහැකි ඵෙතිහාසික සිදුවීමක් බව දැක්විය යුතුව ඇත. මේ සම්බන්ධව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවන්ගේ “බුද්ධ චරිතය” පොතෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“කම් සැපෙහි දොස් අනන්තය. කළහ වෛර ශෝක නානාවිධ දුක් කරදර ඇති වීමට කම් සැපත මුල්වේ. කම් සැප බියකරුය. කෑ කෙනෙහි දිවි නසන විෂ ඵලපත්‍ර බඳුය. ගිනි ජාලාවක් බඳුය. කඩු මුණතක් බඳුය. මට කම් සැපත කෙරෙහි කිසිම ආශාවක් නැත. ස්ත්‍රීන් මැද විසීම මට රිසි නොවේ. වනයකට වී ධ්‍යාන සමාධී සැපයෙන් වසන්නට ඇතොත් මැනව”, මෙසේ සිතා “මගේ අදහස පියාණන්ට දන්වා කිසි සේත් වන වාසයට යන්නට නම් අවසර ගත නොහැක්ක. එබැවින් ඔවුනට කළ නොහැකි දැයක් ලියා දන්වමී’යි සිතුහ” (24 වැනි පිටුව).
සිද්ධාර්ථ බෝසතාණෝ තම ලිපියේ අඩංගු කළ අනාගත බිරිඳගේ ගුණ සමුදාය මිහිපිට ඇති අයෙකුගෙන් සොයාගත නොහැකි ආකාරයේ ලැයිස්තුවකි. මෙයින් බෝසතාණෝ අපේක්ෂා කලේ විවාහයෙන් ඈත්වී සිටීමට මඟකි. නමුත් තම මවගේ සොහොයුරෙකුවූ සුප්‍රබුද්ධ රජුගේ හා තම පියාගේ සොයුරියකවූ පමිතා දේවියගේ දියනියවූ යශෝධරාවෝ සිද්ධාර්ථ බෝසතාණන්ගේ සියළු අපේක්ෂාවන්ට අනුකුලව ඉන්නා බව පැවසීමෙන් මෙම විවාහයට එකඟ වීමට සිද්ධාර්තයන්ට සිදුවූ බව විවිධ බෞද්ධ ලේඛකයින් කරුණු දක්වා ඇත.
විවාහයෙන් ඉවත්වී සිටීමට සිද්ධාර්තයන්ට ලැබුණ ස්වර්ණමය අවස්ථාව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නා හිමියෝ විග්‍රහ කරන්නේ පහත සඳහන් අයුරිනි.
“යශෝධරාවන්ගේ පිය රජ ශුද්ධෝදන මහ රජුට පිළිතුරු එවනුයේ ‘ආර්යය, ඔබේ පුත් කුමරු රජගෙහිම සිවුමැලි ව වැඩුණේය. සිප් සතර දන්නෙකුට මිස නොදන්නෙකුට අපේ කන්‍යාවෝ නොදිය යුතුය යන්න අපේ කුල ධර්මයෙකි. ඔබේ පුතා කිසිත් නොදනී. කඩු දුනු ආදිය පිළිබඳව වූ ශිල්ප රජකුමරුවන් විසින් උගත යුතුය. ඒ කිසිත් නොදන්නා ඔබේ පුතුට කෙසේ නම් මා දුව දෙන්නෙම් දැ’යි කියා එවීය.” (27 වැනි පිටුව).
ඉහත පිළිතුරට සිද්ධාර්ථ බෝසතාණෝ නිහඬ වුවා නම් විවාහය ගැටළුවකින් තොරව මඟ හැරී යෑමට හොඳ හැටි ඉඩ තිබුණි. නමුත් සිද්ධාර්ථ කුමාරයාගේ පිලිතුර වූ “ශිල්ප දන්නවුන් රැස් කරවන්න. මම ශිල්ප දක්වන්නෙමි.” (27 වැනි පිටුව) යන්න සැබැවින්ම ඔහුට විවාහය සඳහාවූ කැමැත්ත ප්‍රකාශ කිරීමක් ලෙස ඕනෑම මධ්‍යස්ථ අයෙකු පිළිගනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මෙම මතයට පටහැනි අදහසක් මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි තම “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ දක්වා ඇත.
තව කියවන්ඩ
http://yarsaad.blogspot.com/2012/07/blog-post.html
Last edited by JAMJOOM; 07-17-2012 at 01:25 PM.
|
 |
Senior Member
|
|
Posts: 15,050
Join Date: Dec 2008
Location: - ElaKiri Radio -
|
|
|
07-17-2012, 01:25 PM
Jazakallah bro!
|
 |
Senior Member
|
|
Posts: 1,336
Join Date: Apr 2012
|
|
|
07-17-2012, 01:47 PM
Bump
|
 |
Senior Member
|
|
Posts: 1,336
Join Date: Apr 2012
|
|
|
07-17-2012, 05:09 PM
Quote:
Originally Posted by Dreams001
Jazakallah bro!
|
|
 |
Senior Member
|
|
Posts: 1,336
Join Date: Apr 2012
|
|
|
07-18-2012, 05:59 PM
Bump
|
 |
Senior Member
|
|
Posts: 14,072
Join Date: Nov 2008
Location: Panadura
|
|
|
07-19-2012, 12:06 AM
|
 |
Senior Member
|
|
Posts: 7,037
Join Date: Apr 2009
Location: AREA 51
|
|
|
07-19-2012, 12:13 AM
ලමා අපචාරකයොන්ට මරන දඩුවම ලබා දෙනු....
|
|
Senior Member
|
|
Posts: 188
Join Date: Dec 2011
Location: Colombo
|
|
|
07-19-2012, 08:40 AM
මචන් ලා කිසියම් හෝ ආගමකට පහර ගහන එක බුදුදහම අනුවත් විරුද්ධයි...... මතක තියා ගනින් ඉස්ලාම් ආගමට පහර ගහන පිරිසට වඩා පහර නොගසන පිරිස වැඩි බව...........
නමුත් උබලගේ තර්කය මොකක්ද?
"ආයිෂා තුමියට මඩ ගැසීම නැවත් වූ විගස මෙම ලිපිය ඉවත් කිරීමට අපි නියත වශයෙන්ම කටයුතු කරන්නෙමු. අල් කුරානයේ 6 වන පරිච්චේදයේ 108 වැනි වාක්‍යයෙන් උගන්වන්නේ කිසිම දහමකට අපහාස නොකරන ලෙසය."
ඕවට තමයි අනේ ** නන්නානේ කියන්නේ.... උබලාගේ තර්කය තමයි ඉස්ලාම් ආගමට පහර ගසන නිසා බුදුදහම විවේචනය කරනවා එක.... හරි එතකොට උබ බුදුදහමට පහර ගසන නිසා මාත් පටන් ගන්නවා ඉස්ලාම් ආගමට පහර ගසන්න... ඒක හරිද? මං ඉස්ලාම් ආගමට පහර ගසන නිසා උබලගේ තව එකෙක් බුදුදහමට පහර ගහන්න පටන් ගනී.... දැන් මේකද වෙන්න ඕනේ.......... උබලගේ තර්ක නම් මරු බං...............
|
 |
Senior Member
|
|
Posts: 5,332
Join Date: Jul 2011
|
|
|
07-19-2012, 08:55 AM
Bump
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|