ජීවිතයට අරුතක් එක් කර ගමු.

Vote for this thread

  • Excellent Thread

    Votes: 2 33.3%
  • Good Thread

    Votes: 3 50.0%
  • Not Bad

    Votes: 0 0.0%
  • No Use

    Votes: 1 16.7%

  • Total voters
    6

senan

Member
Apr 9, 2008
597
15
0
On Cyber Space
ජීවිතයට අරුතක් එක් කර ගමු.

හොඳමයි යාලුවනේ. මටත් හිතුනා අලුත් නූලක් පටන් ගන්න.
මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිත වල එදිනෙදා හමුවන සුළු සුළු ප්‍රායෝගික දේවල් තුලින් අපේ ජීවිත වල, මිළ මුදල්, කාලය ඉතිරි කරගන්නේ කෙසේද යන්න සාකඡ්ඡා කිරීමයි.
:yes:

මම විස්තර කරන දේවල් ඔයාලට තේරෙන්නෙ නැත්නම් ඉදිරියෙදී මම දාන පොස්ට් බලලා තේරුම් ගන්න බලන්න. මම කියන දේවල් හැමෝටම කරන්න බැරුවත් ඇති. හැමෝටම අදාල වෙන්නෙත් නැති වෙයි. ඒත් බම්ප් එකක් හරි දාලා තව කෙනෙකුට බලන්න අවස්ථාවක් දෙන්න. ඔයාලට මම දාන ඒව "පිස්සු නැත්නම් ෂෝක්":lol: වගෙත් පෙනෙයි. ඒත් මේවා අපේ අනාගතට, පොකට් එකට සුළුවෙන් හෝ ඉතිරියක් කරයි.:yes:

හැමෝටම ජය වේවා!
 
  • Like
Reactions: lakshithalcr

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබ introduction එකත් එක්ක උබ කියන්න යන දේ ගැන ඉගියක් ගන්න දෙයක් දැම්මනම් තම හොද.
    වැඩේ නම් හොදයි වගේ පෙන්නේ.:)
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    සොරි වෙන්න ඕනා පරක්කු උනාට. හදිසි වැඩකට පොඩි ගමනක් යන්න උනා.:angry:
    එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්තා. මගේ සාර්ථකත්වය රඳා පවතින්නෙ ඔයාල මත. ඔයාලගෙ අදහස්, උදහස් කොමෙන්ට් හරි පී.එම්. හරි කරන්න. මෙතෙක් Wish කරපු හැමෝටම ස්තූතියි.
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    ඔයාලගෙ ගෙදර බල්බ් එහෙමත් මේ වගේද?

    http://img444.imageshack.us/img444/3995/imag0955z.jpg
    imag0955z.jpg


    ඊයේ මම හවස ගෙදර ඉන්නකොට නිකමට සාලේ තිබුන බල්බ් එක දිහා බැලුවා. කොහොමද බල්බ් එකේ ලස්සන? (දැන් ඉතින් කියන්න එපා අවුරුද්දකින් ගේ සුද්ද කරල නැ කියල ).

    එහෙම නෙමෙයි, අපේ ගෙවල් කලාතුරකින්නෙ කොල්ලො හැටියට අපි සුද්ද කරන්නෙ. ගොඩාක්ම අපේ අම්මල හරි, සහෝදරියො හරි තමා ගෙවල් අස් පස් කරන වැඩ කරන්නෙ. ඒත් ඒගොල්ලන්ට උඩ නැගගෙන කරන්න අමාරු වැඩ තියෙනවා නේද?


    ඒවා ඉතින් අපි තමා කරලා දෙන්න ඕනා. මේකත් ඒවයින් එකක් තමා. බලන්න මේ බල්බ් එක දිහා. දූවිලි බැඳිලා ගන්න දෙයක් නැ. ගෙදරට ආපු පිට කවුරු හරි දැක්කොත් ලැජ්ජාවෙ බැ. එත් දැන් ඔයාල කල්පනා කරනව ඇති මේකෙන් කොහොමද කාලය හරි සල්ලි හරි ඉතිරි කර ගන්නෙ කියලා.

    මම මේ ඉදිරිපත් කරන තර්කය 100%ක් හරිද දන්නෙ නෑ. ඔයාල ම කල්පනා කරල බලන්න.


    දැන් ඔය බල්බ් එකේ දූවිලි බල්බ් එක වට කරගෙන තියෙද්දි බල්බ් එකේ රස්නෙ පිට වීම තරමක් අඩු වෙනවා නේද? ඒකෙන් බල්බ් එක රත් වෙනව වැඩි. එතකොට බල්බ් එක ඉක්මනින් පිච්චෙන්න තියෙන ඉඩකඩ වැඩි නේද?

    තව එකක්.

    මට හිතෙන හැටියට ආලෝකය පිට වීමත් සීමා වෙනව ඇති, අපිට නොදැනුනාට.


    විශේෂ කාරණය තමා මේ වගේ බල්බ් පාවිච්චියට විදුලි බලය අධික ලෙස වැය වීම. මේ බල්බ් එක 40W (ආසන්න වශයෙන් මිළ රු. 40/=) එකක්. CFL බල්බ සඳහා සාමාන්‍ය කාමරයට 9W (ආසන්න වශයෙන් මිළ රු. 340/=) බල්බයක් ඉතාමත් ප්‍රමාණවත්. ඒත් දැන් LED බල්බ වෙළඳ පොලේ මිළදී ගන්න පුලුවන්. එවැනි බල්බයකට වැය වන විදුලි ප්‍රමාණය 2W - 3W වැනි අගයක්. හැබැයි මිළ තමා දරාගන්න අමාරු. රු. 2050/= සිට තමා අබාන්ස් ලගෙන් ගන්න තියෙන්නෙ.

    එලකිරියෙ දාල තිබුන DIY (Do It Yourself) බල්බ් වල කාර්‍යක්ෂමතාව නම් මට කියන්න අමාරුයි. ඊ-බේ එකෙත් ලාබෙට LED බල්බ් ගන්න තියෙනවා. ඒත් ඒවල කාර්‍ය්ක්ෂමතාව නම් 100% ක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

    ඉතින් LED බල්බ් වල මිළ ටිකක් බහිනකන් හරි CFL බල්බ් පාවිච්චි කළොත් පොකට් එකට තමා වාසි.

    ගෙදර ඉන්න ගමන් ටිකක් උඩ බලලා ඔයාලගෙ ගෙදරත් බල්බ් මගෙ පොටෝ එක වගේනම් දැන්ම පිහලා දාලා උපරිම ප්‍රයෝජනයක් ගන්න බලන්න.

    ටයිප් කරලා අතත් රිදෙනවා. මහන්සියටවත් සලකල යන්න. තව හොඳ හොඳ ඒවා ඉදිරියට එනවා. Bookmark එකක් දාගෙන තියා ගන්න.. ජය වේවා!
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    වැඩේ නම් නරක නෑ
    අපට තියන ප්‍රශ්නත් මේ නුලෙන් විසදුම් ගන්න පුලුවන්ද?
    6+
    පෞද්ගලික ප්‍රශ්න නම් මෙතන දාන්න එපා. අපි කාටත් පොදු, එදිනෙදා ජීවිතයේදී හමුවන ප්‍රශ්න, අමාරු වැඩ පහසුවෙන් කරගන්නා හැටි, කාලය හා මුදල් ඉතිරි කරගන්නා හැටි සාකච්ඡා කරමු.