ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා?
ලංකාව රාජපක්ෂවරුන්ගේ බූදලයක් බවට පත්ව ඇති බව අප කවුරුත් පිළි ගත යුතු ඇත්තකි. ඒ නිසා ඔය ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රකාශනයේ නිදහස වැනි දේ වලංගු වන්නේ එම සංදර්භය තුළ බව අප කවුරුත් තේරුම් ගත යුතු ය.
ජවිපෙත්, හෙළ උරුමයත්, කොටිත්, රාජපක්ෂවරුත් එක් වී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් මධ්‍යම පංතිකයන්ගේ ආශිර්වාදයෙන් ගොඩනඟන ලද පවතින විකෘති සමාජ ක්‍රමය පවතින තෙක්, අප තත්වය විග්‍රහ කළ යුතුව ඇත්තේ මේ යථාර්ථය වටහා ගනිමිනි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මල්ලී වන ගෝඨාභය රාජපක්ෂට එම පවුලේම අය විසින් කළමනාකරණය කරනු ලබන, මහජනාව විසින් පාඩු පියවන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ කරන ඔහුගේ ම ලේලියකගේ ගුවන් නියමු පෙම්වතා ලවා ස්විට්සර්ලන්තයෙන් බලු පැටවකු ගෙන එන්නටත්, බලු පැටවාට ඇති ආදරය නිසා එම ගුවන් යානය තමන් ම පදවන්නැයි ලේලිගේ පෙම්වතාගෙන් ඉල්ලා සිටින්නටත් බැරි මොකද?
ලේලිගේ පෙම්වතාට ඒ -340 ගුවන් යානා පදවන්නට බැරි නිසාත්, ඒ -330යක් යෙදුවොත් මගීන් සංඛ්‍යාව අඩු කරන්නට සිදු වන නිසාත් ගුවන් නියමු සංසදය එයට විරුද්ධ වීම නිසා එය ඒ අන්දමින් සිදු වී නැත.
ගෝඨාභය රාජපක්ෂ නම් රජයේ නිලධාරියා තර්ක කරන පරිදි එහි වරදක් නැත. මුදල් ගෙවන්නේ නම් ඔහුට බලු පැටවකු නොව අලි පැටවකු වුව ගෙන්වන්නට පුළුවන් බව ඔහු කියයි. ඇත්තට ම ඔහුට හා ඔවුන්ට බැරි කුමක්ද?
බල්ලන්ට මෙතරම් සලකන පාලකයන් සිටින රටක මිනිසුන් ලෙස ඉපදීම පෙර කළ පිනක් නොවේද?
දැන් මේ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් ගෝඨභෙයතුමාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කර ඇත්තේ සිද්ධියේ පොදු දේපල සම්බන්ධ කාරණාවක් ඇති බව කියා ය.
රටේ පළමු කාන්තාව වන ශිරන්ති වික්‍රමසිංහ නෝනාගේ සහෝදරයා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ ගල්කිස්සේ පිහිටි ගෙය බින්ද හොරු එක්සත් ජනපද ඩොලර් 11,500ක්, ස්ටර්ලිං පවුම් 10,500ක් හා රු. මිලියන හතරක් වටිනා දියමන්ති එබ්බවූ රොලෙක්ස් රන් ඔර්ලෝසුවක් රැගෙන ගිය හ. මෙච්චර විදේශ විනිමය හා ඔර්ලෝසුව කොහෙන්ද කියා සහ ඒවා නීතිමය ආකාරයෙන් ගිනුම්ගත නො කර ලිබ්බොක්කේ වළලා තිබුණේ ඇයිදැයි ඇසූ විපක්ෂයේ හොරු ඇසූ හ. සල්ලි හා ඔර්ලෝසුව කොහෙන්දැයි ඇසූ අයට ලැබුණු උත්තරය මතකද?
ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා?
කොහොම වුණත්, ඔයා හරි ෂෝක් දෙබසක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඔයාගේ දෙබස් නිසා සරත් ෆොන්සේකා ජම්පරුත් ඇන්දේ ය.
අපේ සිංහල කට්ටිය ඉංගිරිසි මනින එක ප්‍රමිතියක් වන්නේ 'බනින්න තරම් ඉංගිරිසි දන්නවා' ය කියා ය.
බලන්න ඉතින් එහෙම බනින්න පුළුවන් එකත් කොච්චර දෙයක් ද, ඈ?
මෙන්න මෙතැනින් ඒ ෂෝක් දෙබස් ඩිංග කියවන්න පුළුවන්
http://w3lanka.blogspot.com/2012/07/blog-post_18.html