ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page ඕසෝන් වියන රැකගැනීමට ශ්‍රී ලාංකිකයෙකු ගෙ
Reply
 
Thread Tools
(#1)
Old
zcoreravi's Avatar
zcoreravi zcoreravi is offline
Senior Member
zcoreravi will become famous soon enoughzcoreravi will become famous soon enough
 
Posts: 539
Join Date: Sep 2009
Send a message via Skype™ to zcoreravi
ඕසෝන් වියන රැකගැනීමට ශ්‍රී ලාංකිකයෙකු ගෙ - 07-20-2012, 04:26 PM




  • ආධාර මුදල් ලැබෙන බව දැනගත් වහාම ඉහල තැන් වලින් මගෙන් කප්පම් ගැනීමට පවා පෙලඹී තිබෙනවා
  • මුලික අමුද්‍රව්‍ය වන්නේ 'මාන' නම් වූ තණකොළ වර්ගයයි

ලෝක වංශ කතාවේ ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් නවගමුව මහතාගේ නම ලියවෙන්නේ එක්තරා විශේෂිත කරුණක් නිසාය. ඒ සොබාදහම වෙනුවෙන් ඔහුගේ පර්යේෂණ මෙහෙයවීම කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා පරිසරය වෙනුවෙන් සමස්ත ජීවය වෙනුවෙන් ආයෝජනය කල නිසාය.

ඔබේ උතුම් සත්කාරය පිළිබඳව ඔබම කතා කලොත්?
මම සොයාගත්තා ඕසෝන් (O3) ස්වභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන ක්‍රමයක්. මෙසේ මම නිෂ්පාදනය කරනු ලන්න ඕසෝන් වායුගෝලයට මුදා හැරෙනවා.

ඉන්පසු ඒවා ගොස් වායුගෝලයේ තන්පත්වන ලෙසටයි සකස් කොට තිබෙන්නේ. විශේෂයෙන් කියවෙනවා වායුගෝලයේ ඕසෝන් ස්ථරය සිදුරු වී ඇති බව. ඉතින් මගේ ප්‍රයත්නය නිසා යම් දිනයක මෙසේ සිදුරු වී ගොස් තිබෙන මෙම ඕසෝන් ස්ථරය ප්‍රතිසංස්කරණය වී එකී ඕසෝන් සිදුර වැසී යාවි.

කොහොමද ඔබ මෙම නිෂ්පාදනය සිදු කරන්නේ?
මෙය කාලයක් තිස්සේ කල පර්යේෂණයක ප්‍රතිපලයක්. මෙය නිපදවීමේ මුලික අමුද්‍රව්‍ය වන්නේ 'මාන' නම් වූ තණකොළ වර්ගයයි. මෙය ස්වභාවික ක්‍රමයකට භාජනය කිරීම මගින් තමයි ඕසෝන් නිපදවා ගන්නේ. ඉන්පසු මෙය අඩි 25 ත් 30 ත් පමණ උස වූ නලයක් මගින් වායුගෝලයට මුදාහරිනු ලබනවා.

ඇයි ඔබ මේ වගේ ව්‍යාපෘතියකට අතගැසුවේ?
හුදෙක්ම මෙය පරිසරය කෙරෙහි මා දක්වන සංවේදීතාවය නිසා සිදු වුවක් ලෙස කියන්න පුළුවන් . ඒ වගේම තමයි මම කුඩා කල සිටම විවිධ පර්යේෂණ වල නියැලීමට ආශාවක් දැක්වුවා. ඒ වගේම එම සියලු දේ මේ රට වෙනුවෙන් විය යුතු කියන ආකල්පයත් මගේ හිතේ තිබුන. ඉතින් මම මුලින්ම යමක් නිපදවූයේ පාසලේ අටේ පන්තියේ ඉන්න කාලයේදීයි. එම කාලයේ මම සබන් වර්ගයක් නිෂ්පාදනයකොට අලෙවි කළා.

ඒවගේම මම දහය පන්තියේ ඉන්න කාලේ අත් කඩදාසි නිෂ්පාදනය කළා. අපේ ගෙදර සිටි කදිරවේලු නම් මාගේ සහෝදරයෙක් හා සමාන මිත්‍රය සමග එකතු වී අපි ෆයිල් කවර නිෂ්පාදනය කර අලෙවි කළා. මේ වකවානුව වනවිට කඩදාසි නිෂ්පානයට අවශ්‍ය පිදුරු තැම්බීම් සිදුකලේ කෝස්ටික්සෝඩා මගිනි. මට අවශ්‍ය කළා මෙම ක්‍රමයෙන් ඉවත්වෙන්න .කෝස්ටික්සෝඩා නැතිව මෙම කටයුත්ත කිරීමටයි මට අවශ්‍ය වුනේ. ඒ සදහා මම ස්වභාවික කිරි වර්ගයක් උපයෝගී කරගෙන "මාන" ශාකය යොදාගෙන පරීක්ෂා කළා. මේ අතරවාරයේදී මම මේ පිළිබද බෙල්ජියමට ලිඛිතව දැනුම් දුන්න. එහිදී ඔවුන් මට ආරාධනා කළා එහෙ පැමිණෙන්න කියලා.

ඒ ගිය වෙලාවේ තමයි මාන නම් ඕසෝන් ශාකය මම හඳුනා ගන්නේ. මේ ඔස්සේ මම ඉන්පසුව ගමන් කළා. මෙහිදී තමයි ඕසෝන් නිෂ්පාදනය කරන ක්‍රමය හොයා ගත්තේ. මෙම පර්යේෂණය මම වසර 7 ක් පුරා කළා. එය දැන් සාර්ථක වෙලා තියනවා. මේ වනවිට මගේ මූලික අරමුණ වූ කඩදාසි නිෂ්පාදනයත් ඉතා සාර්ථක ලෙස සිදු කරගත හැකි ආකාරයක් සොයාගෙනයි තිබෙන්නේ. ඒ අනුව ලෝකයේ තිබෙන හොදම ඇසුරුම් කඩදාසි වන 'පැක්ක්‍රාෆ්ට්' කඩදාසිය ඉදිරි වසරක කාලය තුල ලංකාවේ නිෂ්පාදනය කළ හැකිවේවි. ඒ වගේම ඉදිරියේදී ඕසෝන් නිෂ්පාදනය වාණිජ මට්ටමින් කළහැකි වේවි.

ඔබ කීවා මෙය හුදෙක් පරිසරයට ඇති ලැදියාව නිසා කරන ව්‍යාපෘතියක් බව. නමුත් ඔබ දැන් කියනවා මේ වාණිජ මට්ටමේ කතාව කුමක්ද?
මෙහි වාසිය තියෙන්නේ රටක් වශයෙන් අපට. මොකද ලෝකයේ කාබන් වෙළදාම කියා දෙයක් තියනවා. මේ වනවිට යුරෝපා සංගමයේ බොහොරටවල් මාත් සමග සාකච්ජා කරලා තියනවා.

ඒ අනුව ඔවුන් අපේ ඕසෝන් කර්මාන්ත ශාලාවේ ඔවුන්ගේ මැනුම් මීටරයක් සවි කරනවා. එයින් ඔවුන්ට පුළුවන් අපි නිෂ්පාදනය කර වායුගෝලයට මුදාහැරෙන ඕසෝන් ප්‍රමාණය ගණනය කරන්න. එකී ගණනයට අනුව ටොන් 1 ක් සදහා විශාල මුදලක් අපට ගෙවනවා. ඒ කියන්නේ අපේ රටට විශාල විදේශ විනිමයක් ලැබෙනවා. ඒ වගේම තමයි මාන කියන්නේ අපට කරදරයක් වූ ශාඛයක්. මෙය ගිනිතැබීම මගින් පරිසරයට එදිනෙදා හානි සිදුවෙනවා.

මෙම වැඩපිළිවෙල මගින් එයත් ඉවත් වෙනවා. ඒ වගේම මෙමගින් තණකොළ කපන කෙනාගේ සිට ගොවියා, කර්මාන්තකරුවා, මේ කියන සෑම දෙනාටම රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා බිහිවෙනවා. ඒ වගේම කිව යුතුයි මෙය ඕසෝන් නිෂ්පාදනයෙන් නතර වන ව්‍යාපෘතියක් නෙවෙයි. මෙහි සෑම කෙන්දක්ම අපතේ නොයවා බොහෝ නිෂ්පාදන ගණනක් එලියට එන ව්‍යාපෘතියක්. ඒ ඔස්සේ නිමකළ නොහැකි වාණිජ අගයක් මෙයට ලැබෙනවා.

දැනට මෙම ව්‍යාපෘතියේ තිබෙන වානිජමය වටිනාකම කෙසේද?
දැනට මෙය මාගේ පෞද්ගලික ධනය වැය ඉතා අමාරුවෙන් කරන ව්‍යාපෘතියකි. ඉදිරියේදී මෙයට විදේශ රටවලින් ආධාර ලබාගැනීමට අපේක්ෂා කරනවා. එසේ නැතිවුවත් මම මෙය කෙසේ හෝ තනිවම කරනවා.

ඇයි ඔබට ශ්‍රී ලංකා රජයෙන් ව්‍යාපෘතියට උදව් උපකාර ලබා නොගන්නේ. ?
ලබානොගන්නවා නොවේ. නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලනය රජයෙන් මේ සියල්ල පිළිබඳව අප කවුරුත් හොදින් දන්නවා. ඉදිරියේදී ජනාධිපතිතුමන්ගේ අවධානය මේ දෙසට යොමුකර ගැනීමට බලාපොරොත්තුවක් තිබෙනවා. මම විශ්වාස කරනවා ඔහු ඒ සදහා සහයෝගය දක්වයි කියලා. රජයේ උපකාර අවශ්‍ය මොහොතකදී මම එය බලාපොරොත්තු වෙනවා.

ඔබ මෙසේ නිපදවන ඕසෝන් වායුව අපේ රටේ ඕසෝන් ස්ථරයේද තැන්පත් වන්නේ නැත්නම් වෙනත් තැනකද?
ඇත්තෙන්ම එය නිශ්චිතව කියන්න බැහැ. ඒ වගේම තවමත් ඕසෝන් වියනේ ඇති හිස්තැනට මෙම ඕසෝන් යැවීමේ ක්‍රමයක් අපට නැහැ. නමුත් ඉදිරියේදී ඒ කාර්යය හරියට කළහැකි ක්‍රමයක් සොයා ගැනීමට හැකිවේවි.

මේ අරමුණ කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවේ තිබෙන සම්පත් ප්‍රමාණවත් වේවිද?
ඇත්තෙන්ම නැහැ. විශේෂයෙන් අපට නිසි විද්‍යාගාර පහසුකම් නැහැ. කෙසේ වෙතත් වෙනත් රටවල් සමග එකතු වී මෙම ගමන යාමයි මගේ බලාපොරොත්තුව.

මේ සදහා ලාංකේය ශ්‍රමදායකත්වය සපයාගන්නේ කෙසේද?
මේ සදහා තරුණ ශ්‍රමදායකත්වය අපට අත්‍යවශ්‍ය වෙනවා. ඒ සදහා ඕනෑම අයෙකුට මා සමග සම්බන්ධ විය හැකියි. ඒ වගේම දැනටමත් මා සමග බොහෝදෙනා එකතුවී සිටිනවා.

යම් දිනයක වෙනත් රටක ආරාධනයක් ලැබුනොත් ඔබේ මෙම ව්‍යාපෘතිය ඔවුන්ගේ රටේ ක්‍රියාත්මක කිරීමට ?
කවදාවත් මේ රටේ හැර වෙන රටක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇත්තෙන්ම එම අවස්ථාව මීට වසර 8 කට පෙරයි මට ලැබුනේ. නමුත් මම එම අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඉන්පසු මම එකී රටින් වහාම ඉවත්වී මෙහි පැමිණියා. දැන් ඒ රටේ පාලකයන් සුදානම් ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියට උදව් කරන්න.

ඔබ ලංකාවට ආදරෙන් මේ දේවල් සිද්ධ කරනවා. ලංකාව පැත්තෙන් මේ සදහා ඔබට ලැබී තිබෙන්න මොනවාද?
කියන්න කනගාටුයි. ආධාර මුදල් ලැබෙන බව දැනගත් වහාම ඉහල තැන් වලින් මගෙන් කප්පම් ගැනීමට පවා පෙලඹී තිබෙනවා. නමුත් මන් ඒවාට බිය නෑ කප්පම් දෙන්නෙත් නෑ. හොද වැඩක් කරන මාව විශ්වාසයේ ශක්තිය මගින් ආරක්ෂා කරාවි.

ඔබේ ඉදිරි වෙනත් ව්‍යාපෘති පිළිබද කතා කලොත් ?
මේ වනවිට ලෝකයේ ග්ලැසියර් දියවීම වැළක්වීමේ ව්‍යාපෘතියකට අවශ්‍ය කරන සියලු පර්යේෂණ යෝජනා කර අවසන්. එය ඉදිරි කටයුත්තක් වේවි.
Reply With Quote
(#2)
Old
Wild-EYE's Avatar
Wild-EYE Wild-EYE is online now
Senior Member
Wild-EYE is a glorious beacon of lightWild-EYE is a glorious beacon of lightWild-EYE is a glorious beacon of lightWild-EYE is a glorious beacon of lightWild-EYE is a glorious beacon of lightWild-EYE is a glorious beacon of lightWild-EYE is a glorious beacon of lightWild-EYE is a glorious beacon of lightWild-EYE is a glorious beacon of lightWild-EYE is a glorious beacon of lightWild-EYE is a glorious beacon of light
 
Posts: 4,880
Join Date: May 2012
Location: Ḏřẘᾔ ϟřüтℌ, ϟяḯ ℒαηкα
07-20-2012, 05:33 PM

Good Work
Reply With Quote
(#3)
Old
DIGPRIYANKARA's Avatar
DIGPRIYANKARA DIGPRIYANKARA is offline
Senior Member
DIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of lightDIGPRIYANKARA is a glorious beacon of light
 
Posts: 3,996
Join Date: Jul 2011
Location: ස්වර්ණවිමානේ
07-20-2012, 06:05 PM

BUMP
Reply With Quote
(#4)
Old
anju.r's Avatar
anju.r anju.r is offline
Senior Member
anju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to allanju.r is a name known to all
 
Posts: 47,214
Join Date: Dec 2010
Location: ඉන්න තැන
07-20-2012, 06:12 PM

මෙන්න මිනිස්සු... නියම වැඩක්...
Reply With Quote
(#5)
Old
zcoreravi's Avatar
zcoreravi zcoreravi is offline
Senior Member
zcoreravi will become famous soon enoughzcoreravi will become famous soon enough
 
Posts: 539
Join Date: Sep 2009
Send a message via Skype™ to zcoreravi
Up 07-21-2012, 07:59 AM

Quote:
Originally Posted by Wild-EYE View Post
Good Work
Quote:
Originally Posted by anju.r View Post
මෙන්න මිනිස්සු... නියම වැඩක්...
ya ya proud to be a Sri Lankan
Reply With Quote
(#6)
Old
teshan_1994's Avatar
teshan_1994 teshan_1994 is offline
Senior Member
teshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really niceteshan_1994 is just really nice
 
Posts: 2,290
Join Date: Dec 2008
Location: melbourne
Send a message via Skype™ to teshan_1994
07-21-2012, 08:26 AM

niyama wadak
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.04396 seconds with 8 queries