<ලංකාවේ හැමෝටම නීත්‍යානුකූල තුවක්කුවක් &#35

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    <ලංකාවේ හැමෝටම නීත්‍යානුකූල තුවක්කුවක් &#35

    ඔව් ඔව් කතාව සිරාවටම නීත්‍යානුකූලවලබාගන්න පුළුවන් දැන්...:yes::yes:
    මේක මට අහු උනේ බ්ලොග් එකක් කියවනකොට.අපේ එළකිරි කොල්ලෝ සේරටම බලගන්න දාන්න හිතුනා..:D:D:D
    හොද නම් ඉතින් දන්නවා නේ කරන්න ඕනේ දේ..මට්ත් රෙපක් එහෙම දීල ;););)
    තුවක්කුවක් එහෙම අරගෙන කැමති ව්ද්යටකට දිගට හරහට එත් නැත්නම් ඇදේට හරි වෙඩි තිය ගනිල්ලා...:lol::lol::lol:



    මේ දිනවල වායු රයිෆල් පිළිබඳව අපේ රටේ විශාල අවධානයක් යොමුවී තිබෙනවා. එයට හේතුව තමයි බලපත්‍රයකින් තොරව වායු රයිෆලයක් පාවිච්චි කිරීමේ අවස්තාව දැන් ශ්‍රීලාංකිකයන්ට ලැබී තිබීම. විශේෂයෙන් මේ ගැන අවධානය යොමු කර තිබෙන්නේ ගොවි ජනතාව සහ තම ගෙවතුවල වගා කර තිබෙන බවබෝග වල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන අයයි. රිලවුන්, දඬු ලේනුන්, හාවුන්, විවිධ පක්ෂීන්, මේ වගාවන්ට කරන හානිය අපමණයි. හැබැයි මේ හැම සතෙකුවම වායු රයිෆලයෙන් වෙඩි තබා (එය වෙඩි තැබීමක්ද නැද්ද යන්න පසුව ඔබට වැටහෙයි) මරන්නට බැහැ. ඒ ඇයිද කියන එකත් ලිපිය කියවූ විට ඔබට අවබෝධ වනු ඇති. මා හිතනවා මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ වායු රයිෆලයක් යනු කුමක්ද කියන කාරණයයි. මේ සඳහා වායු රයිෆලය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන නිර්වචනයේ සිංහල පරිවර්තනයකුයි මගේ දැනීමේ ප්‍රමාණයෙන් මා ඔබවෙත ගෙන එන්නේ.

    ‘සම්පීඩිත වායුව මගින් හෝ වෙනත් විශේෂ සම්පීඩිත වායුවක අධාරයෙන්, යම් ප්‍රක්ෂිප්තයක් මුදා හරින තුවක්කුව හෝ රයිෆලය, වායු තුවක්කුව (රයිෆලය) නම් වේ’.

    මේ තමයි ඒ පිලිබඳ තාක්ෂණික නිර්වචනය. නමුත් නෛතික කටයුතු වලදී මේ නිර්වචනය මීට වඩා වෙනස්විය හැකියි. එමෙන්ම සමහර රටවල් අදටත් වායු රයිෆලය ‘ගිනි අවියක්’ ලෙස සලකනවා. නමුත් වායු රයිෆලයේ, කිසිදු ආකාරයක වෙඩි බෙහෙත් පාවිච්චි කිරීමක් හෝ ගිනි බලය උපදවන පතරොමක් පාවිච්චි කරන්නේ නැහැ.

    මීළඟට අපි වායු රයිෆලයේ ඉතිහාසය සොයා යමු. මෙහිදී අප විශ්මයට පත්කරන තොරතුරු හමු වෙනවා. අප සිතනවාට වඩා ඈත අතීතයේදී, මිනිසා, සම්පීඩිත වායු ගුණ (Pneumatics) දැන සිටි බව තහවුරු වන කරුණු අනාවරණයවී තිබෙනවා. ස්වීඩනයේ, ස්ටොක්හෝම් නුවර පිහිටි කෞතුකාගාරයක, ක්‍රි.ව. 1580 දී නිපදවූ කිසියම් ආකාරයක වායු තුවක්කුවක් තැන්පත්කර තිබෙනවා. වායු රයිෆලය තරමක් දුරට භාවිතය සඳහා යොදාගෙන තිබෙන්නේ 17 වැනි සියවසේදියි. ඒ කාලයේදී භාවිත කල වායු රයිෆල් සඳහා විශාල ටැංකියකට වායුව පොම්ප කර, එම ටැංකියේ වායු පීඩනය වැඩි කර ගැනීමෙන් තුවක්කුව සඳහා අවශ්‍ය වායු පීඩනය ලබා ගැනුනා. මේ යුගයේදී නිපදවුණ සමහර වායු තුවක්කු විශාලත්වයෙන් හා බරෙන් වැඩිවූ අතර එහා මෙහා ගෙනයාමද පහසු නොවුයේ වායු ටැංකිද ගෙනයාමට සිදුවූ බැවින්. නමුත් එකල වායු තුවක්කු වලින් අගනා සේවයක් ඉටුවී තිබෙනවා. ඒ කාලයේ යුද කටයුතු සඳහා යොදා ගැනුනේ ‘මස්ල් ලෝඩර්ස්’ හෙවත් තුවක්කු කටෙන් වෙඩි බෙහෙත් පුරවා වෙඩි තබන තුවක්කුයි. ඔබට මතකද මා ඒ තුවක්කුගැන කිව්වා, අපේ කාලයේ තුවක්කු 2 වැනි කොටසේදී. මස්ල් ලෝඩර්ස් තුවක්කු වැසි සහිත හෝ අධික තෙතමනය සහිත අවස්ථා වලදී පාවිච්චි කල නොහැකියි. එයට හේතුව වැස්සට තෙමුනොත් හෝ තෙතමනයට අසුවුනහොත් වෙඩි බෙහෙත් පත්තු නොවීමයි. එමෙන්ම මස්ල් ලෝඩර් තුවක්කුවෙන් වෙඩි තැබීමේදී, විශාල ගිනි එළියක් සහ දුමක් තුවක්කු කටෙන් පිටවන නිසා, සතුරාගේ නිරීක්ෂනයට පහසුවෙන්ම ලක් වෙනවා. නමුත් වායු තුවක්කුවේ ඒ එකම දුර්වලකමක් වත් නැහැ. ඕනෑම වැස්සක තෙතමනයක එය පාවිච්චි කලහැකියි. සතුරාට පෙනෙන ගිනි එළියක්, දුමක්, මෙන්ම කිසිදු හඬක්ද වායු තුවක්කුවෙන් ඇතිවන්නේ නැහැ. සමහර තුවක්කු තත්පරයකට මීටර් 200 – 300 පමණ ප්‍රවේගයකින් වෙඩි තැබීමට (මෙහිදී සිදුවන්නේ ඊයම් වැනි ලෝහ පෙලට් එකක් තුවක්කුවෙන් පිටවීමයි. එය සාමාන්‍ය තුවක්කුවකින් පිටවන ඊයම් මූනිස්සමක් මෙන් උණුවූ ස්වභාවයෙන් නොවෙයි පිටවන්නේ. මේ නිසා එය වෙඩි තැබීමක් නොව මුදා හැරීමක්.) හැකිවන පරිදි සකසා තිබුනා. එයින් සුප්‍රසිද්ධම තුවක්කුවක් වන්නේ Girandoni Military Repeating Air Rifle යනුවෙන් හඳුන්වන ලද තුවක්කුවයි.



    girandonimilitaryrepeat.jpg

    කෙසේ වෙතත් සාමාන්‍ය තුවක්කු සහ රයිෆල් වැඩි දියුණු වූ වේගයෙන්ම වායු රයිෆල් වැඩි දියුණු වුනේ නැහැ. වායු රයිෆලයේ තාක්ෂණය සංකීර්ණ වීම සහ ප්‍රායෝගික අපහසුතා මෙන්ම වායු ටැංකි පුපුරායාම වැනි අනතුරු නිසා එය යුද කටයුතුවලින් ඈත්ව, ගෙවතු ආරක්ෂාව, ඉලක්කයට වෙඩි තැබීමේ තරග, යන ක්ෂේත්‍ර වලට අද සීමාවී තිබෙනවා. අද ඔලිම්පික් තරගවලදී පවා වායු රයිෆල් වෙඩි තැබීමේ තරග පැවැත්වෙනවා. ඒ සඳහා ඉතා සියුම් සහ අතිනවීන තාක්ෂණයෙන් යුත් වායු රයිෆල් තිබෙනවා. නමුත් ඒ පිලිබඳ විශේෂඥ පුහුණුවක් නැති කෙනෙක් ඒ රයිෆලයක් හෝ පිස්තෝලයක් ක්‍රියා කරවුවොත් එය ඉක්මනින්ම කැඩෙනවා. එවැනි රයිෆල් සහ පිස්තෝල එකක් රුපියල් ලක්ෂ කීපයක් වටිනවා. අපේ රටේදී ඒවා අලුත්වැඩියා කල නොහැකියි. එය නිපදවූ රටටම යැවිය යුතුයි, අලුත්වැඩියාව සඳහා. සාමාන්‍යයෙන් ජනප්‍රිය මෝස්‌තර නිපදවන්නේ ස්වීඩනයේ. මේ තිබෙන්නේ එවැනි මිල අධික, එමෙන්ම තරග සඳහා පමණක් භාවිත කරන වායු රයිෆලයක් සහ පිස්තෝලයක්. මේවා ලංකාවේ ආරක්ෂක හමුදාවල වෙඩි තැබීමේ තරග සහ බලයලත් රයිෆල් සමාජවල තරග කටයුතු සඳහා පාවිච්චි කරනවා. විදේශීය තරග වලටද නියෝජනයක් තිබෙනවා.

    latestairrifle.jpg


    වායු තුවක්කු වර්ගීකරනයේදී ප්‍රධාන වර්ග තුනක් සහ එයින් බෙදීයන උප වර්ග කීපයක් තිබෙනවා.

    1. Spring Piston Type – ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය

    2. Pneumatic Type – නියුමැටික් වර්ගය

    3. CO 2 Type – කාබන් ඩයොක්සයිඩ් වර්ගය

    අප, මේ මූලික වර්ග තුන මුලින්ම අධ්‍යයනය කර, ඉන්පසු උප වර්ග වලට යාම සුදුසු බවයි මම හිතන්නේ.

    1. Spring Piston Type – ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගය:- වඩාත් බහුලවම පාවිච්චි කරන, එමෙන්ම ජනප්‍රිය, ක්‍රියාකාරීත්වයෙන් සරල, වර්ගය මෙයයි. ශ්‍රී ලංකාවේ දැනට ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමට ලැබෙන්නේද මේ වර්ගය පමණයි. මෙන්න එහි පෙනුම.


    airriflebarrelbreakmode.png


    මේ මෝස්තරය සාමාන්‍ය ව්‍යවහාරයේදී Barrel Break Model ‘බැරල් බ්රේක්’ මෝස්තරය කියා හඳුන්වනවා. එයට හේතුව වන්නේ මේ තුවක්කුවට පෙලට් එකක් ඇතුළු කිරීම සඳහා බැරලය තුවක්කුවට සවි වන තැනින් දෙකට නැවීමට (එවිට බැරලය කැඩුවා මෙන් පෙනෙයි) සිදුවන නිසයි. එසේ බැරලය නවා තිබෙන හැටි මේ පින්තූරයෙන් පෙනෙනවා.
    barrelbreakairgun1.jpg


    chamberofanairgun.jpg


    බැරලය නැවීම ඔබ හිතන තරම් පහසු නැහැ. ඒ සඳහා සෑහෙන බලයක් යෙදවිය යුතුයි. තුවක්කුව වඩාත් දුරට වෙඩි තියන එකක්නම් බැරලය නැවීමට වඩාත් ශක්තියක් යෙදවිය යුතුයි. දැන් අපි බලමු බැරලය නැව්වාම කොහොමද පෙනෙන්නේ කියලා. ඉහත දකුණු පැත්තේ ඇති රූපයෙන් පෙන්වන්නේ බැරලය නවීමෙන් පසු පෙලට් එක දමන ස්ථානයයි. ඔබට පෙනෙනවා නේද බැරලය නැවීමෙන් පසු දිස්වන අකාරය. බැරලය නැවීම සඳහා තුවක්කුව අල්ලගතයුතු ක්‍රමයක් තිබෙනවා. අපට හිතෙන හිතෙන ආකාරයට එය කරන්නට බැහැ. නිවැරදි ක්‍රමය භාවිත නොකලොත් ඔබට අනවශ්‍ය වෙහෙසක් දැරීමට සිදුවන අතර තුවක්කුවට හානි වීමටද ඉඩ තිබෙනවා. මේ පින්තූරයෙන් පෙන්වන්නේ තුවක්කුව නැවීම සඳහා අල්ලාගන්නා නිවරැදි

    ක්‍රමයයි. තුවක්කු බැරලය නැවීමෙන් පසු වරකට එක පෙලට් එකක් පමණයි ඇතුළු කල හැක්කේ. සෑම පෙලට් එකක්ම වෙඩි තැබීමෙන් පසු බැරලය නවා අලුත් පෙලට් එකක් යෙදිය යුතුයි. මෙසේ සලකා බලන විට සාමාන්‍ය තුවක්කුවකට වඩා මේ තුවක්කුවක වෙඩි තැබීමේ වේගය ඉතා අඩු බව විශේෂයෙන් සඳහන් කලයුතුයි. ඒ වගේම මතක තබාගත යුතු දෙයක් තමයි, තුවක්කුවේ ප්‍රබල බව (වෙඩි තැබීමේ දුර) වැඩි වන, විට ස්ප්‍රින් එකේ තද බවද වැඩි වෙනවා. එයට හේතුව වැඩි වායු පීඩනයක් ලබාගැනීම සඳහා වඩාත් තද ස්ප්‍රින් එකක් යෙදීමයි.

    මේ සමග ඇති පින්තූර දෙකෙන් පෙන්වන්නේ ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක ඇති ස්ප්‍රින් එක සහ පිස්ටන් එකයි. මේ පිස්ටන් එකෙන් තමයි පෙලට් එක විදීම සඳහා අවශ්‍ය වායු පීඩනය සකස්කර දෙන්නේ. ස්ප්‍රින් එක කරන්නේ එක වරම පිස්ටනය ඉදිරියට තෙරපීමයි. එය සිදුවන්නේ මෙහෙමයි. බැරලය නැවූ විට ස්ප්‍රින් එක ඇදී නවතිනවා. ට්‍රිගරය මිරිකූ විට ස්ප්‍රින් එක නිදහස් වෙනවා. එවිට ස්ප්‍රින් එකෙන් පිස්ටනය තෙරපා වායු පීඩනය සකස් කර දෙනවා.


    carabinamuelleresorte.jpg


    5557560002147.jpg


    loadingabarrelbreakairg.jpg


    කිසිදු වායු රයිෆලයකින් වෙඩි තැබීමේදී සාමාන්‍ය රයිෆලයකින් හෝ තුවක්කුවකින් වෙඩි තැබීමේදී නිකුත්වන පුපුරන හඬක් එන්නේ නැහැ. එයට හේතුව වන්නේ වායු රයිෆලයක හෝ පිස්තෝලයක කිසිම ආකාරයක වෙඩි බෙහෙත් පාවිච්චි නොකිරීමයි. වායු තුවක්කුවකින් ‘පොප්’ හෝ ‘ටස්’ වැනි හඬක් තමයි නිකුත් වෙන්නේ. බැරලයේ අග කන ළඟ තබා වෙඩි තැබුවත් එතරම් අපහසුවක් නැහැ. ස්ප්‍රින්ග් පිස්ටන් වර්ගයේ තුවක්කුවකට පෙලට් එකක් දමන ආකාරය මීළඟ පින්තූරයෙන් පෙනෙනවා.ස්ප්‍රින් පිස්ටන් වායු තුවක්කුවක් කැඩුනත් අලුත්වැඩියා කරගැනීම එතරම් අපහසු නැහැ. ඒ සඳහා සුදුසු ආයතන ලංකාවේ තිබෙනවා. ඒ වගේම ස්ප්‍රින් පිස්ටන් තුවක්කුවක් නිවැරදිව පාවිච්චි කරන්නේනම් කිසිදු ආබාධයකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කල හැකියි.

    මීළඟට මා ඔබේ අවධානය යොමුකරවන්නේ නියුමැටික් වායු තුවක්කුවටයි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ තුවක්කුවට සවිකළ වායු සිලින්ඩරයක් තුල වායු පීඩනය ඇතිකර ගැනීමෙන් වෙඩි තැබීමට අවශ්‍ය බලය ලබා ගැනීමයි. මෙහි දක්වා ඇති පින්තූරය ඔබට සංකීර්ණ නොවනු ඇතැයි සිතනවා. සියලු මූලික කොටස් පෙන්වා තිබෙනවා.


    airarmss410pcpairrifle.jpg


    තුවක්කුවට අවශ්‍ය වායු පීඩනය ලබාගන්නේ බයිසිකල් පොම්පයක් මෙන් වායු ටැංකියට හුළං ගැසීමෙන්. එහිදී බයිසිකල් ටියුබ් එකේ ඇති වැල්ව් එක හා සමාන වෑල්ව් එකකින් සුළඟ ආපසු එන්නට නොදී හිර කර ගන්නවා. ට්‍රිගරය මිරිකන විට සුළං පීඩනයෙන් කොටසක් මුදා හරිනවා. පෙලට් කීපයක් එකවර දමාගතහැකි නිසා ටැංකියේ සුළං ඉවර වෙනතුරු වෙඩි තැබිය හැකියි. මේ ක්‍රමයේ තුවක්කු බොහෝදුරට පාවිච්චි කරන්නේ තරග වෙඩි තැබීම් සඳහායි.

    pumpaction.jpg


    මම මුලින්ම ඔබට පෙන්වන්නේ නියුමැටික් රයිෆලයකට අතින් සුළං පොම්ප කරන ආකාරයයි. මෙහිදී රයිෆලයේම සවිකර ඇති ලීවරයක් ක්‍රියාකරවීම මගින් පොම්පය පුරවනවා. මේ ක්‍රමයේදී ගබඩාකර තබාගත හැකි සුළං ප්‍රමාණය සීමිතයි. ඒ නිසා වෙඩි තැබීම් තුන හතරකට වරක් නැවත වායුව පොම්ප කලයුතු වෙනවා. ඊළඟ පොම්ප කිරීමේ ක්‍රමය වන්නේ ඔබ හොඳට දන්නා පාගන බයිසිකල් පොම්පයකින් හෝ කකුලට පාගාගෙන ඉහල පහල යන ලීවරයෙන් සුළං ගසන පොම්පයයි. නමුත් මෙහිදී සුළං පීඩන මීටරයක් පාවිච්චි කලයුතුයි. සමහර රයිෆල් වල එය පොම්පයේ සවි කර තිබෙනවා. සමහර පොම්පවල සුළං පීඩන මීටරයක් තිබෙනවා. තුවක්කුවේ පොම්පයට හානි නොවන ලෙස සුළං පොම්ප කලයුතුයි.

    footpumpm.jpg


    මෙහි ඇති වෙනත් මෝස්තර ගැන පහත සඳහන් කරනවා. නමුත් ඒ සියල්ල ක්‍රියා කරන්නේ එකම න්‍යාය අනුවයි. සුළං පොම්ප කිරීමේ යාන්ත්‍රනය හෝ තුවක්කුවේ හැඩය වෙනස්වූවාට මූලික න්‍යාය වෙනස්වන්නේ නැහැ. සමහරවිට වාණිජ පරමාර්ථ මත ප්‍රචාරණයෙන් විවිධ අදහස් ඉදිරිපත් කලහැකියි.

    මීළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් ක්‍රියාකරන වායු රයිෆලයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, තුවක්කුවට සවිකලහැකි, කාබන් ඩයොක්සයිඩ් වායුව පිරවූ, සිලින්ඩරයක් (කැනිස්ටරයක්) මගින් වෙඩි තැබීමට අවශ්‍ය වායු පීඩනය ලබා ගැනීමයි. මෙම වායු සිලින්ඩර අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒවා සෑම විටම සෙල්සියස් අංශක 49 ට අඩු උෂ්ණත්වයේ තබාගත යුතුයි. නැත්නම් ඒ සිලින්ඩර පුපුරනවා.


    gaspoweredairrifle1.jpg


    මේ තුවක්කු වර්ගය හේතු දෙකක් නිසා නියුමැටික් තුවක්කුවට වඩා වාසි දායකයි. 1. මෙය සරල ක්‍රමයක්. ඉතා සුළු දියර ප්‍රමාණයකින් විශාල වායු ප්‍රමාණයක් ලබාගත හැකියි. 2. වායු පීඩන මීටර් මගින් පීඩනය පරීක්ෂා කිරීමක් අවශ්‍යවන්නේ නැහැ. නියමිත් උෂ්ණත්ව පරාසය තුල තබාගන්නේනම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ තුවක්කුවේ ඇති වායු ටැංකිය පිරවිය හැකි ක්‍රම කීපයක් තිබෙනවා. දියේ කිමිදෙන විට හුස්ම ගැනීම සඳහා ගෙනයන වායු ටැංකියකින් මේ සිලින්ඩරය පුරවාගත හැකියි, තුවක්කුවට සවිකරන වර්ගයේ කලින් පිරවූ ටැංකියක් අපි ගෙදර ගෑස් ලිපේ සිලින්ඩරය මාරු කරනවා මෙන් මාරු කල හැකියි. තුවක්කුවෙන් වෙන් නොකළ හැකි ලෙස සකසා ඇති ටැංකි වලට බටයක් සවිකර ගෑස් ටැංකියකින් පුරවාගත හැකියි. මේ තුවක්කු වල නිෂ්පාදන වියදම, නියුමැටික් තුවක්කුවට සාපේක්ෂව අඩුයි, කාර්යක්ෂමතාව වැඩියි, තුවක්කුව එතරම් විශාල නැහැ. මේ නිසා වෙඩි තැබීමේ තරග වලදී බහුලව භාවිත කරනවා.

    co2canistar.jpg


    co2action.jpg


    කුඩා වායු කැනිස්ටර සහිත වායු පිස්තොලද නිපදවා තිබෙනවා. මේ තාක්ෂණය තවමත් දියුණු වෙමින් පවතින්නක්. ඒ නිසා අනාගතයේදී වඩාත් ජනප්‍රිය වීමේ ප්‍රවනතාව තිබෙන්නේ මේ වර්ගයේ තුවක්කු වලටයයි බොහෝ දුරට සිතිය හැකියි.
    berettaweb.jpg


    නියුමැටික් සහ කාබන් ඩයොක්සයිඩ් යන වර්ග දෙකේම තුවක්කුවල වරකට පෙලට් කීපයක් දියහැකි චේම්බර සකස්කර තිබෙනවා. ඒ නිසා කාලය ඉතිරි කරගනිමින් වෙඩි තැබීමට හැකි වෙනවා.

    මීළඟට මා ඔබට පෙන්වන්නේ වායු තුවක්කුවල උප විශේෂයන්හි ඇති වෙනස්කම් කීපයක්.


    refrecoilless.jpg


    refrecoilless1.jpg


    gasspring.jpg


    මේ පිස්ටනය වායු පීඩනය වඩාත් හොඳින් පාලනය කිරීමට සමත්. ඉතා මෑතකදී නියුමැටික් තුවක්කු සඳහා නයිට්‍රජන් වායුව පිටවූ පිස්ටන් හඳුන්වාදී තිබෙනවා.

    පර්යේෂණ මට්ටමේ පවතින තවත් වායු තුවක්කු වර්ග ඇතත්, මා මෙහිදී ඒ පිලිබඳ විස්තර නොකියන්නේ ලිපිය සංකීර්ණ වීමට ඉඩ ඇති බැවින්. මම දන්නවා දැන් ඔබ බලා ඉන්නේ මේ තුවක්කු වලට දමන පතරොම් ලැබෙනතුරු නේද? ඇත්තටම ඒවා පතරොම් නොවන බව මා මුලින්ම කිව්වා මතක ඇති. ඒවාට කියන්නේ ‘පෙලට්’ කියලයි අපි දැන් පෙලට් ගැන කරුණු දැනගනිමු.ලෝකය පුරා භාවිත කරන විවිධ වර්ගවල වායු තුවක්කු සඳහා එවැනිම විවිධාකාර පෙලට් වර්ග නිපදවනවා. සාමාන්‍යයෙන් පෙලට් නිපදවන්නේ ඊයම් වලින්. එහෙත් සමහර වායු තුවක්කු වල පෙලට් ඇතුළුකර නිසි පරිදි රඳවා තබාගැනීමට ඒවා කාන්දම් බලයෙන් රඳවා ගැනීමේ උපක්‍රමයක් තිබෙනවා. ඒ නිසා සමහර පෙලට් කාන්දම් බලයට හසුවන මිශ්‍ර ලෝහ වලින් සාදා තිබෙනවා.

    22pellets.jpg


    pelletmodels.jpg


    හැඩය, බර, යොදාගන්නා කාර්යය, අනුව පෙලට් වර්ග කරනවා. එවැනි වර්ගකිරීම් මීළඟට දක්වනවා.

    මේ පින්තූර වලින් ඔබට පෙලට් ගැන සතුටුදායක අවබෝධයක් ලැබෙන්නට ඇති සිතනවා. ‘විවිධ පෙලට් වර්ග’ යනුවෙන් ඇති රූපයේ ‘බීබී’ යනුවෙන් රවුම් හැඩයෙන් දක්වා ඇත්තේ මා කලින් සඳහන් කල මිශ්‍ර ලෝහ පෙලට්.


    pellettypes.jpg


    වායු රයිෆල් යන්න අපේ රටේ විනෝදාංශයක් ලෙස අනාගතයේදී වර්ධනය වනු ඇති බව සිතිය හැකියි. එහෙත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි.


    උපුටා ගත්තේ මෙතනින්
    http://jangun.wordpress.com/2012/04/27/%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B8%E0%B7%9A-%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94-%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B6%BD%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA/
    :D :D

    මේ බ්ලොග් එකෙන්ම උපුටාගෙන මං මීට කලින් තුවක්කු ගැන දාපු පෝස්ට්
    <<<< තුවක්කුවක් නොමිලේ දෙනවා>>>>
    http://www.elakiri.com/forum/showthread.php?t=1462847
    <<<<තුවක්කුවක් නොමිලේ දෙනවා >>>>part 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1462863
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Lankawe onama kenekuta gini awiyak laga thaba ganna puluwan .pistol ekak wage apita ona nam apita jiwitha tharjana thinna ona ehema nath nam dialy income eka salakiya yuthu mattamaka thina business karana onama kenekuta weapon ekak import karanna permit ganna puluwan.ekakata wada unath ganna puluwan.
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    Lankawe onama kenekuta gini awiyak laga thaba ganna puluwan .pistol ekak wage apita ona nam apita jiwitha tharjana thinna ona ehema nath nam dialy income eka salakiya yuthu mattamaka thina business karana onama kenekuta weapon ekak import karanna permit ganna puluwan.ekakata wada unath ganna puluwan.


    patta machan........

    Image0243.jpg


    oya thiyenne ape ayya karayage collection eka..

    e collection eka nam pattai ban.... :shocked::shocked::D:D
    thanx everyone
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan ubala kuliyata mini maranawada :confused::P
    ඕවැයෙන් නං උන්ට වෙඩි තියලා මිනී මරන්න බෑ. අල්ලං ඕවැයෙන් ඔලුවට ගැහුවොත් මිසක්..
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    machan air rifle ganna procedure eka dapanko

    import kaloth awlak wei de?

    eka nam math machan thwama hariyata dan na..me blog eka karana kena nam daala tiene dan neethiya wenas karala hnda one knkta ganna nidahasa tyanawa kiyala..eya retired army officer knk... ehnda mata nm sure wade..math ekak ebay ganna iine... :D