නෝම්බි_අල්ලනු නැත්නම් පිටුවහල් – සෞදි රජය &#35

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    නෝම්බි_අල්ලනු නැත්නම් පිටුවහල් – සෞදි රජය &#35

    උපවාස කරනු ! නැත්නම් පිටුවහල් – සෞදි රජය මුස්ලිම් නොවන්නන්ටද අනතුරු අඟවයි


    pakistani-muslims-ramadan-iftar1.jpg



    රාමසාන් උපවාස කාලය තුලදී සෞදි අරාබියාව තුල වෙසෙන මුස්ලිම් නොවන අය පවා උපවාසය අනුගමනය කල යුතු බව එරට රජය පවසයි.එය කඩ කරන්නන්ට දඬුවම් විඳීමට සිදු විය හැකි බවත් එය කඩ කරන විදෙස් රටවලින් පැමිණියවුන් වහාම පිටුවහල් කරන බවටත් සෞදි අරාබි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.

    පසුගිය සිකුරාදා රාමසාන් උපවාස කාලය ආරම්භ කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති සෞදි රජය රාමසාන් කාලය තුල ප්‍රසිද්ධියේ ආහාර පාන ගන්නා මුස්ලිම් නොවන විදෙශිකයන්ගේ රාජකාරී බලපත්‍ර වහාම අහෝසි කරන බවටද අනතුරු අඟවයි. “මුස්ලිම් ජනතාවගේ හැඟීම් වලට ගෞරව කරන්න.ශුද්ධ වූ ඉස්ලාම් පූජාව සුරක්ෂිත කරන්න” යයි අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ඉල්ලා සිටී.

    සෞදි අරාබිය තුල මුලු ජනගහනය මිලියන 27ක් පමණ වන අතර එයින් මුස්ලිම් නොවන විදේශිකයන් ප්‍රමාණය මිලියන 8ක් පමණ වන බව රජයේ සංඛ්‍යා ලේඛන වලින් පෙන්වා දෙයි. අන්තගාමී සුන්නි රාජ්ය්‍යක් වන සෞදිය සෑම වසරකම උපවාස කාලය තුල මෙම නියෝගය නිකුත් කරන බවද වාර්ථා වේ.

    රාමසාන් උපවාස කාලය තුලදී හිරු නැගෙන්නට පෙර සිට හිරු බැස යන තෙක්ම කෑම බීම ආදියෙන් ඉවත්ව සිටින්නට ඉස්ලාම් භක්තිකයන්ට අනිවාර්‍යය කෙරේ. අල්ලාහ් දෙවියන් නියෝග කල පරිදි ඉස්ලාම් භක්තිකයකු වන්නට කුරානයේ සඳහන් ප්‍රධාන කරුණු පහෙන් එකක් වන්නේ රාමසාන් කාලය තුල උපවාස කිරීමයි



    cnews
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මොනව හරි නිවුස් එකක් පල කරන්න ඉස්සෙල්ල ටිකක හොයල බලපල්ලා. ඔහේ මෝඩ ආතල් ගන්නේ නැතුව.

    තමුන්ගේ නිවුස් එකන් පල්ලෙහා තමුන්ම ලියලා තියෙනවා නිවුස් එක ගත්තෙ cnews එකින් කියලා. cnewsඑකේ කියලා තියෙනවා මූලාශ්‍රය මෙන්න මෙතනින් කියල.The Washington Post

    Saudi warns non-Muslims not to eat, drink, or smoke in public in Ramadan, or face expulsion

    මෙතන කියල නැහැ අන්‍ය ආගමිකයන් නෝම්බි අල්ලන්න ඔනේ කියලා.කියල තියෙන්නේ ප්‍රසිද්ද ස්තානවල මුස්ලිම් නැති කට්ටිය කෑම කන්න එපා කියල. ඇයි කිව්වොත් ඒ කට්ටිය දන්නවා මුස්ලිම් නොවන කට්ටිය කෑම කන විත්තිය එහෙම කෑම කන කට්ටිය නෝම්බි අල්ලලා ඉන්න කට්ටියගේ ඉස්සරහින් කෑම නොකා ඉන්නයි එහෙම කියල තියෙන්නේ.


    cnews කාරයා එක්කො ඌට ඉන්ගිරීසි දන්නේ නැහැ, එහෙම නැත්නම් උගේ මොලේ වෙන මොකුත් තියෙනවා.

    උඹලත් කිසිම හොයල බලන්නේ නැතුව ඔහේ උස්සලා දානව.තමුනුත් මෝඩ වෙලා තමුන්ගේ අනිත් කට්ටියවත් මෝඩ කරනවා. මේවාගේ නිවුස් දැක්කොත් චූන් වෙන කට්ට්ටිය සෑහෙන්න ඉන්නව අපේ එලකිරි එකේ