ලස්සන වෙන්න

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    blog150909_chace.jpg


    ලොකෙ ඉන්න හමොම වගෙම එලකිරියෙ ඉන්න අයත් අසයි නෙ ලස්සන වෙන්න
    කෙනෙකුට ලස්සනවෙන්න උදව් කරන එකත් ලොකු පිනක්නෙ මෙතන පලකෙරන්නෙ ලස්සන වෙන හැටි කියල දෙන ලිපි ඔයගොල්ලන්ට හම්බවෙන ලිපිත් මෙතන පොස්ට් කරන්න මෙ ත්‍රඩ් එක ඉදිරියට ගෙනියන්න සහයොගය අනිවර්යෙන්ම දෙන්න
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හිතේ වෛරයක් තියා ගන්නේ නැතිව..
    හැමෝමත් එක්ක සුහදව සිනා මුසුවෙන් කාලය ගත කලා නම්...
    අමුතුවෙන් ආලේප කිසි දෙයක් ඕන වෙන්නේ නෑ.. ලස්සන, නිරෝගි වෙන්න..
     

    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    කුරුලෑ

    pimpels.jpg

    කුරුලෑ නිසා ඔබත් සිතින් දුක්‌ විඳිනවාද?
    තරුණ කාලයේ දී ඔබට කාගෙත් ආකර්ශනයට වගේම කැපී පෙනෙන්නට ලස්‌සන මුහුණක්‌ ඇති නම් කොතරම් අගේද?

    එහෙත් කුරුලෑ නිසා එම ආකර්ශනය නොමැතිවීම කොතරම් බාධාවක්‌ද සිත් තැවුලක්‌ද?

    තරුණ වියේදී විතරක්‌ නෙමෙයි තරුණ විය ඉක්‌මවූ අයගේ පවා කුරුලෑ එන අවස්‌ථා ඔබ දැක ඇති.

    කුරුලෑ නිසා පීඩාවට පත්ව ඇති තරුණ තරුණියන් කාටත් මෙය අස්‌වැසිල්ලක්‌ වෙනවා ඇති කියලා මා සිතනවා.

    මුහුණ අවලස්‌සන කරන කුරුලෑ ඇතිවීමට හේතුකාරක වන දේ කීපයක්‌ මම ඔබට පවසන්නනම්. ආහාරය ගැන අප පළමුව කතා කරමු. ගෙදර පිසින ආහාරවලට වඩා කඩ වලින් ගන්නා තෙල් සහිත ආහාර නිසා බොහෝ විට කුරුලෑ ඒම වැඩි වෙයි. බොහෝ විට උසස්‌ අධ්‍යාපනය

    රැකියාව වගේම කාර්ය බහුලවීම යන හේතු නිසා කඩ කෑම ගැනීමට ඔබ පුරුදු වී ඇති. එහෙත් එය ඉතාම වැරදි ක්‍රියාවකි.

    දිනකට උදෑසන කිරි තේ පානයෙන් පසුව කීප වතාවක්‌ කිරි තේ පානය කිරීම, යෝගට්‌, මී කිරි වැනි දේ දිනකට වැඩි වාර ගණනක්‌ ගැනීම මුහුණේ ඇති තෙල් ගතිය වැඩිවීමට වගේම කුරුලෑ ඒම වැඩි වීමටත් හේතු වෙයි. තෙල් සහිත ආහාර වගේම අධික ලෙස මස්‌ වර්ග ආහාරයට ගැනීමත් කුරුලෑ වැඩිවීමට උපකාරී වෙනවා.

    මුහුණට කුරුලෑවක්‌ පැමිණි විගසම බොහෝ අය කරන පළමුවැනි දේ නියපොතු මගින් කැසීම හෝ එය ඉවත් කිරීමට උත්සහ දැරීමයි. කුරුලෑව පැසවන්නේ නැතිව මෙලෙස කිරීම නිසා කුරුලෑ වැඩි වීමක්‌ මිස අඩුවීමක්‌ වන්නේ නැහැ. කුරුලෑව පැසවීමට ඉඩදී පුළුන් කැබල්ලක්‌ ඒ මත තබා ඇඟිsලි තුඩු වලින් සෙමෙන් මිරිකා ගැනීම හෝ eංඑර්එදර එක මගින් කුරුලෑව ඉවත් කිරීම කළ යුතු වෙනවා. කුරුලෑ පැමිණි විට නියම ආකාරයට ඉවත් නොකිරීම නිසා කලු ලප මුහුණේ ඇතිවීමට ඇති ප්‍රවණතාවය වැඩි වෙනවා.

    තෙල් සහිත සමක්‌ ඇති අයෙකු කුරුලෑ අවම කර ගැනීම සඳහා පහත සඳහන් දේ විශේෂයෙන්ම කළ යුතු වෙනවා. මුහුණ නිතරම පිරිසිදුව තබා ගැනීම සබන් හා සීතල වතුර මගින් මුහුණ නොසේදීම ෆේස්‌ වෝෂ් වර්ගයක්‌ පාවිච්චි කරන්නේ නම් නිතරම තෙල් සහිත සමක්‌ ඇති අයෙකුට නිර්දේශ කර ඇති ෆේස්‌ වොෂ් පාවිච්චි කිරීම වගේම එය ඉවත් කිරීමේදී මද රශ්මිය ඇති වතුරින් ස්‌පොන්ජර් එකක්‌ තෙමා මුහුණ පිසදා ගැනීම කළ යුතුවේ. මේ මගින් මුහුණේ ඇති තෙල් ගතිය අවම කරගත හැකිවේ.

    ගොටුකොළ මිටක්‌ ගෙන එය සිහින්ව අඹරා එයට මී පැණි ස්‌වල්පයක්‌ හා දෙහි බිංදු කීපයක්‌ එකතු කර මුහුණේ ගා විනාඩි 15 ක්‌ පමණ වේලාවක්‌ නිවෙන්නට හැර සෝදා හරින්න. මෙම සත්කාරය ඔබ අවම වශයෙන් සතියකට දෙවතාවක්‌ම කරන්නේ නම් කුරුලෑ අවම කරගත හැකිවේ.

    තවද ඔබ ගන්නා සෑම ආහාර වේලක්‌ අවසානයේදී තරමක උණුසුම ඇති වතුර පානය කරන්නේ නම් මුහුණේ ඇති තෙල් ගතිය අඩුකර ගැනීමට පමණක්‌ නොව අධික තරබාරුව ඇත්නම් ඒ සඳහාද මහෝපකාරී වේ.

    උපුටාගැනිමකි.