වරදින්න_කලින්_දැනුවත්_වෙන්න

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
වරදින්න_කලින්_දැනුවත්_වෙන්න

එළකිරි සහෝදර සහෝදරියන්ට මේ ලිපිය වැදගත් වෙයි කියල හිතුනු නිසා ඔන්න copy paste කලා.කොයි ලෙඩෙටත් බෙහෙත් හොයනවට වැඩිය හොද ලෙඩ හදාගන්නේ නැතුව ඉන්න එකනේ, මේ ලෙඩෙත් එහෙමම තමයි.

“මහේෂ් අයියා....ලොකු කරදරයක් මට ...උදව්වක් ඕනමයි දැන් නං , නැත්නං ජීවිත දෙක තුනක් අනතුරේ ...“
.. මගේ තිබුණු “පාවෙන ගතිය “ එකපාරට නැති උනා වගේ ..ජීවිත දෙක තුනක් අනතරේ .., මොකද ඉෂාන් මල්ලී , exam එකේ ප්‍රශ්නයක්ද ?....“ මාත් එක්කම I.E.T.S වලට එකට පන්ති ගිය , එතැනින් ඇරඹුනු මිතුරු බව තවමත් පවතින මේ තරුණයා ඇත්තටම දක්ෂයෙක් , ඒත් යම් හේතුවක් නිසා ඔහුගේ තිබුණු සැලසුම් බොහොමයක් බිඳ වැටිල ටිකක් හිතේ කණගාටුවෙන් හිටි බවමතකයි , ආයෙත් I.E.L.T.S කළා ....මේ පාරත් ඇනගත්තද දන්නෑ ...

“නෑ මහේෂ් අයියා , මං exam වැඩේ අතඇරිය මේක වෙන වැඩක් ...අයියා , ඔතන අක්ක නැ නේද ? ....“ ඉෂාන් වට පිට බල බලා මොකක්දෝ කියන්න තනනව වගේ අපැහැදිලි සේයාවක වීඩියෝවක් පේනවා ..


“නෑ මල්ලී , අක්ක ගේ අස් කරනවා , දැන් මෙහේට උදේනේ , එයා වැඩ අල්ලන වෙලාව ..ඉතිං...මොකද ප්‍රශ්නේ ? “

“මහේෂ් අයිය , පීරියඩ් නැවතුනොත් බයයිද ....?“
“මොන පීරියඩ් ද .....“
“නෑ අයිය ගිය මාසේ මං ගියා සුනී නංගිව හම්බ වෙන්න ..., පොඩි දෙයක් උනා ..එච්චර ලොකු දේකුත් නෙවි , ...ඊට පස්සේ ...අරින් එකක් දාගත්ත , ....ඒවුනාට අද හවස එයා කොල් කරල කියනවා ,මේ පාර තවම නෑහැලු ...එයාට බයයිලු , ....එහෙම උනොත් ඔක්කොම ඉවරයි අයියා , මොකක්ද කරන්නේ ...“ ඉෂාන් එක දිගට කියාගෙන ගියා , ...දැන් හිතා ගත හැකි වෙච්ච දේ , ලංකාවේ ඉඳිත්දි නම් ඔය වගේ ප්‍රශ්න ගනනාවක් එක සතියට අහන්න වෙනවා , දැන් ටිකක් අඩුයි , එත් තවමත් ....
“පොඩි දෙයක් උනා කිව්වේ ..? “ මට තේරුනා කතාව ඒත් ඒකේ තහවුරු කරගන්න තැන් කිහිපයක් තියෙන නිසාම ඇහුවේ ..

“නෑ අයිය ටික වෙලාවක් එහෙම කළා ...හැබැයි මුකුත් දාගෙන හිටියේ නැහැ , ඒ උනාට මට තේරුණා එහෙම මුකුත් පිට වුනේ නැහැ කියල , ඊට පස්සේ කොන්ඩම් එකක් දාගත්ත ...“ පණ ගැහෙන මාළුවෙක් වගේ කියවගෙන ගියා ,

“එහෙම වෙන්න පූළුවන්ද මහේෂ් අයියා ,ටික වෙලාවකින් ...“
“ඔව් ඒක වෙන්න පුළුවන් , ඒ නිසානේ කියන්නේ එතැනට යන්න ඉස්සර වෙලා අර පස්සේ දාගත්ත එක දාගෙන සූදානම් වෙලා යන්න කියලා ...කමක් නැහැ , අපි දැන් මේ ප්‍රශ්නේට උත්තර හොයමු , “
“අනේ ඔව් අයියා , වැඩේ positive උනොත් ජීවිත දෙක තුනක් අනතුරේ අයියා , මගේ ප්ලෑන් ඔක්කොම වතුරේ ..“
...“හරි අදට දවස් කීයද ..“
“ මේ වැඩේ වෙලානම් මාසයයි දවස් දහයක් දොලහක් විතර , ගිය මාසේ පෝයදා ..නිවාඩුනේ , ඒකයි ගියේ ..“
“පෝයදා ...එදාට පන්සලකට ගියානම් කරකයිනේ ....“ මෙච්චර වෙලා තිබුණු මුහුණු වෙනස් වෙලා පොඩි හිනාවක සේයාවක් මතුවුනා ...
“එතාකොට නංගිගෙන් ඇහැවුව්ද , දැන් දවස් කීයක් ප්‍රමාදද කියල ...“
සිත සිසිල් කරනා පුන් සඳ පෑයූ දා ගිණි ගන්නා සිත් .. “ඔව් එයා තමයි කිව්වේ දැන් සතියක් විතර late ලු , හැබැයි ඇඟට වෙනසක් නම් නැහැලු , එයත් හොඳටම බය වෙලා , මේ පාර පිඨ යන්න බලාගෙන ඉන්නේ , මේක උනොත් ඔක්කොම ඉවරයි ...“
“මේකයි ඉෂාන් , ඔයාලා ඊට පස්සේ හරි , අර ටැබ්ලට් දෙක ගත්තේ නැත්ද ? “ ...
“නෑනේ අයියා , අපිට හිතුනෙම නැහැ ,එහෙම වෙයි කියල , අනෙක මේ ෆාමසිවල ඉන්න ඔක්කොම අඳුනනවනේ කොහොමද ඕව ඉල්ලන්නේ .......,වැඩේ positive උනොත් මොකක් හරි කරන්න වෙනවා අය්යා නැත්නම් ඉවරයි “
“මොකක් හරි කිව්වේ .....abortion නම් මට මෙතනින් එහාට උපදෙසක් දෙන්න බැහැ , මොකද මට බැහැ ජීවිතයක් නැති කිරීමකට එකතු වෙන්න , තරහ වෙන්න නම් එපා , ඒ වගේම දැන් මේ කෝල් එක කට් කරලා මාත් එක්ක තරහ වෙලා එක එක තැන ගිහින් ජීවිත දෙක තුනත් නාස්ති කරගෙන හිරේ විලංගුවෙ වැටෙන නැඩ කරගන්නත් එපා .......හැබැයි මට මේහෙම කියන්න පුළුවන් , menstruation දවස් කීපයක් පරක්කු උනා කීවමටම pregnant කියන්න බැහැ , තව හේතු තියෙන්න පුළුවන් , ඒත් දවස් දහයක් විතර පරක්කු නම් මේ සිද්දියත් එක්ක urine hCG එකක් කරවගන්න , ඒකෙන් දැන ගන්න පුළුවන් එහෙම වෙනසක් වෙලාද කියලා , positive නම් අපි බලමු වෙන ප්ලෑන් එකක් ....“
“මොන ප්ලෑන්ද අයියා එහෙම වුනොත් ...“
“හරි , එහෙම positive නොවුනොත් ..“
“එහෙනම් කොච්චර ෂොක්ද අයියා , නිදහස්නේ , හපොයි ඊට පස්සේ නම් අරවයින් ටිකක් පර්ස් එකේ දාගෙනම ඉන්නව , පොස්ටිනෝත් එක්කම ...“ ඉෂාන්ගේ කළබලේ ටිකක් අඩුයි වගෙ ...
“මොකදටද ටිකක් පර්ස් එකේ දාගෙන ඉන්නේ මාසෙටම එක පෝයයි නේ තියෙන්නේ ....“

ආදරයේ උණුසුම් සුසුම් .... ------ -----------------------------------මේ කතාවේ ඉතිරිය ඔබත් එක්ක කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ , මේ නම් ව්‍යාජ වුවත් , මීට දින දෙකකට විතර පෙර වූ සත්‍ය සිදුවීමක් , සමහර විට මේ “ඉෂාන් “ අද මේ ලිපිය කියවනවත් ඇති , ඒත් මට හිතුන අද ලංකාවේ තරුණ තරුණියන් අතර තිබිය යුතු , ඒත් නිවැරදිව නැති , වැරදියට විකිණෙන ප්‍රජනක සෞඛයට අදාල Emergency contraceptive pills -E.C.P ගැන කතා කරන්න ඕන කියලා ,මොකද මේ ඇත්ත කතාවක් , හැම රජයේ නිවාඩු දවසකම , විශේෂයෙන් පෝය දවසකම ඒ ආසන්නයේ තිබෙන හෝටල් කාමර වෙත ඊ වේගෙන් එන ත්‍රීවීල් වලින් බැහැල “ආදරය කරන්න නොදන්න කමට කාමර වලට රිංගන පුංචි එවුන් මගේ ඇහැට ඕන තරම් දැකළ තියෙන නිසා , සමහරු ටියුෂන් ක්ලාස් එකේ නම තියෙන බෑග් එකත් එක්කම මේ තැන් වලට යන්නේ සිසිල් බීම වීදුරුවක රස බලන්න නම් වරදක් නැහැ , ඒත් ඔවුන් එන්නේ ජීවිතය ගිණි තියාගෙන බව අපේ ඇහැට කණට අසන්නට දකින්නට ලැබුණු වාර අනන්තයි ...

හරි දැන් අද කතාව , මොනවද මේ E.C.P ? නමේ හැටියටම කිව්වොත් “ හදිසි ගැබ් ගැනීම් වලකන පෙති “ ,

හදිසි පෙත්ත..... ප්‍රජනක වශයෙන් සක්‍රිය ස්ත්‍රියක සහ පුරුෂයෙක් නිස සැලසුමක් නැතිව අනාරක්ෂිත ලිංගික එක්වීමක් වුනොත් එය සුළු මොහොතක් වුනත් “ගැබ් ගැනීමක් “ සඳහා ඉඩක් තිබෙනවා , මොකද ඔබ දන්නවා ගැබ් ගැනීමකට අවශ්‍ය එක් sperm සෛලයක් , (පුරුෂ ජන්මාණුවක්) සහ එක් ස්ත්‍රී ovum එකක් විතරයි , අනෙක ඩිම්බ සෛලය පිළීවෙලකට , චක්කරේකට වැඩ , ඒත් පුරුෂ ජන්මාණූ සෛල හරිම කළබලයි , ඔය වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් පැන ගත්තත් ඇති ...ඊට පස්සේ මතකයිනේ අර පීණූම් තරඟය , තරඟයේ ජයග්‍රාහකයට තමයි ඩිම්බ සෛලයත් එක්ක එක් වෙලා පැටියෙක්ව හැදීමේ වාසනාවන්ත අවස්ථාව ලැබෙන්නේ ,

දැන් මේ පෙති මොකද දන්නවද කරන්නේ , ඒ පෙති වල අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ඇඟට ඇතුලු වෙලා , ඩිම්බ සෛල මුදා හරින එක නවත්වනවා , නැත්නම් ප්‍රමාද කරනවා , සමහර විට එකතු වුනත් එය ගර්භාෂයේ තැන්පත් වෙලා “නියම පැටියෙක් “ බවට පත් වෙන ක්‍රියාව අඩපණ කරනවා , ඒ කියන්නේ ගර්භනී බවක් ඇති වීමේ ඉඩ අඩු කරනවා ,

පරිස්සමට .... මේ පෙත්තයි , අර දිනපතාම ගන්න පවුල් සැලසුම් පෙත්තයි අතර තරමක සමාන සහ අසමාන කම් තියෙනවා , සමාන කම හෝමොන වලින් වුනත් මේ E.C.Pවල හෝමෝන ප්‍රමාණය ටිකක් වැඩියි , ඒ වගේම සක්‍රිය බව වැඩියි , හැබැයි හොඳට මතක තියා ගන්න ඕන දේ තමයි අනාරක්ෂිත ලිංගික එක් වීමක් වුනානම් හැකි ඉක්මණින් පැය 6ක් 72ක් අතර , වඩාත් හොඳ ඉක්මණට ගන්න එකයි) මෙහි පළමු පෙත්ත ගන්න එක , ඒ කිව්වේ ලංකාවේ හුඟක් ප්‍රසිද්ධ Postinor-2 එන්නේ පෙති දෙකක් විදියට , පළමු පෙත්ත හැකි ඉක්මණින් ගත්ත වගේම එහි දෙවැනි පෙත්ත පැය 12කින් ගන්නම ඕන , පරක්කු කරන්න කරන්න වෙන්නේ මෙහි සාර්ථක බව අඩු වෙන එක , හරියටම වෙලාවට මේ පෙති ගත්තොත් ගර්භණීත්වයක් ඇතිවීම 90%කින් විතර වලක්වා ගන්න පුළුවන්(100%ක්ම සාර්ථක ක්‍රමේ abstinence , ඒ කිව්වේ ලිංගිකව එක් නොවීම , ඊළඟට Condom , sterilization වගේ ක්‍රම , අපේ ඉෂාන්ට වුනා වගේ අනාරක්ෂීත “ශුක්‍රාණු පිටවිමට පෙර පිටතට ගැනීම withdrawal කියන්නේ නම් ඉතාම අසාර්ථක , නොකළ යුතුම ක්‍රමයක් )

දැන් නම් ඕන ෆාමසියකින් මේ පෙත්ත ගන්න පුළුවන් , විශේෂ වෛද්‍ය සටහනක් අවශ්‍ය නැහැ , මිළත් අඩුයි , ඒ වගේම මේ පෙතිවලින් බොහොම අවස්ථාවල ලොකු අනතුරක් ඇත්තෙම නැති තරම් , සමහර විට පෙති බිව්වට පස්සේ ඔළුවෙ කැක්කුමක් , ඔක්කාරෙට වගේ එන්න නැතනම් වමනෙ යන්න පුළුවන් , ඒක් වලක්ව ගන්න පුළුවන් බිස්කට් හරි කෑම ටිකක් හරි කාළ පෙති බිව්වම , හදිසියේ හරි පළමු පෙත්ත අරගෙන පැය තුනක් වගේ කාළයක් ඇතුලත වමනේ ගියොත් දෙවැනි පෙත්ත ඉක්මණින් ගන්න . හැබැයි පෙති ගොඩක් එකපාරට කටේ දාගන්න එපා , ඒක තව ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් , කොහොම වුනත් දිගින් දිගටම වමනේ යනව නම් පෙති ගිල ගිල ඉන්නේ නැතිව ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා උපදෙසක් ගන්න ,


කොහොම වුනත් ඔබට අපස්මාරය , ලේ ගැලීමේ රෝග තත්ත්ව තිබේ නම් පෙත්ත ගන්න ඉස්සරම වෛද්‍ය උපදෙස් ගන්න , නැත්නම් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත කරන්න , මොකද මේක “කෝකටත් තෛලයක් නොවන නිසා“ ...අනෙක මේක හැමදාම ගන්න එපා , හදිස්සයකට විතරයි , මොකද හැම බේතකම side effect තියෙනවනේ ..


කොහොම වුනත් වඩාත්ම සාර්ථක ක්‍රමේ මේ වයසෙදි දැනුවත් වෙලා ඉන්න එකත් , මේ වගේ තැනදි හිත පාලනය කරගන්න උත්සාහ කරන එකත් , කොහොම වුනත් ඔසුසැලකින් කොන්ඩම් එකක් ඉල්ලන්න , මෙයින් පෙති පැකට් එකක් ඉල්ලන්න “අනවශ්‍ය ලැජ්ජාවක් තියාගන්නත් එපා“ මොකද නැත්නම් ඉතින් පස්සේ පසුතැවිලි වෙන්න වෙනවානේ
..

මේ ලිපිය ගත්තේ ''සොදුරු සුව අසපුව'' ''http://nursinglanka.blogspot.com/ ''බ්ලොග් එකෙන්,මේවගේ ලිපි ලියා අපිව දැනුවත් කරන එතුමාට අපගේ ප්‍රණාමය !!!
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,704
    113
    Gampaha
    මචන් ඔය පෙත්ත මොකක් කියලද ඉල්ලන්න ඕනෙ.. Postinor-2 කියලද? Brand Name එකත් ඒකමද?
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    meka ganna epa side effects godak wadi..අනික මේක ඔලුවේ තියන් වැඩේ කරන්නත් එපා අවුලක් නෑ කෙල උනොත් පොස්ටිනොර් දෙන්න පුළුවන්නේ කියලා.. ඩොකා ලා බයිනවා මේ පෙත්තට ගොඩක් අපිට අවුලක් නැ. එත් අපි ආදරේ කරන හෝ අපිට පොඩි හරි සතුටක් දුන්න කෙල්ලට තමයි බලපාන්නේ. අනිවා කොප්පක් දාලා ගහපන් ලග නැත්නම් රූම් බෝයිස්ලා ගාව ඕනි තරම් තියනවා ඉල්ලාපන් නැති වුනොත් නොගහ හිටපන්
     
    • Like
    Reactions: MihiCherub

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    meka ganna epa side effects godak wadi..අනික මේක ඔලුවේ තියන් වැඩේ කරන්නත් එපා අවුලක් නෑ කෙල උනොත් පොස්ටිනොර් දෙන්න පුළුවන්නේ කියලා.. ඩොකා ලා බයිනවා මේ පෙත්තට ගොඩක් අපිට අවුලක් නැ. එත් අපි ආදරේ කරන හෝ අපිට පොඩි හරි සතුටක් දුන්න කෙල්ලට තමයි බලපාන්නේ. අනිවා කොප්පක් දාලා ගහපන් ලග නැත්නම් රූම් බෝයිස්ලා ගාව ඕනි තරම් තියනවා ඉල්ලාපන් නැති වුනොත් නොගහ හිටපන්
    ඇත්ත මචන්. කොයි බෙහෙතෙත් side effects තියෙනවා. හොදම වැඩේ නම් මේවා පාවිච්චි නොකරම ඉන්න එක. උබලා ඇත්තටම කෙල්ලට ආදරේ නම් සහ ඕක නොකරමත් බැරිනම් කොප්පෙ තමයි සුදුසුම ,ලාබම සහ පහසුම.වැඩේ ඉවර උනායින් පස්සේ බඩේ ගින්දරකුත් නැහැනේ .
     
    • Like
    Reactions: kkroxc

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඇත්ත මචන්. කොයි බෙහෙතෙත් side effects තියෙනවා. හොදම වැඩේ නම් මේවා පාවිච්චි නොකරම ඉන්න එක. උබලා ඇත්තටම කෙල්ලට ආදරේ නම් සහ ඕක නොකරමත් බැරිනම් කොප්පෙ තමයි සුදුසුම ,ලාබම සහ පහසුම.වැඩේ ඉවර උනායින් පස්සේ බඩේ ගින්දරකුත් නැහැනේ .

    :yes::yes::yes:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    Rep+
    Room නීතිය +18 - Page 14 - ElaKiri Community http://www.elakiri.com/forum/showthread.php?p=12939903#post12939903

    godak wadagath lipiyak machan
    thanx



    මචන් ඔය පෙත්ත මොකක් කියලද ඉල්ලන්න ඕනෙ.. Postinor-2 කියලද? Brand Name එකත් ඒකමද?


    Goood post

    meka ganna epa side effects godak wadi..අනික මේක ඔලුවේ තියන් වැඩේ කරන්නත් එපා අවුලක් නෑ කෙල උනොත් පොස්ටිනොර් දෙන්න පුළුවන්නේ කියලා.. ඩොකා ලා බයිනවා මේ පෙත්තට ගොඩක් අපිට අවුලක් නැ. එත් අපි ආදරේ කරන හෝ අපිට පොඩි හරි සතුටක් දුන්න කෙල්ලට තමයි බලපාන්නේ. අනිවා කොප්පක් දාලා ගහපන් ලග නැත්නම් රූම් බෝයිස්ලා ගාව ඕනි තරම් තියනවා ඉල්ලාපන් නැති වුනොත් නොගහ හිටපන්


    ecp neththan normal ocp use karanna puluwan
    4 tabs @ once
    2nd 4 tabs after 12 hours

    and now ecp can use even upto 5 days

    මම කට්ටා;13111625 said:

    waradi unath meka nm ada kaleta godak galapena deyak machn rep++

    Valuable post..:yes:

    thanks!!! machanlaa...:D:D:D
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    meka ganna epa side effects godak wadi..අනික මේක ඔලුවේ තියන් වැඩේ කරන්නත් එපා අවුලක් නෑ කෙල උනොත් පොස්ටිනොර් දෙන්න පුළුවන්නේ කියලා.. ඩොකා ලා බයිනවා මේ පෙත්තට ගොඩක් අපිට අවුලක් නැ. එත් අපි ආදරේ කරන හෝ අපිට පොඩි හරි සතුටක් දුන්න කෙල්ලට තමයි බලපාන්නේ. අනිවා කොප්පක් දාලා ගහපන් ලග නැත්නම් රූම් බෝයිස්ලා ගාව ඕනි තරම් තියනවා ඉල්ලාපන් නැති වුනොත් නොගහ හිටපන්


    :yes::yes: