මෝඩ-දුමිය-මං...ජනහිතගේ-විරිදු-සුරල්...

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මෝඩ-දුමිය-මං...ජනහිතගේ-විරිදු-සුරල්...



    ආයුබෝවන්ඩ ජනහිතගේ විරිදු සුරල්

    සුපින්වතුනි, විලේසුදා තෙල්බාලා, ගුස්තියා, කලුවා, බිල්ලා, ජුම්පිටියේ අමරේ, සාරවා සුනිල්...හෙට අනිද්දට කියයි ඒ ගොල්ලන්ටත් කීසීම දෙයක් මතක නෑ කියලා....



    මතක තියනවා කියලා නාගන්නද මං
    හිරේ ලැගලා හිරබත් ගිල ගිල ඉන්නද මං
    පෝරකයට බලෙන් නැගල එල්ලෙන්ද මං
    එහෙම කළොත් රට්ටු කියයි මෝඩ දුමිය මං...//

    මුල්ලේරියා ගියා කියලා මතකයිනේ බං
    හිඹුටානෙදි ගැංසිය චුට්ටක් මතකයි බං
    එතනදී ඒ වෙඩිතියපුව මතක නෑනේ බං
    මතක තියෙන්නේ මට වෙඩි වැදිලා කියලා බං...//

    අම්මා ඇවිත් කවුරුද වෙඩි තිබ්බ කිව්ව බං
    ඒක හින්ද දැන් රෝහලේ ඉන්න වාලු මං
    වෙඩි තියාපු සීන් එකම අමතකයිනේ බං
    අම්මා ආව තමයි මතක මොකද මන්දා බං....//

    රට රටවල මුදලාලිල මුන ගැහුනා මං
    ලොකු ලොකු බිස්නස් ගැන චුට්ටක් මතකයි බං
    හැබැයි අපේ රටේ ගෙනත් විකුණනවද මං
    අනේ අම්මො කුඩු බිස්නස් ගැන දන්නෑ මං...//

    කොල්ලො කෙල්ලො එකතු කරල චන්දේ කෙරුව මං
    මුඩුක්කු අස්සේ ළමයිව ඉඹගත්තා මං
    ආච්චිලා සීයලාව තුරුලු කරන් මං
    ළමයිට කුඩු පෙව්ව කියලා මතක නෑනේ බං....//

    බත් පැකටුයි සල්ලියි ජන්දෙට දුන්නේ මං
    ඇඟේ අමාරුවට අරක්කුත් දුන්නා බං
    වැඩිම මානපය ගන්නව මතකයි වගේ බං
    කිසිම මැරකමක් කළාද මතක නෑනේ බං...//

    රටම දන්න නිළියෝ එක්ක රවුම් ගැහුව මං
    අයියත් මට උදව් කළා ක්ලබ් වලදී බං
    පුංචි පුංචි කෙල්ලෝ ගොඩක් මතකයි වගේ බං
    අනාථ කළ කෙල්ලෝ ගාන මතක නෑනේ බං....//

    සිංගප්පූරුවට ගියා මට මතකයි බං
    ශ්‍රී ලංකාවත් චුට්ටක් මතකයි වගේ දැං
    තාමත් කෙල්ලෝ ඉන්නව ඇඳ වටේට බං
    උන් එක්කම ජොලි කරපුවා මතක නෑනේ බං...//

    ගම්පොල සීයා ආවා මතකයි වගේ බං
    වැලන්ටයින් ඇවිත් ගියා හිමින් සැරේ බං
    තවත් ලොක්කෝ ඇවිත් ගියේ හොරෙන්මනේ බං
    සමහරු අය එහේ එනකොට ක්ලබ් එකේනේ මං...//

    මිනිස්සු ජීවත් වෙන්නට බත් කනවද බං
    ඇඳුම් ඇඳලා වහගන්නේ හෙළුවැල්ලද බං
    මිනිස්සුනේ එහෙම ඉන්නේ මට මොකටද බං
    විලි ලැජ්ජාවක් මට නෑ මං දන්නෑ බං...//

    සුපින්වතුනේ..අද මං විරිදු කිව්වද? මට මතක නැහැනේ...

    :yes::yes::D:D:D:D:oo::oo::oo::oo::oo::baffled::baffled::baffled::P:P:P:rofl::rofl::rofl:


    Source : Gossip9

     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කණගාටුවෙන් වුනත් යම් කිසි දෙයක් කිව යුතුයි.මේ විදිහට ගියොත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ සුද්දොයි, කළු සුද්දොයි හකුලා ගනීවි.මොකද උන්ටත් මොලයක් තියෙනවා. මේක අපි අපිම මරා ගන්න තැනක් වෙලා. කුමන්ත්‍රණ කාරයන්ට කරන්න කියලා විශේෂ දෙයක් නැහැ.ජනාධිපති රාජපක්ෂ මහත්තයාට ගෙදර යන්න වෙන සලකුණු පහලවේගෙන යන්නේ.කාලයක් ගිහාම කොයි රජත් පිරිහෙන එක වලක්වන්න බැහැ වගේ.ඉස්සරා කාලේ රජවරු තමයි මැරෙනකන් ම තමන්ගේ ගෞරවය රැක ගත්තේ.මෙවා කරන්නේ රජයෙන්ම අනුග්‍රහය ලබන පිරිස් බව ඇහුවාම මහජනාතාව අසරණ වෙනවා.
    මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර යැව්වා කියලා, පේනතෙක් මානයකවත් පිරිසිදු නායකයෙක් නැහැ.මේ සිංහල ජාතියට වෙන විකල්පයකුත් නැහැ.බිම් මට්ටමමේ ඉන්න පාදඩයො,කුඩු කාරයෝ ,හොරු,දූෂකයෝ වංචාකාරයෝ මේ ආණ්ඩුවට රිංග ගෙන ඉවරයි.ඒක ලංකාවේ විතර නෙවෙයි ලන්ඩන්,පැරීසිය රෝමය සහ මිලාන් වැනි නගර වලත් සිදු වෙමින් පවතිනවා.මේ බව මම කියන්නේ කරුණු සහිතවයි.මේ විදිහට ගියොත්, රාජපක්ෂ මහත්තයා මේ ප්‍රශ්නය ඉක්මනට විසදුවෙ නැත්නම් අපරාදේ රටට මේ දක්වා කළ සංවර්ධනය. ඒකෙන් ප්‍රතිලාභා ගන්නේ සාමාන්‍ය ජනතාව නොවෙයි. මේ කරුමක්කාර පාදඩ රැල.
    රටේ නීතිය බල්ලට ගිහින්. ස්වාධීන පොලිස් කොමිසමකට මේ රටේ නීතිය රකින්න 70% ක බලයක් වත් දෙන්න වෙනවා.ජනාධිපත්තුමනි, ගෝඨාභය මහත්තයාගේ අතපය ලිහන්න.නාමල් ගේ සහ බැසිල් ගේ අතපය පොඩ්ඩක් තද කරන්න.නැත්නම් වෙන්නේ මෝඩ වඳුරාට කඩුව දුන්න හා සමානයි.
    දේශපාලකයෝ රට කරන්න ඕන මිනිස්සුන්ව මුලා කරලා නෙවෙයි. ඒක හැමදාම කරන්න බැහැ.මිනිස්සුන්ට කැරට් අල හැමදාම පෙන්වන්න බැහැ.පිරිහෙන කොට ඔය කරට් අල හොයා ගන්නත් බැරි වෙනවා.
    සුභ අනාගතයක්!
    ඉක්මන් පියවරක් ගත්තේ නැතනම්, අසුභ අනාගතයක් වෙන එක වළක් වන්න ත් බැරි වේවි.