අසිරිමත්_පසේබුදු_පෙළහර II
අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ඒ පසේබුදුවරුන්ගේ අතීත ගාතාවන් සැබැවින්ම අසිරිමත් ! සුත්ත නිපාතයේ වග්ග විසාණ සූත්‍රයෙහි ඇති තවත් ගාථාව සහ එහි නිදාන කථාවයි ඔබට කියා දෙන්නේ.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. පින්වත් කුමරෙක් වසර විසි දහසක් මහණදම් පිරුවා. වත්පිළිවෙත් කළා. සමථ විදර්ශනා භාවනා පුරුදු කළා. නො ඇල්ම පුරුදු කළා. නමුත් මඟඵල නොලබාම කළුරිය කර කරන ලද පින් මහිමයෙන් බඹලොව උපන්නා.
කලක් ගතවෙද්දී පසේබුදුවරුන්ගේ යුගය පහළ වුණා. මේ පින්වත් කුමරුවා බඹලොවින් චුතව බරණැස් රජුගේ අගමෙහෙසියගේ කුස තුළ පිළිසිඳ ගත්තා. රජ පවුලට එකතු වූ මේ සිඟිත්තාට කරුත් ආදරය කළා. නමුත් ‘මෝ ගැහැණියකි ! මෝ පිරිමියෙකි’ යන්න ටිකෙන් ටික තේරෙන විට දරුවා තුළ අමුතු වෙනසක් ඇතිවූවා. එනම් ස්ත්‍රීන් ප්‍රතික්ෂේප කිරීමයි. මවුකිරි බීම ප්‍රතික්ෂේප කළා. කාන්තා හඬක් ඇසීමට පවා මේ දරුවා කැමැති වූයේ නැහැ. මෙය හැමදෙනාටම ප්‍රශ්නයක් වූවා. දරුවාට කිරි පෙවීමට පවා උපක්‍රම යෙදුවා. එනම් කිරි මවුවරුන් පිරිමින් සේ වෙස් ගන්වා කිරි පෙවීමයි. දරුවා පිරිමින් අතරේ වැඩුණා.
මේ කුමරුන්ට වයස සොලොස්වස සම්පූර්ණ වුණා. කුමරුට විවාහයක් කර දීමට රජතුමා තීරණය කළා. ඒ සඳහා කාන්තාවන් කෙරෙහි ඇල්ම ඇතිවෙන ආකාරයට උපායන් යොදන්නට රජතුමා ඇමැතිවරයෙකු ට උපදෙස් දුන්නා. මේ ඇමැති ප්‍රසංගයක් සූදානම් කළා. එහි ප්‍රධාන අමුත්තා කුමාරයායි. වේදිකාව තිරයකින් වසා තිබුණා. තිරය පිටුපස මිහිරි ගීත, වාදන, ගෙජ්ජි සොලවන හඬ ඇසෙනවා. ඒ හඬවල් ගොරෝසු නැහැ. පිරිමි කටහඬවල් පමණක් අසා ඇති කුමරුට මේ ශබ්ද අමුතු වුණා.
කාගෙද ඔය හඬ’ කුමරු ඇසුවා.
කුමරුණි ඔය තිරය පිටුපස ඉන්නේ කාන්තාවන් කියන ජාතිය. ඔවුන් ඉතාමත් සුන්දරයි. පියකරුයි ඒ කුමරියන් සමඟ සතුටු වෙන්න ඔබට පුලුවන්!
කුමාරයා තුළ පරණ අප්‍රසන්න බව ඇතිවුණා. අර ඇමැතියාට තරවටු කොට එළවා ගත්තා. මේ ආකාරයට නොයෙකුත් උපක්‍රම දිගින් දිගටම කරද්දී කුමාරයාට මෙය වදයක් වුණා. ඔහු කල්පනා කළා.
මෙය මට මහ වදයක්. මෙයින් බේරෙන්න තිබෙන්නේ එකම දෙයයි’ සිතූ® කුමාරයා රන්කරුවෙකු කැෙඳව්වා. ලස්සන ගෑණු රූපයක් අඹන්න අණ කළා. ඒ රන්කරුවා දුටු දුටුවන් වසඟවන මන මෝහනීය සුන්දර ස්ත්‍රී රූපයක් තැනුවා. කිසිම ස්ත්‍රී රූපයකට නො අකමැති මේ කුමරුවා මේ රන් රුවට කැමැති වුණා.
මම කැමැතැයි මේ වගේ ලස්සන රූපයක් ඇති කෙනෙක් ලැබෙනවා නම්’ මවුපියන්ට කියා සිටියා. රාජසේවකයන් ලස්සන යහනාවක අර ස්ත්‍රී රූපය තබාගෙන ජනපද පුරා ඇවිද ගියා. මදුරට සාගල නුවරටත් ගියා. එනුවර දාසියන් දිය නෑමට තොටුපල ට ඇවිත් සිටියා. ලස්සනට සැරසූ රථයක බබලමින් තිබෙන ඒ ස්ත්‍රී රූපය බලන්න සේවිකාවෝ ආවා.
අපේ කුමරිය තරම් මේ රූපය ලස්සන නැහැ නොව. අපේ කුමාරිකාවගේ රූප ශෝභාවට තරග කරන්න රන් රුවට බැහැ. ඔවුන් කසු කුසු ගෑවා.
ඇමැතිවරු පුදුම වුණා. රන්රුව පරදවා එයට වඩා අතිශයින්ම ශෝභමාන රූපයක් ඇති දියණියක් මධුරට සාගල නුවර සිටින බව ඇමැතිවරු දැන ගත්තා. ඇමැතිවරු මධුරජු මුණ ගැසුණා. බරණැස රජුගේ පුත් කුමරුන්ට මදු රජුගේ දියණිය යෝජනා කළා. රජතුමා කැමැති වුණා.
ඒ තොරතුරු අසා බරණැස් රජු අප්‍රමාණ සතුටට පත්වුණා. රන් රුවට වඩා සුරූපී කුමරියක් තමා වෙනුවෙන් මධුරට රජ මැදුරේ සිට පැමිණෙන බව අසා රජකුමරු ඉතාමත් සතුටට පත්වුනා. ඒ වන විට කුමරු තනියම භාවනා කිරීමට පුරුදුව සිටියා. හුදකලාවේ ම භාවනා කොට ප්‍රථම ධ්‍යානය උපද්දවාගෙන සිටි කුමරුට දැන් සිහිවෙන්නේ අර ලස්සන කුමාරිකාවයි. කාම අරමුණු සිහි කිරීම නිසා කුමාරයාගේ ධ්‍යානය පිරිහී ගියා. ඔහු කුමරිය ගැනම සිහි කරමින් ඇය පිළිබඳව ම සතුටු වෙමින් කාලය ගත කළා.
කුමාරිකාව පිළිගන්න අලංකාර උත්සවයක් සූදානම් කළා . ඒ කටයුතු පිළියෙල වෙනතුරු රාජකීය උද්‍යානයේ විවේකී මණ්ඩපයේ කුමරිය රඳවා තබන්න කටයුතු කළා. රාජකීය උද්‍යානයේ දී කුමරිය බැස්සවීමට ඇමැතිවරු ළං වුණා. කුමරියට ගරුසරුව කථා කළා. ඇතුලේ කිසිම ශබ්දයක් නැහැ. ඇමැතිවරු තිර රෙදි මෑත් කර බැලුවා. එවිට දුටුවේ අශ්ව කරත්තය තුළ මැළ වී ගිය මලක් මෙන් කුමරිය මියගොස් ඇති ආකාරය යි.
“අහෝ අපේ පින්වත් කුමරියට මොකද වුණේ” ඇමැතිවරු වැළපෙන්න පටන් ගත්තා. කුමරියට හදිසියේ ඇති වූ වාත රෝගයකින් ඇය මිය ගිහිං. කුමරුට මෙය දරාගත නො හැකි වූවා. තනියම සුසුම් ;හලුවා.
සැබෑ ලොවදී මම පැතූ ඒ රුව මුණ ගැසෙන විට ඇය මිය ගිහින්. මම දැක්කේ සීතල වූ මළකඳක්. ඈ තුළ අපූරු ලස්සනක් තිබුණා. ඒ ඇය ජීවත්ව සිටිය දී පමණයි. දැන් ඈ දරකඩක් සේ දැඩිව ගිය සීතල මළකඳක්. ඒ රන්රුවන් සම වෙනස් වෙලා. දෑස් වියලිලා දෙතොල් පුපුරලා. රූපය මෙතරම් වේගයෙන් වෙනස් වූයේ කුමක් නිසා ද?
සිත වෙලාගත් දුක තුළින් කුමරුගේ නුවණ විනිවිද ගියා. ඔහු කවුරුත් නොසිතන ආකාරයට ජීවිතය පිළිබඳ සිතන්නට පටන් ගත්තා. කලබල නොවී නිශ්ශබ්ද වුණා. අමුතුම ලෝකයක තනි වුණා. ඇයි මේ ශෝකය හට ගන්නේ….? මා ආසා කරන දෙය මගෙන් වෙන්වුණු නිසා නේද ? ඇයි මැය මගෙන් වෙන් වුණේ ? ඇය මැරුණ නිසා නේද ? ඇයි ඈ මැරුණේ ? ඉපදුන නිසා නේද? ඉපදුන හැමෝටම ශෝක, වැළපීම් , දුක් දොම්නස් උරුමයි. ඉපදීමෙන් නිදහස් වුණොත් මේ සියල්ලන්ගෙන්ම නිදහස් නේද ? ඉපදීමෙන් නිදහස් වෙන්න බැරි ද?
ඔව්! උපතට හේතුව නැති කළොත් නිදහස් වෙන්න පුලුවන් වේවි. ඇයි එහෙනම් ඉපදුණේ ? අපි සංසාරේ කරපු දේවල් තමයි මේ උපත ගෙන ආවේ. භවය තමයි ඉපදීමට මුල…..
කුමරුට ක්‍රම ක්‍රමයෙන් පටිච්චසමුප්පාදය තමා තුළින්ම අවබෝධ වෙන්න පටන් ගත්තා. දුකට හේතුව අවබෝධ වෙන්න පටන් ගත්තා. හේතුව නැතිවෙන විට දුක නැති වෙන බවත් ඒ සඳහා කළයුතු දේත් අවබෝධ වෙන්නට පටන් ගත්තා. කුමරුට චතුරාර්ය සත්‍යය පූර්ණ වශයෙන් ම අවබෝධ වුණා. හුදකලාවේම තනියම ධර්මය අවබෝධ කළ පසේබුදු කෙනෙකු බවට පත්වුණා. පසේ බුදු බවට පත්වූ මෙතුමා සිරුර දිහා බැලුවා. රජ ඇඳුම් නොපෙනී ගියා. කෙස් රැවුල් නොපෙනී ගියා. කසට පෙවූ චීවරයක් පොරවා ගත් පාත්‍රයක් අතැති ශාන්ත මුණිවරයෙක් දිස් වුණා. උන්වහන්සේ මේ ගාථාව වදාලා.
මේ සිතේ ආශාව හට ගන්නේ අරමුණු සමඟ එක් වී සිටින කෙනෙක් තුළමයි. ශෝක වැළැපීම් ආදී අනේක දුක්ඛයන්ගේ උපත ඔය ආශාවමයි. ආශාවෙන් උපදින ආදීනව ගැන නුවණින් විමසද්දී එයා එයින් නිදහස් වෙනවා. ඇත්තටම මම හැසිරෙන්නේ හුදකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත ඇති තනි අඟක් වගෙයි”
සම්බුදු පෙළහර සැබැවින්ම අසිරිමත්!