මචන්ලා මම මේ පෝස්ට් එක දාන්නේ මේ කතාව උබල හැමෝම කියවන්න ඕනේ නිසා. මීට කලින් මේක දැකපු එවුන් ඇති. රිපොස්ට් නම් සොරි. මේක කියෙව්වම ඇස් වලට කදුළු එනවා මගේ නම්. උබලට මොකද හිතෙන්නේ කියල කියපල්ලා බලන්න. 





මට මේකට රෙප් නම් ඕනේ නෑ. කොමෙන්ටුවක් දාල යන්න පුලුවන්නම් වටිනවා. මේක අපේ රණවිරුවන්ට උපහාරයක්ම වේවා!
මණ්ඩතිවු,
ශාන්ත ආනා දෙව්මැදුරේ
භූමියේ සිට,
දෙවිපිහිටයි,
මාගේ ආදරණීය සරත් වෙත ලියමි.
සරත් අපි යාපනය කොටුව බේරා ගැනීමට ඇවිත් දැනට සති තුනක් පමණ වෙනවා. පලාලි ඉඳල නේවි බෝට්ටු වලින් කරෙයිනගර් කෑම්ප් 1ට ආවා.එතන ඉඳලා අපි ඉන්න මණ්ඩතිව්වලට යනකන් ධරුණු සටන් තිබුණා. අපි කොටි බලකොටු සේරම විනාශ කලා අන්තිම සටන මණ්ඩතිවු වලයි සිදු වුනේ, ඒක අති බයානක සටනක්. කොටි විශාල පිරිසක් අපේ ධරුණු ප්රහාර වලින් මිය ගියා. අපි කොල්ලො ඔක්කොම එකා වගේ නිර්භීතව සටන් කලා. අපේ කොල්ලොත් මැරුණ සරත්, ඒත් අපි එලව එලවා පහර දීල අන්තිමේදි දිනුවා.
සරත් දැන් තමයි මෙහෙයුමේ අහි භයානකම කොටස, යාපනේ කලපුව හරහා බෝට්ටුවලින් සතුරන්ගේ වෙඩි ප්රහාර මැද්දේ යාපනේ කොටුව බේරගන්න යන එක. මෙ සටනේදී නම් මම ජීවත් වෙයිද කියන එක ෂුවර් නෑ. මට මොනව හරි වුනොත් මගෙ රත්තරං අම්මගෙ හිත හදන්න.
මාතර මහජන බැංකුවෙ අංක 1800 දරණ මගෙ ජංගම ගිණුමෙ රු.6200ක් ඇති. ඒ මුදල අරගෙන මගෙ අවසන් කටයුතු සඳහා වියදම් කරන්න.
අපේ අම්මට මේ විස්තර මුකුත් කියන්න එපා, අම්ම අසනීප වේවි.මං හොදින් ඉන්න බව විතරක් කියන්න. ලඟදි පත්තරවල අපේ සටන් වල තොරතුරු බලාන පුලුවන් වෙයි.යාලුවෝ කවුරුත් මතක් කල බව කියන්න. සටන ජයගෙන ජීවත් වුනොත් නැවත ලිපියක් එවන්නම්.
මීට,
ඔබේ මිතුරු බණ්ඩාර.
--------------------------------------
ආදරණීය මිතුරනේ,
ආදරණීය රණවිරුවන් එදා සටනට ගියේ,
සුවිසල් මැදුරු තනන්නටවත්, සුපෝකබෝගී වාහන ගන්නටවත් මුදල් එකතු කරන්නට නොව අපගේ හෙට දවස වෙනුවෙන් දේශය රකින්නයි, තම මරණයත් රටට බරක් නොවන්නට හැකි තරම් මුදල් එකතු කලේ ඔවුන්ගේ උතුම් බව ලොවටම පෙන්නමිනි.
අප කන බත් කටක් පාස ඔබට පිං මගෙ ආදරණීය විරුවානෙනි, ඔබයි මගේ දේශය නැවත අවදි කල සැබෑ වීරවරයා!
උපුටා ගැනීම: මුහුණු පොත.
Last edited:

