ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page FL STUDIO TUTORIAL PART 01
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
DJvodka's Avatar
DJvodka DJvodka is offline
Senior Member
DJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura about
 
Posts: 1,044
Join Date: Mar 2009
Location: A land like no other
cool FL STUDIO TUTORIAL PART 01 - 08-06-2012, 08:44 PM

FL STUDIO TUTORIAL PART 01

FL STUDIO
කියන්නෙ මොකද්ද කියල ගොඩක් මියුසික් කරන අය දන්නව ඇති. ඉතින් මේ ටියුටෝරියල් එකෙන් බලමු සොෆ්ට්වෙයා එක බේසික් විදියට සෙටප් කරන විදිය. මම මේ කියල දෙන්නෙ ඉන්ස්ටෝල් කරන විදිය නම් නෙවෙයි. මං හිතනව මේක ඕගොල්ලො දාගෙන ඇති කියල.

හරි මුලින්ම බලමු අපි ප්‍රඩක්ශන් එකක් කරන්න කලින් අපේ ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරන විදිය. බයිල, හිපොප්, රොක්, හවුස් ට්‍රැක් වලට කරන ප්‍රොජෙක්ට්ස් වල සෙටින්ග්ස් එකකට එකක් වෙනස්. Tempo එක සිලෙක්ට් කරන්න කලින් Time Signature එකFL STUDIOඑකට දෙන්න ඕන.

How to:
Options --> Project general settings --> Time Division

බොහෝ වේලාවට 4/4 තමයි default setting එක. නමුත් බයිල වගේ නම් 6/8 විදියට වෙනස් කරගන්න වෙයි.


Time Signature එක වෙනස් කරායින් පස්සෙ Tempo එක සෙට් කරන ක්‍රම දෙකක් තියෙනව.
How to:
Method 01:


ඔතන Tempo කයන ඩිස්ප්ලේ එකට මවුස් එක ක්ලික් කරගෙන උඩට යටට ගියාම අඩු වැඩි කරල හදාගන්න පුලුවන්.

දැන් මවුස් එක ඔය පිංතූරෙ තියෙන වම් පැත්තෙ යටම තයෙන LED එක කිලික් කරල Keyboard එකේ Spacebar එක ගහන්න.දැන් ඔයාට ඇහෙයි චිස් චිස් ගාලා one shot බීට් එකක්. ඒක තමයි ඔයාගෙ Tempo එක. දැන් ඕක ප්ලේ වෙන ගමන් කලින් කියපු විදියට Tempo එක අඩු වැඩි කරල පදමට හදා ගන්න. ලොල්. ඕයාට කරන්න යන Tempo එක ගැන අදහසක් නැත්තම් 2 වනි ක්‍රමය බලන්න.

Method 02:
Tempodisplay එක Right click කරල Tap select කරන්න.




දැන් එන Dialog box එක මැද තියෙන ‍ටැප් එක තාලෙට ක්ලික් කරන්න. (මොකා???? රිද්මෙට ක්ලික් කරන්න බන් මං දන්නෑ) එතකොට මැද තියෙන Tempodisplay එක ඔටෝ සෙට් වෙයි. Accept කරන්න කියන්න ඕන නෑනෙ



දැන් ඉතින් මතක තියාගන්න ඕන දේ තමයි Temposet කරාට පස්සෙ ආයිත් Time Signature එක වෙනස් කලොත් Tempo වෙනස් වෙනව. ඒකයි අපි මුලින්ම Time Signatureset කරන්නෙ. දැන් ඉතින් ‍project එක save කරගන්න සාමාන්‍යය විදියට.

Getting to know FL Studio

දැන් තේරුනානෙ කරන්න යන දේ. අන්න එක තමයි කරන්න යන්නෙ.

FL Studio Mixer
Playlist
Step sequencer/Piano roll
කියන මුලික කෑලි(කොටස්) කීපයෙන් තමයි හැදිල තියෙන්නෙ.
Step sequencer/Piano roll


මේකෙන් තමයි මුල ඉදන් මියුසික් එකක් කරනව නම් පටන් ගන්න ඕන තැන. මේක කොටස් දෙකකින් සමන්විතයි( පොහ්...) Step sequencerසහ Piano roll.

Drum Beats හදන්න නම් Step sequencer එක තමයි බොහෝවෙලාවට බාවිතා කරන්නෙ. Piano roll එක musical notation input කරන්න ලේසියෙන්ම පුල්වන් ගැජට් එකක්.

Step sequencer එක කියන්නෙ මෙන්න මේකට



F6 ගැහුවම තමයි display වෙන්නෙ. ‍ෙම්කෙ වම් පැත්තෙ තියෙන ලොකු කොටුවලට කියන්නෙ Patches කියල. සංගීත භාන්ඩ ගොඩක් වෙලාවට Patch එකක් විදියට open වෙලා තියෙනව. (උදා: Kick, Clap, Hat, Snare). හැම Patch එකකටම දකුනු පැත්තෙන් පොඩි LED කොටු ව‍ගයක් පේන්නෙ, ඒව තමයි steps. මේ step එකක් උඩ click කරාම ඒවා activate වෙනව.(ඔය උඩ පිංතූරෙ සුදු පාටින් තියෙන්නෙ steps 4ක් activate වෙලා.) deactivate කරන්න නම් අදාල stepsRight click කරන්න වෙනව. මේක විස්තර කරන් අමාරු නිසා ඔයා මේව ක්ලික් කර කර play කරල බලන්න.(මතකනෙ play කරන්නෙ spacebar එක ගහල). මුලිකව play කරද්දි activate වෙලා තියෙන steps වල Patches වලින් අදාල කාල ප්‍රාන්තර වලිදි ශබ්දය ඇතිවෙනව. Deactivate වෙලා තියෙන steps වලින ශබ්දය ඇතිවෙන්නෙ නෑ. දැන් ඔයා බලයි කොහොමද අපි මේ හදාගත්තු pattern එක අපිට ඕන වාර ගානක් අපිට ඕන වෙලාවෙදි song එක‍ට insert කරගන්නෙ කියල. ඒක කරන්න තමයි මචෝ Playlist එක තියෙන්නෙ. මේක ගැන පසුවට. එක pattern එකක් මදි වගේ නේද? බය වෙන්න එපා මේකෙ අපි‍ට pattern 999ක් දක්වා හදන්න ඉඩ දීලා තියෙනව. ඔයාගෙ බී‍ට් එකට break එකක් හදන්න ඕන වුනා කියමුකො. එකට ඔය‍ා අලුත් pattern එකකට යන්න ඕන. මෙක කරන්න ක්‍රම 2ක තියෙනව. ලේසිම ක්‍රමේ තමයි ඔයාට යන්න ඕන pattern එකේ අංකය(default ඔයා ඉන්නෙ pattern 1 එකේ [බාස් වැඩක් නොකරා නම්]) keyboard num pad එකේ යතුරු කරනය කරන්න(keyboard එකෙන් ගහපන් බං). හැබැයි pattern අංකය 9ට වැඩි නම් කලින් කතා කරපු tempo display එකට දකුනු පැත්තෙ තියෙන patternselector එකෙන් ඕන අදාල pattern එකට යන්න. දැන් ඉතින් අලුත් pattern එකේ අර කියපු break එක හදාගන්න. ඉතුරු ටික Playlist එකේදි බලාගමු.
Playlist


Playlist එක කියන්නෙ Play වෙන list එක කියන එකනෙ. අපි හදාගත්තු patter ටික මේකට තමයි දාගන්නෙ. සිංදුවෙ arrangement එක කරනව කියල සමහරු කියන්නෙ මෙන්න මේ simple වැඩේට. හිතන්නකො අපිට කරන්න ඕන මෙන්න මේවගේ දෙයක් කියල. මුලින්ම සිංදුව පටන් ගන්නෙ අපි හදපු break එකෙන්. ඊට පස්සෙ මුලින්ම හදපු බිස්කට් කුඩු බීට් එක (අජිත් අය්යගෙ බීට් එක බං) Bar 4ක් යන්න ඕන. ඊට පස්සෙ song එක end වෙනව break එකකින්. හරි දැන් මේක අපි කරමු.

How to:

01. මුලින්ම Playlist එක අරගන්න F5 ගහන්න.
02. දැන් හිස් කොටු ගොඩාක් පෙනෙයි මේ වගේ


ඔය වම් අත පැත්තෙන් පහලට තියන ලොකු කොටු(track1,track2…) නිරුපනය කරන්නෙ tracks.( හරියට multi-track recorder එකක් වගේ....දන්නැත්තං අමතක කරන්න.) දකුනු අත පැත්ත නිකන් time line එකක් වගේ දෙයක්. මේකෙ තමයි patterns කාලයට අනුව ඇද ගන්නෙ.

03. දැන් song mode එක activate කරගන්න. පහත රුපය බලන්න. දැන් songled එක කොලපාට වෙලා තියෙන්නෙ.

04. දැන් Keyboard එකේ Spacebar එක ගහල බලන්න කිසිම සද්දයක් නෑ. ඒකට හේතුව තමයි Playlist එක තාම හිස් වීම. ඔයා දැකක්ද පොඩි තැබිලි පාට ත්‍රිකෝනයක් උඩින් යනව. ඒක පටන් ගන්නෙ වම් පැත්තෙන් එකියන්නෙ සිංදුවෙ මුල ඉදන්. ඒක තියන තැන තමයි දැන් play වෙන position එක.
හරි දැන් කලින් කියපු break දාගන්නයි යන්නෙ සිංදුවෙ මුලට. ඒක අපි හදාගත්තෙ pattern 2 එකේදි. දැන් ඒ pattern එක select කරගන්න. අමතක නම් උඩ බලන්න (Thread එකේ ).දැන් ඔය රූපෙ තියෙන විදියට play list එක උඩ click කරල pattern clip එක දාගන්න. Clip එක මතක ඇතුව playlist එකේ මුලටම drag කරගන්න. ඔයා කැමති track එකකින් Clip ටික ඇද ගන්න overlap නොවී.


05. දැන් ඉතින් ඔයා හදා ගත්ත drum beat එක තියෙන pattern 1 එකට යන්න. දැන් playlist එකේ 2 bar එකේ ඉදන් අලුත් clip එක add කරගන්න. මං එක හදුනා ගැනීමේ පහසුවට Track2 එකට දානන් නම්. මතකනෙ මේක bar 4 ක length එකක් තියෙන්න ඕන. (4 පාරක් මේ කොටස loop විය යුතුයි). එහෙනම් පහත රූපයේ විදියට තව 3 පාරක් ඇදගන්න. මං 6 වෙනි bar එකේ break එකත් දාලම ඉවර කරලයි තියෙන්නෙ.



දැන් play කරලම බලන්න. මේක ඉතාම සරල සිගිති වැඩක් මෙච්චර type කරාට. ඉස්සරහට Mixer, Pluggins, Re-wire, Automation, Synth programming වගේ කරන්න බලමු. තේරෙන්නෙ නැති දෙයක් තියෙනව නම් වැරද්දක් තියෙනව නම් පොඩි කමෙන්ට් එකක් දාලා යන්නකො.


Reply With Quote
(#2)
Old
DJvodka's Avatar
DJvodka DJvodka is offline
Senior Member
DJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura about
 
Posts: 1,044
Join Date: Mar 2009
Location: A land like no other
08-06-2012, 10:41 PM

bump
Reply With Quote
(#3)
Old
dilrasan's Avatar
dilrasan dilrasan is offline
Senior Member
dilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to all
 
Posts: 41,977
Blog Entries: 6
Join Date: Oct 2007
Location: කියන්නෙම නෑ!
Send a message via Skype™ to dilrasan
08-06-2012, 10:50 PM

honda wedak.karagena yamu digatama...
Reply With Quote
(#4)
Old
jamiezue's Avatar
jamiezue jamiezue is offline
Senior Member
jamiezue has a spectacular aura aboutjamiezue has a spectacular aura aboutjamiezue has a spectacular aura aboutjamiezue has a spectacular aura aboutjamiezue has a spectacular aura about
 
Posts: 1,720
Join Date: Jul 2008
Location: -~Where the WILD things happen-~..
08-06-2012, 10:54 PM

නියමයි මචන්!
Reply With Quote
(#5)
Old
animation's Avatar
animation animation is offline
Senior Member
animation is just really niceanimation is just really niceanimation is just really niceanimation is just really niceanimation is just really niceanimation is just really niceanimation is just really niceanimation is just really nice
 
Posts: 3,554
Join Date: Aug 2011
Location: Microsoft
08-06-2012, 10:56 PM

rep+
Reply With Quote
(#6)
Old
DJvodka's Avatar
DJvodka DJvodka is offline
Senior Member
DJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura about
 
Posts: 1,044
Join Date: Mar 2009
Location: A land like no other
08-06-2012, 10:58 PM

Quote:
Originally Posted by dilrasan View Post
honda wedak.karagena yamu digatama...
aniwa digatama adegena yanawa machan. hamotama thanks coment karata
Reply With Quote
(#7)
Old
shanehbrsj's Avatar
shanehbrsj shanehbrsj is offline
Senior Member
shanehbrsj is just really niceshanehbrsj is just really niceshanehbrsj is just really niceshanehbrsj is just really niceshanehbrsj is just really niceshanehbrsj is just really niceshanehbrsj is just really nice
 
Posts: 2,198
Join Date: Jun 2012
Location: In House Music
08-06-2012, 11:00 PM

good work
rep +
Reply With Quote
(#8)
Old
paralk's Avatar
paralk paralk is offline
Senior Member
paralk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of lightparalk is a glorious beacon of light
 
Posts: 5,334
Join Date: May 2008
Location: මගෙ කුටියේ....
Send a message via Yahoo to paralk Send a message via Skype™ to paralk
08-06-2012, 11:10 PM

Mamath oka use karanawa super.....

Rep +5


Methentath gihilla balapalla...

http://warbeats.com/Tutorials/
Reply With Quote
(#9)
Old
hspa3.5's Avatar
hspa3.5 hspa3.5 is offline
Senior Member
hspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nicehspa3.5 is just really nice
 
Posts: 2,564
Join Date: Sep 2009
Location: meegoda
08-07-2012, 08:34 AM

thanks machan....thava ona
Reply With Quote
(#10)
Old
DJvodka's Avatar
DJvodka DJvodka is offline
Senior Member
DJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura aboutDJvodka has a spectacular aura about
 
Posts: 1,044
Join Date: Mar 2009
Location: A land like no other
08-07-2012, 12:20 PM

Thanks for your valuable comments! Part 2 is in the process of making
Reply With Quote
Reply

Bookmarks

Tags
fl studio, music making

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.14642 seconds with 6 queries